දෙදෙනෙක් විවාහ වූ පසු අප ඔවුන්ට "යුවලක්" යන නම භාවිතා කරනවා. එලෙස ම ඔවුන්ට දරුවෙක් ලැබුණා ම "පවුලක්" ලෙස සලකනවා. මෙම පවුලට තවත් දරුවෙක් එකතු වෙනවා. මෙම එකතුවීම සැලසුම් සහගතව සිදු නොවුණහොත් එය ඒ පවුලට දැරිය නොහැකි තත්ත්වයක් බවට පත් වේ. පවුලක සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය අවශ්‍යතාවයන්ට අනුකූලව සැලසුමක් ඇතිව දරුවන් සෑදීම කළ යුතුයි. පළමු දරු උපත සඳහා නිසි වයසක් ඇත. වයස අවුරුදු 18 ට අඩු කාන්තාවන් ශාරීරික හා මානසික දෙඅංශයෙන් ම මේ සඳහා සූදානම් නැත. මෙවැනි ගැබ් ගැනීම් වලදී මවගේ හා දරුවාගේ සෞඛ්‍යට තර්ජනයක් ඇතිවේ. තවද අඩු වයස් මවකට දරුවකු බලා ගැනීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් නොමැති කමින් ඇය අසහනයට පත් වේ. මෙයින් පවුලේ වෙනත් ප්‍රශ්න ඇති වේ. තවද දරුවන් අතර පරතරය පවත්වා ගැනිම වැදගත් ය. අවම වශයෙන් අවුරුදු 3 ක පරතරයක් දරුවන් අතර පවත්වා ගැනීමට අවශ්‍ය වන්නේ මවගේ හා උපදින දරුවාගේ සෞඛ්‍ය පිණිස ය. මීට අමතරව පවුලක ආර්ථිකය ගොඩනගා ගැනීමටද මෙය වැදගත් කරුණකි. ස්‌ථිර උපත් පාලන ක්‍රමයක් වන ස්‌ත්‍රී වන්ධ්‍යාකරණය හා පුරුෂ වන්ධ්‍යාකරණය දෙක ම ශල්‍යකර්ම ආශ්‍රිත ක්‍රමයන් වේ. මෙහිදී කාන්තාවගේ පැලෝපීය නාලය හෝ පුරුෂයින්ගේ ශුක්‍රනාල අවහිර කිරීමෙන් ඩිම්බ හෝ ශුක්‍රාණු ප්‍රවාහනයට බාධා කෙරේ. එමගින් සිදුවන උපත් පාලනය ඉතා ම සාර්ථක ක්‍රමය වේ. තාවකාලික ක්‍රම සුදුසු වන්නේ තවදුරටත් දරුවන් බලාපොරොත්තු වන සහ වයස අඩු දරුවන් සිටින අයට ය. මෙම තාවකාලික ක්‍රම අතරින් කෘත්‍රිම ක්‍රමවල සාර්ථකත්වය වැඩිය. ඒවායින් හෝමෝන සහිත ඖෂධ භාවිතා කිරීමෙන් ඩිම්බ පිටවීම වළක්‌වා ගැබ් ගැනීම වලකයි.

පවුල් සැලසුම
උපත් පාලන උපක්‍රම මගින් දරුවන් ලැබීමේ කාලය පිළිබඳව තීරණ කිරීම පවුල් සැලසුමයි. ලිංගාශ්‍රිත රෝග වැළැක්වීම, වඳභාවයට ප්‍රතිකාර කිරීම හා ලිංගික අධ්‍යාපනය ලබාදීම ද අනිත් කරුණු අතර වේ.
පවුල් සැලසුමේ අනිකුත් ප්‍රයෝජන
මව අවම වශයෙන් වයස 18 ක් වනතුරු දරුවන් නොලැබීම මවගේ මෙන්ම දරුවාගේ ද සෞඛ්‍යයට යහපත් ය. දරුවන් දෙදෙනෙකු අතර පරතරය වසර දෙකක් වත් පවත්වාගැනීම (නමුත් වසර 5 කට අඩු පරාසයක තබා ගැනීම) හා ගබ්සාවක් සිදුවීමෙන් පසු මාස 6 ක් දරුවන් ලැබීම ප්‍රමාද කිරීම. ඉතිරි ප්‍රයෝජන අතර ගැනේ.
පවුල් සැලසුම් උපක්‍රමයක් තෝරා ගැනීම.
එක් එක් පුද්ගලයන්ගේ (අඹු සැමියන්ගේ) අවශ්‍යතා මත මෙය තීරණය වෙයි.
හෝමෝන උපත් පාලන ක්‍රම (පෙති හා සමේ අලවන ඖෂධ)
ඔබට භාවිතා කළ හැක්කේ ඔබ -
ගැබ් ගැනීමක් වැලැක්වීම.
අධික රුධිර වහනය.
අවශ්‍ය වෙලාවක උපත් පාලන ක්‍රමය නැවැත්වීමට ඕනෑකම.
නිතර කුරුලැ ඇතිවීම.
යන හේතු හෝ ප්‍රශ්න වලට උත්තර වශයෙනි.
උපත් පාලන කොපු
ඔබ ඖෂධ වර්ග සිරුරට ඇතුළු වීමට අකමැති නම්,
ලිංගාශ්‍රිත රෝග වලක්වා ගැනීමට.
පිරිමියා මූලික කරගත් උපත්පාලන ක්‍රමයක් අවශ්‍ය වූ විටක.
ස්වභාවික උපත් පාලන ක්‍රම
බෙහෙත් ගැනීමට අකමැති නම්.
ලිංගාශ්‍රිත රෝග නැතිනම්.
අඹු සැමියන් දෙදෙනාම, කැපවුණු, විනයවත් හා සැලසුම් සහගත අය නම්.
ලූපය (LUP) - (පිළිසිඳ ගැනීම වැළැක්වීමට ගර්භාෂය තුළ තැන්පත් කරන උපකරණය)
හෝමෝන පාවිච්චියෙන් තොර උපක්‍රමයක් අවශ්‍ය වූ විට.
වසරකට හෝ ඊට වැඩි කලක් දරුවන් නොලබා සිටීමට.
ලිංගාශ්‍රිත රෝග නැති නම්.
ලිංගික එකතුවීමේදී කොන්ඩම වලට අකමැති නම්.
අනිකුත් පාලන ක්‍රම - ගර්භාෂ මුව ආවරණ ( DIAP ජෙල්)
ඔබ හෝමෝන අඩංගු ඖෂධ වල අතුරු ප්‍රතිඵල ආදියට අකමැති නම්.
නුදුරේදීම ගැබ් ගැනීමක් අවශ්‍ය නම්.
ඔබ මව්කිරි දෙන නිසා රසායන ද්‍රව්‍ය හෝ ඖෂධ ගැනීමට අකමැති වීම.
සමහර උපත්පාලන නිෂ්පාදන ගැන
බෙන්සොකේන් උපත්පාලන කොපු ක්ෂණික මෝචනය වැළැක්වීමේ ලා ස්ටැටිනා බෙන්සොකේන් උපත්පාලන කොපු ප්‍රයෝජනවත්ය.
එය එසේ වන්නේ බෙන්සොකේන් නම් වන මතුපිට ආලේපන නිර්වින්දක ඖෂධ මගින් පුරුෂ ලිංගයේ ඉදිරිපස සංවේදීතාව අඩු කරන නිසා, දීර්ඝ ලිංගික ක්‍රියාවලියකට මග සැලසෙන හෙයිනි.
ජඩෙලා ඉම්ප්ලාස්ට්
වසර පහක් පුරාම ක්‍රියාත්මක වේ. අතේ ඉහළ කොටසේ සම තුලට තැන්පත් කරන ජඩෙලා හෙමිහිට ඖෂධය සිරුරට නිකුත් කරන ඖෂධ තැන්පත් වේ.
දීර්ඝ කාලීනව ගැබ්ගැනීමෙන් වැලකීමේ අවශ්‍යතාවය ඇති නිරෝගී කාන්තාවන්ට මෙය පාවිච්චි කළ හැක.
ජඩෙලා භාවිතය යුත්තේ/ ගබ්සාවකට පසු සත්වන දිනයේදීය. දරු ප්‍රසූතියෙන් පසු මව් කිරි දෙන මවක නම් හයවන සතියේදීත් මව් කිරි නොදෙන්නේ නම් හතරවන සතියේදීත් ජඩෙලා සම තුලට ඇතුළු කළ යුතු වෙයි.
උපත් පාලන පෙති
ශ්‍රී ලංකාවේ භාවිතා කෙරේ.
දිනපතා භාවිතා කල යුතුය. පැකට්‌ටුවේ ඇති හෝමෝන පෙති 21 අවසානයේ දුඹුරු පැහැති යකඩ පෙති 7 භාවිතා කළ යුතුය. මෙම දින ඇතුළත රුධිර වහනය සිදුවේ. පළමු පැකට්‌ටුවේ සියලුම පෙති අවසන් වූ විට නොකඩවා අලූත් පෙති පැකට්‌ටුවක් භාවිත කල යුතුය. පෙති ගැනීම දිගටම කල යුතු අතර එක් දිනක් හෝ පෙති ගැනීමට අමතක වුවහොත් මතක් වූ විගස පෙර දිනට නියමිත පෙත්ත ගත යුතුය. දින 2 ක් අමතක වුවහොත් තෙවන දිනයෙහි පෙති 2 ක් පාවිච්චි කර එම පැකට්‌ටුව අවසාන වනතෙක් වෙනත් උපත් පාලන ක්‍රමයක් ද භාවිත කළ යුතුයි. මෙම උලත් පාලන ක්‍රමය වඩාත් සුදුසු වන්නේ අලුත විවාහ වී පළමු දරුවා පිළිසිද ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය යුවළකට . විවාහ වීමට පෙර තරුණ ගැහැණු ළමයින්ට සහ ළමයින් අතර පරතරයක් පවත්වා ගැනීමට යි. කිරිදෙන මවුවරුන්ට මෙම ක්‍රමය සුදුසු නැත. ගබ්සා වීමකින් දින 05 ක් ඇතුළත ගිලින පෙති ගැනීම ආරම්භ කල හැක. දිනපතා නිවැරදිව ගතහොත් සාර්ථකත්වය 99% ට වඩා වැඩිය. පසු සංවාස උපත් පාලන ක්‍රමයේදී ද හෝමෝන අඩංගු පෙති මගින් ගැබ් ගැනීම වැලැක්‌වීම සිදුවේ. අනාරක්‌ෂිතව සංසර්ගයේ යෙදුණ කාන්තාවකට අනවශ්‍ය ගැබ් ගැනීමක් වලකාලීමට මෙම ක්‍රමය පාවිච්චි කල හැක. මෙම ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමයක් වුවද එය හදිස්‌සි අවස්‌ථාවක මිස නිතර භාවිතයට සුදුසු නොවේ.

ප්‍රතිලාභ
ඉතා ක්‍රියාශීලී පවුල් සංවිධාන ක්‍රමයකි.
පෙති ගැනීම නතර කළ වහාම සරුබව (ගැබ් ගැනීමේ හැකියාව ඇති වේ)
මාසිකව සිදුවන රුධිර වහනය ( Wikdrawal sledy) සිදුවේ.
උපත්පාලන ක්‍රමයකට අමතරව පෙතිවලින් ලැබෙන ප්‍රතිලාභ
කුරුලෑ. ඇඟේ අනවශ්‍ය මවිල් ඇතිවීම පාලනය කරයි.
ඩිම්බකෝෂ හා ගර්භාෂ පිළිකා ඇතිවීමෙන් ආරක්ෂා කරයි.
තොරතුරු ගත්තේ පල්ලේහායින්
http://suwasariya.gov.lk/index.php?o...ලට
http://www.navaliya.com/2011/02/28/health1.html
සැ.යු; -- :

අනේ තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් දාන්න අමතක කරන්න එපා



