ජීවිතයට උපදෙස්...... must read

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ජීවිතයට උපදෙස්...... must read


    උපුටාගැනීමක් බව කරුනාවෙන් සලකන්න.
    රීපෝස්ට් නම් සමා වන්න.


    මට ගොඩක් දවසකට කලින් ලැබුණු email එකක තිබුණු වටින සිතුවිලි ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න සිතුනා.

    1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට ලබා දෙන්න. එය කළ යුත්තේ සතුටින්මයි.

    2. ඔබේ ප්‍රියතම කවිය කටපාඩම් කර ගන්න.

    3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න. ඔනැවට වඩා නිදා නොගන්න.

    4. "මං ඔයාට ආදරෙයි ..." කියද්දි හදවතින්ම කියන්න.

    5. කිසිවකුගෙන් සමාව ඉල්ලද්දි කෙලින්ම ඔහුගේ දැස දෙස බලන්න.

    6. විවාහ ගිවිස ගත යුත්තේ විවාහයට මාස හයකටවත් පෙර බව මතක තබ ගන්න.

    7. දුටු සැනින් ඇතිවන ආදරය පිළිබදව විශ්වාස කරන්න.

    8. අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න. සිහින නැති මිනිසුන් තුල බොහො අඩුපාඩු තිබෙනවා.

    9. හදවත පත්ලෙන්ම අනුරාගී ලෙස ආදරය කරන්න. ඇතැම් විට ඔබට වේදනාව හිමිවිය හැකියි. එහෙත් ජීවිතය සම්පුර්ණ කර ගැනීමට ඇති එකම මග එයයි.

    10. යමකට එකග නොවන විටදි සාධාරණ ලෙස ගැටෙන්න. එහෙත් කැත වචන කීමෙන් වලකින්න.

    11. ඔවුන්ගේ නැයන්ගේ මිම්මෙන් මිනිසුන් නොමනින්න.

    12. ඉක්මනින් සිතන්න. හෙමින් කතා කරන්න.

    13. ඔබ පිලිතුරු දෙන්නට ඇකමැති ප්‍රශ්ණයක් කිසිවකු විසින් අසනු ලැබු කල සිනාවක් පා "ඇයි ඔයාට එක දැන ගන්න ඔනෙ...?" යනුවෙන් අසන්න.

    14. මහා ලොකු ආදරය, මහා ලොකු බලාපොරොත්තු සමග ලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.

    15. ඔබේ මව සමග නිරතුරුවම අදහස් හුවමාරු කරගන්න.

    16. ඔබ පරජය වුවත්, ඉන් ලැබෙන පාඩම ජයග්‍රහණයක් බව සිතන්න.

    17. ඔබටම ගෞරව කර ගන්න. අනෙක් අයට ගෞරව කරන්න. වගකීමෙන් යුතුව හැම ක්‍රියාවකම නිරත වන්න.

    18. නරක කීරීම තුළින් මිතුරන් අහිමි කර නොගන්න.

    19. වැරැද්දක් සිදුවු බව වැටහුණු විට වහාම එය නිවැරදි කරන්නට පියවර ගන්න.

    20. දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන විට සිනාමුසු වන්න. අමතන්නාට එය හොදින් දැනේවි.

    21. විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයකු සමගයි. මහලු වයසට පත්වෙදි අනෙක් හැම හැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබා ගන්න.

    22. හොද අවන්ක ජීවිතයක් ගත කරන්න. ඔබ වයසට ගිය විට ආපසු හැරී බලා සතුටු වන්නට හැකිවේවි.

    23. ඔබේ ආදරණීය පුද්ගලයින් සමග ඇතිවන බහින්බස්වීම් වලදී අතීත සිදුවීම් හො වැරදි සිහිපත් නොකරන්න.

    24. යම් අවස්තාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුණහොත් එය වාසනාවක් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න.

    25. එකිනෙකා වුවමනා කරන දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකු අතර ඇති සම්බන්ධය බලවත් බව මතක තබා ගන්න.


    ගත්තෙ මෙතනින්
    http://pooh-ge-sithuwili.blogspot.com/2011/10/blog-post.html

    කමෙන්ට් එකක් දාල යන්න.
    හොඳ නම් +රෙප් දෙන්න
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    3dflagsfawm.gif

    ...අභිමානවත් නිදහසක්...


    fnVd.jpeg


    Re++
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    "ඉක්මනින් සිතන්න. හෙමින් කතා කරන්න."

    මේකනම් මචන් ලංකාවේ මිනිස්සුන්ට නැතිම දෙයක්... මට උනත් එහෙමයි..
    හිතන්නේ හෙමිට උනාට කතා කරන්නේ වේගෙන්
    පස්සේ තමයි කියපු දේවල් ගැන කල්පනා කරන්නේ..
    තමන් ලඟින්ම ආශ්‍රය කරන කෙනෙක්ගේ වැරද්දක් දැක්කම අපිට මුලින්ම වෙන්නේ තරහ යන ඒක...
    ඊට පස්සේ පලු යනකන් බනිනවා..පස්සේ අපිටම ලැජ්ජයි මොනවද ඒ වෙලාවේ කියව්වේ කියලා
    තමන් වැඩි පුරාම ආදරය කරන කෙනෙක්ගේ වැරද්දක් දැක්කම හුඟක් වෙලාවට සාදාරන මතයකට එන ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ කියලා තමයි මං විශ්වාස කරන්නේ

    මොනවා උනත් යාලුවා වැදගත් අදහස් ටිකක් තියෙනවා..
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට

    ජය ශ්‍රී !!!
    scaled.php

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    "ඉක්මනින් සිතන්න. හෙමින් කතා කරන්න."

    මේකනම් මචන් ලංකාවේ මිනිස්සුන්ට නැතිම දෙයක්... මට උනත් එහෙමයි..
    හිතන්නේ හෙමිට උනාට කතා කරන්නේ වේගෙන්
    පස්සේ තමයි කියපු දේවල් ගැන කල්පනා කරන්නේ..
    තමන් ලඟින්ම ආශ්‍රය කරන කෙනෙක්ගේ වැරද්දක් දැක්කම අපිට මුලින්ම වෙන්නේ තරහ යන ඒක...
    ඊට පස්සේ පලු යනකන් බනිනවා..පස්සේ අපිටම ලැජ්ජයි මොනවද ඒ වෙලාවේ කියව්වේ කියලා
    තමන් වැඩි පුරාම ආදරය කරන කෙනෙක්ගේ වැරද්දක් දැක්කම හුඟක් වෙලාවට සාදාරන මතයකට එන ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ කියලා තමයි මං විශ්වාස කරන්නේ

    මොනවා උනත් යාලුවා වැදගත් අදහස් ටිකක් තියෙනවා..
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට

    ජය ශ්‍රී !!!
    scaled.php


    වටිනා අදහසක් බෙදාගත්තට ස්තූතියි.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Godak dewal aththa... eth mage jeewithayedi man bohowita weda karanne labapu athdakeem anusarayen.... ++


    patta machan REP++ pattama sira...වටිනවා.. මේක කයෝලා තමන් ව තමන්ට දකින්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා....

    හැබැඋ මූ කිව්වා වගේ මමත්... මගේ ජීවිතේ කෙල වෙන තැන් දැනගෙන ඒවා වෙනස් කරගන්නත් ඕනා..නැත්තම් ජීවත් වෙන්න කලින් අපිටම අපේ ජීවිතේ නැති වෙන්නත් පුලුවන් ...

    කැලේක මුවෝ ජීවත් වෙනකොට සින්හයෝ මරන් කන්න ඉන්න බවත් දැන ගන්න එපැය්// :yes::yes::yes: