දරුවන්ට වද දීලා (video)
වද හිංසාවලට ලක්වූ දරුවන් දෙදෙනෙකු ගලගෙදරින් සොයා ගැනේ.
මහනුවර - ගලගෙදර - බෝලගල ප්රදේශයේ නිවසක් තුළ අමානුෂික අන්දමින් වද හිංසාවලට ලක්ව සිටි ළමුන් දෙදෙනෙකු ගලගෙදර පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම ළමුන් දෙදෙනාගෙන් ගැහැණු ළමයාගේ වයස අවුරුදු 6ක් වන අතර පිරිමි ළමයාගේ වයස අවුරුදු 4ක් බව සඳහන්. ගලගෙදර පොලීසියේ කාන්තා හා ළමා රක්ෂණ අංශයේ නිලධාරීන් මෙම දරුවන් සොයා ගන්නා විට ඔවුන් අධික කුසගින්නෙන් සිටි බව සඳහන්. එමෙන්ම ශරීරයේ විවිධ ස්ථානවල තුවාල දක්නට ලැබුණු බවයි පොලීසියේ ප්රකාශකයෙකු සඳහන් කළේ.
පොලීසිය විසින් මෙම දරුවන් දෙදෙනා රඳවාගෙන සිටි කාන්තාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ආහාර ලබා දීමෙන් පසුව ළමුන් දෙදෙනා වැඩිදුර ප්රතිකාර සඳහා ගලගෙදර රෝහලට ඇතුළත් කළා. මීට වසර 4කට පෙර මොවුන්ගේ පියා රිය අනතුරකින් මිය ගොස් ඇති අතර මව විදේශ රැකියාවක් සඳහා ගොස් ඇති අතර අදාළ කාලය තුළ දරුවන්ව බලා ගැනීමේ කටයුතු මිය ගිය සැමියාගේ සොහොයුරියකට පවරා තිබෙනවා.
පසුව දරුවන්ගේ මව මීට වසරකට පෙර යළි දිවයිනට පැමිණ යළි විදේශගතවීමට පෙර දරුවන් මිය ගිය සැමියාගේ බාල නැගනියට භාර දී ඇති බව සඳහන්. මෙම කාන්තාව භාරයේ සිටියදීයි දරුවන් වධ හිංසාවලට ලක්වී ඇත්තේ.
news:

Code:
http://hirunews.lk/sinhala/24571