විමලධර්මසූරිය රජතුමා ගැන රසවත් කථාවක්..!
මහනුවර රජවූ පළමු විමලධර්මසූරිය රජතුමා ගැන බොහෝ දෙනා නොදන්නා කථාවක් වරක් දිවයින පත්‍රයේ පලවිය (21-11-2010). මෙහි දැක්වෙන්නේ එම කථාවයි.... (මෙය මාරස්‌සන ඩී. පී. වික්‍රමසිංහ සූරීන් විසින් රචනා කොට වර්ෂ 1966 දෙසැම්බර් මස රසවාහිනී සඟරාවෙහි පළවිය. මෙම දුර්ලභ ගණයේ ලිපියේ මහදිසාවේ බණ්‌ඩාර ඇටිපොල විසින් දිවයින පත්‍රයට එවන ලදී. මේ සියළු දෙනාට මෙහි ගෞරවය අත් වේ.) කියවීමේ පහසුව සඳහා මෙහි සමහර කොටස් ඉවත් කර සංස්කරණය කර ඇත.
මහනුවර රාජධානිය:-
සෙංකඩගලපුර, ශ්‍රී වර්ධන පුර යන නාමයන්ගෙන් ව්‍යවහාර වූ මහනුවර, අති පුරාණ කාලයේ සිට පැවතෙන රාජධානියක් බව ජනකතාවන්ගෙන් අවබෝධ වේ. "සෙංඛණ්‌ඩ" නම් තාපසයෙකුගේ අවවාද පරිදි එතුමාගේ නමින් එක් අප්‍රසිද්ධ කුමාරයෙකු විසින් මේ නගරය ගොඩනගන ලද බව එක් ජනකතාවක සඳහන් වේ. එම අප්‍රසිද්ධ කුමාරයා අනෙකකු නොව කැලණිතිස්‌ස රජුගේ සොහොයුරු උත්තිය කුමරු බව තවත් ජන කතාවකින් ඔප්පු වේ.
නිවැරදි රහතන්වහන්සේ නමක් උණුතෙල් තටාකයක දමා පිරිනිවන් පෑමට සැලැස්‌වීමෙන් රටින් විශාල කොටසක් මුහුදුබත් වීමටත්, රජ පවුලේ විනාශයටත්, හේතු භූතවූ මහා අපරාධයට වගකිය යුත්තා උත්තිය කුමාරයා බව වටහාගත් රටවැසියෝ ඔහුගෙන් පලිගැනීමට සූදානම් වූහ. ඒ බව දැනගත් උත්තිය කුමරු තමා හට හිතවත් සේනාව හා හස්‌ත සාර ධනය සහිතව තමා සැඟවී උන් මාදම්පා ප්‍රදේශය අතහැර කන්ද උඩරටට පැමිණ ඉහත කී සෙංඛණ්‌ඩ තවුසාගේ අවවාද පරිදි සෙංකඩගල පුරය ගොඩ නගා එහි පදිංචි වූ බව එම ජනකතාවෙන් අනාවරණය වේ.
දුටුගැමුණු රජු ද්‍රවිඩ සංහාරය සඳහා මයියන්ගනයෙහි කඳවුරු බැඳ සිටි කාලයේදී විහාරමහා දේවිය පුත් කුමරාගේද අනුමතිය ඇතිව යුද සේනාවක් පිරිවරා මහවැලි ගඟේ දකුණු ඉවුර දිගේ ගමන්කොට මහනුවරට පැමිණ තම සුළුපියා හමුවූ බව සඳහන් ජනකතාවක්‌ද ඇත්තේය. තමා විසින් කුඩා කාලයේදී හැදූ වැඩූ තම දෙටු සොහොයුරාගේ දියණිය තමා හමුවීමට එන බව සැලවූ උත්තිය කුමරු බලවත් ප්‍රීතියෙන් ඈට පෙරගමන් කළ බවත් එම දෙසේනාව ගෝනාවත්ත නම් ප්‍රදේශයේදී සම්මුඛවූ බවත් එම ජනකතාවෙහි සඳහන් වේ.
මෙම ජනකතා අනුව සෙංකඩගල නගරය දුටුගැමුණු රාජ්‍යෙන්ද යටත් පෙරසිට පැවත එන බව සිතා ගත හැකිය. එහෙත් සෙංකඩගල නගරය ප්‍රධාන රාජධානිය කර ගත්තේද විමලධර්ම මහ රජු විසිනි. විමලධර්ම, සෙනරත්, දෙවෙනි රාජසිංහ, විමලධර්මසූරිය, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් නව දෙනාගේ ප්‍රධාන රාජධානිය වූයේ මෙම සෙංකඩගල පුරයයි. මෙහි සඳහන් අන්තිම රජවරු සිව්දෙනා මදුරාපුර නායක්‌කර් වංශිකයෝ වූහ.
රාසිං දෙයියෝ:-
මෙම රජුන් නවදෙනාගෙන් තේජෝබල පරාක්‍රමයෙන් හා සෞරවීර්ය භාවයෙන් අගපත් වූයේ දෙවැනි රාජසිංහ රජුතුමාය. සීතාවක රාජසිංහයන්ගෙන් පසුව ප්‍රතිකාල්බලය බිඳ දමන ලද්දේ දෙවෙනි රාජසිංහයන් විසිනි. එබැවින් මේ රජුන් දෙදෙනොටම "රාසිංදෙවියෝ" නමින් ආමන්ත්‍රණය කිරීමට රටවැසියෝ පුරුදු වූහ. පහතරට ප්‍රදේශවල රාසිං දෙයියෝ නමින් ව්‍යවහාර වූයේ සීතාවක රාජසිංහ රජතුමාය. උඩරට ප්‍රදේශවල රාසිංදෙයියෝ නමින් ව්‍යවහාර වූයේ දෙවෙනි රාජසිංහ රජතුමාය.
අපරිමිත බලපරාක්‍රමයෙන් හා යුද්ධ ශිල්පයෙන්ද කාය බලයෙන්ද අනූන වූ දෙවන රාජසිංහයන් පමණ ලංකාව පුරා ප්‍රසිද්ධ වශයෙන් හා අප්‍රසිද්ධ වේශයෙන් සංචාරය කළ අන්‍ය රජෙක් නොවීය. උතුරු දෙසින් අනුරාධපුරය හා යාපනය දක්‌වාද නැගෙනහිරින් මඩකලපුව, පානව හා තිරිකුණාමලය දක්‌වාද, දකුණේ ගාල්ල, මාතර හා හම්බන්තොට දක්‌වාද, බටහරින් කොළඹ හා පුත්තලම දක්‌වාද මේ රජතුමා වරින් වර සංචාරය කර තිබෙන බව ජනකතා මගින් ඔප්පු වේ.
රාජසිංහ රජුගේ රණශූරත්වයට හේතුව කුමක්ද?:-
කාය බලයෙන් මෙතුමා දක්‌වා තිබෙන සූරවීර ක්‍රියා බොහෝය. මේ රජතුමා කඩු සරඹයෙහි ඉතා දක්‌ෂයෙකි. දසට රියනක් උස අහසට පැන කරනමින් ගොස් සතුරන් පෙති ගැසීමේ හැකියාවක් මෙතුමාට තිබුණ බව කියනු ලැබේ. එතුමා එම ශිල්පය උගත් අන්දම පිළිබඳ ජනකතාව අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.
කොණප්පු බණ්‌ඩාර:-
සීතාවක රාජසිංහයන් විසින් කන්ද උඩරට ආණ්‌ඩු කළ ප්‍රදේශ රජෙක් වූ කරල්ලියද්දේ බණ්‌ඩාර යුද්ධයෙන් පරදවන ලද්දේය. කරල්ලියෑද්දේ රජු තම දියණියද පුත්‍රස්‌ථානයෙහි සිටි කුමාරයෙකුද කැඳවාගෙන ජීවිතාරක්‌ෂාව සඳහා පලාගොස් ප්‍රතිකාලුන්ගේ රැකවරණ ඇතිව මන්නාරමෙහි වාසය කළේය. කන්ද උඩරට යුද්ධයේදී තමාට උදව් කළ දෙනුවර මේණවර වංශික උරුලෑවතු ගම්පසේ වීරසුන්දර බණ්‌ඩාර පෙළපතින් පැවත ආ සුන්දර බණ්‌ඩාර නම් ප්‍රභූවරයා කෙරෙහි සැකසිතූ පළමු වැනි රාජසිංහ රජු ඔහුට ගම්වරක් ප්‍රදානය කිරීමට යෑයි සීතාවකට කැඳවා එන අතර ගොලෑබොක්‌කේදී බොරුවළක හෙළා මැරවූයේය.
මේ ගැන අතිශයින් කෝපයට හා ශෝකයට පත් සුන්දර බණ්‌ඩාරගේ පුත් කොණප්පු බණ්‌ඩාර "පියාගේ ලේවල පලිය ගනිමි"යි වෛරානුබද්ධ සිතින් යුක්‌තව කොළඹට පලා ගොස් ප්‍රතිකාලුන් යටතේ දොන් ජෝන් නමින් කුලවැද්දුම් (බවුතිස්‌ම) ලබා වාසය කළේය. පසුකලකදී දොන් ජෝන් විසින් කරන ලද පෙරළියක් නිසා කිපුණු ප්‍රතිකාලුන් විසින් දඬුවම් පිණිස දොන් ජෝන්ව ගෝවට පිටත් කර හරින ලද්දේය. දොන් ජෝන් වනාහි යුද්ධ ශිල්පයෙහි හා කඩු සරඹයෙහිද මල්ලව පොරයෙහිද ඉතා දක්‌ෂ වූ මහත් කාය ශක්‌තියක් ඇති ශෝභන පෙනීමකින් යුත් උෙද්‍යාගිමත් තරුණයෙක් විය.
Cont...

Last edited: