|
උම්මා එකක් -
06-22-2012, 01:23 PM
මෙන්න මේකත් අද ලිව්වේ බලපල්ලා හොදද කියල
අකලට පුරන් වූ සිත් යායම අස්වද්දන්න
ලැබුනා ඉඩක් මැණිකේ ඇවිදින් මා සනසන්න
කොල්ලොත් ගෙදර නෑ වහලේ පොල් අතු සෙලවෙන්නට
ආදරේ කරමු මැණිකේ මට බෑ අද ඉවසන්ට
නාකි විසේ ගෙටත් උසේ මට බෑ අද එන්ට
කොල්ලෝ ගියේ දර කඩන්ට බැරි නැහැ උන් එන්ට
මොනා උනත් බෑ මට උබගේ හිත රිද්දන්ට
උම්මා එකක් දෙන්නම් විගහට නාගෙන එන්ට
එපා මැණිකේ විහිලුවටත් මේ හිත රිද්දන්ට
කලින් ගෙදර ආවෙත් මන් උබේ තනියට ඉන්ට
අනේ තවත්නම් මට බෑ මේ දුක උහුලන්ට
හෙට රැවත් බැරියැයි මට උම්මා එකක් ගන්ට
පිස්සු හුටන් මල කෝලන් මෙයා නටන්නේ
ලෙඩක්ද මේ මිනිහට මන් මොකෝ කරන්නේ
ළමයි ගෙදර අවොත් අපි මොකෝ කරන්නේ
gramexone ගහලයි මිය යන්නට වෙන්නේ
එහෙනම් කොල්ලෝ යන යන මඟ වැඩියෙන් දර වැටීයන්...
එකතු කරනු බැරි තරමට වැඩියෙන් ගොඩ ගැසීයන්.
ගෙදරට එන පාර අදුරු වී පැයකට වැසීයන්
මැණිකේ පැයයි තියෙන්නේ දැන්නම් මේ ඇඳ කැඩීයන්
|