►►"සාර්ථකත්වය යනු 99%ක් අසාර්ථකත්වයයි" - සො&#351

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ►►"සාර්ථකත්වය යනු 99%ක් අසාර්ථකත්වයයි" - සො&#351

    soichiro-honda2.jpg

    :yes::yes::yes::yes::yes:
    ලෝකයේ පෙරලියක් කල නාමයක් ලෙස අද ලොව සියලු දෙනා අතර ජනප්රියව පවතින නාමයකි, හොන්ඩා. ඒ අන් කවරක් සඳහාවත් නොව යතුරු පැදි සඳහායි. මෙකී හොන්ඩා සමාඟමේ නිර්මාතෘ, වෙනත් අයුරකින් කියතොත් හොන්ඩා යතුරු පැදියේ නිර්මාතෘ වනුයේ 1906දී ජපානයේ කුඩා නගරයක උපත ලද සොයිචිරෝ හොන්ඩා යි. සොයිචිරෝ හොන්ඩා කුඩා කල සිටම යන්ත්ර සූත්ර කෙරෙහි දැඩි ලෙස උනන්දුවක් දැක්වූ අයෙක් වුවත් පාසලේදී ඔහු ඉතා දුර්වල ශිෂ්යයෙක් බවට පත්වුනා. කෙසේ නමුත් හොන්ඩා තුල දැඩි උත්සාහයත්, කැපවීමත් නොඅඩුව තිබුනා. එමෙන්ම හොන්ඩා නව යන්ත්ර සූත්ර සොයාගැනීම කෙරෙහිද උනන්දුවක් දැක්වූවා. ශරීර ශක්තියෙන් ස්වභාවිකවම අඩු පුද්ගලයකු වූ හොන්ඩා ඒ හේතුව නිසාම විවිධ අයගේ උසුළු විසුළු වලට පවා නොමඳව ලක්වුනා.

    වරක් පිහිනීමට ආසාවක් ඇතිවුනු හොන්ඩා, තමාට පිහිනීම උගන්වන ලෙස වැඩිහිටි ළමයකුට පවසා සිටියා. ඔහු හොන්ඩාට කියා සිටියේ පිහිනීම ඉතා පහසු කාර්යයක් බවත් ඒ සඳහා කලයුතු වන්නේ මෙඩෙකා නැමැති මත්ස්යයෙකු ගිලීම පමණක් බවත්ය. මෙය විශ්වාස කල හොන්ඩා මෙඩෙකා මාළුවකු ගිල පසුව වතුරට පැන පිහිනීමට තැත් කලා. නමුත් එය අසාර්ථක වූ විට හොන්ඩා නැවතත් පෙර අවස්ථාවට වඩා විශාල මාළුවකු ගිල පිහිනීමට තැත් කලා. එවරත් එම උත්සාහය අසාර්ථක වුනා. ඔහු නැවත වරක් පිහිනනු වෙනුවට ජලයේ ගිලුණා. කෙසේ නමුත් උත්සාහය අත් නොහැරි හොන්ඩා අන් අය පිහිනන දෙස බලමින් පිහිනීමට තැත් කලා. කාලය ගතවත්ම ක්රමයෙන් හොන්ඩාට පිහිනීමට හැකියාව ලැබුනු අතර මෙය ඔහුට ඇදහිය නොහැකි ප්රාතිහාර්යයක් වුනා. නමුත් පසු කලෙක හොන්ඩා මේ පිළිබඳව පවසා තිබුනේ ප්රාතිහාර්යය පැවතියේ තමාගේ සිත තුලම බවයි.

    කෙසේ නමුත් අවුරුදු පහළොවේදී හොන්ඩා ටෝකියෝ නගරයට පැමිණ ගරාජයක වැඩට එක් වුනා. ඒ තුලින් යන්ත්ර පිළිබඳව මනා දැනුමක් ඔහුට ලැබුනු අතරම වයස අවුරුදු විස්සේදී ඔහු තමාගේම ගරාජයක් ආරම්භ කිරීමට ගමට පැමිණියා. තම පියාගේ කුඹුරේ වැඩ කටයුතුවලටත් සහාය වෙමින් හොන්ඩා විවිධ නව නිර්මාණ අත්හදා බැලුවා. අවුරුදු තිහේදී හොන්ඩා තමා නිපදවූ ලෝහවලින් සෑදූ ස්පෝක් ඇති රෝදයට පේටන්ට් අයිතිය ලබාගත්තා. පසුව ඔහු අලුත් පිස්ටන් වර්ගයක් නිපදවූ අතර ඒ සඳහා ඔහු කර්මාන්ත ශාලාවක්ද ආරම්භ කලා. නමුත් ටික කලකින් ඔහුගේ කර්මාන්තය පහළට ඇද වැටීමට පටන් ගත් අතර පිස්ටන් සෑදීමට තම දැනුම මඳ බව සිතූ හොන්ඩා ඒ පිළිබඳව වැඩිදුර ඉගෙනීමට විශ්වවිද්යාලයකට ඇතුලු වුනා. පසුව නැවතත් තම පිස්ටන් ව්යාපාරය දියුණු කර ගැනීමට හොන්ඩා සමත් වුවත්, දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව ජපානයට හෙලූ බෝම්බ වලින් හොන්ඩාගේ කර්මාන්තශාලා පොළොවට සමතලා වුනා.

    නමුත් කිසිවිටෙකත් හොන්ඩා පසුබට වූයේ නෑ. ලෝක යුද්ධයෙන් හෙම්බතව සිටි තම රටේ ජනයාට මෝටර් රථයක මිල දැරිය නොහැකි බව හොන්ඩා වටහා ගත්තා. ඒ ඔස්සේ තම නිර්මාණශීලී චින්තනට මෙහෙයවූ හොන්ඩා මෝටරයක් සවිකල බයිසිකලයක් නිපදවූවා. ඉන්පසු ක්රම ක්රමයෙන් එය දියුණු කල හොන්ඩා යතුරු පැදිය නිපදවීමට සමත් වුනා. දිරිමත්ව, නොපසුබස්නාසුලු උත්සාහයෙන් ජීවිතයට මුහුණ දුන් මේ මිනිසා අතින් වත්මන් ලෝකයට දායාද වී ඇති අපූර්ව වූ නිර්මාණය දෙස බලන්න. හොන්ඩා යතුරු පැදියක් දුටු ඔබට කිසි දිනෙක එම යතුරු පැදිය පිටුපස ඇත්තේ මෙවන් වූ කතාවක් යැයි කෙදිනකවත් සිතුනාද? හොන්ඩා තම ජීවිතයෙන් මුලු ලොවටම අපූරු ආදර්ශයක් සපයයි. දෛවය අපට කොතෙකුත් සරදම් කරනු ඇත, නමුත් එයින් අධෛර්යයට පත්නොවී උත්සාහයෙන්, ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙන්නා ජීවිතය ජය ගනියි යනු එම ආදර්ශයයි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    soichiro-honda2.jpg

    :yes::yes::yes::yes::yes:
    නමුත් ටික කලකින් ඔහුගේ කර්මාන්තය පහළට ඇද වැටීමට පටන් ගත් අතර පිස්ටන් සෑදීමට තම දැනුම මඳ බව සිතූ හොන්ඩා ඒ පිළිබඳව වැඩිදුර ඉගෙනීමට විශ්වවිද්යාලයකට ඇතුලු වුනා.
    [/SIZE]

    ape rate meya kala hakida?
     
    • Like
    Reactions: pradeeplk1025

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    APE RATE MEA WAGE AYA BIHI VENNE NATTHE AYI ??? ANSWER-----------SRI LANKA UNIVERSITY DEGREE HOLDERS LA PAWA PLACE EKA DENNE HAKIYAWATA WADA RAKIYAWATAI [JOB] . ATH HONDA THANA DUNNE RAKIYAWATA WADA HAKIYAWATAI .
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ANITH EKA THAMA , APE RATE NAWA NIPAUMAK KALOTH, GODAK BALADARIN TRY KARANNE, AKA COPY KARALA, THAMANGE PRODUCT EKAK VIDIYATA EXPOSE KARANNA MISAK, HELP KARANNA NEWE.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    uba kiyankan danne nahane band honda kiyana name mechchra loku story ekak thiyenawa kiyala +dunna hode