YouTube_ගැන_ඔබ_නොදත්_කරුණු_15ක්

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    YouTube_ගැන_ඔබ_නොදත්_කරුණු_15ක්

    • YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ.

    • ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී(පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook).

    • නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි(Chad Hurley), ස්ටීව් චෙන්(Steve Chen) සහ ජාවඩ් කරීම්‍ (Jawed Karim)ය.

    • YouTube නිර්මාණය කිරීමේ මුල් අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවති රාත්‍රී සාදයකදී පටිගත කල වීඩියෝවක් චැඩ් හර්ලි සමග Share කිරීමේදී මුහුන දුන් දුෂ්කරතා නිසා බව පැවසේ.

    • Internetහි Search Engine යෝධයා වන Google 2006දී YouTube මිලදී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන1.65කටයි,එම මුදලට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන A380 ජම්බෝ ජෙට් යානා 5ක් මිලදී ගත හැකිය.

    • දළ වශයෙන් සාමාන්‍ය අන්තර්ජාල සැරිසරන්නෙක්(Average Internet User) දිනකට මිනිත්තු 15ක් YouTubeහි ගත කරයි.

    • සෑම විණාඩියකදීම පැය 24ක කාලයක වීඩියෝ YouTube වෙත Upload වෙයි,සතියකදී එම අගය සම්පූර්ණ චිත්‍රපට 150,000 කට සමානය.

    • YouTubeහි Traffic මුලු ප්‍රමානයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරි 78% අනෙකුත් රට වලිනි.(ජපානය - 6.7%,ජර්මනිය - 4.8%,ඉන්දියාව - 4.8%,එංගලන්තය - 3.7%,ඉතාලිය - 3.7%)

    • YouTubeහි එක් දිනක් තුල නරඹන මුලු වීඩියෝ ප්‍රමානය බිලියන 2කි(2,000,000,000).

    • මුලු Internet Traffic වලින් 10%ක් YouTube වලින් වේ.

    • YouTubeහි ඇති වීඩියේවක සාමාන්‍ය දිග(Average Length) මිනිත්තු 2 තත්පර 46.17.

    •YouTube වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි.

    •YouTube තුල දැනට ඇති සියලුම වීඩියෝ ප්‍රමානය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වෙනු ඇත.

    •YouTubeහි පලමු වීඩියෝව : Me at the zoo By Jawed එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=jNQXAC9IVRw

    •YouTubeහි ජනප්‍රියම වීඩියෝව : Lady Gaga - Bad Romance එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=qrO4YZeyl0I


    Source: Facebook
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    එල.......................................
     

    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    Last edited:

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Thanks for sharing with us!
    But Unfortunately YouTube not supported to Sri Lanka. :(
    Free Gmail Users only. Not for Google apps users. Wait until it comes.