ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page අබිරහස්වලින් පිරුණු ‘පාස්කු දූපත’
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
nalinweer's Avatar
nalinweer nalinweer is offline
Senior Member
nalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nice
 
Posts: 1,729
Join Date: Sep 2009
Oh! අබිරහස්වලින් පිරුණු ‘පාස්කු දූපත’ - 03-20-2012, 10:18 AM

1722 වසරේ පාස්කු ඉරිදා දිනයක ලන්දේසි දේශගවේෂක යාකොබ් රොගෙවීන් Jacob Roggeveen සහ ඔහුගේ දේශගවේෂණ කණ්ඩායම ගිනිකොනදිග පැසිෆික් සාගරයේ පිහිටා ඇති පුංචි දූපතකට ගොඩබැස්සා. වෙරළාසන්නයේ පුංචි පුංචි වේදිකා මත ඉදිකර තිබූ සුවිසල් පිළිම දැකීමෙන් රොගෙවීන් සහ ඔහුගේ පිරිස පුදුමයට පත් වුණා. ඔවුන් පුදුම වුණේ මේ පිළිමවල අපූර්වත්වය නිසාම නොවෙයි. ගස්කොළන්වලින් තොර මේ කුඩා දූපතේ මෙවැනි යෝධ ගල් පිළිම ඉදිකළේ කොහොමදැයි සිතීමෙනුයි. මේ දූපතට මුලින්ම පය තැබූ යුරෝපීය ජාතිකයා රොගෙවීන්ය. දූපත ‘අයිලා ඞී පැස්කුවා’ (ඊස්ටර් අයිලන්ඞ්) හෙවත් ‘පාස්කු දූපත’ යනුවෙන් නම් කළේ ඔහුයි. මේ පාස්කු දූපත අබිරහස්වලින් පිරුණු තැනක්. ‘මෝයි’ Moai යනුවෙන් හැඳින්වෙන මෙම පිළිම නිසා පාස්කු දූපත අද ලොව පුරා ප‍්‍රසිද්ධයි. මෙය යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් World Heritage ලෙසත් නම් කර තිබෙනවා.






”ඒ යෝධ ගල් පිළිම දැකීමෙන් අප පුදුමයෙන් පුදුමයට පත් වුණා” යාකොබ් රොගෙවීන් දූපත සොයා ගැනීමෙන් පසු ලියූ ඔහුගේ වාර්තාවක ලියා තියෙනවා. ”ගස් කොළන් නැති දූපතක එහි සිටින දූපත් වාසීන් යන්ත‍්‍ර නිර්මාණය කිරීමට ශක්තිමත් ලී කොටන් හෝ කඹ හෝ නොමැතිව අඩි 30 ක් තරම් විශාල වූ අධික බරැති මෙම යෝධ පිළිම කෙළින් කළේ කෙසේදැ”යි රොගෙවීන් විමසනවා. පාස්කු දූපත සම්බන්ධව තවමත් පිළිතුරු නොලැබුණු ප‍්‍රශ්න 4 ක් තිබෙනවා. මේ දූපතේ මුල් පදිංචිකරුවන් කවුරුන්ද? මෝයි පිළිම නෙළුවේ කවුරුන්ද? ඒ සඳහා ඔවුන් භාවිත කළ තාක්ෂණය කුමක්ද? මේ නිර්මාණකරුවන්ට සිදු වූයේ කුමක් ද? යනු එම ප‍්‍රශ්න හතරයි. පොලිනීසියානු බස කතා කරන වර්තමාන දූපත්වාසීන් මේ දූපත නම් කරන්නේ ‘රපා නූයී’ කියලයි එහි තේරුම ‘මහා දූපත’ යන්නයි.



Last edited by nalinweer; 03-20-2012 at 11:16 AM.
Reply With Quote
(#2)
Old
Laknath's Avatar
Laknath Laknath is offline
Senior Member
Laknath will become famous soon enoughLaknath will become famous soon enough
 
Posts: 1,386
Join Date: Oct 2006
Location: street
03-20-2012, 10:20 AM

bump
Reply With Quote
(#3)
Old
nalinweer's Avatar
nalinweer nalinweer is offline
Senior Member
nalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nice
 
Posts: 1,729
Join Date: Sep 2009
03-20-2012, 10:22 AM

මුල් පදිංචිකරුවන් ආවේ පිට සක්වළෙන් ද?


20 වැනි සියවසේදී මේ දූපතට ආ සුප‍්‍රකට නෝර්වීජියානු මානව විද්‍යාඥ තෝර් හියඩාල් Thor Heyerdahl කියන්නේ දූපතේ සිටි පැරැන්නන් පොලිනීෂියාවෙන් පැමිණි අය නොව දකුණු ඇමෙරිකාවෙන් ආ අය කියලයි. ඒත් ඒ බව තවමත් සනාථ වී නැහැ. ස්විස් ජාතික එරික් වොන් ඩැනිකෙන් ලියූ ලෝ සුපතල ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ Chariots of Gods කෘතියට අනුව මෙම මෝයි පිළිම ඉදිකරන්නට ඇත්තේ දූපතේ අතරමං වූ පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් බවයි. පසුව ඔවුන් දිවි ගළවා ගෙන මෙලෙවින් නික්ම යන්නට ඇතැයි ඒ පොතෙහි සඳහන් වෙනවා. මීට වසර මිලියන 3 කට පෙර සිදු වූ ගිනිකඳු පිපිරීම් හේතුවෙන් නිර්මාණය වූ මේ දූපත කි‍්‍ර.ව. 900 දී පොලිනීෂියානු දේශගවේෂකයන් විසින් සොයා ගනු ලැබුවා.





මෙය 1888 වසරේ සිට අයිති වෙන්නේ චිලී රාජ්‍යයට වුනත් එය පිහිටා ඇත්තේ එම රාජ්‍යයට සැතපුම් 2,237 ක් දුරින් ගිනිකොනදිග පැසිෆික් සාගරයේයි. මේ දූවේ ප‍්‍රමාණය වර්ග සැතපුම් 63.9 කි. මෝයි පිළිම නෙළන්නට ඇත්තේ අතීතයේ මෙම දූපතේ විසූ ‘රපා නුයී’ නම් ගෝත‍්‍රිකයන් විසින්යැයි විශ්වාස කෙනෙවා. අදටත් මේ දූපතේ උසින් අඩි 1,000ක් පමණ උසැති අකි‍්‍රය ගිනිකඳු තුනක් තිබෙනවා. මේ අකි‍්‍රය යමහල් කුහරවල විල් නිර්මාණය වී තියෙනවා. පාස්කු දිවයිනේ ඇත්තේ සෞම්‍ය දේශගුණයකි. ඉදහිට වැසි ලැබෙන අතර දූපතේ ගංගා ඇළදොළ අඩුය. දූපත්වාසීන් ජලය ලබා ගන්නේ උල්පත්, ළිං සහ විල් ආදියෙනි. දූපතේ විශාල ගස් දකින්න නොලැබේ. ඈතට විහිදී යන විශාල තණබිම්වල බැටළුවන් ඇති කිරීමට යොදා ගෙන තියෙනවා. අද මේ දූපතේ පදිංචිව සිටින්නේ පොලිනීසියානු ජන වර්ගයට අයත් ජනයායි. ඔවුන්ගේ පදිංචියත් හංගා රෝහා නම් ප‍්‍රදේශයට පමණක් සීමා වී තියෙනවා. දූපත් වැසියන් කතා කරන්නේ ටහීටි උප භාෂාවක්. ශාන්තිකර සාගරයේ අනෙක් දූපත් වැසියන්ට මෙන්ම මොවුන්ගේ ජීවිතවලටත් නැටුම් ගැයුම් හා සංගීතය එක් වී තියනවා. මුදල්වලට ආශාවක් නොමැති මේ දූපත් වැසියන් ඔවුන් විසින් නිර්මාණය කරන ලී කැටයම්, සැරයටි ආදිය වරින් වර චිලී රාජ්‍යයේ සිට පැමිණෙන නැව්වලට දී ඔවුන්ට අවශ්‍ය බඩුබාහිරාදියවලට හුවමාරු කර ගන්නවා. තිරිඟුපිටි, සීනි, රෙදිපිළි සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය ලැබෙන්නේත් චිලී රටෙන්.
Reply With Quote
(#4)
Old
westpra's Avatar
westpra westpra is online now
Senior Member
westpra is a glorious beacon of lightwestpra is a glorious beacon of lightwestpra is a glorious beacon of lightwestpra is a glorious beacon of lightwestpra is a glorious beacon of lightwestpra is a glorious beacon of lightwestpra is a glorious beacon of lightwestpra is a glorious beacon of lightwestpra is a glorious beacon of lightwestpra is a glorious beacon of lightwestpra is a glorious beacon of light
 
Posts: 7,983
Join Date: Mar 2007
Location: westend
03-20-2012, 10:24 AM

Elaz..
Reply With Quote
(#5)
Old
randitha chathumal's Avatar
randitha chathumal randitha chathumal is offline
Senior Member
randitha chathumal is a glorious beacon of lightranditha chathumal is a glorious beacon of lightranditha chathumal is a glorious beacon of lightranditha chathumal is a glorious beacon of lightranditha chathumal is a glorious beacon of lightranditha chathumal is a glorious beacon of lightranditha chathumal is a glorious beacon of lightranditha chathumal is a glorious beacon of lightranditha chathumal is a glorious beacon of lightranditha chathumal is a glorious beacon of lightranditha chathumal is a glorious beacon of light
 
Posts: 4,884
Join Date: Jul 2011
03-20-2012, 10:25 AM

තව විස්තර දන්නකෝ
Reply With Quote
(#6)
Old
nalinweer's Avatar
nalinweer nalinweer is offline
Senior Member
nalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nice
 
Posts: 1,729
Join Date: Sep 2009
03-20-2012, 10:25 AM

පුරාවිද්‍යාත්මක ස්ථානයක් හැටියටත් පාස්කු දූපත හුඟක් ප‍්‍රසිද්ධයි. ඈත අතීතයේ ජීවත් වූ ඉතා උසස් ශිෂ්ටාචාරයක බලමහිමය පෙන්වීමට අද ඉතිරිව ඇත්තේ මෙම නිසල ගල් පිළිම පමණයි. ඒවා 600 ක් විතර තිබෙනවා. ඒවා උසින් අඩි 3 සිට 66 දක්වා වෙනවා. විශාල ම එකක බර සාමාන්‍යයෙන් ටොන් 80ක් පමණ වෙනවා. නෝර්වේජියානු මානව විද්‍යාඥ තෝර් හියඩාල් ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායම දූපතේ පුරාවස්තු සහ ඉතිහාසය ගැන කරුණු කාරණා සොයා බලා පැවැසුවේ මෙම ප‍්‍රතිමා ඉදිකර තිබෙන්නේ රානෝ රාරාකු නම් අකි‍්‍රය වූ ගිනිකන්දේ පාෂාණවලින් බවයි. රානෝ රාරාකු ගිනි කන්ද ඇතුළේ සහ ඒ අවට බාගෙට ඉදිකළ පිළිම ද හමුවී තියෙනවා. දිවයින වටා ‘අහු’ නමින් හැඳින්වෙන විශේෂ වේදිකා මත මේ ඇතැම් ප‍්‍රතිමා තබා තිබෙනවා. ‘අහු’ යනු ඉපැරණි දූපත් වැසියන්ගේ පුද පූජා පැවැත්වූ ස්ථාන ලෙසයි හියඩාල් හඳුන්වන්නේ. ඒ විතරක් නොවේ මේ මෝයි පිළිම නිර්මාණය කරන්නට ඇත්තේ ඉපැරණි දූපත් වැසියන්ගේ මුතුන් මිත්තන් සිහි වීම පිණිස යැයි විශ්වාස කරෙනවා. නමුත් මේ මුතුන් මිත්තන් කවුරුන්දැයි හරියටම කියන්න තවමත් හැකියාවක් ලැබිලා නැහැ.





පාස්කු දූවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අරුම පුදුම ලෙන් කීපයක් හමුවෙනවා. පරම්පරා කීපයක් තිස්සේ එක් එක් පවුල සතුවූ මේ ලෙන් තුළ මුතුන්මිත්තන්ගේ ඇටසැකිලි, ගල් හා ලී කැටයම් තිබී සොයා ගනු ලැබුවා. ලෙන්වලින් හමුවුණු කෞතුක වස්තු අතර දිවයිනේ ආදිවාසීන්ගේ ‘රොන්ගෝ රොන්ගෝ’ නමින් හැඳින්වෙන චිත‍්‍රාක්ෂර කෙටූ ලී පුවරු විශේෂයක් තියෙනවා. ශාන්තිකර සාගරයේ ‘ ඕෂේනියා’ කලාපයෙන් මෙතෙක් හමුවුණු කෞතුක වස්තූ අතරේ පුරාණ ලේඛන ක‍්‍රමයකට සාක්ෂි වශයෙන් ඉතිරිවෙලා ඇත්තේ මේ ‘රොන්ගෝ රොන්ගෝ’ පුවරු පමණයි. මෙම පුවරුවලින් කියැවෙන්නේ කුමක්දැයි වටහා ගන්න හෝ ඒවා කියවීමට මේ දක්වා හැකිවෙලා නැහැ. මෝයි පිළිම මෙන්ම ඒ චිත‍්‍රාක්ෂරත් ලොකු අබිරහසක්. මේ චිත‍්‍රාක්ෂර ඉපැරණි ඉන්දියානු, මිසර හා කී‍්‍රට අක්ෂරවලට සමානකම් දක්වන බව පුරා විද්‍යාඥයන්ගේ මතයයි. ඉන්කා සහ ටහීටි කලා නිර්මාණවල සමානකම් මෝයි පිළිමවල දකින්න ලැබෙන බවත් ඔවුන් කියනවා. නමුත් පාස්කු දිවයිනේ අතීත විස්තර හෙළි කරගන්න තවමත් හැකියාව ලැබී නැහැ.
Reply With Quote
(#7)
Old
nalinweer's Avatar
nalinweer nalinweer is offline
Senior Member
nalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nice
 
Posts: 1,729
Join Date: Sep 2009
03-20-2012, 10:29 AM





Reply With Quote
(#8)
Old
kingdewi's Avatar
kingdewi kingdewi is offline
Senior Member
kingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of light
 
Posts: 15,039
Join Date: Sep 2006
Location: (―`◦—╬ღ♥BLOOD BANK♥ღ╬—◦΄―)
03-20-2012, 10:29 AM

ආකර්ශනීය විස්තරයක් යාලුවා
රෙප් +7 මගෙන්
Reply With Quote
(#9)
Old
nalinweer's Avatar
nalinweer nalinweer is offline
Senior Member
nalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nice
 
Posts: 1,729
Join Date: Sep 2009
03-20-2012, 10:33 AM

රතු ගල් තොප්පි පැලඳුවේ කෙසේද?


පාස්කු දූවේ දැන් විශාල ගස් නැතත් අතීතයේ දී මේ දූපත තල් ගස් විශේෂයකින් පිරී පවතින්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ ඒ කාලයේ හැටියට ලෝකයේ උසම ගස් අතරට වැටුණු මෙම තල් ගසක් හොඳින් වැඩුණු විට උස අඩි 60ක් පමණ වෙතැයි සඳහන් වෙනවා. එවැනි ගසක් වට අඩි 7ක් පමණ වන්නට ඇති. තවමත් අබිරහසක්ව පවතින මේ දූපතේ ආදීමයන් මේ ගස්වල කඳන් ඔරු තැනීමට යොදා ගෙන්නට ඇති. මේ ගස්වල කෙඳිවලින් කඹ අඹරා ගන්නට ඇති. මේ මෝයි පිළිම කෙළින් කරන්නත් මේ ගස්වල කඳන් හා කඹ යොදා ගන්නට ඇති. අද මේ ගස් එකක්වත් පාස්කු දූවේ දක්නට නැහැ. ගස් වඳවී යන්නට ඇත්තේ මේ තරම් විශාල මෝයි පිළිම ප‍්‍රමාණයක් තැනීම නිසා වන්නට ඇති.





පාස්කු දිවයිනේ යෝධ මෝයි ගල් පිළිමවල හිස් මත රතු පැහැ ගල් තොප්පි විශේෂයක් දැක ගන්න පුළුවන්. ඉතා හොඳින් කැපී පෙනෙන මේ ගල් තොප්පි නිර්මාණය කර තියෙන්නේ ගල් පිළිමත් සමඟ නොවෙයි. ඒවා නිර්මාණය කිරීමට යොදා ගෙන ඇත්තේ පිළිම නෙළීමට යොදා ගත් පාෂාණ වර්ගයත් නොවෙයි. මේ සුවිශේෂී රතුපැහැති තොප්පි නිර්මාණය කළ අයුරු සහ ඒවා මෝයි පිළිමවල හිස් මත පැලඳවූ අයුරු ගැන බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥ කණ්ඩායමක් පසුගිය දිනෙක ගවේෂණයක් කළා. මේ අනුව ඉපැරණි අබිරහසක සුලමුල හෙළිවී තියෙනවා. ඒත් මේ අබිරහස මුළුමනින්ම විසඳීමට ඔවුන්ට හැකිවෙලා නැහැ. යම්තාක් දුරකට හෝ මේ අබිරහසේ සුලමුල හෙළි කර ගන්න ඒ පුරාවිද්‍යාඥ පිරිසට හැකිවුණේ මේ පුංචි දූපතේ කුඩා මාර්ගයක් සොයා ගැනීමත් සමඟයි.

මේ මාර්ගය දිගේ ගවේෂණය කළ පුරාවිද්‍යාඥයන්ට සැඟවුණු පුරාණ ගිනිකඳු කුහරයක් සොයා ගන්න හැකිවුණා. මේ කුහරයේ තිබුණා ගල්වළක්. මෝයි පිළිමවලට යෙදූ රතු තොප්පි නිර්මාණය කර තිබෙන්නේ මේ ගල්වළේදීයි. මෙම ගල්වලේදී නිර්මාණය කළ රතු ගල් තොප්පි ලී කොටන් මත තබාගෙන හෝ තල්ලූ කරගෙන පිළිම තිබෙන තැනට රැගෙන එන්න ඇතැයි ලන්ඩන් නුවරින් ගිය මැන්චෙස්ටර් සහ යුනිවර්සිටි විද්‍යාල පුරාවිද්‍යාඥ කණ්ඩායම අනුමාන කරනවා.
Reply With Quote
(#10)
Old
nalinweer's Avatar
nalinweer nalinweer is offline
Senior Member
nalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nicenalinweer is just really nice
 
Posts: 1,729
Join Date: Sep 2009
03-20-2012, 10:38 AM

පුරාවිද්‍යාඥයන් මේ ටොන් ගණනක් බර ගල් තොප්පි පරීක්ෂා කළා. ඒවා සාදා ඇත්තේ රතු යබොර (යකඩ සහිත පස්) සහ ඝනීභවනය වූ ලාවා පාෂාණවලිනුයි. පොලිනීසියානුවන් මේ තොප්පි වෙරළාසන්නයේ පූජා උත්සව සඳහා ඉදිකළ වේදිකාවල ඇති මෝයි පිළිමවල සිරස් මත තැන්පත් කළේ වසර 500 ක් 750 ක් තරම් ඈත අතීතයේදීයි. තවමත් විසඳීමට නොහැකි ලොකුම ප‍්‍රහේළිකාව මේ තොප්පි ඔසවා පිළිමවල හිස්මත තැබුවේ කෙසේදැයි යන්නයි.



Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.15386 seconds with 6 queries