 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 18,711
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|
ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස් -
09-13-2012, 03:33 PM
සඳ එළියෙන් ඔහුගේ අහිංස දෙනෙත තනි තරුව දුටුවේය. තරුවට පෙම් බැඳි ඔහු ආදරයෙන් තරුව ඇමතුවේය. එසේ කියූ ඔහුගේ දෑස් පියවී ගියේ ප්‍රේමයෙන් මුසපත් වී නොවේ. තරුවක් වෙනුවෙන් මුසපත් වන හදවතක් ඔහුට තිබුණේ නැත. ඔහුට හොරා තනි තරුව සඳ එළිය වසා ගත්තේය. ඔහු යළිත් තනිවිය. එසේ තනි වූ ප්‍රේමකීර්ති ද අල්විස් ගීත ශ්‍රේෂ්ඨයේ ලොකු නමක් දිනාගත්තේය. ඔහුට ආදර කරන දහස් ගණන් රසිකයෝ ඔහුගේ තනියට මුර කළහ. සමරවීර දොන් මුදලිගේ ප්‍රේමකීර්ති ද අල්විස් වෙනත් අය නොදකින දේ අන් අයට හොරා දුටුවේය.
ඔහුට අම්මා ආදරයේ උල්පත වූවාය. පුංචි දෝණි අම්මට හොරෙන් හාල් මිටක් ගෙන සෙල්ලම් බත් උයන හැටි බලා ඉඳගෙන ගීතයක් ලියා පුංචි දෝණි අම්මගෙ උදහසින් බේරා ගත්තේය.
බානින් බැඳගෙන කෝච්චියේ හිරගෙදර දමාගෙන කිරි අම්මලා කොළඹට එන හැටිත්. ඒ කිරි අම්මලා බඩජාරී මිනිසුන් වෙනුවෙන් ජීවිත පූජා කරන හැටිත් ප්‍රේම කීර්ති ගීයට නගද්දී ඒ බඩජාරී හූ බොරුවට නොව ඇත්තටම කඳුළු සැලූහ.
ප්‍රේමකීර්ති අවලස්සන යැයි බොහෝ දෙනා කීය. ඒ නිසා අවලස්සන ඔහු මිනිසුන් කැඳවන සීනුවද රැගෙන ගුවන් විදුලි මැදිරියට ගොඩ වූවේය. අපූරුවට වැඩසටහන් ඉදිරිපත් කරන ඒ අපූරු මිනිසාගේ රුව දකින්නට රසිකයෝ දැගලූහ. රූපවාහිනී තිරය ඔස්සේ ඔහුගේ අවලස්සන මුහුණට කැමරා කාචය වැටෙද්දී ඔහුගේ මුවින් පිටවූ වදන් වලට අවලස්සන මුහුණ ලස්සන කලේය. එදා මෙදා තුර ප්‍රේමකීර්ති තරම් ලස්සන, අහිංසක අපූරු සන්නිවේදකයෙකු රූපවාහිනිය තුළ දුටුවේ නැති තරම්ය.
ඔහුට අවශ්‍ය වූයේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටි බුදුන් ඔහුගේ හද තුල වඩා සිටුවන්නටය. එදා ප්‍රේමකීර්ති දෙව්රම් වෙහෙරේ ඉන්නට ඇත. බණත් අහන්නට ඇත. එහෙත් නිවන් දකින්නට පින් මදි වෙන්නට ඇත. ඒ නිසා බුදුන් අභියස වැඳ වැටෙන්නට පෙර 1989 රට ගිලගත් ජනතා විමුක්ති පෙරමුණේ භීශකයෝ නපුරු ගිණි අවියෙන් ප්‍රේමකීර්තිගේ ජීවිතය ගිල ගත්ග. අකලට පර වූ මලක් සේ ප්‍රේමකීර්තිගේ අහිංසක මූණ ජනතා විමුක්ති පෙරමුණේ භීෂකයාගේ වෙඩි උන්ඩයෙන් පසාරු කරගෙන ගියේය.
එදා දෙව්රම් වෙහෙරේදී නිවන් නොදුටු ප්‍රේමකීර්ති බුදුන් පාමුල මලක් වී නිවන් දකින්නට පෙරුම් පිරුවේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ භීෂකයා ඔහුගේ නිවන් මගට, රසික නිර්මාණයන්ට, රසිකයන් පිනවූ නැලවූ කටහඬට ඊර්ෂ්‍යා කළේය. මෙවැනි ලස්සන , අපූරු මිනිසුන් සමාජය ලස්සන කරන්නට අනවශ්‍ය බව එදා සිට අද දක්වාම තීන්දු කර තිබේ. ඒ නිසා පින් මදි වූ ප්‍රේමකීර්ති ජනතා විමුක්ති පෙරමුණේ මෙන් නපුරු මිනිසුන් සිටින තාක්කල් කලා ශ්‍රේෂ්ඨයේ යළි නෝඋපදිනු ඇත. ප්‍රේමකීර්ති වැනි මිනිසුන් අද රටට ඕන කර තිබේ.
____
෴ඔහු විසින් රචනා කර ඇති තවත් ගීත කිහිපයක්෴
මිනිසෙකු පිට නැගි - සුනිල් එදිරිසිංහ
බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ - සුනිල් එදිරිසිංහ
මේ නගරය - මර්වින් පෙරේරා
එක මොහොතක් - මර්වින් පෙරේරා
ඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරා
ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක
කුරුල්ලන්ට ගී ගයන්න - වික්ටර් රත්නායක
සිහින සතක් දුටුවෙමි මම - වික්ටර් රත්නායක
තනි තරුවේ - වික්ටර් රත්නායක
සමනලයා මල හා ළමයා සේ - එඩ්වඩ් ජයකොඩි
ඈත රන් විමන් - ප්‍රියා සූරිය
ආදරණීය නේරංජනා - ප්‍රියා සූරිය
රටකින් එහා - ප්‍රියා සූරිය
බිඳුණු පෙමට - රෝහණ වීරසිංහ
කන්ද කෙන්ද කරනු පිණිස - මාලනී බුලත්සිංහල
මා එක්කලා අමනාපව වී දබර - මාලනී බුලත්සිංහල
සුරංගීට දුක හිතුණා - නන්දා මාලනී
එදා රෑ - මිල්ටන් මල්ලවාරච්චි
මා හා එදා - මිල්ටන් මල්ලවාරච්චි
මා නිසා ඔබ - මිල්ටන් මල්ලවාරච්චි
සුන්දරත්වයෙන් පිරි - මිල්ටන් මල්ලවාරච්චි
සිතින් මා නොසැලී - ටී.එම්. ජයරත්න
කැකිල්ලෙ රජ්ජුරුවෝ - ෆ්‍රෙඩී සිල්වා
හඳ මාමා උඩින් යතේ - ෆ්‍රෙඩී සිල්වා
පාන් කිරිත්තා - ෆ්‍රෙඩී සිල්වා
කුණ්ඩුමනී - ෆ්‍රෙඩී සිල්වා
෴Living Hart Stuff වෙබ් අඩවියෙන් උපුටාගත් ලිපියක් පහලින්෴
Quote:
ඒ දුක්මුසු දවස මට තවම මතකයි. මේ දවස 1988 පෙබරවාරි 16 වෙනිදා. ගුවන්විදුලි සංස්ථාවෙ විකාශයට සවන් දෙන එක මගේ දවසේ අංගයක් වුණා. සාමාන්‍ය විධියටම මම දවල් 12.45 සිංහල ප්‍රවෘත්ති අහන්න රේඩියෝව දැම්මා. ප්‍රවෘත්ති නිවේදකයා එකපාරම කියවන එක නතර කලා. විනාඩි 2-3ක නිහඬතාවයක් ගත වුණා. ප්‍රවෘත්ති විකාශය නැවතීම ගැන මට ඇතිවුනේ කුතුහලයක්. ඒත් නොහිතපු විධියට තවත් හුරුපුරුදු කටහඬක් ඒ නිසලතාවය බින්දා. ප්‍රේමකීර්ති ද අල්විස් ඒ ශෝකජනක, ඛේදජනක පණිවිඩය ජාතියටම කිව්වා. ඒ ජනප්‍රිය චිත්‍රපටි නළුවෙක් වගේම ගෞරවණීය දේශපාලකයෙක් වුණ විජය කුමාරතුංගගෙ කුරිරු ඝාතනය ගැනයි. ඒ පුවෘත්තියෙන් පස්සෙ මට කතාකරගන්න වචනත් නැති වුණා. සාමය අගය කරන රටක ජනතාවට ප්‍රේමකීර්ති තමන්ගෙ හැඟීම්බර කලබල හඬින් ඒ හිතාගන්නත් බැරි භයානක පණිවිඩය හෙලි කළා.
තවත් ඒ වගේම කාලකණ්නි දවසක් හරියටම අවුරුද්දයි, මාස පහයි දවස් පහළොවකින් උදා වුණා.ඒ 1989 ජූලි 31 වෙනිදා. ආණ්ඩුවෙ රේඩියෝවෙන් ඒ දරුණු දුක්ඛදායක ප්‍රවෘත්තිය එලි කලා උදේ 6.00 ලුහුඩු ප්‍රවෘත්තිවලින්. විජයගේ ඝාතනය ගැන නිවේදනය කරපු ඒ විශිෂ්ට නිවේදකයාටත් නාඳුනන කල්ලියක් වෙඩි තියල තියෙන බවට ඇහුණ සිරස්තලය විශ්වාස කරගන්නත් අමාරු වුණා. මම හිටි තැනම දුකෙන් ගල් ගැහුණෙ ඒ ප්‍රවෘත්තිය අදහාගන්න බැරිව ඇසුත් උලුප්පගෙන.
ප්‍රේමකීර්ති ද අල්විස්ව කෲර මිනිස්සු ටිකක් වෙඩි තියල මරල දාල තිබුණා. ඒ වයස අවුරුදු 42දි. මාධ්‍ය වාර්තා අනුව උන් 1989 ජූලි 31 වෙනිද මැදියමේ ප්‍රේමකීර්තිගෙ හෝමාගම තිබුණ බාගෙට හදපු ගෙදර දොරට තට්ටු කරල තියෙනවා. ප්‍රේමකීර්තිගේ බිරිඳ නිර්මලා අඬමින්, කෑ ගසමින් ඔහුට කරදරයක් නොකරන්න අයැදුවත් උන් බලෙන්ම ඔහුව ගෙදරින් එලියෙ අඳුරට ඇදගෙන ගියා. ඔහු අහිංසක ගෞරවාන්විත මනුස්සයෙක්. අහල පහල හිටපු කිසිම 'හොඳ' මනුස්සයෙක්වත් ඒ වෙලාවෙ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙලා නෑ.
පහුවදා උදේ ඔහුගෙ දේහය ගම්වාසීන් විසින් හොයාගත්තෙ ළඟපාත කාණුවක තිබිලා. සාමකාමී සමාජයක සමස්ථ ජාතියම ඇස්වල කඳුළු පුරවගත්තා. සිද්ධවුණ දු:ඛිත සිදුවීමට අවුල් වුණ හිත්වලින්, දුක්බර හදවත්වලින් ඔවුන් ඇහුම්කන් දුන්නා.
සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ඉපදුණේ 1947 ජූලි 31 වෙනිද කොළඹදි. මාලිගාකන්ද මහ විද්‍යාලයෙන් ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුව. ඊට පස්සෙ මරදානෙ ආනන්ද විද්‍යාලයට ඇතුල් වුණා. තරුණ ප්‍රේම් ආනන්දයෙ දක්ෂ සිසුවෙක් වුණා වගේම විද්‍යාලයෙන් ප්‍රකාශ කෙරුණු 'ආනන්දය' වාර්ෂික සඟරාවෙ සංස්කාරක සහ 'ධම්ම ජයන්ති' මාසික පුවත්පතේ සම සංස්කාරකවරයෙක් වුණා. ඔහුත් සමග එකට අධ්‍යාපනය ලබපු පරම්පරාවට බන්දුල පද්මකුමාර (ජනමාධ්‍යවේදී සහ වර්තමාන ලේක්හවුස් සභාපති), රංජිත් ලාල් සිල්වා (නිම්වලල්ල චිත්‍රපටියේ අධ්‍යක්ෂ) සහ කවුරුත් දන්න ජනමාධ්‍යවේදියෙක් වුණ ඒ.ඩී. රංජිත් කුමාර (සරසවිය පුවත්පතේ හිටපු සංස්කාරක) වගේ අය හිටියා.
ප්‍රේමකීර්තිගේ පියා වැඩ කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙයි. ඒ නිසාම ඔහු හිතාගෙන හිටියෙ තමන්ගෙන් පස්සෙ තමන්ගෙ පුතාව එහෙ වැඩට සම්බන්ධ කරගන්නයි. ඒ වුණාට තරුණ පුතා ඒ ගැන කිසිම උනන්දුවක් පෙන්නුවෙ නෑ. ඒ වෙනුවට ඔහු කැමැත්තෙන් හිටියෙ ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වෙලා රේඩියෝ ශිල්පියෙක් වෙන්නයි. ඔහු නිතරම ඒ දවස්වල ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයො වුණ ඩී.එම්. කොළඹගේ, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර, තේවිස් ගුරුගේ, ප්‍රොස්ෆර් ප්‍රනාන්දු, තිලක සුධර්මන් ද සිල්වා වගේ අයගෙ කටහඬ වගේම නිවේදන ශෛලීන් අනුගමනය කළා. ඔහුගේ පියා ඉක්මනින්ම තමන්ගෙ පුත්‍රයාගෙ කලාත්මක දක්ෂතා වගේම හැකියාවන් ගැන දැනගත්තා. ඔහු තීරණය කලා දක්ෂ පැරණි ජනමාධවේදියෙක් වුණ ආතර් යූ. අමරසේන මහතාව හමුවෙන්න. ඔහු 'දවස' කණ්ඩායම විසින් ප්‍රකාශ කරපු 'විසිතුර' සතිපතා සිනමා පුවත්පතේ හිටපු සංස්කාරක. තරුණ ප්‍රේමකීර්තිට 'විසිතුර' පුවත්පතේ විශේෂාංග රචකයෙක් විධියට රැකියාව ලැබෙනවා. අත්දැකීම් බහුල ජනමාධ්‍යවේදියෙක් වුණ ආතර් යූ. අමරසේන තරුණ ප්‍රේම්ගේ සැඟවුණ හැකියාවල් සහ දක්ෂතා ඉක්මනින්ම හඳුනගත්තා.
මේ අතරෙ 1967 දෙසැම්බර් 17 වෙනිදා සහන නිවේදකයෙක් විධියට රේඩියෝ සිලෝන් ආයතනයෙන් ලැබුණ අනගි අවස්ථාව ප්‍රේමකීර්ති භාරගන්නවා. එහිදී ඔහුගෙ උපදේශකයා වුණේ කරුණාරත්න අබේසේකරයන්. ඔහු රේඩියෝ සිලෝන්හි ඒ කාලෙදි හිටපු බහුශ්‍රැත භාෂා විශාරදයෙක්, තනු නිර්මාපකයෙක් වගේම දක්ෂ නිවේදකයෙක් වුණා. මෙතනදි ප්‍රේමකීර්තිට තමන්ගෙ සුවිශේෂී ලිවීමේ හැකියාව වගේම ප්‍රවෘත්ති නිවේදන හැකියාව අතින් ක්‍රමයෙන් දියුණු වෙන්න අවස්ථාව ලැබෙනවා. රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි ගායනා කරපු 'හද පුද අසුනේ සෙනෙහස මැවුණා' ගීතය 1969දි ප්‍රේම් අතින් ලියවෙන්නෙ ඔහුගෙ කුළුඳුල් ගී පද රචනාව විධියටයි. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරපු 'ලොකුම හිනාව' චිත්‍රපටියට ෆ්‍රෙඩී සිල්වා ගායනා කරපු 'පරණ කෝට්' ගීතය ප්‍රේම්ගේ පළමු චිත්‍රපටි ගීතය විධියට ලියවෙන්නෙ ඒ අවුරුද්දෙමයි. ක්‍රමයෙන් ප්‍රේමකීර්ති ජනප්‍රිය වගේම වෙළඳපොලක් සහිත ගී පද රචකයෙක් බවට පත් වෙමින් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකට ගීත ලියන්න පටන්ගන්නවා.
අද කාලෙ වගේ පුද්ගලික නාලිකා හෝ රූපවාහිනිය කියල දෙයක් නොතිබුණ කාලෙක ජාතික ගුවන් විදුලිය වටේ අසන්නන් නිරායාසයෙන්ම රොද බැඳුණා. ඒ නිසාම ඔවුන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් විකාශනය වුණ බොහොමයක් ගීත රස වින්දා. ඔවුන්ගෙ හදවත් ස්පර්ශ කරපු ජනප්‍රිය ගායකයන් ගණනාවකටම ප්‍රේමකීර්ති ගී පද ලිව්වා. ඔහුගේ නිර්මාණශීලී ගී පදවලට පාදක වුණ දේවල් අතර හාස්‍යය සහ උපහාසය වගේම ආදරය, අනුරාගය, මිත්‍රත්වය, සාරධර්ම සහ සූදුව (මිනිසකු පිට නැගි අසරුවෙකි) පවා තිබුණා.
1974දි ප්‍රේමකීර්ති දෙවෙනි ශ්‍රේණියේ නිවේදකයෙක් සහ නිෂ්පාදකයෙක් විධියට උසස් කරනවා. ඊට පස්සෙ ඔහුට අසන්නන් වෙත සමීප වෙන්න අවස්ථා රැසක් උදාවෙනවා. 'ශනිදා සාදය' (හැම සෙනසුරාදාවකම උදේ 8 - දවල් 12 වෙනකල් - තවත් නිවේදකයන් එක්ක), 'සොඳුරු සෙවණ' (සඳුදා ඉඳන් සිකුරාදා දක්වා හවස 5 - 6), "සැරිසර පුවත්" (සතියකට වතාවක්) වගේ එකිනෙකට වෙනස් ජනප්‍රිය වැඩසටහන් කීපයක්ම ඔහු ඉදිරිපත් කරනවා. ඒ වකවානුවෙ අසන්නන්ට කෙලින්ම දුරකථනයෙන් සජීවී වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණෙ නැහැ. නමුත් ප්‍රේමකීර්ති ඔහුගේ 'සැරිසර පුවත්' වැඩසටහනට අසන්නන් සජීවීව සම්බන්ධ කරගනිමින් ඒ අළුත් අදහසට මූලාරම්භය දෙනවා. ඒ වකවානුවෙදි ඒක බොහොම සාර්ථක වුණා වගේම රසිකයින් විසින් ඉහලින්ම වැළඳගත්තා.
ක්‍රමයෙන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ඉහල යමින් හිටියත් 1977 වකවානුවෙදි ඔහුටත් දේශපාලන පළිගැනීමේ ගිලටීනයට අහුවෙන්න සිද්ධ වෙනවා. ඔහුගේ කීර්තියේ සැර දරාගන්න අමාරු වුණ ගුවන් විදුලියේ ඉරිසියාකාර පරිපාලනය හේතුවක් නැතිව ඔහුගේ වැඩ තහනම් කරල අනිවාර්යය නිවාඩු යැව්වා. ඔවුන් ප්‍රේම්ට විරුද්ධව අභූත, විකෘති චෝදනා ඉදිරිපත් කරල ඒවා විමසීමට විනය කමිටුවකුත් පත් කළා. නමුත් ඒ විමර්ශන කමිටුව ඔහු නිවැරදි බව දැනගෙන වහාම ඔහුව චෝදනා වලින් නිදහස් කළා. ඒ අනුව ප්‍රේම් නැවත ඔහුගේ මුල් තනතුරේ පිහිටුවන පාලනාධිකාරිය ඔහුට සිදුවූ අසාධාරණය ගැන අසන්නන්ට දැන ගන්නට නොදී සාමාන්‍ය විධියට රාජකාරිය කරන්නට බල කළා. ඔහු ස්ටුඩියෝවට ඇතුල්වෙන්නෙ තරහින්, සජීවී වැඩසටහනක් ගුවන්ගත වෙද්දි. ඒ වෙලාවෙ ඔහු තරහින්ම තදින් මේසය පැත්තක තිබුණ පුටුව අදිනවා. පුටුව බිම වැටෙන්නෙ සජීවී වැඩසටහනට බාධා වෙන විශාල ශබ්දයක් එක්ක. ඊට පස්සෙ මයික්‍රෆෝනයට කිට්ටු වෙන ප්‍රේම් තමන්නෙ සාමාන්‍ය ස්වරයෙන් අසන්නන් අමතනවා. "සමාවෙන්න හිතවතුනි, මම ප්‍රේමකීර්ති ද අල්විස්. නැවතත් ඔබ හමුවට ආවා. ඒ ඔබට ඇසුණු විශාල ශබ්දය පුටුව පෙරළෙන ශබ්දය මිසක් මම වැටුන ශබ්දය නෙවෙයි."
පසු කාලෙකදි ඔහුට අනුරාධපුරයෙ 'රජරට සේවය' ගුවන් විදුලියට දඬුවම් මාරුවක් ලැබෙනව. ඔහු වගේම දඬුවම් මාරුවක් ලැබිල ඇවිත් හිටපු ගුණදාස කපුගේ වගේම රජරට සේවයේ රන්බණ්ඩා සෙනෙවිරත්න, කරුණාරත්න දිවුල්ගනේ, රත්න ශ්‍රී විජේසිංහ, ජයතිලක බණ්ඩාර, මහින්ද දිසානායක, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වගේ නිර්මාණ ශිල්පීන් ඔහුට එහිදි හමුවෙනව.
වික්ටර් රත්නායකයන්ගෙ 'ස' ඒක පුද්ගල ප්‍රසංගයට ප්‍රේමකීර්ති සුවිශාල දායකත්වයක් ලබා දෙනව. ප්‍රසංගයේ නිවේදන කටයුතු වගේම ගීතවල අරුත් හඳුන්වාදීමත් තුළින් ඔහු 'ස' හැඩගන්වනව. ඔහුත් සමග ඒ කටයුතුවල නියැලෙන අනිත් නිවේදකයන් වෙන්නෙ නැසීගිය කේ.ඩී.කේ. ධර්මවර්ධන සහ කුලරත්න ආරියවංශ යන දෙපලයි.
අසූව දශකයෙදි ලංකාවෙ රූප මාධ්‍යය ජනප්‍රිය වීමත් එක්ක විවිධ රූපවාහිනී නිෂ්පාදනවලට සම්බන්ධවෙන්න ඔහුට අවස්ථාව හම්බවෙනව. විශේෂයෙන්ම කෘතහස්ථ කලාවේදී ටයිටස් තොටවත්තයන් විසින් හඬකැවුණු 'දොස්තර හොඳ හිත' ළමා කාටුන් වැඩසටහනේ අමතක නොවෙන ගීත රචනා වෙන්නෙ ප්‍රේමකීර්තිගේ පෑනෙන්. ඔහු සහභාගි වුණ අනිත් වැඩසටහන වුණේ ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණ 'අඳුන' කියන සමාජ අසාධාරණකම් ගැන හෙලිදරව් කරපු වැඩසටහන. ඔහු ඒ වැඩසටහන ඉදිරිපත් කලේ තමන්ගෙ දෑස් විතරක් පේන විධියට. ඒක ඒ දවස්වල සෑහෙන්න ජනප්‍රිය වුණා වගේම කතාබහට ලක්වුණා. ඒ වගේම හැම ඉරිදාවකම 'ආයුබෝවන්' වැඩසටහනනින් වෙනත් දෙමළ සහ ඉංග්‍රීසි නිවේදකයන් සමග ප්‍රේමකීර්ති හැමෝගෙම ඉරිදාව සුන්දර කලා.
ඔහු අද ජීවත්ව සිටියා නම් වර්තමාන නිවේදක නිවේදිකාවන්ට බොහොම හොඳ උදාහරණයක් වෙන්න තිබුණා. හඬ, භාෂාව හැසිරවීම මගින් ප්‍රේක්ෂකයාට ළංවෙන්නෙ කොහොමද කියන එක පිළිබඳව ඔහු දක්ෂ ගුරුවරයෙන් වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම තවත් බොහොමයක් සුන්දර ගීත රාශියක් ඔහුගෙන් ලියවෙන්න ඉඩ තිබුණා.
ඔහුගේ නික්මයාම බිරිඳ නිර්මලා, දියණිය සුරංගි සහ පුතු පූර්ණට විතරක් නෙවෙයි ඔහුගේ ගී රචනා ප්‍රිය කරපු, හඬ ප්‍රිය කරපු කාටත් බරපතල පාඩුවක් බව රහසක් නෙවෙයි. ඔහුගේ සුවිශේෂී නිර්මාණ රසික හදවත් තුල තැන්පත්වෙලා තියෙන ආකාරයට ඒවා කවදාවත් විනාශ කරන්න පුළුවන් නිර්මාණ නොවෙයි. ඒ පිළිබඳ සැකයක් නෑ.
අවසාන කරන්න කලින් ප්‍රේමකීර්ති නැසීගිය ගායක මර්වින් පෙරේරාට ලියපු 'මේ නගරය' ගීතයේ අවසාන පද කීපය මට මතක් වෙනවා...
'ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා...'
|
|
 |
Senior Member
|
|
Posts: 3,903
Join Date: Sep 2008
Location: කන්ද උඩරට
|
|
|
09-13-2012, 03:45 PM
|
 |
Senior Member
|
|
Posts: 18,711
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|

09-13-2012, 03:49 PM
Quote:
Originally Posted by coolparkinglot
|
අනිවාර්යෙන්ම.. හොඳ මිනිස්සුන්ට වැඩි ආයු වළඳන්න බැහැ බං.. ඒ ගැන නම් දුකයි..
|
 |
Senior Member
|
|
Posts: 2,351
Join Date: Sep 2006
Location: වියට්නාමයේ
|
|
|
09-13-2012, 03:53 PM
ඇත්තම කතාව කොල්ලො
GOOD POST
+++rep
|
 |
Senior Member
|
|
Posts: 1,720
Join Date: Jul 2008
Location: -~Where the WILD things happen-~..
|
|
|
09-13-2012, 03:53 PM
bump!
|
 |
Senior Member
|
|
Posts: 18,711
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|

09-13-2012, 03:58 PM
Quote:
Originally Posted by H@suri
ඇත්තම කතාව කොල්ලො
GOOD POST
+++rep

|
Quote:
Originally Posted by jamiezue
bump! 
|
තෑන්ක්ස් මචං..
|
 |
Senior Member
|
|
Posts: 21,310
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
|
|
|
09-13-2012, 04:00 PM
මම මුලින්ම සින්දු වල තෙරුම අහන්න පටන් ගත්තෙ මෙයා ලියපු සින්දු වලින් තමයි ... මුලින්ම තනුව විතරයි රස වින්දෙ
|
 |
Senior Member
|
|
Posts: 18,711
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|

09-13-2012, 04:39 PM
Quote:
Originally Posted by mldarshana
මම මුලින්ම සින්දු වල තෙරුම අහන්න පටන් ගත්තෙ මෙයා ලියපු සින්දු වලින් තමයි ... මුලින්ම තනුව විතරයි රස වින්දෙ 
|
ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙ මචං කෙටියෙන්ම කිව්වොත් වචන විශිෂ්ඨයෙක්.. දක්ෂ නිවේදකයෙක්.. සුපිරි ගී පද රචකයෙක්..
ඒ වගේ රත්තරන් මනුස්සයෙක් නිස්කාරනේ මරලා දැම්මා..
|
 |
Senior Member
|
|
Posts: 2,171
Join Date: Feb 2012
|
|
|
09-13-2012, 05:00 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 2,972
Join Date: Mar 2009
Location: Colombo
|
|
|
09-13-2012, 06:45 PM
GOOD POST
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|