පල්ලි කෝවිල් තනන දේශ පාලකයන්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පල්ලි කෝවිල් තනන දේශ පාලකයන්

    දේවමත කරෙන් බෙල්ලෙන් එල්ලාගෙන කරගන්නා පවු!


    image002.jpg

    අද සිංහල බෞද්ධයා මරණින්දේය. හතු පිපෙන්නා සේ සැම තැනම පල්ලි කෝවිල් ඉදිවෙමින් පවතී. දේශපාලකයෝ විශාල පිරිසක් තම සිංහල බෞද්ධකම පසෙකලා අඩුම තරමින් වර්ෂයකට එක හරෙකු හෝ උරෙකු තම දෙවියන් උදේසා ඝාතනය වන ආගමික සත්ව ඝාතනාගාර රාජ්‍ය මට්ටමින් ඉදිකිරමින් යයි. (යම්කසි ආගමික තැනක සතුන් මැරීම සිදු කරයි නම් අප සිංහල බෞද්ධ දැක්ම වන්නේ එය ආගමික සත්ව ඝාතනා ගාරයක් බවයි). පුදුමයට කාරනයනම් පළමුවෙන් තෙරුවන් නැමද පන්සල් ගොස් බණ අසා දෙවනුව මහා පල්ලි විවෘත කොට, අමුතු මාදිලියේ ඉතිහාස කතා ඇතුළත් කර, අප මවු රට විවධ කොන වලින් ඩෑහෑ ගැනීමට මාන බලන ලංකාව තුළම ජන්මය ලත් නමුත් තම සහෝදර මහජාතිය (මහා ජාතිය සුළු ජාතියට සහෝදරයෙක් වුයේ තම ඉඩම් කඩම් බව බෝග නිකරුණේ ලබාදී තම භාර්යා සම්පතද සරණ පවා දීමට කිසිම මිල මුදලක් අපේක්ෂා නොකළ නිසයි) කීප විටක්ම ඉතිහාසයේදී හා මෑත භාගයේදී අසරණ කෙරු විජාතින් ඉහළින් ඔසවා තබා කතා කිරීමයි.
    image004.jpg

    සිංහල බෞද්ධ වන අප ඉතා කණගාටුවෙන් පවසන්නේ හෙළ බෞද්ධ කරුණාව යටතේ සිටින තිරිසන් ආත්ම ඇති නමුත් මිනිසුන් අතින් නිකරුණේ මැරුම් නොකන, පෙර පවට තිරිසන් වී ඉපදුණත් යම්කිසි යහපත් කර්ම බලවේගයක බලයෙන් අප බොදු ලක්බිම ඉපදුන යම්තාක් දුරකට පින් ඇති අහිංසක නිරී සතුන් මරාකන මර්මස්ථාන ඉදිකරීමට සිංහල බෞද්ධ යැයි කියාගන්නා දේශ පාලකයන් ඉදිරිපත් වීම අපේ ජාතියටද අහිංසක තිරිසනා ටද ගැසූ හෙණයක් බවයි.
    ඔවු මේ වර්ෂ 2012 නමුත් අකාලික වූ බුදුබණ අමතක කරමින් සිංහල අපි කරන පවු අලුත් ලෝක (මෝඩර්න් වොර්ල්ඩ් අයි) ඇසෙන් වසා ගත හැකිද?. නැතිනම් අපි පල්ලි කෝවිල් ඉදිකළ පලියට අපිට‍ පන්සල් සදා දීමට විජාතින් විසින්ඉදිරිපත් වෙයිද? අරාබියේ ඇති පුණ්ණසිවානු භික්ෂුන් වහන්සේගේ පන්සල (මක්කම) වැදීමට හෝ එය ළගින් අඩුම තරමින් කුඩා බුදු පිළිමයක්වත් තැන්පත් කිරීමට අවසරයක් ලැබේවිද?. රජතුමා අවසර දුන්නත් ආගමික පුජකයන් එසේ කිරීමට ඉඩ දෙයිද? වතිකානුවේ භුමියේ පන්සලක් සාදා ගැනීමට ඉඩම් කැබැල්ලක් (අඩුම තරමින් මතු නිවන් දැකිමටවත්) ලබා දෙයිද?. නැත… දේව වාදීන් සැමදා තම දේවියගේ මතයට ගරුකරයි. ලොවුතුරා බුදුන් අදහන අප මෙය පාඩමකට ගත යුතුය.
    සිංහලයන් තම පෞර්ෂත්වය හා තම ජාතික අභිමානය හදා වඩා ගැනීමට කාලය පැමිණ ඇත. (නොදැන හෝ පස් පවු නොකිරීමට) දේශ පාලකයන්ට තම කොන්ද පණ නැතිවෙන විට විවිධ නැටුම් කළ හැක. නමුත් සිංහල අප මේවා රාජ්‍ය මට්ටමින් හෝ, පන්සල් මට්ටමින් හෝ, ගම් මට්ටමින් හෝ පුද්ගලික මටමින් හෝ අනුමත නොකළ යුතු කටයුතුය. ඒ ඇයි කිවහොත් අප අනාගත දු දරුවන්ගේ නිදහස් නිවහල් උරුමයන් විනාශ කිරීමත් ඔවුන්ව සියුම්ව අපාගත කිරීමට විවිධ ක්‍රම වේදයන් ප්‍රසිද්ධ යැයි කියාගන්නා සිංහල බුද්ධිමතුන් ලවාම ප්‍රසිද්ධ කිරීමයි. උරෙකු, එළුවෙකු, බැටළුවෙකු, හරකෙකු, තම අවසාන ගමන් මග එනම් මරණය ලගා කරගන්නේ පල්ලිය හෝ කෝවිල තුළ දෙවියෙක් වෙනුවෙන්නම් එය මිනිසා විසින් තම බඩ වියත රැකගැනීමට කරනා නින්දිත ක්‍රියාවක් බව අප වටහා ගත යුතුය . එය සසර තියෙන තුරු පලදෙන අකුසල කර්මයකි.
    image006.jpg

    යම්කිසි කෙනෙකු රජෙක් විය හැක, නමුත් රජා උන පලියට තම රටේ තිබෙන විවිධ ආගමික මත නිසා විවිධ පල්ලි සදා තමනුත් නොදැනුවත්වම පවු ගොඩ ගසා ගැනීම අනවශ්‍යය. බුද්ධිමත්ව ක්‍රියා කොට යාග හෝම වලට සහභාගි නොවී පවු කරන මිනිසාද අවසනයේ හැකිනම් පවු කරන දෙවියාද පාපයෙන් ගලවා ගැනීමට ක්‍රියා කිරීම සිංහල රජෙකුගේ අපේක්ෂාව විය යුතුය. එය බුද්ධිමත් රජෙකුගේ ක්‍රියා කලාපයයි.
    සියුම්ව දේශපාලනය ඔස්සේ පැලපදියම් වන ආගමික දේවස්ථාන දෙස ඇස් කන් යොමු කර බලා සිටිමු !
    image008.jpg

    ‘බුද්ධ ධර්මයට අනුව මිනිසාට මෙන්ම සත්වයන්ටත් බුද්ධිමත් භාවයක් ඇත. මිනිසා සහා සත්වයන් අතර හුවමාරු කරගත හැකි පාඩම් බොහෝය. මිනිසාට මෙන්ම ඊළග භවයේදී හෝ සත්වයන්ටද නිවන් දැකීමට අවස්ථාවක් තිබේ. එබැවින් සත්වයන් හා අප අතර විශ්වාසය, ගෞරවය, ආදරය පැතිර යායුතුය. සතෙකු මරා දැමීමට මිනිසෙකු ඉදිරපත් වීම නොවටිනා කාරණයකි. ‘
    පාලිත ආරියරත්න
    ප්‍රචාරක ලේකම්
    ජාතික බෞද්ධ බලවේගය


    Read more: http://sinhalabuddhist.com/2012/04/open-a-mosque/#ixzz1tdxbIDnp
    Under Creative Commons License: Attribution