කුකීස්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුකීස්


    cookie%255B2%255D.jpg

    අන්තර්ජාලයට සම්භන්දිත ඕනෑම පරිඝණකයක නිසැක වශයෙන්ම ඇතුලුවන වැඩසටහන් විශේෂයක් ලෙසින් කුකීස් හැදින්විය හැකිය.මෙම ලිපියෙන් කුකීස් යනුවෙන් හදුන්වන්නේ මොනවාද ඒවායේ කාර්යය කුමක්දැයි ඔබට දැනගත හැකියි.Cookies නමින් හදුන්වන වැඩසටහන් විශේෂය මුල්වරට අන්තර්ජාලයට හදුන්වාදුන්නේ අතීතයේ වෙබ් බ්‍රවුසර් නිපදවීම අතින් ප්‍රසිද්ධියට පත් වී සිටි netscape සමාගමයි.නෙට්ස්කේප� �� නැවිගේටර් නම් බ්‍රවුසරය නිෂ්පාදනය කලේ මොවුන්ය.Cookies යන්නෙහි අර්ථය වන්නේ තාවකාලිකව යම් තොරතුරු ස්වල්පයක් රදවාගෙන සිටින කුඩා වැඩසටහන් විශේෂයක් ගැනයි.

    delete-cookies-ie-2.gif

    වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමේදී ඒවායේ තොරතුරු ස්වල්පයක් පසු ප්‍රයෝජනය සදහා රැගෙනවිත් ඔබට රහසින් පරිඝණකයේ ටෙක්ස්ට් ෆයිල් එකක් ආකාරයෙන් තැන්පත් වල වැඩසටහන් විශේෂයක් ලෙසින්ද මේවා හැදින්විය හැකිය.යම් වෙබ් අඩවියකින් මෙන්ම බැනර් ඇඩ්ස් නමින් හදුන්වන වෙළද දැන්වීම් ඔස්සේද පරිඝණකයට මෙවන් Cookies ලගාවිය හැකියි.එක් වෙබ් අඩවියකට ප්‍රවේශ වුවත් Cookies බොහෝ ගනනක් ඔබගේ පරිඝණකයට හොර රහසින් ඇතුලු වනවා.විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් බඩු භාන්ඩ අලෙවිකරීමේ කාර්යයේ යෙදී සිටින dubleclick.com වැනි වෙබ් අඩවියකට ඔබ පිවිසෙන්නේ නම් එහි ඇත්ත නැත්ත හොදින්ම දැකබලාගත හැකියි.මෙවන් Cookies එකක එක්තරා ආකාරයක හදුනාගැනීමේ අංකයක් එය වලංගුව පවතින කාලසීමාවක් මෙන්ම ක්‍රියාකාරීත්වය නතරවන දිනයක්ද
    සදහන් වෙනවා.එපමණක් නොව ලොගින් නේම් ප්‍රවේශ වූ වෙබ් අඩවි මොනවාද ආදී තොරතුරුද මේවා මගින් රහසින් එකතු කරගෙන ඒවා නිර්මාණය කරන ලද පුද්ගලයන් වෙත ලබාදීම සිදු කරනවා.මේවා ටෙක්ස්ට් ෆයිල්ස් ආකාරයෙන් පරිඝණකයේ තැන්පත් වන නිසා පරිඝණකයේ ඇති සාමාන්‍ය ටෙක්ස් එඩිටර් මෟදුකාංගයක් මගින් විවෘර්ත කරගත හැකියි.නමුත් මේවාගේ ඇති තොරතුරු සාමාන්‍ය කෙනෙකුට කියවා තේරුම් ගත නොහැකියි.නමුත් යම් මෟදුකාංගවලින් මේ කාර්යය ඔබට පහසුවෙන් කරගත හැකියි.උදාහරණයක් ලෙස ජනප්‍රිය පරිඝණක ක්‍රමලේඛකයෙකු වන karen kenworthy විසින්
    නිර්මාණය කරන ලද karen's Cookie viewerමේ සදහා යොදුගත හැකියි.තවත් වැඩසටහන් මෙම
    Cookies පරිඝණකයෙන් සම්පූර්ණයෙන්ම ඉවතර කරගැනීම සදහා යොදාගත හැකියි.

    051807_cookies001.jpg

    Cookies පරිඝණකයේ තැන්පත් වන්නේ කොහේද?

    internet-cookies.jpg

    මෙය තීරණය වන්නේ ඔබ බාවිතා කරන ඉන්ටර්නෙට් බ්‍රවුසරය විසිනි.උදාහරණයක් ලෙස ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් බ්‍රවුසරය මෙවන් කුකීස් තැන්පත් කරගන්නේ එහි ඇති Cookies නම් ෆෝල්ඩරයක් තුලයි.වින්ඩෝස් 98/එම්ඊ වැනි මෙහෙයුම් පද්ධති වලදි මෙම ෆෝල්ඩරය මෙහෙයුම් පද්ධතියටම අයත් උප ෆෝල්ඩරයක් වශයෙන් දැක ගත හැක.නමුත් වින්ඩෝස් එක්ස්පී වලින් පසු මෙහෙයුම් පද්ධති වල දී පරිඝණකය භාවිතා කරන එක එක් පුද්ගලයා සදහා වෙනවෙනම ෆෝල්ඩර්ස් නිර්මාණය කරගනී.ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් බ්‍රවුසරයේදී මෙම Cookies සේව් වීම සිදු වන්නේ ටෙම්පරි ඉන්ටර්නෙට් ෆයිල්ස් නම් ෆෝල්ඩරය තුලයි.ෆයර්ෆොක්ස් නෙට්ස්කේප් වැනි බ්‍රවුසරවලදී මෙම Cookies සේව් වන්නේ Cookies.TXTයනුවෙන් සදහන්වන ෆයිල් එකකයි.මේවා සේව් වන ස්ථානය බ්‍රවුසරය හා බ්‍රවුසර සංස්කරණය අනූවයි.මෙම ෆෝල්ඩරය සොයා ගැනීම සදහා ෆයින්ඩ් හෝ සර්ච් වැනි විධානයක් භාවිතා කල හැක.එසේම Cookies.txt හෝ Cookies යනුවෙන් නම ලබාදී සෙවීම ආරම්භ කල හැකියි.

    Cookies යොදාගන්නේ ඇයි?

    අන්තර්ජාලයට පිවිසෙන්නේ කවුද? ඔහුගේ පුරවැසිභවාය කුමක්ද? යනාදී කරුණු පිලිබදව සොයාබැලීමට කෙනෙක් අන්තර්ජාලයේ නැත.අවශ්‍යතාවය ඉටුකරගත් පසුව පරිඝණකය වසාදැමීම බොහෝදෙනා සිදුකරන දෙයයි.නමුත් මිනිත්තු කිහිපයකින් නැවතත් පෙර අවස්ථාවේදී පිසිවි වෙබ් අඩවියට ඔබ පිවිසෙනවායැයි සිතන්න.එයට ඔබ මෙයට පෙර අදාල වෙබ් අඩවියට පිවිසියේද එහි විවෘත කලේ කිනම් පිටුද යන්න සම්භන්දයෙන් කිසිදු මතකයක් නැත.කුකීස් වලින් සිදුවන්නේ මෙම තත්වයට විසදුමක් ලබා දීමයි.යම් වෙබ් අඩවියකට පිවිසෙනවාත් සමගම පරිඝණකයට එවන Cookie එකකින් ඔබ අදාල වෙබ් අඩවිය තුල දී කල කී දෑ මොනවාදැයි සටහන් කරගැනීම සිදුවේ.පසු අවස්ථාවකදී නැවතත් එම වෙබ් අඩවියටම පිවිසුනු පසුව පෙර අවස්ථාවේ දී ඔබ වෙබ් අඩවියේ දී ලබාදුන් සෙවුම් වචන වැනි දෑ ක්ෂණිකව ලබාගත හැක්කේ Cookies නිසයි.

    cookies-ie.jpg

    නමුත් unofficial Cookie FAQ නමින් හදුන්වන Cookies වල ක්‍රියාකාරීත්වය මෙයා වඩා තරමක් වෙනස් වේ.මෙම Cookies මගින් වෙබ් අඩවි නිර්මාණය කරන්නන්නට අවශ්‍ය කරුණු බොහොමයක්
    දැනගත හැකියි.කෙටියෙන් සදහන් කරනවානම් වෙබ් අඩවියක අන්තර්ගතය එයට පිවිසෙන අයගේ රැචිකත්වය අනූව දිනෙන් දින යාවත්කාලීන කිරීමේ හැකියාව Cookies වලින් ලැබේ.dubleclick, amazon,eBay වැනි වෙබ් අඩවි මෙතරම් ජනප්‍රිය වී ඇත්තේ එනිසයි.

    Expired_Cookies_Cleaner.gif

    Cookies වලින් ඔබේ පෞද්ගලිකත්වයට හානි විය හැකිය

    අන්තර්ජාලය අධ්‍යාපන ආයතන වල සිට රාජ්‍ය සංස්ථා දක්වා විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති මෙවන් යුගයක Cookies වල කාර්යයද සැලකිය යුතු තරමක් වෙනස් වී තිබේ.අන්තර්ජාලය ඔස්සේ වෙලද දැන්වීම් නිර්මාණය කරන්නන් ඔබට විවිධ දැන්වීම් ඉදිරිපත් කිරීම සදහාත් විවිධ දේවල් සම්භන්ද විස්තර ඇතුලත් ඊමේල් පණීවිඩ එවීම සදහාත් Cookies වල උපකාරය ලබා ගනී.එසේම අන්තර්ජාලයේ වෙබ් අඩවිවලට ලබාදෙන ඔබගේ පෞද්ගලික තොරතුරුද සොරකම් කිරීම සදහා මෙම Cookies යොදාගැනීම වර්ථමානයේ සුලභ දෙයකි.කෙසේවෙතත් මේවායින් පරිඝණකයට හානි සිදුවන්නේ අවම වශයෙනි.

    ie8-cookies-2.png

    කුකීස් වලට වැට බැඳීම

    අන්තර්ජාලය පරිහරණය කරන බොහෝදෙනා කුකීස් වල පැමිණීම ගැන එතරම් කරදර නොවන බව පෙනෙන්නට ඇත.මෙයට හේතුව පරිඝණකයට විවිධ වෙබ් අඩවිවලින් ඇතුලුවන කුකීස් නැවැත්වීම තරමක කාලයක් ගතවන මෙන්ම දුෂ්කර කාර්යයක් වන බැවිනි.නමුත් පරිඝණකයට ඇතුලුවන කුකීස්වලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීම නුසුදුසු දෙයක් නොවේ.පැයක පමණ කාලයක් අන්තර්ජාලයේ සැරිසැරීමේදී පරිඝණකයට ඇතුලු වන කුකීස් ගනන 30ක් 40 වැනි ගනනකි.පහතින් දැක්වෙන්නේ මේ සදහා අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.මෙහිදී කල හැකි එක් දෙයක් වන්නේ පරිඝණකයට සියලුම ආකාරයේ කුකීස් ඇතුලු වීම වැලැක්වීමයි.නමුත් මෙය සාර්ථක විසදුමක් නොවේ.සමහර වෙබ් අඩවි වල අන්තර්ගතය ඒ ආකරයෙන්ම දර්ශනය වීමටනම් කුකීස්වල සහාය අවශ්‍ය වේ.මේ සදහා කල හැකි හොදමදෙය වන්නේ අනවශ්‍ය කුකීස් ඉවත්කරමින් වැදගත් කුකීස් තබාගැනීමයි.

    cookies2.png



    cookies1.png


    image0071.png


    ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් බ්‍රවුසරයේ ඇති කුකීස් නම් ෆෝල්ඩරයේ ඇති අනවශ්‍ය කුකීස් එකින් එක ඉවත්කරගත හැකිය.නමුත් මෙය කාලය වැය වන දෙයකි.එසේ නැතහොත් ඔබ භාවිතා කරන වෙබ් බ්‍රවුසරයෙන්ද පරිඝණකයට ඇතුලුවන කුකීස් පාලයන කරගත හැකියි.උදාහරණයක් ලෙස ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් 6 බ්‍රවුසරයේ මේ සදහා විකල්ප කිහිපයක් ලබා දී ඇත.ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේනම් tools> options> privacy යන මෙනුවිධාන ලබා දීමෙන් ලැබෙන සංවාද කොටුව මගින් මෙය සිදුකරගත හැකිය.



    6921879.gif


    6921883.gif
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    පූස් ලොක්ක ඔය කතන්දරේ කියනකන් මාත් දස අතේ කල්පනා කරා ඇයි මේ නිතරම කම්පියුටර් මේසෙ උඩ කූඹි කියල. දැන්නෙ දන්නෙ කුකීස් තියෙන්ව කියල
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Nice post :yes:

    thanx machan
    thanks machanla:D:D
    කලු පූසා;12992655 said:
    පූස් ලොක්ක ඔය කතන්දරේ කියනකන් මාත් දස අතේ කල්පනා කරා ඇයි මේ නිතරම කම්පියුටර් මේසෙ උඩ කූඹි කියල. දැන්නෙ දන්නෙ කුකීස් තියෙන්ව කියල
    :P:P
    godak dawasakin dakke:D
    කලු පූසා;12992665 said:
    ;)
    thanks macha:D:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම දැක්කො නිකක් කොකිස් වගෙ ලොල්
    ගුඩ් පොස්ට් මචා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පූස් ලොක්ක ඔය කතන්දරේ කියනකන් මාත් දස අතේ කල්පනා කරා ඇයි මේ නිතරම කම්පියුටර් මේසෙ උඩ කූඹි කියල. දැන්නෙ දන්නෙ කුකීස් තියෙන්ව කියල
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පූස් ලොක්ක ඔය කතන්දරේ කියනකන් මාත් දස අතේ කල්පනා කරා ඇයි මේ නිතරම කම්පියුටර් මේසෙ උඩ කූඹි කියල. දැන්නෙ දන්නෙ කුකීස් තියෙන්ව කියල
    අනේ පළයන් බන් යන්න බොරු කියන්නේ නැතුව :baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Good Post!
    :D:D:D
    Captain ජැක් ස්පැරෝ;12992889 said:
    Good Post Puus
    TFS :cool:
    :cool::cool::cool::P:love::love:
    පූස් ලොක්ක ඔය කතන්දරේ කියනකන් මාත් දස අතේ කල්පනා කරා ඇයි මේ නිතරම කම්පියුටර් මේසෙ උඩ කූඹි කියල. දැන්නෙ දන්නෙ කුකීස් තියෙන්ව කියල
    :baffled:
    රෙප් දෙන්න වටෙ යන්නලු
    :sorry:
    මම දැක්කො නිකක් කොකිස් වගෙ ලොල්
    ගුඩ් පොස්ට් මචා
    :P:P:love::love::cool: