විමලධර්මසූරිය රජතුමා ගැන රසවත් කථාවක්..!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    විමලධර්මසූරිය රජතුමා ගැන රසවත් කථාවක්..!

    මහනුවර රජවූ පළමු විමලධර්මසූරිය රජතුමා ගැන බොහෝ දෙනා නොදන්නා කථාවක් වරක් දිවයින පත්‍රයේ පලවිය (21-11-2010). මෙහි දැක්වෙන්නේ එම කථාවයි.... (මෙය මාරස්‌සන ඩී. පී. වික්‍රමසිංහ සූරීන් විසින් රචනා කොට වර්ෂ 1966 දෙසැම්බර් මස රසවාහිනී සඟරාවෙහි පළවිය. මෙම දුර්ලභ ගණයේ ලිපියේ මහදිසාවේ බණ්‌ඩාර ඇටිපොල විසින් දිවයින පත්‍රයට එවන ලදී. මේ සියළු දෙනාට මෙහි ගෞරවය අත් වේ.) කියවීමේ පහසුව සඳහා මෙහි සමහර කොටස් ඉවත් කර සංස්කරණය කර ඇත.

    මහනුවර රාජධානිය:-

    සෙංකඩගලපුර, ශ්‍රී වර්ධන පුර යන නාමයන්ගෙන් ව්‍යවහාර වූ මහනුවර, අති පුරාණ කාලයේ සිට පැවතෙන රාජධානියක්‌ බව ජනකතාවන්ගෙන් අවබෝධ වේ. "සෙංඛණ්‌ඩ" නම් තාපසයෙකුගේ අවවාද පරිදි එතුමාගේ නමින් එක්‌ අප්‍රසිද්ධ කුමාරයෙකු විසින් මේ නගරය ගොඩනගන ලද බව එක්‌ ජනකතාවක සඳහන් වේ. එම අප්‍රසිද්ධ කුමාරයා අනෙකකු නොව කැලණිතිස්‌ස රජුගේ සොහොයුරු උත්තිය කුමරු බව තවත් ජන කතාවකින් ඔප්පු වේ.

    නිවැරදි රහතන්වහන්සේ නමක්‌ උණුතෙල් තටාකයක දමා පිරිනිවන් පෑමට සැලැස්‌වීමෙන් රටින් විශාල කොටසක්‌ මුහුදුබත් වීමටත්, රජ පවුලේ විනාශයටත්, හේතු භූතවූ මහා අපරාධයට වගකිය යුත්තා උත්තිය කුමාරයා බව වටහාගත් රටවැසියෝ ඔහුගෙන් පලිගැනීමට සූදානම් වූහ. ඒ බව දැනගත් උත්තිය කුමරු තමා හට හිතවත් සේනාව හා හස්‌ත සාර ධනය සහිතව තමා සැඟවී උන් මාදම්පා ප්‍රදේශය අතහැර කන්ද උඩරටට පැමිණ ඉහත කී සෙංඛණ්‌ඩ තවුසාගේ අවවාද පරිදි සෙංකඩගල පුරය ගොඩ නගා එහි පදිංචි වූ බව එම ජනකතාවෙන් අනාවරණය වේ.

    දුටුගැමුණු රජු ද්‍රවිඩ සංහාරය සඳහා මයියන්ගනයෙහි කඳවුරු බැඳ සිටි කාලයේදී විහාරමහා දේවිය පුත් කුමරාගේද අනුමතිය ඇතිව යුද සේනාවක්‌ පිරිවරා මහවැලි ගඟේ දකුණු ඉවුර දිගේ ගමන්කොට මහනුවරට පැමිණ තම සුළුපියා හමුවූ බව සඳහන් ජනකතාවක්‌ද ඇත්තේය. තමා විසින් කුඩා කාලයේදී හැදූ වැඩූ තම දෙටු සොහොයුරාගේ දියණිය තමා හමුවීමට එන බව සැලවූ උත්තිය කුමරු බලවත් ප්‍රීතියෙන් ඈට පෙරගමන් කළ බවත් එම දෙසේනාව ගෝනාවත්ත නම් ප්‍රදේශයේදී සම්මුඛවූ බවත් එම ජනකතාවෙහි සඳහන් වේ.

    මෙම ජනකතා අනුව සෙංකඩගල නගරය දුටුගැමුණු රාජ්‍යෙන්ද යටත් පෙරසිට පැවත එන බව සිතා ගත හැකිය. එහෙත් සෙංකඩගල නගරය ප්‍රධාන රාජධානිය කර ගත්තේද විමලධර්ම මහ රජු විසිනි. විමලධර්ම, සෙනරත්, දෙවෙනි රාජසිංහ, විමලධර්මසූරිය, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් නව දෙනාගේ ප්‍රධාන රාජධානිය වූයේ මෙම සෙංකඩගල පුරයයි. මෙහි සඳහන් අන්තිම රජවරු සිව්දෙනා මදුරාපුර නායක්‌කර් වංශිකයෝ වූහ.

    රාසිං දෙයියෝ:-

    මෙම රජුන් නවදෙනාගෙන් තේජෝබල පරාක්‍රමයෙන් හා සෞරවීර්ය භාවයෙන් අගපත් වූයේ දෙවැනි රාජසිංහ රජුතුමාය. සීතාවක රාජසිංහයන්ගෙන් පසුව ප්‍රතිකාල්බලය බිඳ දමන ලද්දේ දෙවෙනි රාජසිංහයන් විසිනි. එබැවින් මේ රජුන් දෙදෙනොටම "රාසිංදෙවියෝ" නමින් ආමන්ත්‍රණය කිරීමට රටවැසියෝ පුරුදු වූහ. පහතරට ප්‍රදේශවල රාසිං දෙයියෝ නමින් ව්‍යවහාර වූයේ සීතාවක රාජසිංහ රජතුමාය. උඩරට ප්‍රදේශවල රාසිංදෙයියෝ නමින් ව්‍යවහාර වූයේ දෙවෙනි රාජසිංහ රජතුමාය.

    අපරිමිත බලපරාක්‍රමයෙන් හා යුද්ධ ශිල්පයෙන්ද කාය බලයෙන්ද අනූන වූ දෙවන රාජසිංහයන් පමණ ලංකාව පුරා ප්‍රසිද්ධ වශයෙන් හා අප්‍රසිද්ධ වේශයෙන් සංචාරය කළ අන්‍ය රජෙක්‌ නොවීය. උතුරු දෙසින් අනුරාධපුරය හා යාපනය දක්‌වාද නැගෙනහිරින් මඩකලපුව, පානව හා තිරිකුණාමලය දක්‌වාද, දකුණේ ගාල්ල, මාතර හා හම්බන්තොට දක්‌වාද, බටහරින් කොළඹ හා පුත්තලම දක්‌වාද මේ රජතුමා වරින් වර සංචාරය කර තිබෙන බව ජනකතා මගින් ඔප්පු වේ.

    රාජසිංහ රජුගේ රණශූරත්වයට හේතුව කුමක්ද?:-

    කාය බලයෙන් මෙතුමා දක්‌වා තිබෙන සූරවීර ක්‍රියා බොහෝය. මේ රජතුමා කඩු සරඹයෙහි ඉතා දක්‌ෂයෙකි. දසට රියනක්‌ උස අහසට පැන කරනමින් ගොස්‌ සතුරන් පෙති ගැසීමේ හැකියාවක්‌ මෙතුමාට තිබුණ බව කියනු ලැබේ. එතුමා එම ශිල්පය උගත් අන්දම පිළිබඳ ජනකතාව අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

    කොණප්පු බණ්‌ඩාර:-

    සීතාවක රාජසිංහයන් විසින් කන්ද උඩරට ආණ්‌ඩු කළ ප්‍රදේශ රජෙක්‌ වූ කරල්ලියද්දේ බණ්‌ඩාර යුද්ධයෙන් පරදවන ලද්දේය. කරල්ලියෑද්දේ රජු තම දියණියද පුත්‍රස්‌ථානයෙහි සිටි කුමාරයෙකුද කැඳවාගෙන ජීවිතාරක්‌ෂාව සඳහා පලාගොස්‌ ප්‍රතිකාලුන්ගේ රැකවරණ ඇතිව මන්නාරමෙහි වාසය කළේය. කන්ද උඩරට යුද්ධයේදී තමාට උදව් කළ දෙනුවර මේණවර වංශික උරුලෑවතු ගම්පසේ වීරසුන්දර බණ්‌ඩාර පෙළපතින් පැවත ආ සුන්දර බණ්‌ඩාර නම් ප්‍රභූවරයා කෙරෙහි සැකසිතූ පළමු වැනි රාජසිංහ රජු ඔහුට ගම්වරක්‌ ප්‍රදානය කිරීමට යෑයි සීතාවකට කැඳවා එන අතර ගොලෑබොක්‌කේදී බොරුවළක හෙළා මැරවූයේය.

    මේ ගැන අතිශයින් කෝපයට හා ශෝකයට පත් සුන්දර බණ්‌ඩාරගේ පුත් කොණප්පු බණ්‌ඩාර "පියාගේ ලේවල පලිය ගනිමි"යි වෛරානුබද්ධ සිතින් යුක්‌තව කොළඹට පලා ගොස්‌ ප්‍රතිකාලුන් යටතේ දොන් ජෝන් නමින් කුලවැද්දුම් (බවුතිස්‌ම) ලබා වාසය කළේය. පසුකලකදී දොන් ජෝන් විසින් කරන ලද පෙරළියක්‌ නිසා කිපුණු ප්‍රතිකාලුන් විසින් දඬුවම් පිණිස දොන් ජෝන්ව ගෝවට පිටත් කර හරින ලද්දේය. දොන් ජෝන් වනාහි යුද්ධ ශිල්පයෙහි හා කඩු සරඹයෙහිද මල්ලව පොරයෙහිද ඉතා දක්‌ෂ වූ මහත් කාය ශක්‌තියක්‌ ඇති ශෝභන පෙනීමකින් යුත් උෙද්‍යාගිමත් තරුණයෙක්‌ විය.

    Cont...
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ගජාබාහු යෝධයා:-

    මේ කාලයෙහි ගෝව ආසන්න ගමක "ගජාබාහු" නම් ලත් සූරවීර දක්‌ෂ යෝධයෙක්‌ සිටියේය. මේ යෝධ පුරුෂයාගෙන් ප්‍රතිකාලුන්ට නිතර නිතර හිරිහැර ඇති විය. තමා සමග මල්ලව පොරයට හා කඩු සරඹයට ඕනෑම දක්‌ෂ ප්‍රතිකාල් සෙන්පතියෙකු එවත්වායි ඔහු ප්‍රතිකාල් විසුරේට අභියෝග කළේය. එසේ එම අභියෝග පිළිගෙන යවන ලද සෑම ප්‍රතිකාල් සෙන්පතියෙක්‌ම ගජාබාහු විසින් පරදවන ලද්දේය. මෙයින් උෙද්‍යාගිමත් වූ ගජබාහු තමා හට අසුවන සෑම ප්‍රතිකාල් ජාතියෙකු මැරුවේය. එම නිසා ගජාබාහු ප්‍රතිකාල් විසුරේට මැඩ පැවැත්විය නොහැකි බලවත් පුරුෂයෙකු විය. මොහු පරාජය කරන්ට නොලැබීම ප්‍රතිකාල් විසුරේට බලවත් නින්දාවක්‌ විය. එම නිසා ගජාබාහු නම් යෝධයා පරදවන ඕනෑම කෙනෙකුට ඉතා අනර්ඝ තෑගි දෙන බවට විසුරේ ප්‍රසිද්ධ කර තිබුණේය.


    ගෝවට ගිය නොබෝ දිනකින් දොන් ජෝන්ට මේ බව ආරංචි විය. ඔහු රහසේ ගජාබාහුගේ කඩු සරඹ ක්‍රමය ගැන පරීක්‌ෂා කළේය. වරක්‌ ගජ බාහු සහ වෙනත් දක්‌ෂ සේනාපතියෙකු අතරේ වූ බලවත් ද්වන්ද්ව සටහනක්‌ බලා සිටි දොන් ජෝන්ට ගජබාහු පැරදවීම තමාට කළ හැකි බව හැඟී ගියේය. ඔහු ප්‍රතිකාල් විසුරේ වෙත ගොස්‌ තමාට ගජාබාහු පැරදවිය හැකි බව සැළ කළේය. මින් ප්‍රීතිමත් වූ ප්‍රතිකාල් විසුරේ ගජාබාහු මරා දැම්මොත් වටිනා තෑගි සහිතව නැවත ලංකාවට දොන් ජොන්ව යවන බවට පොරොන්දු විය.


    මේ අනුව ද්වන්ද්ව යුද්ධයකට කැඳවා ගජාබාහුට පණිවිඩයක්‌ විසුරේ විසින් යවන ලදී. ගජාබාහු ද පළමු වාරයන්හි මෙන්ම මෙවරද ජයග්‍රහණය සිකුරු යෑයි සිතා විසුරේගේ අභියෝගය පිළිගත්තේය. නියමිත දිනයේදී තරග භූමිය ප්‍රතිකාලුන්ගෙන් හා ස්‌වදේශීකයන්ගෙන්ද පිරී ගියේය. සාදන ලද විශේෂ මණ්‌ඩපයක විසුරේ ප්‍රධාන සේනාපතීහු ආසනාරූඪව සිටියහ.


