කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    බිත්තර පාන්, සොසේජ් පාන් සහ කැබලි කල බිත්තර පාන්

    ළගකදි දවසක පොඩි බඩගින්නක් අල්ලලා මොනව හරි කන්න ගන්න පේස්ට්‍රි ෂොප් එකකට ගිහින් අරගත්තා බිත්තර පාන් එකක්.:yes: බිත්තරයෙන් ¼ (ඒ කියන්නේ 1/8 කෑළි දෙකක්),:shocked: ළූණු පෙත්තක් සහ තක්කලි පෙත්තක් විතරයි:(, මාගරීන් කදුළක් නෑ ගාල:growl:..... හත්ඉලව්වේ.....ඒහෙම වෙලත් රු.40/=ක්......!!!:angry::angry::angry:! මට මළ ම පැන්නා...:dull:පුදුම ගසා කෑමක් නේ......!! :dull::frown:ඒ නිසා මයි මේ බිත්තර පාන්, සොසේජ් පාන් සහ කැබලි කල බිත්තර පාන් (scrambled egg buns – සිංහල වචනේ හරිද මංද???) හදන හැටි කියල දෙන්නේ.......

    අවශ්‍ය ද්‍රව්‍ය
    පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ ප්‍රමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)

    bread1.jpg


    1. පිටි 1kg
    2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)
    3. මාගරීන් 100g
    4. සීනි 100g
    5. ලුණු 12g
    6. බිත්තර සුදු මදයක්


    පිටි මෝලිය තැනීම.

    bread3.jpg


    පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)

    මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)

    පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)

    අවසානයේ දී පිටි මෝලිය මෙලෙස දිස්වේ. (ඉහත රූපයේ D)

    bread4.jpg


    මෙම පිටි මෝලිය විනාඩි 10ක් පිපෙන්නට හරින්න (ඉහත රූපයේ E)

    පිපුණු මෝලිය 40-50g පමණ කොටස් වලට වෙන් කරන්න.(ඉහත රූපයේ F)

    මෙම කොටස් නැවත පිපෙන්නට විනාඩි 10ක් තබන්න.(ඉහත රූපයේ G)


    eb1g.jpg


    බනිස් තනා ගැනීම

    කොටසක් ලෑල්ලක් මත තබා රෝලිං පින් එකකකින් ඕවලාකාර හඅඩයක් එන සේ මදක් තුනී කර ගන්න .(ඉහත රූපයේ H)

    එම කොටස රෝල් කරන්න .(ඉහත රූපයේ I)

    නැවුණු කෙළවර යට පැත්තට සිටින් සේ මාගරීන් ගෑ තැටි වල තබා විනාඩි 45-පැයක් පමණ පිපෙන්නට හරින්න. .(ඉහත රූපයේ J)

    පිපුණු බනිස් වල මතුපිට බිත්තර සාරය තවරා සෙල්ලියස් අංශක 180 උෂ්ණත්වයක් යටතේ විනාඩි 30-35ක් පමණ වේලා පුළුස්සා ගත් පසු බනිස් මෙසේ දැකිය හැක. .(ඉහත රූපයේ K)


    බිත්තර පාන් පිරවීම

    මේ සදහා අවශ්‍යයි

    eb2u.jpg


    7. මාගරීන් වලට වූස්ටර්ෂයර් සෝස්, ගම්මිරිස් කුඩු සහ අබ කුඩු එක්කර අනාගත් මිශ්‍රණයක්
    8. තම්බා 4කට කපා ගත් බිත්තර
    9. බැදගත් සොසේජස්
    10. පෙති කැපූ ලොකු ළූණු පෙති
    11. පෙති කැපූ තක්කාළි පෙති
    12. සලාද කොළ කීපයක්
    13. බිත්තර ස්ක්‍රැම්බල් කර හදා ගත් මිශ්‍රණය.


    eb3o.jpg


    බිත්තර පාන් එක මැදින් දිග අතට තියුණු පිහියක් ආධාරයෙන්, පතුලටම නොයන සේ පලා ගන්න. මෙම කැපුමේ මාගරීන් වලට වූස්ටර්ෂයර් සෝස්, ගම්මිරිස් කුඩු සහ අබ කුඩු එක්කර අනාගත් මිශ්‍රණය හොදින් තවරන්න.(ඉහත රූපයේ L)

    මෙම බනිස් එකේ එක් පැත්තකට ලොකු ළූණු පෙත්තක් සහ තක්කාලි පෙත්තක් ද අනෙක් පැත්තට සළාද කොළ කොටසක් ද තබා ගන්න.(ඉහත රූපයේ M)

    මේව අතරට ඔබ කැමති පරිදි බිත්තර කොටස්, බදින ලද සොසේජස් හෝ බිත්තර ස්ක්‍රැම්බල් තබා මතු පිටට ඔබ ගේ කැමැත්ත පරිදි තක්කාලි සෝස් දමා පිළිගන්වන්න.(ඉහත රූපයේ O සහ P)


    eb4n.jpg


    කන්න තමා.........!!!!!!!!!:P:P:P:yes::yes::yes:

    අන් අය ගේ හිතසුව පිණිස බම්ප් එකක් දමා යන්න. ඔබ සාදන ලද බිත්තර, සොසේජස් සහ බිත්තර ස්ක්‍රැම්බල් බන්ස් වල පින්තූරක් පෝස්ට් කිරීම ලබාදෙන ඉහල ම රෙප් එක බව දන්වනු කැමැත්තෙමි.......!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: මං දවසක ගෙදර එන්නම් සතියක් විතර ඉදලා යන්න..මේ කෑම ඔක්කොම හදල දෙන්න..

    machan ube gewal koheda ban thiyenne

    address1 pm karapanko

    දැන් නම් කෙලවෙන්න වගේ යන්නේ..........!!!!!!:rolleyes::baffled: