ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Tabloid
Reload this Page තොටළඟ_තොරණ
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
snoop's Avatar
snoop snoop is offline
Senior Member
snoop is a glorious beacon of lightsnoop is a glorious beacon of lightsnoop is a glorious beacon of lightsnoop is a glorious beacon of lightsnoop is a glorious beacon of lightsnoop is a glorious beacon of lightsnoop is a glorious beacon of lightsnoop is a glorious beacon of lightsnoop is a glorious beacon of lightsnoop is a glorious beacon of lightsnoop is a glorious beacon of light
 
Posts: 5,595
Join Date: Sep 2006
Location: ☮ Amsterdam ☮
Send a message via MSN to snoop Send a message via Skype™ to snoop
smile තොටළඟ_තොරණ - 05-06-2012, 10:02 PM

අදටත් ඉදිවන ලංකාවේ පැරැණිම තොරණ

තොරණ වෙසෙඟ් අසිරිමත් දසුනකි. විසල් වෙස්ගෙන තැනින් තැන ඉදිව ඇති තොරණ කොළොම් තොට පමණක් නොව අට දිශාවම ඒකාලෝක කරන විචිත‍්‍රවත් නිර්මාණයකි. අප රටේ පැරැණිම තොරණේ වගතුග සොයාගෙන අතීත ගමනක් යන්නට අපට සිත්වුණේ හැට වසරක් ඉපැරැුණි ඒ තොරණේ අතීතය තුළ රසවත් මෙන්ම හැඟුම්බර ලෙස දැනෙන තතු විත්තිද අකල්පයැයි හැෙඟන හෙයින්මය.

මෙවර 60 වැනි වරටත් ඉදිවෙන ඒ ඉපැරැණි තොරණ සුප‍්‍රසිද්ධ තොටළඟ තොරණයි. මීට වසර කිහිපයකට ඉහතදී තොටළඟ තොරණ සමිතියේ සමලේකම් සහ උප සභාපති ලෙස කටයුතු කළ වීරරත්න හෙයියන්තුඩුව අද ජීවිතයේ හැත්තෑවැනි විය පසුකරන වියපත් මිනිසෙකි. තොටළඟ තොරණේ ඉපැරැණි මතකය ඒ වියපත් මිනිසා අදටත් තම පපුතුර සඟවාගෙන සිටින බැතිබර මතකයකි.

ඒ මතකය වචන බවට පෙරළන්නයැයි අප ඔහුට ඇරයුම් කළේ ඒ මතකයේ අස්වැන්න සොඳුරු වදන් වියමනක වස්තු බීජය බවට පත් කර ගන්නා අභිලාෂයෙනි.
”තොටළඟ මහා තොරණ රාජයා පළමුවැනි වරට ඉදිවුණේ 1955 දී. ඒත් ඊට ඉස්සර කාලෙක තොටළඟ ගමේ කෙනෙක් අඩි 8 ක් 10 ක් විතර උස තොරණක් ඔතන හදලා තියෙනවා. ඒත් ඒක ඒ තරම් ප‍්‍රසිද්ධ වෙලා නෑ. ඊටත් පස්සේ කාලෙක 1953 අවුරුද්දේ අමරදාස සිල්වා කියන කෙනා තමන්ම චිත‍්‍ර ඇඳලා, කටු තොරණ හදලා අඩි 18 ක් විතර උස තොරණක් ඔතන හදලා තියෙනවා. එදා ඒ තොරණේ තිබිලා තියෙන්නේ පටාචාරා කතා වස්තුව. ඒ තොරණ යම් තරමකට ප‍්‍රසිද්ධවෙලා තියෙනවා. ඊටත් පස්සේ මුලින්ම 1955 දී තමා තොටළඟ මහා තොරණ රාජයා පළමුවැනි වරට ඉදිවුණේ. වීරරත්න මහතා අතීත මතකයේ දොර කවුළු විවර කළේ ඒ අයුරින්.
ඉතින් අපි දෑස් අයා බලා සිටියෙමු.

ඔව් ඉතින් ඔය තොරණ හදන්ට ඉස්සර ලොකු ලොකු සාකච්ඡුා ගියා. කට්ටිය එකතු වෙලා. ඒ කාලයේ අපි හරි පුංචි ඈයෝ. අපිත් මේ ලොකු තරුණ උදවිය තොරණක් හදන්න කතාවට ඈතක ඉඳන් කන්දීගෙන හිටියා. අපේ පුංචි හිත්වලට එදා හරිම සතුටුයි.

‘‘මෙතන අපි මහා තොරණ් රාජයෙක් ගහන්නම ඕනෑ.” ඔන්න ඉතින් ඊට පසුව දවසක් මේ තොරණ ගහන එක කතා කරන්න බොරැල්ල පැත්තෙන් කෙනෙක් ආවා. ඒ ආව කෙනා හරි දක්ෂ චිත‍්‍ර ශිල්පියෙක්. නම ඇල්ෆ‍්‍රඞ් පෙරේරා, එයා ආවේ තොරණ සැලසුමකුත් අරගෙන. එයා ඉතින් ඒ සැලසුමත් අතේ තියාගෙන තොරණ හදන කම් විස්තර කළා. තරුණ අය අතරේ ඉඳගෙන අපිත් අහගෙන හිටියා. ඒ සැලසුම හරිම ලස්සනයි කියලා එදා අපට හිතුනා.”

