පුරාවස්තු විනාශ කිරීමේ ප්‍රවනතාවයක් - එල්
පුරාවස්තු විනාශ කිරීමේ ප්‍රවනතාවයක් - එල්ලාවල හිමි
නව පුරාවිද්‍යාත්මක ස්ථාන හඳුනා ගන්නා සේම ඒවා විනාශ කිරීමේ ප‍්‍රවණතාවද ඉහළ ගොස් ඇති බව පුරාවිද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.
නිධන් වස්තු ලබා ගැනීමේ චේතනාවෙන් මෙන්ම වෙනත් පටු අරමුණු ඇතිව මෙම ජාතික සම්පත් විනාශ කෙරෙන බව උන්වහන්සේ පෙන්වාදෙයි.
පසුගිය කාලයේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලද මෙවැනි පුරාවස්තු රැසක් සොයා ගෙන තිබේ.
ඒ පිළිබඳ විධිමත් ආරක්ෂණ ක‍්‍රමවේදයක් ස්ථාපිත කර ඇත්දැයි කළ විමසීමකදී උන්වහන්සේ කියා සිටියේ ඇතැම් පුද්ගලයින් සතු ඉඩම්වල පුරා වස්තු පවතින නමුත් ඒවායේ අයිතිය තමන්ට අහිමි වේ යැයි සිතා ඔවුන් පුරා වස්තු විනාශ කිරීමේ වැඩපිළිවෙළක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. රජයේ බලධාරීන්ට පමණක් මේ සඳහා මැදිහත්විය නොහැකි බවද පැවසු උන්වහන්සේ බොහෝ ස්වේච්ඡා සංවිධාන මෙවැනි ක්ෂේත‍්‍රයකට අතපෙවීමට මැලිකමක් දක්වන බවද පැවසුහ.
SLM