දෙමල තරුනයන් පැහරගෙන ගිහින්
අතුරුදහන් කළ කූගන්ගේ, මෝටර් සයිකලය අච්චුවේලි පොලීසියේ
2011 දෙසැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා, 17:29 සාමාන්‍ය
පසුගිය 11වන දා අතුරුදහන් කළ කූගන් මුරුගනාදන් මහතාගේ යතුරු පැදිය අච්චුවේලි පොලිසියේ තිබියදී ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන තිබේ. ඇය ඒ පිළිබඳව විමසීමේදී පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ, කි.මී. 3කට එපිටින් වූ කෝවිල අසල තිබී එම යතුරු පැදිය සොයා ගත් බවයි.
තම සංවිධානයේ යාපන දිස්ති‍්‍රක් ක්‍රියාකාරීන් දෙදෙනෙකුවන ලලිත් කුමාර හා කූගන් මුරුගනාදන් යන දෙදෙනා ඉකුත් 11වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවත් මේ දක්වා ඒ පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවත් ජනඅරගල ව්‍යාපාරය පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මෙම අතුරුදහන්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසා සිටි අතර ඔහු එහිදී පැවසුවේ, මානව හිමිකම් දිනට පෙර යාපනයේදී අතුරුදහන් වූවා යැයි කී ලලිත් කුමාර වීරරජු සහ කූගන් මුරුගනාදන් මහත්වරු අතුරුදහන් වී නොමැති බවයි. ඒ අය ඉන්නවා යැයිද ඇමතිවරයා සඳහන් කළේය