දුවේ නුඹ දන්නවානම්........
'දුවෙක් උපන්නා'
නර්ස් නෝනා පැවසූ සැණින්
ඉපිල ගිය සතුටින්
වාට්ටුවට දුවගෙන යනවිට
එකෙක් කියනු ඇසුණා
'කොල්ලෙක් හම්බවෙලා ඇති'
සිහිය ආ සැණින්
බිරිඳ ළඟට දිව ගියෙමි මම
කඳුලු පිරි දෙනෙතින්
වරදකාරී හැඟුමෙන්
බලා සිටියා
අසරණව මාදෙස
ඇමතීමි මා මවට එසැණින්
'අම්මේ දූ පොඩිත්තක්'
අයියෝ... කියවුනි ඇයට
'දැන් ඉතින් මක් කොරන්නද
කෝකත් එක ගහේ ගෙඩි නොවැ'
ගත්තෙමි හොඳම මිතුරාට
හිත හැදෙන වදනක් අසන්නට
'ඩෝන්ට් වොරි සනා
ලබන පාරවත් ට්‍රයි එකක් දීපං'
මගේ දුවේ නුඹ
දන්නවානම්.....
quoted from
indunilsindu.com
මේකෙ ඇත්තක් තියෙනවා නේද??
සංවාදයට විවෘතයි.
'දුවෙක් උපන්නා'

නර්ස් නෝනා පැවසූ සැණින්
ඉපිල ගිය සතුටින්
වාට්ටුවට දුවගෙන යනවිට
එකෙක් කියනු ඇසුණා
'කොල්ලෙක් හම්බවෙලා ඇති'

සිහිය ආ සැණින්
බිරිඳ ළඟට දිව ගියෙමි මම
කඳුලු පිරි දෙනෙතින්
වරදකාරී හැඟුමෙන්
බලා සිටියා
අසරණව මාදෙස

ඇමතීමි මා මවට එසැණින්
'අම්මේ දූ පොඩිත්තක්'
අයියෝ... කියවුනි ඇයට

'දැන් ඉතින් මක් කොරන්නද
කෝකත් එක ගහේ ගෙඩි නොවැ'

ගත්තෙමි හොඳම මිතුරාට
හිත හැදෙන වදනක් අසන්නට
'ඩෝන්ට් වොරි සනා
ලබන පාරවත් ට්‍රයි එකක් දීපං'

මගේ දුවේ නුඹ
දන්නවානම්.....

quoted from
indunilsindu.com
මේකෙ ඇත්තක් තියෙනවා නේද??

සංවාදයට විවෘතයි.




