කෙල්ලක්, කොල්ලෙක්ට කොච්චරනම් වටිනවද......
මගේ ජීවිතය.. හරියට හුළගට ගසාගෙන යන කොළ කෑල්ලක් වගේ...ඒ කොළ කෑල්ල හිස්.. අරමුණක් නැතුව ඔහේ හුළගට තෙරක් නොපෙනෙන ඈතක් හොයාගෙන ඔහේ.. පාවී පාවී..
ඈතට.. ඈතින් ඈතට ගියේ.. ඉබාගාතේ... මගේ ජීවිතයත් අරමුණක් නැතුව
ඔහේ අවුරුදු 21 ක් ගෙවිලා ගියේ කිසිම අරමුණක් නැතුව.. ඒ ජීවිතය හරිම සැහැල්ලුයි.. බැදීම් තිබ්බෙම නැති තරම්..
ඒත් දෛවය... මගේ මේ ජීවිතට කණපිට හැරෙව්වේ මටත් හිතාගන්න බැරි පුදුම විදිහකට...
දන්නවද... මේ ඉබාගාතේ පාවුන කොළ කෑල්ල.. පෙම් හසුනක් බවට පත්කළේ ඔයා... ඔයාගේ ඔය අවිහිංසක සිනහව...
එක උනේ මෙන්න මෙවිදිහට..
එදා ඉරිදාවක්.. ලස්සන දවසක් කියල එදා උදේ පාන්දරම මට හිතුන.......
වෙනදට ඉර අවුව වැටෙනකන් නිදාගන්න මම එදා පාන්දරම නැගිටලා ඉර පායන විදිහ බලන් හිටය.. ඒ ඇයි කියල මමවත් දැනගෙන හිටියේ නෑ.. ඒත් කන්ද කපාගෙනරිදිපාට කිරණ විහිදාගෙන ඉර පායන ලස්සන මම හදවතින්ම විදගෙන උන්නේ...
හිත පිරිලා උතුරනවා වගේ හැගීමක මට එදා දැනුන... එදා උදෙන්ම මම එලියට බැස්සේ කිසිම වැඩක තියන හින්ද නෙවයි..
මොනවා කරන්නද කියල හිතාගන්නවත් බැරි හින්ද..
අම්ම හදල් දුන්නු තේ එකත් බිල මම ඔහේ ටවුම පැත්තට රස්තියාදුවේ ගියා...
මග දිගට යාලුවෝ කීපදෙනෙක හම්බුනා.. ටිකක් වෙලා වල්පල් දොඩවල අයෙත් ඇවිදින්න ගත්තා.. හිතට නිකන් කියන්න බැරි බරක් වගේ දැනෙන්න ගත්තට මට ඒ ඇයි කියල තේරුම් ගන්න බැරි උනා...
වෙලාව... 1. 00 විතර ඇති.. හිටිහැටියේ අහස කළු කරගෙන ඒ දෛවෝපගත වරුසාව වැස්ස පොලවට කඩා හැලුනා..
බලාපොරොතු නැති වැස්සට මම දුවගෙන ගිහින් බස් හෝල්ට් එකක් අස්සට රිංගුවා..
ඒ වෙනකොටත් මම බාගෙට තෙමිලයි උන්නේ...
ජිවිතයේ සමහර සිද්දි මතක කරන්නත් ආසයි.. මට දැනුත් එදා වැස්සට තෙමුණු මාව මැවිලා පේනවා වගේ..
එදා තමයි මගේ ජීවිතයේ වටිනාම කියන වස්තුව ලැබුණු දවස.. මගේ ඉරණම්කාරී දැක්ක මුල්ම දවස.. ඒ දවස කොහොම නම් අමතක කරන්නද.....
දෛවය විසින් ඒ හමුවීමේ අපුර්වතම චිත්‍රය.. මගේ ජිවිතය උඩ සිත්තම් කළා...
වැස්ස කීයට පායිද කියල වටේ හිටපු අය කියව කියව උන්න.. ඒත් මට ඒ කිසිමදෙයක් දැනුනේ නෑ.. මම ඔහේ පාරේ ඈත බලාගෙන හිටියා.. පාරේ වාහනත් එච්චර තිබ්බේ නෑ... මහා පාලු බවක් මට පෙනුන..
ඒත් ඒ පාළුව අස්සෙන්... රුවක් මතුවෙනවා මම ඈත දැක්ක.. කුඩයක් ඉහලාගෙන එන පුංචි රුවක්..
වැහිපොද අස්සෙන් මතුවුණා.. ඕව්.. ඒ තමයි ඔයා...
මගේ පපුව එකපාරටම නැවතුනා වගේ දැනුනා.. දෙවියනේ කවුද මේ.. එච්චරමයි මට හිතුනේ.. ටිකෙන් ටික මට රුව පෙනෙන්න ගත්තා...
දෙවියනේ... මේ කවුද.. මම දන්නේ නෑ.. ඒත් ඔයාගෙන් ඇස් දෙක අහකට ගන්න මට බැරි වුනා... සුදුපාට සල්වාර් එකක් ඔයා ඇදගෙන හිටියේ.. එක අතකින් පොතක් පපුවට තුරුළු කරගෙන.. අනිත් අතින් කුඩේ ඉහලාගෙන... වැස්සට හැරුණු පුංචි මඩ වලවල් උඩින් බේරලා කකුල තියන්.. ඔයා ආපු විදිහ...
වැහි බිංදු දෙකක් ඔයාගේ සුදු කම්මුල් උඩ තැවරිලා... හුළගට මුහුණට වැටුණු කෙස් කැරැල්ල...
ඔයා අයින් කරන්න බලනවා... අනේ දෙවියනේ.. මට මාවම අමතකවෙලා ගියාවාගේ දැනුනා.. දෙයියනේ මෙහෙමත් කෙල්ලෙක්..... මට දුවගෙන ඇවිල්ල ඔයාගේ ඔය සුදු මුහුණට වැටුණු කෙස් කැරැල්ල අයින් කරලා... ඔයාව.......... ඉඹගෙන ඉඹගෙන යන්න හිතුන..... ඇත්තමයි... මට හිතුන... සත්තයි.....
අපි ඕනතරං ලස්සන කෙල්ලෝ දැකල තියනවා.. ඒ කෙල්ල ලස්සනයි කියල කියනවා තමයි..
ඒත් තමන්ගේම කරගෙන... තමන්ගේ ජීවිතේම පුජාකරන්න හිතෙන්නේ එකම එක කෙල්ලෙකුට විතරයි.. ඒකෙනා තමන්ගේ හදවත විසින් තෝරාගන්නවා..
ඒ තමයි තමන්ගේ ඉරණම්කාරි.... එදත් මට උනේ එටිකමයි...
ඔයා දැක්ක ඒ මොහොතේම මම හිතාගත්තා.. මට දැනුන.. ඔයා ඉපදුනේ මං වෙනුවෙන්මයි කියල... ඔයා මාව පහුකරගෙන යන ගමන් යන්තම් මං දිහා බැලුව මතකද...
මගේ පපුව හතර පස් කඩකට පැලිලා ගියාවාගේ දැනුනා.. "මම ඔයාටමයි..." කිවාවගේ හැගීමක මට දැනුනා...
මුළු ලෝකයක් හරහට හිටියත් මම ඔයාව මගේම කරගන්නවා කියලා මම මගේ හදවතට දිව්රල කිවා... එදා මට දැනුන දේවල් මම කොහොම නම් කියන්නද... මම මේ මොනවා ලියනවද මමවත් දන්නේ නෑ...
ඔහේ හුළගට පාවුණු කොලයක් වගේ උන්නු මාව..
පෙම් හසුනක් උනේ... ඔන්න ඔහොම තමයි....
ඒ හසුන හැඩ වැඩ දාලා.. කවි නිසදැස් ලියල...
අකුරු කලේ ඔයා තමයි...
කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වටිනවද....
ඒ යටාර්ථය කියලා දුන්නු ඔයාට දස දහස් වාරයක් පිං සිද්දවෙනවා රත්තරන්........

-රස්තියාදුකාරයා-
rasthiya.blogspot.com
rasthiya.blogspot.com
Last edited: