Bangkok guide බැංකොක් සවාරිය

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    බැංකොක් සවාරිය



    bangkok-chao-phraya-river500.jpg

    මේ දවස් වල ප්‍රොමෝෂන් ප්‍රයිස් එකට ගොඩක් අය බැංකොක් යන හින්දා පොඩි ගයිඩ් එකක් දාන්න හිතුවා මමත් ඊයේ පෙරේදා තමා ගිහින් අවේ, යන්න කලින් විසා ගන්න එපයි බලමු කොහමද විසා ගන්නේ කියලා.

    විසා සදහා අවශ්‍ය දේවල්
    1. අඩුම මාස 6ක් වත් වලංගු පාස්පෝර්ට් එකක්
    2. රුපියල් 90000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක්
    3. කොහේ හරි වැඩ කරනවානම් යන දවස් වලට නිවාඩු දුන්නා කියලා ඔෆිස් එකෙන් ලියුමක්
    4. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක්
    5. බැංකොක් යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක්
    6. විසා අයැදුම් කිරීමේ ගාස්තුව 4700

    මෙහෙමයි අපිටම එම්බසි එකට ගිහින් වැඩේ කරගන්න පුළුවන් එත් ඔයා ටිකට් එක ගන්න ඒජන්සි එකෙන්ම විසා වැඩ ටික කර ගන්න රුපියල් 500ක් වැඩිපුර ගනී, එක ගොඩක් පහසුයි , යන්න දවස් තෝරා ගද්දි සති අන්තයක් තෝරා ගන්න, තවත් දෙයක් ඔයා පලවෙනි පාරට නම් ෆ්ලයි කරන්නේ. බැංකොක් යන්න දවල් වෙලාවක් තොර ගන්න අපහු කොලබ එන්න රැ ෆ්ලයිට් එකක් දා ගන්න, එතකොට තමයි දවල් රැ දෙකේම ලස්සන බලා ගන්න පුළුවන් , ඊළගට හොටෙල් එක කලින්ම බූක් කර ගෙන යන්න www.agoda.com එකෙන් බූක් කරන්න හොද ඔෆ්ර්ස් තියනවා USD 30 කට අඩුවෙන් 3 ස්ටාර් හොටෙල් එකක් උදේ කෑමත් එක්ක බූක් කර ගන්න පුළුවන් මතක ඇතුව Bed and breakfirst එක්ක හොටෙල් එක බුක් කරන්න. ෂොපින් කරන්න යනවනම් pratunam අවට හොටෙල් එකක් බූක් කර ගන්න එතකොට ලේසි Pratunam First Hotel එක මන් රෙකම්න්ඩ් කරනවා .
    ගෙනියන්න ඕනි දේවල්.
    ඔයා ගොඩක් ෂොපින් කරන්න බලාගෙන යනවනම් ගොඩක් දේවල් අරන් යන්න එපා ලොකු හිස් බෑග් එකක් අරන් යන්න බඩු අරන් එන්න අපිට ගෙන්න පුළුවන් කිලෝ 30ක් හින්දා ගොඩක් බර දේවල් අරන් ගියොත් අපිට පාඩුයි, මගේ ලිස්ට් එක මෙන්න

    1. අදින්න ඇදුම්
    2. ඇවිදින්න පහසු සෙරෙප්පු ජෝඩුවක් (ගොඩක් ඇවිදින්න තියනවා)
    3. පෙනඩෝල් කාර්ඩ් එකක්
    4. කල් තියා ගන්න පුළුවන් කෑමක් (මාළු අබුල් තියල්, සිනි සම්බෝල් ):cool:

    මම කෑම අරන් යන්න කියන්නේ සමහර අයට එහෙ කෑම කන්න බෑ පට්ට ගදයි:no::no: ආසාවට එක පාරක් කන්න පුළුවන් එත් ඊට පස්සේ බලන්නවත් හිතෙන් නැ, උදේට හොටේල් එකෙන් දෙන්නේ ඇමරිකන් බ්‍රෙක්ෆස්ට් එකක් එක කන්න පුළුවන් අවුලක් නැ , දවල්ටත් ඔය අවිදින්න් ගියාම KFC එකෙන් වගේ කන්න රැට බඩගිනි වුනාම සුපර්මාර්කට් එකෙන් පාන් ගෙඩියක් අරන් ගෙනියපු එකත් එක්ක කන්න, ඒ වගේම ඉන්දිං පකිස්තාන් කඩ තියනවා එත් පට්ට ගණන් , සල්ලි ගොඩක් අරන් යනවනම් අවුලක් නැ ,

    හරි දැන් ඔක්කොම ලෑස්ති කර ගෙන යන්න විතරනේ තියෙන්නේ , පැය තුනක් විතර කල් ඇතුව එයාර් පොර්ට් එකට යන්න තව දෙයක් දැන් ඔයාලට ඔන්ලයින් චෙක් ඉන් වෙන්න පුළුවන් හින්දා ගෙදර ඉදන්ම ඔයාලා යන්න කැමති සිට් එක සෙලෙක්ට් කර ගන්න පුළුවන් , කොල්ලෝ සෙට් එකක් නම් යන්නේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් බෝතලයක් අර ගෙන යන්න, එහෙ ටිකක් ගණන් එක් කෙන්ක්ට බෝතලයක් අරගෙන යන්න පුළුවන්, හරි දැන් ඔයාලා වැඩ ටික කරගෙන බැංකොක් ස්වර්ණ බුමි එයාර් පොර්ට් එකෙන් බැස්සා කියමුකෝ ඊළගට වාහනයක් සෙට් කර ගන්න එපයි, කොමන්ට් වැටෙනා විදියට ඉතුරු ටික දාන්නම්

    Updates on 2nd page and 3rd page (prices) and 7th page (Thai girls with price)
     
    Last edited:

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මචන් ගිහින් පලවෙනියටම මසාජ් පාරක් දාගනිල්ලා,:) එතකොට ඇගට මාර සනීපයි.:yes: බැ0කොක් වල සි0හල කඩ තියනව මචන් කන්න.:cool: එච්චරම ගනන් නෑ හැබැයි.:yes: අපේ ලන්කාවෙ හොටෙල් එකකින් කෑව වගෙම තමයි.:D තව විස්තර තියන ඉතින්....:P
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    බැංකොක් ගොඩ බැස්සු පසු,

    IMG_0338-1024x768.jpg

    හරි අපි බැස්සට පස්සේ එහෙ ඉමිග්රේෂන් එකෙන් අපේ විසා චෙක් කරලා සිල් එකක් ගහලා එලියට දානවා ඩිපාචර් එකෙන් එලියට එනකොට ඉන්නේ ටැක්සි සර්විස් අයයි සල්ලි මාරු කරන අයයි සිම් විකුණන කට්ටියයි මතක ඇතුව ලංකාවෙන් යද්දී ඔයාලගේ සල්ලි ඩොලර්ස් වලට මාරු කරන් යන්න , ඔයාලා එහේ එයාර් පොර්ට් එකෙන් ගොඩක් සල්ලි මාරු කර ගන්න එපා ඩොලර් 100ක් විතර මාරු කර ගන්න ඉතුරු ටික සිටි එකට ගිහින් මාරු කරගන්න එත කොට පොඩ්ඩක් ලාබයි වැඩේ. මොකද බැංකු වලට වඩා එළියේ පොඩි පොඩි එක්ස්චේන්ග් වල රේට් එක හොදයි, එයාර් පොර්ට් ඉදලා හොටෙල් එකට යන්න වැන් එකක් බාත් 1200ක් ගන්නවා ඔයාලා 4 දෙනෙක්ට වැඩි පුර ඉන්නවනම් අනිවා වැන් එකක් අරන් යන්න ඒ වුනාට 1200ක් ගණන් වැඩි බොරු වැඩක් කරන්න දෙයක් නැ, ඔයාල 4 දෙනෙක් හරි අඩුවෙන්නෙම් ඉන්නේ කෙලින්ම් යන්න පල්ලෙහම තට්ටුවට (ලිෆ්ට් එකක් හොයාගෙන ගිහින් නැගලා බි 1 එකට යන්න ) එතනින් කාර් ටැක්සි එකක් හොයා ගන්න පුළුවන් 450 කට විතර. මතක ඇතුව බය නැතුව බාර්ගෙන් කරන්න ඕනි මෙයාලා මුලින්ම 600ක් විතර කියනවා 400 යමුද අහන්න අන්තිමට කියයි 450 ට යමු කියලා , ඩ්‍රයිවර් ට හොටෙල් එකේ කාර්ඩ් එක දුන්නම පොර ගිහින් දායි , හොටෙල් එකට ගියාම ඔයාලගේ බඩු ටික බෙල් බෝයි ඇතුලට අරන් යයි බෑග් ටික ඔක්කම තියනවද කියලා චෙක් කරන්න, හැම හොටෙල් එකක්ම් බාත් 500 ක ඩිපොසිට් එකක් ඉල්ලනවා එක යනකොට දෙනවා එක හින්ද බය නැතුව දෙන්න, උබලා රූම් එකට ගිහින් වොෂ් එකක් එහෙම දාලා කෙලින්ම එලියට බහින්න් මොකද දවස් දෙකක් නැත්නුම් තුනක් නේ උපරිම ඉන්නේ එක හින්දා රෙස්ට් කරන්න ගොඩක් වෙලා ගන්න එපා, මතක ඇතුව පාස් පොර්ට් කොපි එකක් අතේ තියා ගෙන පාර්ස් පොර්ට් එක රුම් එකේ තියන සේෆ් එකට දාන්න වටිනා බඩු මොකුත් තියනවනම් ඔක්කම සේෆ් එකට දන්නා එළියේ තියලා යන්න එපා, මොකද රුම් එක ක්ලීන් කරන්න එන අය සුවර් නැ .

    බලන්න යන්න ඕනි තැන්

    • Dream world them park
    • Prathunam market
    • Chatuchak weekend market (cheap closthes, handcrat items )
    • China town (whole sale hand bags)
    • MBK shoping center
    • Floating market

    මේවට යද්දී ටුක් ටුක් එකක් අරන් යනවනම් පොඩ්ඩක් පරිස්සමින් මචන් , හොදට ගණන් අඩු කරලා හරියට කොන්ෆොර්ම් කරන් නැගපන්, අනිත් එක මුන් හෙන අඩු ගානක් කියලා කියයි උබට යන්න ඕනි තැනට කලින් පොඩ්ඩක් කඩේක නතර කරනවා මොකුත් ගන්න ඕනි නැ විනාඩි 10ක් බලන්න කියලා බැම කියලා කියපන් බැරි වෙලාවත් ගියොත් උබව සුද්ද කරනවා ලස්සනට එක හින්ද අරහේ මෙහෙ යද්දී කාර් ටැක්සි එක්ක යන්න පොඩි ගනනක් වෙනස් වෙන්නේ හැබැයි සැපට පරිස්සමින් යන්න පුළුවන්, උන් ලග මීටර් තියනවා හැබැයි මීටරේ දැම්මොත් වටේ කරකවනවා එක හින්දා ගණන් වාහන දෙක තුනකින් අහලා ගණන් කතා කරන් පලයන්. බැංකොක් වල පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. එක හින්දා පාරට රස්තියාදුව වැඩි මචන්, ගොඩක් වෙලාවට ඇවිදින්න තමයි තියන්නේ weeknd market eke විතරක් කඩ 15000 ක් තියනවා කකුල් රිදෙනකම් අවිදපන් හැම කදෙකින්ම ගණන් අහන්න කිසම දෙයක් හෙට්ටු කරන් නැතුව ගන්න එපා බෝර්ඩ් ගහලා තිබ්බත් ගණන් අඩු කරපන්, කැලි තුනක් වත් ගන්නවානම් ගණන් අඩු කරනවා පට්ට විදියට, දවසම ඇවිදලා හොටෙල්ට ගිහින් හොද වොෂ් එකක් එහෙම දාලා හොටෙල් එකේම තියන ස්පා එකෙන් බාත් 200ල් දීලා ෆුට් මසාජ් එකක් දා ගනින් අම්මෝ සැප අමාරුව කොහෙන්ද ගියේ කියලා හිතා ගන්න බැ ඊලග පොස්ට් එකෙන් මොනාද ගණන් අඩු බඩු කියලා දාන්නම්
     
    Last edited:
    • Like
    Reactions: shenat

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, ගොඩාක් ස්තූත්යි. තව විස්තර දාපන්. අඩු කරලා බදු ගන්න විදියත් කියපන්. මතක ඇතුව උඹ බලපු ටෛගර් ශෝස් වල විස්තරත් කියපන්.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    යකෝ ඕව වැඩක් නැ බඩු පොට් ගැන දාපන් පතායා ගැන දාපන්