HIV සහ AIDS... අවදානමට පෙර සූදානම...
HIV කියලා කියන්නේ "මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය" (Human Immunodeficiency Virus) හඳුන්වන කෙටි නම. මේ නමේම සඳහන් වෙන විදියට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කිරීම තමයි මේ වයිරසය මගින් කරන්නේ. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරියට රටක හමුදාව වගේ. හමුදාවක් මගින් කරන්නේ රටේ ඇතුලතින් සහ පිටතින් රටට ඇතිවන තර්ජන වලින් රට ආරක්ෂා කිරීම. මේ විදියටම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිරුර තුල ඇතිවන පිළිකා සෛල වගේ හානිකර දේවල් සහ පිටතින් ඇතුළු වන වයිරස, බැක්ටීරියා වගේ දේවල් විනාශ කරලා ශරීරය ආරක්ෂා කරගන්නවා. ඒ පද්ධතියට හානි වුනාම ශරීරයට වෙන හානිය ගැන කියන්න අවශ්‍ය නෑනේ.
Retrovirus කියන කාණ්ඩයට අයිති මේ වයිරසය සජීවී තත්වයේ පවතින්නේ ශරීරයක් ඇතුලේ විතරයි. බාහිර පරිසරයේ මේ වයිරසය ජීවත්වෙන්නෙ නෑ. මේ වයිරසය ශරීරගත වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. සුලභම ආකාරය තමයි ආසාදිත පුද්ගලයෙක් සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා සිදුවන ආසාදනයන්ගෙන් 85%ක්ම සිද්ධවෙන්නේ විරුද්ධ ලිංගික සම්බන්ධතා මගින්.
ඊළඟ කාරණය තමයි එන්නත් විදියට මත්ද්‍රව්‍ය ශරීරගත කරගැනීම. අපේ රටේ වුනත් මේ තත්වය දැකගන්න පුළුවන්. රෝහල් වලදී සිදුවන අනතුරු වලදි (උදාහරණයක් විදියට ආසාදිතයකුට එන්නත් කරපු එන්නත් කටුවක් ඇනීම) සහ රුධිරයට නිරාවරණය වන උපකරණ පොදුවේ භාවිතා කිරීම නිසා නිරෝගී කෙනෙක්ගේ ශරීරයට වයිරසය ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසයි සැළුන් වල කොණ්ඩය සහ රැවුල කැපීමේදී හැම කෙනෙකුටම අළුත් තලයක් භාවිතා කරන්න කියලා උපදෙස් දෙන්නෙ.
ඒ වගේම ආසාධිත මවක් බිහිකරන දරුවා ආසාදිතයෙක් වීමේ අවදානම 30% විතර වෙනවා. ගර්භනී අවස්ථාවෙදි, දරුවා බිහිකරන අවස්ථාවෙදි සහ මව්කිරි හරහා දරුවාගේ ශරීරයට මේ වයිරසය ගමන් කරන්න පුළුවන්. නමුත් දැන් තියෙන බෙහෙත් නිසා මේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
අවසාන කාරණය තමයි ආසාධිත රුධිරය පාරවිලයනය. එහෙමත් නැත්නම් ලේ දීම. නමුත් මේ තත්වය කළාතුරකින් ඇතිවෙන තත්වයක්. මොකද ලේ සාම්පල HIV සඳහා අනිවාර්යයෙන්ම පරික්ෂා කරනවා. නමුත් කවුළු සමය (Window period) ගතකරමින් සිටින ආසාධිතයෙක්නම් ඔහුගේ රුධිර සාම්පල ආසාධිත වුවත් ආසාධිත බව වාර්තා වෙන්නේ නෑ. ආසාධිතයකුගේ රුධිරය ලබාදීම නිසා HIV ආසාදනය වුන කෙනෙක් තමයි අපේ රටේ කීර්තිමත් ළමාරෝග විශේෂඥවරියක් වුන කාමලිකා අබේරත්න මහත්මිය.
මේ වයිරසය ආසාදනය නොවෙන ආකාර බොහොමයක් තියෙනවා. ඒ තමයි හවුලේ පිඟන්, කෝප්ප, තුවා වගේ උපකරණ භාවිතා කිරීම, වැළඳගැනීම, අතට අත දීම, එකම වැසිකිලිය, නානකාමරය, නිදන කාමරය භාවිතා කිරීම, එකම ඇඳුම ඇදීම වගේ දේවල්. ඒ නිසා අනවශ්‍ය බයක් ඇතිකරගන්න අවශ්‍ය නෑ.
HIV ආසාදනය පියවර කීපයක් සහිතව බොහොම හෙමින් සිද්ධ වෙන ආසාදනයක්. පළමු පියවර තමයි මූලික අවස්ථාව. ආසාදනය වුන දවසේ ඉඳලා සති 2ත් 12ත් අතර කාලයක් පළමු පියවරට ගතවෙනවා. මේ කාලය කවුළු සමය (Window period) කියලා තමයි හඳුන්වන්නේ. මේ සති කීපයේදි උගුර රිදීම, කුද්දැටි ඉදිමීම වගේ රෝග ලක්ෂණ ආසාදිතයාට දැනෙන්න පුළුවන්. මේ ලක්ෂණ සාමාන්‍යයෙන් වෙනත් ආසාදනයකදී වුනත් දකින්න ලැබෙනවා. මේ තත්වය දවස් කීපයකින් මගහැරෙනවා. වඩාත් අවදානම් කාරණය තමයි මේ කාලයේදී ආසාධිතයාගේ රුධිරයේ HIV ප්‍රතිවෛරස දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා රුධිර වාර්තා වලින් පෙන්නුම් කරන්නෙ නෑ ඔහු / ඇය ආසාධිතයෙක් කියලා. ඒකයි සැක සහිත කෙනෙක්ගේ HIV පරීක්ෂණය නෙගටිව් වුනාම ආයෙත් මාස 3කින් රුධිර පරීක්ණයක් කරන්න කියලා උපදෙස් දෙන්නේ.
දෙවන අවස්ථාව තමයි රෝග ලක්ෂණ නොමැති දීර්ඝ කාලීන ආසාධිත සමය (The stage of chronic asymptomatic infection). මේ කාලය තුලදි රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කරන්නෙ නෑ. නමුත් රුධිර පරීක්ෂණයක් මගින් ආසාධිතයාගේ රුධිරයේ HIV ප්‍රතිවෛරස දැකගන්න පුළුවන්. මේ පියවර වසර 8 සිට 10 දක්වා කාලයක් පවතින්න පුළුවන්.
අවසාන අවස්ථාව තමයි ඒඩ්ස් (AIDS) අවස්ථාව. ඒඩ්ස් කියන්නේ HIV වයිරසයේ රෝගී අවස්ථාව. නම තමයි "නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය" (Acquired Immunodeficiency Syndrome). මේ වෙනකොට වයිරසය ශරීරය පුරා පැතිරිලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරලා තියෙන්නේ. එතකොට ශරීරයේ ඇතුලතින් හරි පිටතින් හරි එන ඕනෑම තර්ජනයකට පුළුවන් ශරීරය යටත් කරගන්න. බොහෝ වෙලාවට ඒ ආගන්තුක දේ නිසාම රෝගියා මියයන්න පුළුවන්. මොකද ඒ දේ එක්ක සටන් කරන්න අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බැරි නිසා.
තමන්ට HIV ආසාදනය වෙලා තියෙනවා කියලා සැකයක් තියෙන ඕනෑම කෙනෙකුට පුළුවන් රජයේ රෝහලකට ගිහින් නොමිලේ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටින්න. අනිත් අතට කිසිම කෙනෙකුට බෑ ලේ සාම්පලය අයිති කෙනාගේ අවසරය නැතිව HIV වලට රුධිර පරීක්ෂණයක් කරන්න. ඒ වාර්තාවේ ප්‍රතිඵල ලබාදෙන්නෙත් අදාල පුද්ගලයාට විතරයි. ඒ නිසා කිසිම වෙලාවක බය වෙන්න අවශ්‍ය නෑ. බොහොම රහසිගත විදියට මේ පරීක්ෂණය කරගන්න පුළුවන්.මේ පරීක්ෂණය සඳහා ලේ සාම්පල් දෙකක් පරීක්ෂා කරනවා. ඒ නිසා ඔබට අවස්ථා දෙකකදි ලේ දෙන්න සිද්ධ වේවි. ඒ වගේම පරීක්ෂණය නෙගටිව් නම්, මාස 3කින් ආයෙත් පරීක්ෂා කරගන්න එක හොඳයි. හැබැයි ඒ මාස 3 ඇතුලත HIV ආසාදනය වියහැකි හැම දේකින්ම ඈත් වෙලා ඉන්න ඕන.
HIV ආසාදනය වීමන් වැලකෙන්න කරන්න තියෙන්නෙ බොහොම සරළ දේවල් ටිකක් විතරයි. ඒවා තමයි විශ්වාසවන්ත එක ලිංගික සහකරුවෙක්/ සහකාරියක් ඇසුරු කිරීම, විශ්වාසවන්ත නොවන අය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමේදී කොණ්ඩමයක් පැළඳීම, එන්නත් මගින් මත්ද්‍රව්‍ය ශරීරගත කරගැනීමෙන් වැලකීම, සැළුන් එකේදී අළුත් තලයක් පාවිච්චි කරන බවට වගබලා ගැනීම, ඔබ HIV ආසාදිත නම් දරුවෙක් බලාපොරොත්තු වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වගේ දේවල්.
ඒ නිසා HIV වලින් වැලකිලා යහපත් නිරෝගී ජීවිතයක් ගතකරන එක ඒ තරම් අමාරු නෑ
දැනුවත් වෙමු.
ආරක්ෂා වෙමු.
අනිත් අය දැනුවත් කරමු.
උපුටා ගැනීම
ප්‍රදීප්ගේ පිටුවෙන්
http://pradeepot.blogspot.com