අඩි 105ක් උස්වූ අඩි 85ක් පළල් වූ තොටළඟ පළමු තොරණ ඇල්ෆ‍්‍රඞ් පෙරේරා නම් චිත‍්‍ර ශිල්පියාගේ සිතුවමින් හා නිර්මාණකරණයෙන් පණපෙවී තොටළඟ උත්පත්තිය ලද්දේ එදා ඒ කළ කතා බහේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ තොරණ රාජයා දැක්ක දවසේ අපේ ඇස්වලට කඳුළු ඉනුවා. මුළු ගමම එක විදිහට එදා ඒ තොරණ වෙනුවෙන් මහන්සි වුණා. තොරණ ඉදි කරන්ට කථිකා කර ගත්ත දවසේ මතුවෙච්ච ප‍්‍රශ්නය තමා මුදල් හදල් නැතිකම.

එදා අපි කට්ටිය අතරේ හිටියා විල්බට් පෙරේරා කියලා තරුණ අය්යා කෙනෙක්. එයාගේ අම්මා තමා ඉසබෙලා හාමි. ගමේ අය එයාට කීවේ රත්තරන් අම්මා කියලා. ඒ එයා ඒ තරම්ම හොඳ නිසා. උඹලා වැඬේ පටන් ගනිල්ලකො සල්ලි මදි වුණොත් මම දෙන්නම් ඒ ගැන හිත් නරක් කරගන්න ඕන නෑ” රත්තරන් අම්මාගේ ඒ වදන් කාටත් අස්වැසිල්ලක් වුණා.

අපිට සන්තෝෂ හිතුණා. ගමේ තරුණ අය ගෙයක් ගෙයක් ගානේ ගිහින් සල්ලි එකතු කළා. ප‍්‍රභූ අය ළඟටත් ගියා තොරණ රාජයා වෙනුවෙන් සල්ලි එක්කාසු කරන්න. පොරොන්දු වෙච්ච විදිහටම ඉසබෙලා හාමි මදි පාඩුව පිරිමැහුවා. තොරණ හදන කටයුතු කරගෙන යන්න ගමේ කට්ටිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති මණ්ඩලය කියලා මණ්ඩලයක් පිහිටුවා ගත්තා. ඒකේ සභාපති වුණේ ජෝර්ජ් පෙරේරා මහත්තයා. භාණ්ඩාගාරික වුණේ යූ, එල්. සිරිමාන්න මහත්තයා. ලේකම් වුණේ ආනන්ද එම්. ඩයස් මහත්තයා. එදා ඔය කට්ටියගෙන් අද ජීවතුන් අතර ඉන්න පැරැුණිතම සාමාජිකයා තමයි ආනන්ද මහත්තයා. දැන් වයස අවුරුදු 90 කට කිට්ටුයි. එදා මුල්ම තොරණේ කවි හැදුවේ ආනන්ද මහත්තයා. එදා ඉඳන් මේ සැරේ 60 වැනි තොරණ දක්වාම තොරණ හැටේම කවි ලීවේ ආනන්ද මහත්තයා. වයස අවුරුදු 90ට කිට්ටු වුණත් මේ සැරෙත් ආනන්ද මහත්තයා තොටළඟ තොරණට කවි හැදුවා.

සැමුවෙල් අය්යා, සුවාරිස් මාමා, එච්. පේ‍්‍රමදාස පෙරේරා, ඩැනියෙල් මුදලාලි, කලංසූරිය ඔය කට්ටිය තමා එදා ශ්‍රී සම්බුද්ධ ජයන්ති මණ්ඩලයේ හිටියේ. නමක් එහෙම අමතක වුණා නම් සමාවෙන්න ඕනෑ. එදා අපි කාටවත් තොරණ ගහලා බල්බ් දාලා ඉවර වෙනකම් හරියට නින්දක් ගියේ නැති තරම්.
එදා තොටළඟ පළමු තොරණේ කතා වස්තුව වූයේ මහා භද්‍රකල්පය නම් කතා වස්තුවයි. මගේ මතකයේ හැටියට බල්බ් ලක්ෂයකට කිට්ටුව තියෙන්න ඇති මුදල් යන්න ඇති ලක්ෂ එකහමාරකට විතර කිට්ටුව. මට හොඳට මතකයි තොරණ උඩින් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම ආදි බුදුවරු පස් දෙනෙකුගේ රූප නිර්මාණය කරලා තිබුණා.

හරිම අලංකාරයි. ඔය තොරණ එදා දවස් 7 ක් එක දිගට පෙන්නුවේ. මගේ අම්මේ ආව සෙනඟ කන්දරාවක්. ඒක මහජන ගඟක් අන්තිමේ සෙනඟ නවත්තවා ගන්න බැරුව පොලිසියේ මහත්තුරු තමා සෙනඟ නැවැත්තුවේ. ඊට පසුව තමයි දවස් දහයක් තොරණ පෙන්නන්න පටන් ගත්තේ.තොටළඟ අපේ ගමේ අයට නම් එදා මහා මංගල්‍යයක් වගේ. එදා අද වගේ තොරණ හදන්න පුවක් ලී ලොරිවලින් ගෙනාවේ නෑ. ගෙනාවේ පූගොඩින් කැලණි ගඟ හරහා. පාරුවේ තමා පුවක් කොටන් අරන් ආවේ. ඒකත් එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි ඉතින් දැන් හිතද්දි.

පුවක් කොටන් සීයක් විතර ගේනවා. තොරණ හදන්න සතියක් විතර යනවා. ඒත් චිත‍්‍ර අඳින්න පටන් ගන්නේ මාස තුනකට විතර උඩදි. ඒ චිත‍්‍ර අඳින්න ගමේ අය එකතුවෙලා ලොකු බෝඞ් එහෙම ගහලා ආවරණය වෙච්ච තාවකාලික ගෙයක් හදලා දෙනවා. ඇල්ප‍්‍රඞ් පෙරේරා මහත්තයා එයාගේ ගෝල බාලයනුත් එක්ක ඔය ගේ ඇතුළේ ඉඳන් තමා චිත‍්‍ර ඇන්ඳේ. චිත‍්‍ර පාට කළේ. ඒ අතරේ බොරැල්ලේ එයාගේ ගෙදරත් ආවා ගියා. ඒ කාලේ ගමේ අය එකතුවෙලා ඒ අයට කෑම බීම එහෙම ඔක්කොම හදලා දුන්නා. ඒ කාලේ අද වගේ හන්දියක් හන්දියක් ගානේ තොරණ තිබුණේ නෑ. අනිත් එක මිනිස්සු ඒ දේ කළේ හරි ශ‍්‍රද්ධාවෙන්. භක්තියෙන්.
ඊට පසුව අපේ තොටළඟ තොරණේ එක දිගටම චිත‍්‍ර ඇන්ද කෙනෙක් තමයි පුෂ්පානන්ද දෙණිපිටිය කියන චිත‍්‍ර ශිල්පියා. මොටා ගෙදර වනිගරත්න කියන චිත‍්‍ර ශිල්පියත් වරක් තොටළඟ තොරණේ චිත‍්‍ර ඇන්දා.

සිරිල් පෙරේරා, පුෂ්පානන්ද දෙණිපිටියගේ ගුරුන්නාන්සේ වෙච්ච අබේපාල මේ හැමෝම එදා මෙදා තුර තොටළඟ තොරණේ චිත‍්‍ර ඇන්දා. මහා භද්‍ර කල්පය නම් කතා තේමාවෙන් තොටළඟ ඉදිවූ පළමු තොරණ පිටුපස බොහෝ වූ සැදැහැවත් ජනතාවකගේ දහඩිය මිණිමුතු සැඟවී තිබුණි. අජකර පේ‍්‍රත වස්තුව, යමා මහ පෙළහර, විනය සූත‍්‍රය, මේ තොටළඟ ඉදිවූ මුල්ම තොරණ සතරට විෂය වූ තේමාවන්ය.

අනේ අපොයි කියලා හිතුන දෙවතාවකුත් තිබුණා. එක්දහස් නවසිය හැට ගණන්වල දීත් තව කාලෙකදිත් මහා වරුසාවක් වැහැලා හුළඟ ඇවිත් තොරණ් දෙකක් කඩා වැටුණා. එදා නම් ලොකු වේදනාවක් දැනුණා. පුවක් කොටන් පොළොව හාරා ගැඹුරටම සිටුවලා නැතිව වෙන්න ඇති එහෙම වුණේ. යමා මහ පෙළහර තේමා කරගත් තොරණ තියෙද්දි මුළු දවස් හතම එක දිගටම වැස්සා. ගම හේදෙන්නම වැස්සා. ඒ වගේ තව මතක කොච්චර කන්දරාවක් තියෙනවද?

ඒ සියලූ මතක අකුරු කරන්නට තරම් ඉඩ හසරක් නැතිවුවත් ඒ සියල්ල සුන්දර මෙන්ම සංවේදි මතකද වන වග අපි දනිමු. සියල්ල අනිත්‍ය වග පහදන්නට මෙන් දෙවතාවක් කඩා වැටුණු තොරණ රාජයා පිළිබඳ සිද්ධීන් මෙන්ම ඒ හා ඈදුණු සොඳුරු මතකද බොහෝ වෙතත් ඒ මතක කන්දරාවෙන් මතක දෝතක් පමණක් රැුගෙන අපි ඒ කතාබහට සමුදුන්නෙමු.






Source : Lankadeepa
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.08429 seconds with 6 queries