ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page උපත්_පාලන ක්‍රම???
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,412
Join Date: May 2012
laugh උපත්_පාලන ක්‍රම??? - 06-12-2012, 11:48 AM

ලිපියනම් ගොඩාක් දිගය් ඒ වුනාට සැරින් සැරේට හරි කියවන්න හැමෝටම වැදගත් වෙය්



mama katta wisin copy past karana ladhdhak
gaththe pahala link eken
http://wedananasala.org/sinhala/inde...=628&Itemid=82




උපත් පාලන ක්‍රම


• උපත් පාලන ක්‍රම විවිධ වන අතර එක් එක් පුද්ගලයාට සෑම උපත් පාලන ක්‍රමයක්ම නොගැලපෙන අතර එම පුද්ගලයා තුළද විවිධ අවස්ථාවලදී භාවිතා කළ යුතු උපත් පාලන ක්‍රම ඇත.
• උපත් පාලන ක්‍රමයන් සාර්ථක ලෙස හැඳින්වීමට එය ඉතා කාර්යක්ෂම විය යුතු අතර අතුරු ඵල නොතිබිය යුතු වේ. එම ක්‍රමය ලාබදායි විය යුතු අතර එය පහසුවෙන් ලබාගත හැකි එකක් විය යුතුය. ඊට අමතරව එය විවිධ සංස්කෘතින්ට හා ආගම්වලට ගැලපිමක් සිදු විය යුතුවේ. එමෙන්ම දරුවකු පිළිසිඳ ගැනිමට අවශ්‍ය විට උපත් පාලන ක්‍රමය නතර කළ පසු එය බාධාවක් නොවිය යුතුය.
• මෙම උපත් පාලන ක්‍රම පැරණි හා නූතන ක්‍රම ලෙස වර්ග දෙකකට බෙදා දැක්විය හැක. පැරණි ක්‍රම එතරම් සාර්ථක නොවන බැවින් නූතන ක්‍රම භාවිතය සඳහා උනන්දු කළ යුතු වේ.
• පැරණි ක්‍රමවලට උදාහරණ ලෙස කැලැන්ඩර් ක්‍රමය, මූලික දේහ උෂ්ණත්ව ක්‍රමය, ගැබ්ගෙල ස්‍රාව වෙනස්කම් උපයෝගි කර ගනිමින් යොදා ගත් ක්‍රම දැක්විය හැකිය.
• නූතන ක්‍රම හෝමෝනමය උපත් පාලන ක්‍රම හා බාධක ක්‍රම ලෙස නැවත වර්ග දෙකකට බෙදා දැක්විය හැක.
• හෝමෝනමය ක්‍රම ලෙස නික්ෂේපන ක්‍රම (ඩිපෝප්‍රෙවේරා), හෝමෝන මුදා හැරින ලූප දැක්විය හැක.
• බාධක ක්‍රම ලෙස උපත් පාලන කොපු (කාන්තා හා පුරුෂ), ශුක්‍රණු නාශක ඩයෆ්රමය දැක්විය හැක.
• එමෙන්ම ස්ත්‍රී හා පුරුෂ වන්ද්‍යකරණය නූතන වෛද්‍යක්‍රමවලට අනුව සිදු වන අතර එය බොහෝවිට සදාකාලීන වේ.
• වන්ද්‍යකරණය හැරුණු විට භාවිත වන ක්‍රම අතරින් වඩා කාර්යක්ෂම වන්නේ හෝමෝන නිකුත් කරන ලූප අතර, ඩිපෝ ප්‍රොවේරා, උපත් පාලන පෙතිද කාර්යක්ෂම ලෙස ගැනේ. උපත් පාලන කොපු හා ශුක්‍රාණු නාශක එතරම් කාර්යක්ෂම නොවන අතර 2.5% ක් අතර පිරිසකට ගැබ්ගැන්මක් සිදු විය හැක.
• ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන නූතන උපත්පාලන ක්‍රමය වනුයේ ඩිපෝ ප්‍රොවේරා වේ. ඉන්පසු වැඩි පිරිසක් භාවිත කරනුයේ උපත් පාලන පෙති වන අතර ලූප භාවිතා කරන සැලකිය යුතු පිරිසක් ද ඇත.


උපත් පාලනය සඳහා භාවිත කරන පැරණි ස්වාභාවික ක්‍රම 1

∎ පැරණි ස්වාභාවික උපත් පාලන ක්‍රමවලදී ආර්තව චක්‍රයේ සරු හා නිසරු කාලයේ පෙන්වන ලක්ෂණ උපයෝගි කර ගනී.
ඒ අතුරින් කැලැන්ඩර් ක්‍රමය, මූලික දේහ උෂ්ණත්ව ක්‍රමය වඩා වැදගත් වේ.
මවු කිරි පමණක් ලබා දීම
ගැබ් ගෙල ස්‍රාවය මගින් සරු කාලය නිර්ණය කිරීම
කැලැන්ඩර් ක්‍රමය

∎ කැලැන්ඩර් ක්‍රමය අනුගමනයට පෙර කාන්තාව විසින් අවම වශයෙන් චක්‍ර හයකවත් චක්‍රයකට අයත් දින ගණන ගණනය කළ යුතුවේ.

∎ මාසික ශුද්ධිය පටන් ගන්නා දවස පළමු දිනය ලෙස ගනු ලැබේ.


සරු කාලය ගණනය කිරිම

• ප්‍රථමයෙන් එම කාන්තාවගේ කෙටිම ආර්තව චක්‍රයෙන් දින දහඅටක් අඩු කළ යුතු අතර දිගම ආර්තව චක්‍රයෙන් දින දහයක් අඩු කළ යුතුය.
• එවිට ලැබෙන මූල් අගය සරු කාලයේ පළමු දවස අතර දෙවන අගය සරු කාලයේ අවසාන දිනය වේ.
• මෙම කාලය තුළ සංසර්ගයෙන් වැළකි සිටීම කළ යුතුවේ.
• කැලැන්ඩර ක්‍රමයේදී පහත දෑ උපකල්පනය කෙරේ.

1 අණ්ඩයට සංසේචනය විය හැක්කේ ඩිම්බහරණය සිදු වී පැය 24 ක් තුළය යන වග
2 ශුක්‍රාණුවලට පැය 48ක පමණ කාලයක් පමණ සංසේචනය වී යුක්තාණුවක් ඇති කිරීමේ හැකියාව
ඇති බව
3 ඩිම්බහරණය දින 12-16 ත්අතර සිදු වන බව

සාර්ථක අසාර්ථක භාවය
සාමාන්‍යයෙන් 25%ක පමණ අසාර්ථක වේ.


උපත් පාලනය සඳහා භාවිත කරන පැරණි ස්වාභාවික ක්‍රම 11

දේහ උෂ්ණත්ව ක්‍රමය

∎ අනිත් ස්වාභාවික උපත් පාලන ක්‍රමය වනුයේ දේහ උෂ්ණත්ව ක්‍රමයයි.

∎ එහිදි ඒ සඳහා විශේෂිත වූ උෂ්ණත්වමාන භාවිතා කරනු ලැබේ.

∎ මෙහිදී උෂ්ණත්වමානය ඇඳ අසලම තිබිය යුතු අතර රාත්‍රීයේ නින්දට යාමට පෙර එය ගසා එහි උෂ්ණත්වය 35°c ට වඩා අඩු අගයක තිබිය යුතු වේ.

∎ උදේ අවදිවීමෙන් පසු ඇඳෙන් බැසිමට පෙර උෂ්ණතවය මැනිය යුතු වේ. උෂ්ණත්වමානය මුඛයේ තබා උෂ්ණත්වය මැනීම ප්‍රමාණවත් වේ.

∎ සෑම විටම එකම උෂ්ණත්වමානය භාවිතා කළ යුතු අතර උෂ්ණත්මානය බිඳී ගිය හොත් භාවිතයට අතිරේක උෂ්ණත්වමානයක් තිබිය යුතුවේ.

∎ එලෙස මැනගන්නා ලද උෂ්ණත්වය ප්‍රස්ථාරයක සටහන් කළ යුතු වේ.

∎ උෂ්ණත්වය සිරස් අක්ෂයටත් දින ගණන තිරස් අක්ෂයටත් ගෙන ප්‍රස්ථාරය අඳින අතර මාසික ශුද්ධිය පටන් ගන්නා දිනය පළමු දිනය ලෙස යොදා ගනී.

∎ එම මැනගන්නා උෂ්ණත්ව රෙඛාවකින් යා කළ යුතු අතර අලුත් ආර්තව චක්‍රයක් සඳහා අලුත් ප්‍රස්ථාරයක් ඇඳිය යුතුවේ.

∎ ඩිම්බ හරණයෙන් පසු උෂ්ණත්වය 0.2°c කින් පමණ වැඩිවන අතර එම වැඩිවීම අනිත් ආර්තව චක්‍රය පටන් ගන්නා තුරුම පවතී.

∎ ඩිම්බ හරණය වී ඇති ලෙස ගනු ලබන්නේ එක දිගට දින තුනක උෂ්ණත්ව ඊට පෙර ඇති දින හයක උෂ්ණත්ව වලට වඩා වැඩි අගයන් පෙන්වුවහොත් පමණි.

∎ එවිට නිසරු කාලය ලෙස ගනු ලබන්නේ එම උෂ්ණත්ව වැඩි වී දින තුනකට පසු සිට ඊළග ආර්තව චක්‍රය පටන්ගන්නා දින දක්වාය.


මෙම ක්‍රමයේ ඇති වාසි

∎ හෝමෝන හාවිතය නිසා සිදුවන අතුරු ආබාධ නොමැති වීම
∎ ආගමික හේතුන් මත හාවිත කළ හැකි එකම ක්‍රමය මෙය වීම.
∎ මෙම ක්‍රමයෙන් ඉවත් වීමත් සමග ඉක්මනින්ම දරුවන් ලැබීමේ හැකියාව සාමාන්‍ය තත්ත්වයට පත් වීම.


මෙම ක්‍රමයේ අවසිදායක තත්ව
∎ මෙය හාවිත කළ හැක්කේ ක්‍රමවත් ඔසප් චක්‍ර පවතින කාන්තවන්ට පමණි.
∎ සමාජ රෝගවලීන් ආරක්ෂාව නොලැබේ.


මවු කිරි පමණක් ලබා දීම මගින් උපත් පාලනය හා ගැබ් ගෙල ස්‍රාවය මගින් සරු කාලය නිර්ණය කිරීම
මවු කිරි පමණක් ලබා දීම

• මව් කිරි ලබා දීමේදී ප්‍රොලැක්ටින් ස්‍රාවය වැඩිවන අතර එමගින් ඩිම්බ මෝචනය සිදු වීම වැළකීමත් සිදු වේ. ඩිම්බ මෝචනය සිදු නොවන කාලය එක් එක් පුද්ගලයාට වෙනස් වන අතර එය මව් කිරි දෙන වාර හා කාල මත රදා පවතී මෙම ක්‍රමය මවට මාස ශුද්ධිය ඇතිවන තෙක් බොහෝ දු රට සාර්ථක වන අතර ඉන්පසු ඇය විසින් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කළ යුතු වේ.

• මෙම ක්‍රමය නිවැරදි ව භාවිත කරන්නේ නම් පළමු මාස හය තුලදී නැවත ගර්භණි තත්වයට පත්වුයේ 0.5% ක් වැනි සුලු පිරිසකටය. නමුත් මව් කිරි දීම සාර්ථක නොවීම හේතුවෙන් එය බොහෝ දුරට 2% දක්වා වැඩිවේ.


මෙම ක්‍රමයේ ඇති වාසි

∎ මෙම ක්‍රමය දරුවා බිහි වූ පසු සිටම ආරක්ෂාව සැපයීම සිදු කරයි.
∎ ප්‍රසූතියෙන් පසු මවගේ බර අඩු වීමටද උපකාර වේ.


මෙම ක්‍රමයේ අවසාදායක තත්ව

∎ නැවත සරු බවට පත් වන කාලය නිශ්ච්තව දැන ගත නොහැකි වීම.
∎ මව එච්.අයි.වී ආසාදිතයකු නම් මෙම ක්‍රමය භාවිතා කිරීමට නොහැකි වීම.

ගැබ් ගෙල ස්‍රාවය මගින් සරු කාලය නිර්ණය කිරීම

• ආර්තව චක්‍රයේ මුල් කාලයේ ඊස්ට්‍රජන් වල බලපෑම හේතුවෙන් ගැබ්ගෙල ස්‍රාවය වීම වැඩිවන අතර එය එය ඇදෙන සුලු ස්වභාවයකට පත්වේ.
• ඩිම්බ හරණයෙන් පසු සිදු වන ප්‍රොජෙස්ටරෝන් වැඩි වීම හේතුවෙන් ගෑබ්ගෙල ස්‍රාවය අඩුවන අතර එය වියළි ස්වභාවයක් පෙන්වයි. මෙම තත්වය මාසික ශුද්ධිය වන තුරුම පවතී.
• ගැබ්ගෙල ස්‍රාවය අධික හා ඉතාමත් ඇදෙන සුලු තත්වයට පත් වී දවස් හතරකට පසු හා අනිත් ආර්තව චක්‍ර මාස ශූද්ධිය වන කාලය ආරක්ෂිත කාලය ලෙස දැක්විය හැක.



සංයුක්ත උපත් පාලන පෙති

∎ උපත් පාලන පෙතිවල අන්තර්ගත හෝමෝන ලෙස ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටජන් දැක්විය හැක.
∎ උපත් පාලන පෙති භාවිතය පහසු අතර එය ඉතා කාර්යක්ෂම වන අතර එමගින් වාසිදායක ප්‍රතිඵලද ලබාගත හැකි වේ.
∎ මෙම පෙතිවල ඇති හෝමෝන පිටියුටරි ග්‍රන්ථයේ හෝමෝන නිෂ්පාදනය වළකන බැවින් ඩිම්බකෝෂ මගින් ඩිම්බ මෝචනය වීම වළක්වයි. එම නිසා සංසේවනයට අවශ්‍ය වන ඩිම්බ නොමැති වීමෙන් ගැබ් ගැනීම වැළකේ.
∎ මෙම උපත් පාලන ක්‍රම භාවිත කළ නොහැකි අවස්ථාද ඇත.
ඉස්කිමියාව
පාලනය කළ නොහැකි අධික රුධිර පිඩනය
ආඝතය
ලේ කැටි ගැසිමේ රෝග
දැඩි ලෙස පවතින අක්මා රෝග
පියයුරු පිළිකා ආදිය දැක්විය හැක.


උපත් පාලන පෙති භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ
වමනය
ඔක්කාරය
බර වැඩිවීම
හිසරදය
මානසික අවපීඩනය
පියයුරුවල වේදනා
කෙණ්ඩ පෙරලීම දැක්විය හැක.


උපත් පාලන ක්‍රම භාවිතයෙන් ලැබෙන වාසිදායක ප්‍රතිඵල

∎ මාසික ශුද්ධිය ක්‍රමවත්ව හා වේදනා රහිතව වීම වඩා වැදගත් වේ.
∎ එසේම දීර්ඝ කාලීනව ඩිම්බ කෝෂ හා ගර්භාෂයේ පිළිකා වලින් ආරක්ෂාවද ලැබේ.
∎ කුරුලෑ සුවකිරීම් ඖෂධයක් ලෙසද භාවිතා කළ හැක.


උපත් පාලන පෙති භාවිත කළ යුතු අයුරු

∎ උපත් පාලන පෙති ආරම්භ කළ යුත්තේ මාසික ශුද්ධියේ පළමු දිනයේදීය.
∎ එය උදෑසන හෝ රාත්‍රී ආහාරය සමග ගත යුතු වේ.
∎ එය සෑම දිනකම එක වේලාවක ගැනීම වැදගත්වේ.
∎ උපත් පාලන පෙති කාඩ්පතක අන්තර්ගත වන අතර එක් ආර්තව චක්‍රයක ආරම්භයේ සිට, ඊළග ආර්තව චක්‍රය දක්වා දිනපතා පාවිච්චි කිරීමට සෑහේ.
∎ සාමාන්‍යයෙන් මෙම කාඩ්පතේ පාරදෘශ්‍ය ප්ලාස්ටික් ආවරණයෙන් වැසුණු ගිලින පෙති එක් පැත්තකත්, ඊතල ලකුණු කර ඇති අනෙක් පැත්තක් ඇති අතර එහි දිශාව, පෙති පාවිච්චියට ගත යුතු දිශාව පෙන්නුම් කරයි.
∎ සෑමදිනකම එක පෙත්ත බැගින් ගත යුතු අතර පෙති සියල්ල භාවිත කර අවසාන වූ විට පසුදා සිටම අලුත් පැකට්ටුවක් ආරම්භ කළ යුතුවේ.
∎ මෙම පැකට්ටුවේ මුල් පෙති විසිඑක හෝමෝන පෙති (සක්‍රීය පෙති ) වන අතර ඉතිරි පෙති හතක යකඩ අඩංගු පෙති වේ.
∎ අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් උපත් පාලන පෙතිවල මාත්‍රා වැඩි කළ යුතු බැවින් වෛද්‍යවරයකු හමු වීම වැදගත් වේ. ඇතැම් ප්‍රතිජීවක උපත් පාලන පෙති අවශෝෂණය වීම වළකන බැවින් එම ප්‍රතිජීවක ගන්නා කාලය තුළ හා ඊට පසු සතියක් පමණ උපත් පාලන පෙතිවලට අමතරව වෙනත් ක්‍රමයක් ( උදා : උපත් පාලන කොපු ) භාවිතා කළ යුතු වේ.


පෙති භාවිත කිරිමේදී වෛද්‍යවරයකු හමු වීය යුතු අවස්ථා

∎ කිසියම් ප්‍රශ්නයක් මතු වීම
∎ තද හිසරදයක් ඇති වීම
∎ පෙනිමේ අපැහැදිලිගතියක් ඇති වීම
∎ කකුලේ මස් පිඬුවල වේදනාවක් ඇති වීම
∎ පපුවේ තද වේදනාවක් ඇති වීම
∎ අක්‍රමිකව මාස් ශුද්ධිය ඇතිවීම
∎ අවුරුද්දකට වරක් බර, රුධිර පීඩනය හා පියයුරු පරික්ෂා කිරීමට


ප්‍රොඡෙස්ට්‍රරෝන් පමණක් අඩංගු උපත් පාලන පෙති I

∎ සංයුක්ත උපත් පාලන පෙති වල අඩංගු ප්‍රොඡෙස්ටින් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වෙි. එබැවින් මෙවා කුඩා පෙති (mini pills) ලෙසද හදුන්වනු ලැබේ.

∎ වටිටෝරු 02 ක් භාවිතයේ පවති.
1. නෝඡෙස්ට්‍රල් මයික්‍රො ග්‍රූමි 75 ක් අන්තර්ගත පෙති.
2. නෝතින්ඩ්‍රෝන් මයික්‍රො ග්‍රූමි 350 ක් අන්තර්ගත පෙති.


උපත් පාලනය සිදුවන්නේ කෙසේද?

ක්‍රියාදාමය සංයුක්ත උපත් පාලන පෙති වලට සමාන නමුත් ඊට වඩා කාර්යක්ෂමතාවය අඩු වේ.

1. ඩිමිබහරණයට බාධා පැමිණවිම
මෙම පෙතිවල ඇති හෝමෝන පිටියුටරි ග්‍රන්ථයේ හෝමෝන නිෂ්පාදනය වළකන බැවින් ඩිම්බකෝෂ මගින් ඩිම්බ මෝචනය වීම වළක්වයි. එම නිසා සංසේවනයට අවශ්‍ය වන ඩිම්බ නොමැති වීමෙන් ගැබ් ගැනීම වැළකේ.

2. එල්. එචි හා එෆ්.එස්.එචි හෝමෝන ස්‍රාවය වැළැක්විම
3. ගැබි ගෙල ස්‍රාවයේ ඝනකම වැඩි කිරිම
4. ගර්භාෂයේ ඇතුලු බිත්තිය අධිරෝපණයට නුසුදුසු තත්වයට පත් කිරිම
5. පැලෝපිය නාලවල ක්‍රියාකාරිත්වය අඩු කිරිම

කාර්යක්ෂමතාවය
• කාර්යක්ෂමතාවය වැඩි වනුයේ මෙය දිනපතා ගැනිම මතයි.
• මෙය නිසි අයුරින් භාවිත කරන කාන්තාවන්ගේ 07% ක් පමණ පලමු අවුරුද්ද තුලදි ගැබි ගනු ලැබේ.


ප්‍රොඡෙස්ට්‍රරෝන් පමණක් අඩංගු උපත් පාලන පෙති II
මෙම ක්‍රමයේ ඇති වාසි

1. ඊස්ට්‍රඡන් අන්තර්ත නොවන බැවින් ඉන් සිදුවිය හැකි සංකූලතා සිදු විම අවම වේ.
( රුධිර කැටි ශිරාවල ඇති විම වැනි )
2. ඔසප් විම වේදනා රහිතව සිදුවිම
3. ඔසප් විමේදි අඩු රුධිර ප්‍රමාණයක් පිට විම.
4. මෙම පෙති නැවතිමත් සමග ඉක්මනින් දරුවන් ලැබිමේ හැකියාව ලැබේ.

මෙම ක්‍රමයේ ඇති අවාසි

1. වඩා වැදගත්ම අවාසිය වන්නේ මෙය දිනපතා භාවිත කිරිමට සිදු විමයි.
2. එක පෙත්තක් භාවිතයට නොගතහොත් හෝ එය පමාවුවහොත් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත කිරිමට අවශ්‍ය විම.

∎ බෙහෙත් පෙත්ත සාමාන්‍යයෙන් භාවිත කළ යුතු වෙලාවට වඩා පැය 03 ක් ගොස් ඇත්නමි එය පමාවිමක් ලෙස සලකනු ලැබෙි.

∎ බෙහෙත් පෙත්ත ගැනිමට අමතක වු විට එය මතක් වු සැනින් ගැනමත් අනිත් පෙත්ත නියමිත වෙලාවට ගැනිමත් කළයුතුය. ඊට අමතරව වෙනත් උපත් පාලන ක්‍රමයක් ඊලග දින 02 ක සදහා යොදාගත යුතු වේ.

3. යෝනි මාර්ගයෙන් අක්‍රමවත් ලෙස රුධිරය වහනය විම.
4. ඔසප් විම නැවතිම
5. පියයුරු වේදනා සහගත විම
6. ඔක්කාරය
7. හිසරදය


ලුප භාවිතය I

• ලුප භාවිතය ඉතා කාර්යක්ෂම උපත් පාලන ක්‍රමයක් වේ. ලුප වර්ග දෙවර්ගයක් ඇත.
1. කොපර් අන්තර්ගත ලුපය - කොපර් ටී 380
2. ලෙවනොඡෙස්ට්‍රල් නමි හෝමෝනය නිකුත් කරන ලුපය- මිරෙනා

• කොපර් ටී 380- 1988 දි හදුන්වා දෙනු ලැබු අතර එහි සිරස් බාහුවේ කොපර් වයරය ඔතා ඇත. එහි නුලක් ඇති අතර එය සිරස් බහුව හා සමිබන්ධව ඇත. කොපර් ආලේපිත කොටස් එහි බාහුවලද දක්නට ලැබේ.

• මෙමගින් අවු 10 කට උපත් පාලනය සලසනු ලැබේ.

• මිරෙනා නම් ලුපය කොපර් ටී 380 හැඩයෙන්ම යුක්ත වුවද එහි අන්තර්ගත වනුයේ ප්‍රොඡෙස්ට්‍රරෝන් හෝමෝනයක් වන ලෙවනොඡෙස්ට්‍රල්ය. මින් දිනකට ලෙවනොඡෙස්ට්‍රල් මයික්‍රෝ ග්‍රූමි 20 ක් පමණ නිදහස් කරන අතර එය අවුරුදු 05 කට උපත් පාලන ක්‍රමයක් ලෙස සෑහේ.

• උපත් පාලන ලුප මගින් ගැබිගෙල ස්‍රාවය ඝණ කිරිමත් එමගින් ශුක්‍රාණු චලනය විමත් වළකි. ගර්භ පේෂිවල සංකෝචනයට බධා පැමිණවිමද ඊට හේතුවක් වෙි. එමෙන්ම ගර්භාෂයේ ඇතුලු බිත්තිය අධිරෝපණයට සුදුසු නොවිමද සිදු වේ.

සාර්ථකත්වය
∎ කොපර් ලුප අසාර්ථක වනුයේ 0.6% ක පමණ අවස්ථා වලදිය
මිරෙනා ඉතාමත් සාර්ථක ක්‍රමයක් වන අතර එය අසාරථක වනුයේ 0.1% ක් පමණ අවස්ථා වලදිය


මෙම ක්‍රමයේ ඇති වාසි

∎ මින් ශාරිරික වශයෙන් අතුරු ආබාධ ඇති නො වේ.
∎ එක්ටොපික් නමි තත්ව ඇති විමේ හැකියාව අඩු වුවත් ගර්භනි තත්වයක් ඇති වුවහොත් එය එක්ටොපික් වන අවස්ථාව වැඩි වේ.
∎ මිරෙනා භාවිතයෙන් වේදනාව රහිත අඩු රුධිර ප්‍රමාණයක් පිටවන මාසික ශුද්ධියක් සිදු වේ.


ලුප භාවිතය II

මෙම ක්‍රමයේ ඇති අවාසි

∎ ලුපය ඇතුලු කිරිමේදි ගර්භාෂය පුපුරා යා හැක.
∎ කොපර් ටී 380 භාවිතයේදි මාසික ශුද්ධිය වේදනාකාරි විය හැක.
∎ මුල් ඔසප් චක්‍ර වලදි අධික ලෙස රුධිරය වහනය විය හැක.
∎ ලුපය නොදැනුවත්වම යෝනි මාර්ගයෙන් පිටව යාමෙන් මින් සැපයෙන ආරක්ෂාව නොලැබි යාම
∎ ලිංගිකව සමිප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂාව නොලැබිම.

ලුප භාවිත නොකළයුතු අවස්ථා

∎ ප්‍රඡනක අවයව පෙර ආසාදනයට ලක් වි තිබිම ( පි.අයි.ඩි නමි රෝගි තත්වය)
∎ ගර්භාෂයේ ව්‍යුහය විකෘති වි තිබිම.
∎ යෝනි මාර්ගයෙන් අක්‍රමවත්ව රුධිරය පිටිවිම.
∎ ගර්භාෂයේ හෝ ගැබිගෙලේ පිළිකා
∎ පෙර එක්ටොපික් ගර්භනි තතවයන්ට මුහුණ දි තිබිම
∎ ආසාදන වලට ලක් විමට වැඩි නැඹුරුවක් ඇති කාන්තාවන්
ලියුකේමියා රෝගින්
දියවැඩියා රෝගින්
හෘද කපාටවල රෝගි තත්වයන්
ඒඩිස් රෝගින්
∎ ගර්භනි මවිවරු
∎ ගර්භනි තත්වය සැක කරන විට
∎ ගර්භාෂයේ හෝ ගැබිගෙලේ ආසාදන ඇති විට
∎ විල්සන් නමි රෝගි තත්වයේදි කොපර් ටී 380 භාවිත නොකළ යුතු වෙි.
∎ කොපර් වලට අසාත්මික තත්වයක් ඇත්නමි කොපර් ටී 380 භාවිත නොකළ යුතු වෙි.



රෝපණය කරනු ලබන උපත් පාලන ක්‍රම ( Implants) I

• නෝප්ලාන්ට් ක්‍රමයේදි සිලිකොන් රබර් දඩු 06 ක් රෝපණය කරනු ලැබේ.
• එකක් මි.මි34ක් දිග හා මි.මි 2.4 ක විශ්කමිභයකින් යුක්ත අතර ලෙවනොඡෙස්ට්‍රල් මි.ග්‍රූ 36 ක් අන්තර්ගත වේ.
• සාමාන්‍යයෙන් පළමු අවුරුද්ද තුළදි දිනකට ලෙවනොඡෙස්ට්‍රල් මයික්‍රො ග්‍රූමි 80ක් පමණ නිදහස් කරනු ලැබේ. ඉන්පසු අවුරුදුවලදි මෙම ප්‍රමාණය ක්‍රමයෙන් අඩු විමට ලක් වේ.
• එය ඔසප් චක්‍රයේ පළමු සතිය තුල රෝපණය කළේ නමි උපත් පාලනය පැය 24 ක් තුල පටන් ගැන්මක් සිදුවේ.
• මෙම දඩු අධෝචර්මිය ලෙස ස්ත්‍රියගේ බාහුවේ තැම්පත් කරනු ලැබේ.
• මේවා බාහිරව පෙන්නුමි කෙරෙන අතර ඇල්ලිම මගින් පහසුවෙන් එය ඇති ස්ථානය හදුනාගත හැකි වේ.


මෙහි ක්‍රියාකාරිත්වය සිදු වන්නේ කෙසේද?

∎ එල්.එචි හෝමෝනය ස්‍රාවය විම වැළකිම
∎ ඩිමිබහරණය වැළකිම
∎ ගැබිගෙල ස්‍රාවය අඩුකිරිම
∎ ගැබිගෙල ඇතුලු බිත්තිය අධිරෝපණයට නුසුදුසු තත්වයකට පත් කිරිම


කාර්යක්ෂමතාවය
පළමු අවුරුද්ද තුළදි සිදු විය හැකි ගැබි ගැනිමි 0.2% ක් වන අතර එය පස් වන අවුරුද්දේ 1.1% දක්වා වැඩි වේ.

මෙම ක්‍රමය වඩාත් සුදුසු වන්නේ කා හටද?

∎ දරු ප්‍රසුතියෙන් පසුව
∎ මවි කිරිදෙන කාන්තාවන්ට
∎ වෙනත් උපත් පාලන ක්‍රම දිනපතා ගැනිම හොදින් සිදු නොකරන කාන්තාවන්
∎ රෝග හේතුකොට ගර්භනි විම නුසුදුසු කාන්තාවන්
∎ ඊස්ට්‍රඡන් දිම නුසුදුසු කාන්තාවන්


රෝපණය කරනු ලබන උපත් පාලන ක්‍රම ( Implants) 11

මෙහි ඇති වාසි

∎ මෙම ක්‍රමයෙන් දිගු කාලයක් උපත් පාලනය සැපයිම
∎ ඊස්ට්‍රඡන් අන්තර්ගත නොවිම
∎ මෙම දඩු ඉවත් කිරිමත් සමග ඉක්මනින්ම සරු භාවයට පැමිණිම
∎ මවි කිරි නිෂ්පාදනයට බාධා නොපැමිණිම

මෙහි ඇති අවාසි
∎ සුලු සැත්කමක් කිරිමට සිදුවිම
∎ මෙය ඉවත් කිරිම අපහසු කාර්යක් විම
∎ ඔසප් විම අක්‍රමවත් විම
∎ හිසරදය
∎ කුරුලෑ ඇති විම
∎ මානසික තත්වය වෙනස්කම් වලට භාඡනය විම
∎ අනවශ්‍ය රෝම හට ගැනිම
∎ පියයුරු වලින් ශ්‍රාවයන් පිටවිම


මෙය භාවිත නොකළ යුතු තත්ව

∎ මිට පෙර අවස්ථාවලදි කකුලේ ශිරා වල රුධිර කැටි ඇති විම හෝ එම රුධිර කැටි පුප්ඵුසිය ධමනිය අවහිර කර තිබිම.
∎ යෝනි මාර්ගයෙන් අක්‍රමවත් ලෙස රුධිර වහනය සිදු විම
∎ උග්‍ර අක්මා රෝග
∎ අක්මාවේ පිළිකා
∎ පියයුරු පිළිකා තිබිම හා පිළිකා තිබෙන බවට සැක සහිත අවස්ථා
∎ මෂ්තිෂ්ක සුෂුමිනා තරලයේ පිඩනය වැඩි විට.


රෝපණය කරනු ලබන උපත් පාලන ක්‍රම ( Implants) 111

භාවිත කිරිමේ දි සැලකිලිමත් විය යුතු තත්ව
∎ දුමි පානය සිදු කරන විට
∎ එක්ටොපික් ගර්භ පිළිබද ඉතිහාසයක් තිබිම.
∎ දියවැඩියාව
∎ කොලෙස්ටරෝල් වැඩි විම
∎ කුරුලෑ අධික ලෙස තිබිම
∎ අධික රුධිර පිඩනය
∎ විශාදයෙන් පෙළිම

ඉම්ප්ලැනොන්
∎ ඉම්ප්ලැනොන් නමි ක්‍රමයේදි තනි දඩුවක් භාවිත කෙරේ.
∎ එය සෙ. මි. 4 ක් දිග වන අතර විශ්කමිභය මි. මි. 2 ක් පමණ වේ.
∎ මෙහි එටොනොඡෙස්ට්‍රල් මි. ග්‍රූ. 68 ක් අන්තර්ගත වේ.
∎ මෙම උපත් පාලන ක්‍රමය අවු. 03 කට සෑහේ.
∎ ඉමිප්ලැනොන් , නෝප්ලාන්ට් වලට වඩා වැඩි අවස්ථා ගණනකදි ඔසප් විම නැවැත්විම හෝ දිගුකලකට වරක් ඔසප් විම සිදු කරයි.
∎ එමෙන්ම ඉමිප්ලැනොන් භාවිතයේදි පහත අතුරු ආබාධ සිදුවිම අඩු වේ.
1 බර වැඩි විම
2 හිසරදය
3 කුරුළෑ ඇති විම

∎ ඉමිප්ලැනොන් මගින් අස්ථි ඛාදනය විමක් සිදු නොවන බව හදුනාගෙන ඇත.
∎ මෙම දඩුව ඉවත් කර සති 03 ක් ඇතුලත ඩිමිබහරණය විම නැවත පටන් ගනු ලැබේ.





උපත් පාලන කොපු I
පුරුෂ උපත් පාලන කොපු

• යෝනි මාර්ගයට ශිශ්ණය ඇතුලු කිරිමට පෙර මෙය පළදනු ලැබේ.
• මෙය ඡනප්‍රියතම බාධක ක්‍රමයක් වේ.
• බාධක ක්‍රම අතුරින් ලිංගිකව සමිප්‍රේෂණය වන රෝග වලින් වඩා වැඩි ආරක්ෂාවක් මින් සැපයෙනු ලැබේ.
• මෙයින් ගර්භනි භාවය වළක්වනුයේ ශුක්‍රානු යෝනි මාර්ගය තුලට ඒම වැළැක්විමෙනි.


කාර්යක්ෂමතාවය
• නිවරදිව භාවිත කරන්නේ නමි පළමු අවුරුද්ද තුළ දි ගැබ් ගනුයේ 3 % ක් පමණ පිරිසකි.
• නමුත් සාමාන්‍ය භාවිතයේ දි එය 14 % දක්වා වැඩි වේ. මෙයට හේතුව වනුයේ භාවිතය නිසි ලෙස සිදු නොකිරිමයි.


මින් ලැබෙන වාසි

∎ උපත් පාලන කොපු පහසුවෙන් ලබා ගත හැක
∎ මිල ඉතා අඩුය
∎ ගර්භනි විමෙන් වැළකේ .
∎ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂාව සැපයේ.
∎ ලිංගික සංසර්ගයේ යෙදෙන විට පමණක් භාවිත කරන බැවින් අ‍විවාහක අයට සුදුසු වේ.


අවාසිදායක තත්ව
∎ රබර්වලට අසාත්මික තත්වයක් පෙන්නුම් කරන පුද්ගලයන්ට භාවිත කළ නොහැකි වේ.
∎ මෙහි කාර්යක්ෂමතාවය උපත් පාලන කොපු පුපුරා යාම හා ගැලවි යාමෙන් අඩු වේ.



උපත් පාලන කොපු II

ස්ත්‍රි උපත් පාලන කොපු
∎ මෙය පොලියුරිතේන් වලින් නිෂ්පාදනය කර ඇත.
∎ පුරුෂ උපත් පාලන කොපු මෙන් වරකට එක බැගින් භාවිත කළ යුතුය
∎ මෙහි නම්‍යශිලි මුදු 02 ක් ඇති අතර විශ්කමිභය සෙ.මි 7.8 ක් ද දිග සෙ.මි 17 ක් ද වේ.
∎ මෙමගින් ගර්භනි විම වැළකෙන්නේ ශුක්‍රාණු යෝනි මාර්ගය තුළට ඒමට බාධා කරන බැවිනි.
∎ පුරුෂ හා ස්ත්‍රි උපත් පාලන කොපු එකවර භාවිත කිරිම අනුමත නොකෙරෙ. ඊට හේතු වන්නේ ඒවා ගැලවි යා හැකි බැවිනි.


කාර්යක්ෂමතාවය
මාස 06 ක් තුලදි ගැබි ගන්නා ප්‍රමාණය 15% ක් පමණ වෙි.


මෙමගින් ඇති වාසි
∎ ලිංගිකව සමිප්‍රේෂණය වන රෝග වලින් යමි ආරක්ෂාවක් සැපයේ
∎ මෙය ලිංගික සංසර්ගයට පැය 08 කට පෙර වුවද පැළදිය හැකි වේ.


මෙමගින් ඇති වන අවාසිදායක තත්ව

∎ මෙය යෝනි මාර්ගය තුළට ඇතුලු කිරිම අපහසු කාර්යයකි.
∎ මෙහි ශුකාණු නාශක අන්තර්ගත නොවෙි.
∎ ඇතුලත පවතින මුදුව හේතුවෙන් කාන්තාවට අපහසුතාවයක් දැනේ.
∎ දිගු කාලයක් යෝනි මාර්ගයේ තබාගත හොත් මුත්‍රා ආසාදන ඇතිවිය හැක.



හදිසි අවස්ථාවකදි අනවශ්‍ය ගැබ්ගැනීම් වළකා ගත හැකි පෙති


∎ අනවශ්‍ය ගැබ් ගැනීම් නවතා ලීම යන්නෙන් අදහස් කෙරෙනුයේ පවුල් සැලසුම් ක්‍රමවලින් තොරව ලිංගික එක් වීමකදී හෝ පවුල් සැලසුම් ක්‍රමයන්ගේ සිදු වන අනපේක්ෂිත අවස්ථාවන්හිදී ( උපත් පාලන කොපු පුපුරා යාම ) හෝ අතපසුවීම් නිසා සිදු විය හැකි ගැබ්ගැනිම් වළකා ලීමයි.

∎ මේ සඳහා ඇති සාර්ථක ක්‍රමය වනුයේ හදිසි අවස්ථාවක ගැබ් ගැනිම් නවතා ලන ගිලින පෙත්තයි.

∎ මෙම පෙති පොස්ටිනොර් - 2 යන නමින් හැඳින්වෙන අතර මෙහි හෝමෝන අන්තර්ගත වේ.

∎ අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් පසු දින තුනක් ගතවීමට පෙර එක පෙත්තක් ගත යුතු අතර ඊට පැය දොළහ කට පසු දෙවන පෙත්ත ගත යුතුවේ.

∎ මෙම පෙති 100% ක් අනවශ්‍ය ගැබ් ගැනිම් වළක් නොවන නමුත් 75% ක් පමණ වළක්වා ලීමේ හැකියාවක් ඇත.

∎ මෙලෙස ගැබ් ගැනීමට වැළකෙන හේතු නිශ්චිතව සොයාගෙන නැති නමුත් ඩිම්බ හරණය වැළකීම හෝ පිටව ඇති ඩිම්බම ගර්භාෂයේ තැන්පත් වීම වැළක්වීම වැනි හේතු ඇතැම් විට බලපානු ඇත.

∎ මෙම පෙතිවලින් වමනය, ඔක්කාරය ඇතිවිය හැකි බැවින් ආහාර වේලකට පසු ගැනිමෙන් එය අවම කළ හැක.

∎ වමනය පැය දෙකක් තුළ සිදු වුවහොත් නැවතත් පෙත්තක් ගත යුතුවේ.

∎ මෙම පෙති භාවිතයෙන් පසු අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදු වුව හොත් එයට ආරක්ෂාව මින් නොලැබේ.

∎ මෙම පෙතිවල කියාකාරිත්වය භාවිත කළ සැණින් දැන ගත නොහැකිය.

∎ මෙම පෙති භාවිත කළ පසු මාසික ශුද්ධිය දින කිහිපයක් පෙර හෝ පසු විය හැක.

∎ එහෙත් මාසික ශුද්ධිය සතියකට වඩා පමා වුවහොත් ගැබ් ගෙන ඇත්ද යන්න පරීක්ෂා කළ යුතු බැවින් වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වේ.

∎ පෙති ක්‍රියාත්මක නොවී ගැබ්ගත හොත් දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව එය සාමාන්‍ය ගැබ්ගැනීමක් වන අතර එයින් දරුවාට කිසිදු හානියක් සිදු නොවේ.

∎ මෙම පෙති හදිසි අවස්ථා සඳහා පමණක් වන අතර ගැබ්ගැනිම් වළකන සාමාන්‍ය ක්‍රමයක් ලෙස භාවිත නොකළ යුතු අතර ඉදිරියේදී ඇතිවන ගැබ් ගැනීම් වළකා ගැනීමට සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කළ යුතු වේ.







තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් දාන්න
මතක ඇතුව

Last edited by මම කට්ටා; 06-12-2012 at 11:54 AM.
Reply With Quote
(#2)
Old
supu's Avatar
supu supu is offline
Senior Member
supu has a spectacular aura aboutsupu has a spectacular aura aboutsupu has a spectacular aura aboutsupu has a spectacular aura about
 
Posts: 385
Join Date: Sep 2006
06-12-2012, 11:52 AM

bump
Reply With Quote
(#3)
Old
sudumalli2009's Avatar
sudumalli2009 sudumalli2009 is offline
Senior Member
sudumalli2009 is a glorious beacon of lightsudumalli2009 is a glorious beacon of lightsudumalli2009 is a glorious beacon of lightsudumalli2009 is a glorious beacon of lightsudumalli2009 is a glorious beacon of lightsudumalli2009 is a glorious beacon of lightsudumalli2009 is a glorious beacon of lightsudumalli2009 is a glorious beacon of lightsudumalli2009 is a glorious beacon of lightsudumalli2009 is a glorious beacon of lightsudumalli2009 is a glorious beacon of light
 
Posts: 7,975
Join Date: Jul 2010
Location: අනේ මන්දා...
06-12-2012, 11:53 AM

bump
Reply With Quote
(#4)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,412
Join Date: May 2012
06-12-2012, 11:55 AM

Reply With Quote
(#5)
Old
ctpgamage ctpgamage is offline
Senior Member
ctpgamage is on a distinguished road
 
Posts: 697
Join Date: Jul 2009
06-12-2012, 12:00 PM

thanks....
Reply With Quote
(#6)
Old
ucakila's Avatar
ucakila ucakila is offline
Senior Member
ucakila is a glorious beacon of lightucakila is a glorious beacon of lightucakila is a glorious beacon of lightucakila is a glorious beacon of lightucakila is a glorious beacon of lightucakila is a glorious beacon of lightucakila is a glorious beacon of lightucakila is a glorious beacon of lightucakila is a glorious beacon of lightucakila is a glorious beacon of lightucakila is a glorious beacon of light
 
Posts: 1,968
Join Date: Mar 2007
Location: gelioya-Kandy
06-12-2012, 12:06 PM

bump
Reply With Quote
(#7)
Old
dwpsg's Avatar
dwpsg dwpsg is offline
Senior Member
dwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of light
 
Posts: 3,687
Join Date: Nov 2011
Location: ඔබෙ ලගම.
Send a message via Yahoo to dwpsg
06-12-2012, 01:02 PM

thx macho...ela..
Rep iwarai....
Reply With Quote
(#8)
Old
hspa3.5's Avatar
hspa3.5 hspa3.5 is offline
Senior Member
hspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nice
 
Posts: 2,603
Join Date: Sep 2009
Location: meegoda
06-12-2012, 01:04 PM

bump
Reply With Quote
(#9)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is offline
Senior Member
Kumara456 is a glorious beacon of lightKumara456 is a glorious beacon of lightKumara456 is a glorious beacon of lightKumara456 is a glorious beacon of lightKumara456 is a glorious beacon of lightKumara456 is a glorious beacon of lightKumara456 is a glorious beacon of lightKumara456 is a glorious beacon of lightKumara456 is a glorious beacon of lightKumara456 is a glorious beacon of lightKumara456 is a glorious beacon of light
 
Posts: 12,618
Join Date: Jan 2008
06-12-2012, 01:06 PM

බම්ප්
Reply With Quote
(#10)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,412
Join Date: May 2012
06-12-2012, 01:07 PM

Quote:
Originally Posted by dwpsg View Post
thx macho...ela..
Rep iwarai....
AYYO REP EPA

CMNT EKA ATHI
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.21314 seconds with 6 queries