    ද්වන්ධව සටන:-


    නියමිත වේලාව ළංවත්ම දෙදෙනාම ගෙන්වා සටනේදී පිළිපැදිය යුතු නීති රීති විසුරේ විසින් පහදා දෙන ලදී. මෙසේ දෙදෙනා අතර සටන ආරම්භ විය. දෙදෙනාම ඉතා දක්‌ෂ ලෙස සටන් කළෝය. දෙදෙනාගේ අසිපත් එකට ගැටීම විදුලි කොටන්නා සේ පෙනුණේය. එකෙකුට අනිකා පසු නොබැස මෙසේ බොහෝ වේලාවක්‌ සටන් කළේය. ගජාබාහුට තම ජීවිතය තුළදී කිසිම දිනක මෙවැනි සූර ප්‍රතිමල්ලවයෙක්‌ හමුනොවීය. ඔහු දත් සියලු ක්‍රමයන් යොදා සතුරාට පහර දුන්නේය. ඒ සෑම පහරවල්ම දොන් ජෝන් විසින් මැඩලන ලදී. එසේම දොන් ජෝන් විසින් දෙන ලද පහරවල්ද ගජාබාහු විසින් වළකන ලද්දේය. මෙසේ බොහෝ වේලාවක්‌ කාට ජය අත්වේදැයි නොදන්නා අන්දමින් සටන පැවතිණි.


    අන්තිමේදී ගජාබාහු තමාගේ අන්තිම තුරුම්පුව ගැසීමට අදහස්‌ කළේය. එනම් දස රියනක්‌ අහසට පැන කරනමින් සතුරා පෙති ගැසීමය. දොන් ජෝන් ද මෙම ශිල්පය දැන සිටියේය. ඔහුට දොළොස්‌ රියනක්‌ උස අහසට පැන කරනම් ගැසීමට හැකියාවක්‌ තිබිණි. මෙ බව නොදත් ගජාබාහු මින් මොහු පෙති ගසමැයි සිතා දස රියනක්‌ උඩ පැන කරනම් ඇල්ලීය. ඒ ක්‌ෂණයෙහි දොන් ජෝන් ද දොළොස්‌ රියනක්‌ උඩ පැන තමාට දෙරියනක්‌ පහළින් සිටි ගජාබාහු යෝධයාට කරනමින්ම ඉතා වේගවත් කඩු පහරක්‌ එල්ල කළේය. මේ පහරින් ගජාබාහු යෝධයාගේ ශරීරය දෙකඩව බිම වැටී ජීවිතක්‌ෂයට පත්විය.


    මේ දුටු ප්‍රතිකාල් සෙනඟ ප්‍රීති ඝෝෂා කරන්නට වූහ. විසුරේටද ඇතිවූ ප්‍රීතිය අප්‍රමාණ විය. මෙතුවක්‌ කල් ප්‍රතිකාල් ජනතාවට සාද්වසයක්‌ව විසූ මොහුගේ මරණය ගැන ඉතා ප්‍රීතිමත් වූ විසුරේ දොන් ජෝන්ව වැළඳගෙන ප්‍රීතිය ප්‍රකාශ කළේය. ඔහු පොරොන්දු ප්‍රකාර වටිනා තෑගි රාශියක්‌ දී දොන් ජෝන්ව නැවත කොළඹට එවීය.


    සීතබාහු යෝධයා:-


    ගජාබාහු යෝධයාට එකල සොළොස්‌ හැවිරිදි වයස්‌ වු "සීතබාහු" නම් පුත්‍රයෙක්‌ සිටියේය. පියාගේ මරණය ගැන කෝපයටත් ශෝකයටත් පත් මොහු "පියාගේ ලේ වල පලිය කවදා හෝ දොන් ජෝන්ගෙන් ගනිමි"යි වෛරානුබද්ධ චිත්තයෙන් යුක්‌තව කඩු ශිල්ප ඉගෙනීම සඳහා ගුරුවරයෙකු සොයා දේශ දේශාන්තරයෙහි ඇවිද්දේය. අටළොස්‌ රියනක්‌ උසට පැන අහසෙහි කරනම් ගැසීමේ දක්‌ෂ යෝධයෙක්‌ ඔහුට මලල දේශයේ දී සම්භ විය. ඔහු එම යෝධයා ළඟ නතර වී ශිල්ප උගත්තේය.


    දොන් ජෝන් රජවෙයි:-


    කොළඹට එවන ලද දොන් ජෝන් ප්‍රතිකාලුන් යටතේ වෙසෙමින් රාජසිංහයන්ගෙන් පලිගැනීමට අවස්‌ථාව බලමින් සිටියේය. මුල්ලේරියාවේ සටනින් අන්තිමට පරාජයට පත්වූ ප්‍රතිකාල්ලු කොළඹ කොටුවට වැදී සිටියෝය. මේ අතරේදී රාජසිංහයන්ගේ බලය බිඳීම සඳහා ගෝවෙන් විශාල සේනාවක්‌ කොළඹට එවීය. කොළඹ ප්‍රතිකාල් ජන රජු එම සේනාව රැගෙන කන්ද උඩරට බලා ගමන් කොට එවකට රාජසිංහයන් සතුව තිබූ මහනුවර රාජධානිය අල්ලාගෙන කරල්ලියෑද්දේ රජුගේ ඥතිවූ දොන් පිලිප් කුමාරයා මහනුවර සිංහාසනයට පත් කෙළේය. මෙයින් කුපිත වූ දොන් ජෝන් කුමාරයා ප්‍රතිකාලුන්ගෙන් වෙන්ව ගොස්‌ මහනුවර රජකම ලබාගැනීම සඳහා උඩරට ප්‍රධානීන් අවනත කර ගැනීමේ යෙදුනේය.


    සුදුසු අවස්‌ථාව බලා දොන් ජෝන් කුමාරයා උඩරට ප්‍රධානීන් සමග පැමිණ යුද්ධ කොට දොන් පිලිප් රජු මරවා මහනුවර සිංහාසනයට පත්ව ප්‍රතිකාලුන්ද මහනුවරින් පලවා හැරියේය. දොන් ජෝන් කොණප්පු බණ්‌ඩාර මහනුවර රජවූ බව සැලවූ මහලු වයසේ සිටි සීතාවක රාජසිංහ රජු යුද්ධ සේනාව පිරිවරා කන්ද උඩරට බලා ගමන් කළේය. විමලධර්ම නමින් රජව සිටි කොණප්පු බණ්‌ඩාරද යුද්ධ හමුදාවක්‌ පිරිවරාගෙන රාජසිංහයන් ඉදිරියට ගමන් කළේය. දෙසේනාව බලන අසලදී මුණ ගැසුණි. රජකම ගන්ට ගොස්‌ පියාට වූ දෙය කල්පනාකරව"යි රාජසිංහ රජු විමලධර්ම රජුට පණිවිඩයක්‌ යෑවීය. පියාට කරන ලද අසාධාරණ මරණය නිසා "ඒ ලේවල පලිය ගනිමියි" විමලධර්ම රජු ඊට පිළිතුරු යෑවීය.‍


    ඉන්පසු දෙසේනාව අතරේ වූ සටනින් එකල මහලු වයසේ සිටි රාජසිංහ රජු පරාජයට පත්විය. "දොළොස්‌ අවුරුදු වයසේ සිට යුද්ධ කළ කිසිම සතුරෙකුට හිස පාත් නො කෙළෙමි. මේ සටනින් පරාජය ලැබුවෙමි. මෙදා කන්ද උඩරටට පැමිණියේ පින්වතෙකැ"යි කිව් රජු පැරද පලා යන්නේ පෙතන්ගොඩ උයනේදී උණ කටුවක්‌ ඇනී එයින්ම ජීවිතක්‍ෂයට පත්විය. මෙසේ දොන් ජෝන් විමලධර්ම මුළු උඩරටටම අසහාය නායකයා විය. මින් ස්‌වල්ප කලකට පසු දෙවනගල රතනාලංකාර ස්‌වාමින්වහන්සේ විසින් සපරගමුවේ දෙල්ගමු විහාරයෙහි ආරක්‍ෂාව සඳහා තැන්පත් කර තිබූ දළදාවහන්සේ මහනුවරට වැඩමවා ගෙනවුත් විමලධර්ම රජුට භාර දුන්නේය.


    දළදාවහන්සේ යම් රජෙකු ළඟ ද ඔහුට ලංකා රාජ්‍යය උරුම යෑයි යන විශ්වාසයක්‌ එකල තිබුණේය. ඒ අනුව විමලධර්ම රජුට දළදා වහන්සේ ලැබීමෙන් පසු රාජ්‍යයෙහි උරුමය වඩාත් තහවුරු විය.

    ප්‍රතිකාලුන්ගේ උපක්‍රම:-

    විමලධර්මයන්ගේ අභිවෘද්ධිය ප්‍රතිකාලුන්ට ඉවසිය නොහැකි විය. ඔව්හු රජුගෙන් පලි ගැනීමට සූදානම් වූහ. ගෝවෙන් ගෙන්වා ගත් ප්‍රතිකාල් සේනාව හා ස්‌වදේශික හේවායින් බොහෝ ගණනක්‌ පිරිවරා ගත් ලෝ පැස්‌ ද සෞසා නම් ප්‍රතිකාල් සෙන්පතියා මන්නාරමේ සිටි දෝන කත්‍රිනා කුමරිය ද පෙරටු කරගෙන විමලධර්ම රජුට විරුද්ධව කන්ද උඩරට බලා ගමන් ගත්තේය. කන්ද උඩරට රාජ්‍යය දෝන කත්‍රිනා කුමරියට අයත්ය යන කොන්දේසිය උඩ ඔව්හු විමලධර්ම රජුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළෝය. විමලධර්ම රජු විසින් මෙම යුද්ධ සේනාව ද පරාජය කරන ලද්දේ ය. යුද්ධ හමුදාව සමග සිටි දෝන කත්‍රිනා නම් බවුතිස්‌ම නම ලැබ සිටි "කුසුමාසන" දේවිය. විමලධර්ම රජුට අයත්වී බිසෝ තනතුරට පත් කර ගන්නා ලද්දීය. මේ අන්දමින් විමලධර්ම රජුට මහනුවර සිංහාසනයෙහි අයිතිය සෑම අන්දමින් ස්‌ථිර විය.

    Contd--
     
    Last edited:
    • Like
    Reactions: Godage

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සීනබාහු ලංකාවට එයි:-

    මෙසේ රාජ්‍යය නිරවුල් වීමෙන් පසු විමලධර්ම රජු ලෝක ශාසන දියුණුවට වැඩ කිරීමට පටන් ගත්තේය. මේ රජුගේ අන්තිම කාලයේදී දිනක්‌ කොළොම්පුර තොටට මලයාල දේශයේ සිට මල්ලව පොර හා කඩු සරඹයෙහි දක්‍ෂ එක්‌ යෝධයෙක්‌ ගොඩබැස්‌සේය. ඔහු එකල සිටි ප්‍රතිකාල් ජන රජු බැහැ දැක තමාගේ වත ගොත මෙසේ ප්‍රකාශ කර සිටියේය. "උත්තමයාණන් වහන්සේ· මම ගෝව පුර සිටි ගජබාහු නම් මල්ලව පොර සූරයාගේ පුත්‍රයා වන "සීනබාහු" වෙමි. මගේ පියා දොන් ජෝන් නම් සිංහල කුමාරයකු විසින් මරන ලද්දේය. ඔහුගෙන් පළි ගැනීම සඳහා එදා සිට මේ දක්‌වා මල්ලවපොර හා කඩු ශිල්පය උගත් මම අද ඔහු සොයා පැමිණියෙමි. උත්තමයාණන්වහන්ස මට ඔහු මුණගස්‌වා දෙනු මැනවැ"යි ඉල්ලා සිටියේය.

    මෙබස්‌ ඇසූ ප්‍රතිකාල් ජන රජු ඉතා ප්‍රීතියට පත් විය. තම වර්ගයාගේ පරම සතුරා වු දොන් ජෝන්ගෙන් පළිගැනීමට සුදුසු අවස්‌ථාවකැයි සැලකූ ජන රජු "එම්බා සෙන්පතිය, දොන් ජෝන් දැන් සිටින්නේ අප සමග නොව කන්ද උඩරට මහනුවර රාජධානියේය. එහි ගොස්‌ දැනට එහි රජ කරන රජුට මේ බව සැලකරව, එකල තොපට දොන් ජෝන් හමුවිය හැක්‌කේ යෑයි කීවේය.

    පරම සතුරා හමු වීම:-

    ජනරජුගෙන් අවසරලත් සීනබාහු ගම් නියම් ගම් පසුකරමින් ක්‍රමයෙන් ගොස්‌ දින කීපයකදී මහනුවර පැමිණියේය. මලයාල දේශයෙන් පැමිණි කඩු සරඹයෙහි දක්‍ෂ එක්‌ යෝධයෙක්‌ මහරජතුමා බැහැ දැකීමට පැමිණ සිටින බව රජුට දැනුම් දුන්නේය. රජතුමා ඔහු මෙහි කැඳවා එවයි අවසර දුන්නේය. රාජ සභාවට පැමිණි සීනබාහු යෝධයා රජුට නමස්‌කාර කොට එකත්පස්‌ව සිට මෙසේ සැළ කළේය.

    "දේවයන්වහන්ස, මම ඉන්දියාවේ ගෝවපුර වැසියෙක්‌මි. සීනබාහු යනු මගේ නාමයවේ. අවුරුදු බොහෝ ගණනකට පෙර ලංකාවෙන් ගිය දොන් ජෝන් නමැති සේනාපතියෙක්‌ ගජබාහු නමැති මගේ පියා ද්වන්ධ යුද්ධයකින් පරදවා මරණ ලද්දේය. එකල සොළොස්‌ හැවිරිදි තරුණයෙක්‌ව සිටි මම පියාගේ ලේවල පලිය ගනිමියි සනිටුහන් කොට දේශ දේශාන්තරයෙහි ඇවිද කඩු ශිල්පය හා අටළොස්‌ රියනක්‌ උස පැන කරනම් ඇල්ලීමද ඉගෙන ගතිමි. දැන් මා මෙහි පැමිණියේ එම දොන් ජෝන් සේනාපතියා සෙවීම පිණිසය. දේවයන්වහන්ස මට ඔහු මුණගස්‌වා දුන මැනවි. එක්‌කෝ මම පියාගේ ලේවල පලිය ඔහුගෙන් ගනිමි. නැතහොත් මාපියා මෙන්ම ඔහුගෙන් මරණයට පත්වෙමැයි" කීවේය.

    දිට්ඨදම්මවේදනීය කර්මය?:-

    මෙබස්‌ ඇසූ විමලධර්ම රජුගේ සර්වාංගයෙහි රෝමෝද් ගත විය. මුඛයෙහි කෙළ සිඳී උගුර වියළී ගියේය. තමා යම්සේ පියාගේ ලේවල පලිය ගනිමැයි වෛරානුබද්ධව ක්‍රියාකොට රාජසිංහයන් කරවන ලද්දේද? එසේම තමාගෙන් පළිගැනීම සඳහා මගේ මහලු වයසේදී රාජසිංහයන්ගේ පුනරාවතාරයක්‌ මෙසේ පැමිණියේවත් දැයි සැක සිතූ රජු සීනබාහුගේ මුහුණදෙස කීපවරක්‌ පරීක්‍ෂාකාරීව බලා මෙසේද සිතීය. "මා දැන් මහල්ලෙකි. මොහු තරුණයෙකි. තරුණ වයසේදී පවා මට හැකි වූයේ දොළොස්‌රියනක්‌ උස පැන කරනම් ගැසීමය. මේ සීනබාහුට අටළොස්‌ රියනක්‌ උස පැන කරනම් ගැසීමට හැකි බව ඔහුම කියයි. එබැවින් මොහු සමග සටන් කොට ජය ගැනීම මට නොපිළිවන. මේ මගෙන් පලිගැනිම සඳහා අවසාන භාගයෙහි පැමිණි මාරයෙකි. සටන් නොකොට පරාජය පිළිගැනීමද මෙතෙක්‌ කල් සතුරෙකුට හිසනොනැමු මට කළ නොහැක්‌කකි" යනුවෙන් සිත සිතා සිටි රජු හදිස්‌සියෙන් සිහසුනෙන් නැගී සිට රාජ ධෛර්යය උපදවා, "එම්බා සීනබාහු යෝධය, තොප සොයන ඒ දොන් ජෝන් නම් මම වෙමි. එබැවින් මා හා යුද වැදී හැකි නම් මා පරදවා පියාගේ ලේවල පලිය ගනුව" යි ගර්ජනා කළේය.

    යුද්ධ නීතිය කුමක්ද?:-

    රජුගේ එම ගර්ජනාව සීනබාහුගේ ලෙන් ඇනී පිටින් නැගුන ඊ පහරක්‌ මෙන් විය. ඔහුගේ වෛරානුබද්ධ දැඩි හිත මෙල්ල විය. ඔහු පලිගැනීමට පැමිණියේ ඔටුනු පලන් මහ රජතුමකුගෙන් නොවේ. එබැවින් ඔහු රජුට මෙසේ සැලකර සිටියේය.

    "දේවයන්වහන්ස· මා පැමිණියේ ඔටුනු පළන් මහරජතුමෙකු සමග සටන් කිරීමට නොවේ. එය මට සුදුසු ද නැත. සටන් කිරීමේ නීතියටද එය එකඟ නොවේ. රජෙකු හා සටන් කළ යුත්තේ තවත් රජෙකි. සෙන්පතියකු හා සටන් කළ යුත්තේ එවැනිම සෙන්පතියෙකි. හේවායකු සටන් කළ යුත්තේ තවත් හේවායකු සමඟය. ඔබ වහන්සේ දැන් සිංහාසනාරූඪ මහරජතුමෙකි. මා සාමාන්‍ය යෝධයෙකි. එබැවින් ඔබ වහන්සේ සමග මම කිසිසේත් සටන් නොකරමි. එදා මෙන් අදත් දොන් ජෝන් නමැති සෙන්පතියකු සිටියේ නම් ඔහු සමග සටන් කර මගේ පලිය ගනිමි. නැත්නම් ඔහුගෙන් මැරුම් කන්නෙමි. ඔබතුමා දැන් එම දොන් ජෝන් නොවේ. කොළඹදී මේ ප්‍රවෘත්තිය ප්‍රතිකාල් ජනරජු දැන් වුයේ නම් මම එතැනදීම ආපසු යන්නෙමි. එබැවින් දේවයන්වහන්ස· පියාගේ ලේවල පලිගැනීම එසේම තිබේවා· මට මගේ රටට යැමට අවසර දුන මැනවැ"යි ඉල්ලා සිටියේය.

    රජුගේ සිත පැහැදෙයි:-

    සීනබාහුගේ යුක්‌ති සහගත තීරණයෙන් රජුගේ සිත පැහැදුනේය. එබැවින් රජු ඔහුට කතා කොට "එම්බා සෙන්පතිය· මා තොපගේ පියා හා යුද වැදුණේ මගේ උවමනාවකට නොවේ. ප්‍රතිකාල් විසුරේගේ උවමනාව නිසාය. එසේ ඔවුන් වෙනුවෙන් දිවි නොතකා ක්‍රියා කළ මා ඔවුහු ඔවුන්ගෙන් පිංබත් කා රැකුණු දොන් පිලිප් පමණ නොසැලකුවෝය. ඒ නිසා මා රජ වූවායින් පසු ඔවුන්ගෙන්ද පලි ගතිමි. දැන් ඔවුහු මා කෙරෙහි ජන්මාන්තර වෛරයෙන් පසුවෙති. එබැවින් මගෙන් පලි නොගෙන යන තොපට තොපගේ රටට යැමට කිසිසේත් ඔව්හු ඉඩ නොදෙති".

    එබැවින් සෙන්පතිය, මගේ බස පිළිගනුව. තොප මෙහිම නතරවී අපට සේවය කරව. මම තොපගේ ජීවිකා වෘත්තීය ඉතා උසස්‌ අන්දමින් සලස්‌වන්නෙමැයි කීවේය. රජගේ ඉල්ලීම පිළිගත් සීනබාහු මෙහිම නතර විය. රජතුමා ඔහුගේ වාසය සඳහා විශාල ප්‍රාසාදයක්‌දී දැසි දස්‌ ආදීන්ද ගෘහොපකරණද සලස්‌වා නඩත්තුව සඳහා විශාල ගම්වරයක්‌ ද පරිත්‍යාග කළේය. රාජ සේවය සඳහා රජුගේ පුත් කුමරුවන්ට ශිල්ප ඉගැන්වීම ඔහුට නියම විය. මින් නොබෝ කලකින් විමලධර්ම රජුගේ අභාවය සිදු විය. එමපුත් කුමරුවෝ දෙදෙනා අලසවූ කාය ශක්‌තියෙන් දුර්වලයන් වූ හෙයින් කිසිම ශිල්පයක්‌ ඉගෙනීමට අපොහොසත් වූහ.

    රාජසිංහ රජුගේ ගුරුවරයා:-

    විමලධර්ම රජුගෙන් පසු ඔහු සොහොයුරු සෙනරත් කුමාරයා රජ විය. විමලධර්ම රජුගේ මෙහෙසිය වූ කුසුමාසන දේවිය සෙනරත් රජුගේද මෙහෙසිය විය. සෙනරත් රජු නිසා ඈ ලත් කුමාරයා රාජසිංහ නම්විය. රාජසිංහ කුමාරයා බාල කාලයේ සිටම ඉතා ධෛර්යවත් ක්‍රියාශීලී නිර්භීතයෙක්‌ විය. මේ කුමාරයා පස්‌ අවුරුදු වයසේ සිට සීනබාහුගෙන් කඩු ශිල්පය හා යුද්ධශිල්පයද ඉතා දක්‍ෂ අන්දමින් ඉගෙන ගත්තේය. දොළොස්‌ හවුරුදු වයස්‌ වනවිට රාජසිංහ කුමාරයා සියලු යුද්ධ ශිල්පයෙහිද අටළොස්‌ රියනක්‌ අහසට පැන කරනම් ගැසීමේ ශිල්පයද, වෙනත් බාහිර ශිල්ප ශාස්‌ත්‍ර ද ඉගෙන අවසාන ගත කළේය.

    අති දක්‍ෂ සේනාපතියකු වශයෙන් නම් දරා සිටි කොන්ස්‌තන් තීනු ද සා රන්දෙනි වෙලේ යුද්ධයේදී පරාජය කෙළේ එකළ දොළොස්‌ වියෑතිව සිටි රාජසිංහ කුමාරයා විසිනි. එයින් ම එම කුමාරයාගේ ශිල්ප නිපුණත්වයෙහි හා ක්‍රියා සූරත්වයෙහි තත්ත්වය අවබෝධ කර ගත හැක්‌කේය.


    ප්‍රයෝජනවත් උනා නම් Comment එකක් දාලා යන්න..:)
     
    Last edited: