සුද්දා පකිස්ථානයෙන් වැඳ සමාව ගත යුතුයි

පකිස්ථාන වැසියන්ට කිසියම් සිත් රිදවීමක් සිදුවේ නම් සුදු ජාතිකයින් විසින් පකිස්ථානයෙන් වැඳ සමාව ගත යුතු බව මහජන සම්බන්ධතා හා කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ලෝකයේ බහුතරයක් විසින් පිළිගෙන ඇති ඉස්ලාම් ධර්මය අදහන ජනතාවට සුදු ජාතිකයින් විසින් ඔවුනට අවශ්‍ය දේ සිදුකිරීම ගැන තමන් සහ ශ්‍රී ලංකාව එරෙහි වන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
නේටෝ හමුදාව විසින් පකිස්ථාන දේශ සීමාවේ පිහිටි හමුදා කඳවුරු වෙත එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර හෙළාදකිමින් අද(09) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුම අසල පැවති විරෝධතා ව්‍යාපාරය අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු විදේශිකයින් නැවතත් ආසියාතික රටකට එරෙහිව කටයුතු කළහොත් එකාවන්ව සමස්ත ආසියාවම හා අරාබිකරයම නැගී සිටින බව ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම ලිබියාව, සිරියාව, ඇෆ්ගනිස්ථානය හා සදාම් හුසේන්ට අත තැබුවාක් මෙන් ඉරානයට අත තැබිය නොහැකි බව ද මර්වින් සිල්වා මහතා එහිදී අවධාරණය කර සිටියේය.
සුදු ජාතිකයින් මෙම කටයුතු අකුළනොගතහොත් නෞකාවක නැගී ලෝකයේ වෙනත් රටක් සොයාගැනීමට ඔවුන්ට සිදුවනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
adaderana