රගර් ගහන කොලුවාගේ කතාව.....

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රගර් ගහන කොලුවාගේ කතාව.....

    රගර් ගහන කොලුවාගේ කතාව.....

    rugger_player_holding_ball_above_head_afs-1030-00009.jpg


    අභිෂේක් දුෂ්කර ගම්මානයක කොලු ගැටයෙකි. ඔහුගේ ගමේ නම් වෙල් යායවල් නැත්තේය. එය මුහුදු මායිමට නොදුරු ගම්මානයක් නිසාම අභිෂේක්ට දුව පැන ඇවිදින්නට වුයේ ලුණු ලේවායන්ගේ ලවන පිරුනු පරිසරයකය. ඔහුට සහෝදරයන් පමණක්ම සිටි නිසාම කුඩාකල සිටම සොයුරියකගේ පෙමක් ලැබී නැත්තේය. තම පියාගේ වුවමනාව නිසාම අභිෂේක් ගමේ පාසලට ඇතුලත් ක‍ලද අධ්‍යාපනයට ඒ හැටි වුවමනාවක් නැති බවක් සියල්ලෝම කල්තියා දුටුවෝය. තම අනෙක් දරුවන්ද එසේම බැව් පියා දැන සිටියේය.

    අධ්‍යාපනය බැරිනම් ඇත්තේ ක්‍රීඩාවමය. අකුරු බැරිනම් ක්‍රිකට් යන සංකල්පය අභිෂේක්ගේ රටේ මුල් බැසගත් යුගයක් තිබුනේය. එහෙව් කලෙක අභිෂේක් ගේ පියාට අදහසක් ආවේ තම පුතු ලවා කිරිකොට් ගැස්සවීමටය. පුතුද කෙලිලොල් බවින් යුතු නිසාම කුඩා කල පිත්ත අතට ගත්තේය. කුඩාකල ක්‍රිකට් ක්‍රීඩා කලද පුතු වැඩිවියට පත් වෙද්දී පන්දුවක් දෙඅතේ රුවා ගැනීමටවත් තරම් දක්ෂයෙක් නොවන බව පසක් වීය. ඒ අතර තම අනෙක් සොයුරන්ද යන එන මගක් නොමැතිව හරි හැටි අධ්‍යාපනයක් නැතිව කල් ගෙවීය.

    අවාසනාවන්ත කාලයක නිමාවක් සටහන් කරමින් අභිෂේක් ගේ පවුලට නැවුම් අරුණැල්ලක් උදාවීය. ඒ තම පියා ගමේ ග්‍රාමසේවක වූ දවසය. එතැන් පටන් අභිෂේක් ගේ මව පබලු මාලයක් ගෙලේ රුවා ගත්තීය. එසේම රෙද්ද හැට්ටයට සමුදී ඔසරියක් ඇගේ රුවා ගත්තාය. සොයුරන් තිදෙනාටද සිකුරා මෙන්ම අනෙක් වටිනා ග්‍රහයෝද බැබලෙන්නට ගත්තේ එතැන් සිටය. අභිෂේක් ගේ පියාද වෙනම ආරකට සුදු සරම සහ අත්දිග කමිසය අදින්නටත්, පෙර සිටම පුරුදු කොට ආ ක්‍රමයටම රැවුල කපන්නටත් පටන් ගත්තේය.

    අභිෂේක් නැවත ක්‍රීඩාවට යොමු විය. ඒ ක්‍රිකට් නොවේය. රගර්ය.

    ගෝලාකාර පන්දුව පිත්තේ වදින්නේ නැත්තේය. පිත්ත ඒ තරමට කුඩාය. අනික ‍හරියටම ගෝලා කාරය. එවන් පන්දුවට වෛර කළ අභිෂේක් දෙපැත්තෙන් උල් වූ පන්දුව කිහිල්ලේ ගසාගෙන පිට්ටනියට පැන්නේය. පන්දුව වෙනස් කලාට ක්‍රීඩාවකදී දක්ෂතාවය වුවනාම බව අභිෂේක් නොදත්තේය. තමා ඇතුලු කණ්ඩායම පිට පිටම පරාජය ලබද්දී ගමේ අය ග්‍රාමසේවක මහතාට මෙන්ම, අභිෂේක්ට උසුලු විසුලු කරන්නට වූහ.


    අභිෂේක් සියල්ල දරාගත නොහැකිව ගෙදර ගියේය. තම පියාද පුතුගේ පරාජයෙන් කලකිරී සිටින බව අභිෂේක් දත්තේය. පියා සහ පුත්‍රයා ක්‍රීඩාව දක්ෂතාවයෙන් තොරව ජය ගන්නට උපක්‍රම යෙදුවේය. ගමේ සිටින දක්ෂතම කණ්ඩා‍යමේ ක්‍රීඩකයන් අමතා ඔවුනට සංතෝසම් දී පුතුගේ කණ්ඩායමට එක්කාසු කර ගත්තේය. එහෙත් දක්ෂතම කණ්ඩායමේ නායකයා එයට එකතු නොවූයේය. ඒ අන් කිසිවක් නොවේය. තම දක්ෂතාවය යටතේ තරග කරන්නටත්, නායකයා ලෙස සිටින ග්‍රාමසේවක මහතාගේ පුත්‍රයාගේ නම බැබලවීමට තරම් තම දහඩිය හෙලන්නට අකැමැත්ත නිසාය. එය සාධාරණය.

    අභිෂේක් නැවත පිටියට ආවේය. ඒ මුදලට ගත් දක්ෂයන් රැසක් සමගය. ඔවුන් තම ගමේ සියළු තරග ජය ගත්හ. ප්‍රාන්තයේ සියළු තරග ජය ගත්හ. එසේම රාජ්‍යයේ සියළු තරග ජය ගත්හ. දැන් අභිෂේක් සැබෑ ක්‍රීඩා ශීලී තරුණයෙක්ය. ඔහුගේ නායකත්වය නිසා තම කණ්ඩායම ජය ගන්නේය. අභිෂේක් ගමට මෙන්ම රටටම සම්පතක්ය. ගමේ උදවිය විසිල් ගැසුවෝය. ඒ තම ගමේ නම රාජ්‍යය පුරා ගෙන ගිය නිසාය.

    ඒ පමණක් නොව සෑම පත්තරයක්ම, රූපවාහිනී වෙලද දැන්වීමක්ම හැඩ වන්නේ අභිෂේක් රුවින්ය. ඒවාට තම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේද සහභාගිත්වයද ඇත්තේය. නමුත් එවන් වෙලද දැන්වීම අතර තුර රූපරාමු මන්ද ගාමී වන්නේය. එසේ මන්දගාමීව රූප මාරුවන අතර තුර සිටින්නේ අභිෂේක්ය. ඒ ඔහුව උක්ත කළ යුතු නිසාමය. මන්ද ඔහු උල් පන්දුව රැගෙන පිටිය පුරා දිව්වේ, දුවන්නේ දක්ෂතාවය නිසාමය.

    එවන් දක්ෂතා පිරි ක්‍රීඩකයන්ට අපේ ප්‍රණාමය... !

    කතෘ අවසරය මත එළකිරි.කොම් සදහා උපුටා ගත්තේ මෙතනින්......


    Code:
    http://samindikasrimantha.blogspot.com/2012/05/blog-post_23.html


    :oo: පහත බ්ලොගයෙන් එළකිරි.කොම් සදහා උපුටා ගැනීමේ © අයිතිය , කතෘ විසින් urajdrlk ® වෙත පිරිනමා ඈත. :yes::yes:


    Code:
    http://www.samindikasrimantha.blogspot.com/
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ ලැප් හදන්න වගේම පොර රගර් ගහන්නත් දක්ෂ ඇති බන්.... විහිලුවකි...
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    රගර් ක්‍රීඩාවේ ආරම්භයද අවසානයද යන්න මට නොහැ‍ඟේ..............
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    රගර් වලට රටේ ප්‍රසිද්දම ප්‍රාන්තයෙ කන්ඩායමත් අභිශේක්ට බයේ ක්‍රිඩාවට සමුදි ඈත.. :growl:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    okata thawa ekathu wennoni.
    Den graama sewaka mahathaa danna andurana mudalaalila tikak allagena loku prachaarayak denawa e wagema game minissunta balen rugby pennanawa. E wagema loka puujitha cricket kandaayamak kaabasiniyaa kara cricket epa karanawa, Kohoma unath anthimedi Grama sewaka won, Api Lost :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    okata thawa ekathu wennoni.
    Den graama sewaka mahathaa danna andurana mudalaalila tikak allagena loku prachaarayak denawa e wagema game minissunta balen rugby pennanawa. E wagema loka puujitha cricket kandaayamak kaabasiniyaa kara cricket epa karanawa, Kohoma unath anthimedi Grama sewaka won, Api Lost :(

    :rofl::rofl::growl::growl: