වැස්සත් එක්ක වෙල්ලස්සට.......

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    වැස්සත් එක්ක වෙල්ලස්සට.......

    වැස්සයි කියල ඇවිදින එක නවත්තන්න බෑනෙ.අනික වහින කොට ගෙවල් වලට වෙලා ඉන්නත් බෑ :yes::yes:
    වැස්සයි කියල බලන්නෙ නැතුව තෙමුණයි කියල හිතන්නෙ නැතුව :rofl::rofl: ගිහින ආපු අපේ ට්‍රැවලර් ටීම් එකේ අලුත්ම සංචාරය එක්ක එකතු වෙන්න කියල හැමෝටම ආරාධනා කරනව :):)

    තෙමුණයි කියල ගණන් නොගත්තට මට නම් තාම හෙම්බා හෝ ගාල :lol::lol:


    දුර ගමනක් යන්න කලින් නිදා ගන්න ඕනෙ වුනාට අපිට නම් එහෙම එකක් නෑ.ට්‍රිප් එක ගියෙ 27 පාන්දර.26 මුලු රෑම අපි ඇහරගෙන.නදියගෙ ෆෝන් එක නැතිවුනා නම් අපිට නිදා ගන්න තිබුණා.:angry::angry:
    චාමිකයි,දිලුමයි,ලසායි,ගමයයි,මායි,නදියයි මේ ඔක්කොම එදා නදියලගෙ ගෙදර.
    චමිත් ලයි පෙරාලයි පෙරාලගෙ ගෙදර.ඔක්කොම 11ක් වුනාට උදේ වෙනකම්ම අපි දන්නෙ 10යි.සැඟවුණු අමුත්තා කවුද කියල අපි දන්නෙත් උදේ :eek::eek:

    අපේ අණුමාන වලට අනුවම තරි අං..:baffled: අයියා තමයි සැඟවුණු අමුත්තා :yes::yes:

    බැඳපු මිනිස්සු තනියම ට්‍රිප් යනවා කියල ඒ මිනිහට බනින්න එපා ඉතිං දැන් :rofl::rofl:

    පෞද්ගලික හේතු හින්දා අපේ කඩියා බණ්ඩා වගේම පටාත් මේ ගමනට එකතු වුනේ නෑ :no::no:


    හයිලෙවල් පාර දිගේ අපි ගමණ ආරම්භ කරා.අපේ මුල්ම නැවතුම වුනේ රත්නපුර මහා සමන් දේවාලය.

    DSCF0981.jpg


    දේවාලයට යන්න කලින්ම අපේ සමහරු පිං කර ගත්තා.ඒ අනිත් අයගෙ සෙරෙප්පු පරිස්සම් කරලා :rofl::rofl:

    DSCF2399.jpg


    DSCF0982.jpg


    DSCF0985.jpg


    ඇත්තටම මෙතනදි තවත් සුවිශේෂී දෙයක් සිද්ධ වුණා.අපිව බලන්න අමුත්තෙක් ආවා.:yes::yes:
    අමුත්තෙක් කිව්වට අපේම කෙනෙක්.:):)
    අපේ මිණිපුර සහෝදරයා.මැරීඩ් ක්ලබ් එකේ ක්‍රියාකාරී සාමාජිකයෝ හින්දා තරි අයිය නම් කලින් දැන හඳුන ගෙන තිබුණට අපි හැමෝම මිණීපුර සහෝදරයව හඳූණ ගත්තෙ එදා :):)




    DSCF0988.jpg


    දේවාලෙන් පහලට එනකොට මේක දැක්කේ කැමති කෙනෙකුට අලියගෙ බඩ යටින් යන්න පුලුවන් :rofl::rofl:

    DSCF1003.jpg


    මිණීපුර සහෝදරයා අපිව බලන්න ආව විතරක් නෙමේ ගෙදර එක්ක ගිහින් අපිට උදෑසන ආහාරයත් දුන්නා.:):)
    අපේ කට්ටියටත් ඉතිං කන්නම බෑනෙ :lol::lol:


    මිණිපුර දකින අහස :cool::cool:

    DSCF2431.jpg


    මිණීපුර සහෝදරයට සහ ගෙදර උදවියට සමුදීපු අපි නැවතත් ගමනේ...

    මෙන්න මේක ගැන විශේෂයෙන් සඳහන් කරන්න කියල ඩීජේ ගමයා විශේෂයෙන් ඉල්ලීමක් කරා.:yes::yes:
    ඒ වගේම ඌට ටීක් ටීක් ගමයා කියන්න එපා කියලත් කියන්න කිව්වා :baffled:


    DSCF2441.jpg


    උඩවලව ජලාශය උඩින් :cool::cool:

    DSCF2456-1.jpg


    මුල්ම බස් එක ඒ කිව්වෙ කැමරාවට අසුවුනු :rofl::rofl:

    DSCF2461-1.jpg


    තනි කෙලින් පාර :dull::dull:

    DSCF2462-1.jpg



    මෙතන නැවැත්තුවෙ වෙන වැඩකට :P:P

    DSCF1046.jpg


    මල්ලි දැන් සෙල්ලම බෑ මේක මහින්ද මහත්තයගෙ ආණ්ඩුව :sorry::sorry:

    ඉතිං අපිට මොකෝ අපි බැස්සෙ ෆොටෝ අල්ලන්න.මේව නම් පෙරාගෙ ඇස් ;)

    DSCF1044.jpg


    තණමල්විලටත් කිට්ටු කරා.:cool::cool:

    DSCF1058.jpg


    මෙතන පටන් බුදුරුවගලට යනතුරු සිදුවූ සියල්ල බලධාරියා විසින් කපා හරින ලද බව සලකන්න :baffled::baffled:

    හරි දැන් ඔන්න බුදුරුවගල :):)

    DSCF1065.jpg


    DSCF1066.jpg


    බුදුරුවගල ගලේ නිමකල බුදුරූපයකින් වගේම බෝසත් රූපයක් සහ තවත් පරිවාර කාන්තා රූපයකින් යුක්තයි.කොහොම වුනත් මෙය ඉදිකලේ කවුද කුමන කාලයකද යන්න තවමත් පරීක්ෂණ මට්ටමේ තමයි පවතින්නෙ.:yes::yes:

    DSCF1069.jpg


    DSCF1072.jpg


    DSCF1074.jpg


    DSCF1078.jpg


    DSCF1085.jpg


    බුදුරුවගල යන ඕනම කෙනෙක් බුදුරුව ගල ජලාශය ලඟ නවතින්නත් අමතක කරන්නෙ නෑ :cool::cool:

    DSCF1107.jpg


    IMG_4198.jpg


    බුදුරුවගලින් පස්සෙ අපි ගියෙ යුධගනාව චෛත්‍යය බලන්න.මේකත් විශාල ප්‍රමාණයේ දාගැබක්.
    අහල තියෙනවද කතාව.දුටුගැමුණු රජ්ජුරුවො එක්ක සද්ධාතිස්ස කුමාරයා යුද්ධ කරේ මෙතැන කියලයි විශ්වාසය.ඒකයිනෙ මෙතනට යුධගනාව කියන්නෙ.:yes::yes:



    DSCF1127.jpg


    මේකෙ වටයක් යනව කියන්නෙ සෙල්ලම් නෑ...

    DSCF1128.jpg


    මේ දිවුල් නම් සුපිරි :P:P

    IMG_4228.jpg


    ඊලඟට අපි ගියෙ දෙමටමල් විහාරය වැඳපුදා ගන්න :):)
    මේ පැත්තෙ තියෙන හැම ජනශෘතියකටම සමබන්ධ වෙන්නෙ දුටුගැමුණු කුමාරයා මේකටත් එහෙමයි.:yes::yes:
    යුද්ධයෙන් පැරදී පලායන සද්ධාතිස්ස කුමාරයා පිටුපස ගැමුණු කුමාරයා හඹායන එක් අවස්ථාවක සද්ධාතිස්ස කුමාරයා මේ විහාරයෙ සැඟවී සිටියාලු.ඒ වෙලාවෙ මේ විහාරස්ථානයේ සිටිය හාමදුරුවරු තමයි සද්ධාතිස්ස කුමාරයට බෙහෙත් කරල තියෙන්නෙ.:):)


    IMG_4239.jpg


    පේනවද වෙල්ලස්සෙ අසිරිය මේ කුඹුරු යායවල් වල සාරය තමයි ගැමුණු කුමාරයාට යුද්ධයට බත සැපයුවේ.:):)

    DSCF1165.jpg


    DSCF1180.jpg


    අහල තියෙනවනෙ මාලිගාවිල බුදු පිළිමය ගැන.ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කාලයේදි බුත්තල පැවති ගම් උදාව හේතු කොට ගෙන තමයි බිම වැටිල විනාශ වෙලා තිබුණු මේ පිළිම කෙලින් කරේ. :):)

    DSCF1183.jpg


    DSCF1194.jpg


    DSCF1195.jpg


    DSCF1199.jpg


    මේ තමයි බුදුපිළීමය

    DSCF1205.jpg


    මේ බෝසත් පිළිමය :):)

    DSCF1224.jpg


    DSCF1227.jpg


    මේක නම් රජ කාලෙ කතාවක් වෙන්නම ඕනෙ :rofl::rofl:

    DSCF1222.jpg


    පෙරේත කමට රොටි කාල දොඩම් එනතුරු බලා සිටීම :baffled::baffled:
    ඒක නම් අද කාලෙ කතාවක් :lol::lol:


    DSCF1251.jpg


    එදා අපේ ගමනේ අවසානය උනේ බිබිල.බිබිල ට යන්න කලින්ම වැස්ස පටන් ගත්තා.වැස්සෙම අපි බිබිලට ගියා :cool::cool:

    මෙන්න පලවෙනි දවසේ අපේ ගමන් මාර්ගය

    Day1.jpg
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඔතනින් පලවෙනි දවසෙ කතන්දරය ඉවරයි කියල හිතුවට එහෙම නෑ :eek::eek:
    රෑට අපි කන්නෙ බොන්නෙ නැද්ද.කෑම ගේන්න බිබිලෙ ටවුමට ගිහින තමයි ගමනේ හොඳම සිදුවීම වුනේ.මේ සිද්ධියට මුහුණ දෙන්න වාසනාව උදා කර ගත්තේ නදියයි ගමයයි එක්ක මම :lol::lol:
    ටවුන් එක තිබ්බෙ වාහනේ යන තරම් දුරක නෙමෙයි.ඒ හින්ද අපි ගේට්ටු වලින් පැනලත් මහ රෑ ටවුන් ගියා ඒව වෙනම කතා.:rofl::rofl:
    අර කතාව කියනවනම් මෙහෙමයි.අපි තුන්දෙනා කෑම ගේන්න ගිහින් පාර හරහා වාහනේ හරවන්න හැදුවා.අයියෝ සල්ලි කියන්නෙ වාහනේ එක රෝදයක් තාර කට්ටෙන් පැන්නා.දැන් හෙලවෙන්නෙවත් නෑ .:no::no:

    වහිනවා හෝ ගාල මොනවා කරන්නද තල්ලු කරා කියන්නකෝ :lol::lol:
    පාරෙ යන වාහන නවත්තනවා මල්ලි තල්ලුවක් ඕනෙද අහනවා ආවට වඩා හයියෙන් යනවා :angry::angry:
    යන්තම් තල්ලු කරගෙන හොඳටම නාගෙන අපි ආව කොහොම හරි.අපිට උදවු කරපු අංකල්ට බොහොම ස්තුතියි :):)


    මොනව වුනත් එදා රෑ තමයි රෑ :P:P
    වැඩි තොරතුරු නූල තුලින් දැන ගන්න :rofl::rofl:


    බලාගන්න බිබිලෙ ටවුම :dull::dull:

    IMG_4400.jpg


    DSCF2626.jpg


    බිබිලෙට එන්න පුලුවන් මාර්ග ගණනාවක්ම තියෙනවා.බදුල්ල ලුණූගල පැත්තෙන්,මහියංගණය පැත්තෙන්,මඩකලපු පැත්තෙන්,මොණරාගල පැත්තෙන් වගේම අම්පාර ඉඳලත් බිබිලෙට එන්න පුලුවන්.බිබිලෙ ටවුම සුවිශේෂී වෙන්නෙ ඒ හින්දා :yes::yes:


    අපි තෝර ගත්තෙ බිබිලෙන් අම්පාර පාර.මේ පාර ලස්සණයි ඒත් ටිකක් දුෂ්කරයි.අම්පාරට යනකම්ම එකෙක් හම්බවෙන හැම කෙනාගෙන්ම පාර හොඳයි ද ඇහුවලු :rofl::rofl:

    DSCF2633.jpg


    මෙයාලත් ඉන්නවා :cool::cool:

    DSCF2629.jpg


    නාමල් ඔය පැත්තෙ ඉඳල කොල්ලෙක් කොළඹ පැත්තෙ වැඩට එනවා.ඇවිත් එහෙදි ගෑණු ළමයෙක් එක්ක යාලු වෙනවා.ගෙවල් වල අකමැත්ත හින්ද දෙන්න පැනල යනවා.දැන් ඒ ගොල්ලො කොමඩු කඩයක් දාගෙන :):)
    කොමඩු කඩේ අක්කගෙ කතාව ලස්සනයි.එයා අපිට කිව්වෙ ටිකයි අපි ඉතුරු ටික සම්පූර්ණ කර ගත්තා.ඔය ඇති නැත්නම් මට මේක නවත්තලා කෙටි කතාවක් ලියන්න හිතෙනවා :love::love:
    කොහොම වුනත් අන්තිමට අක්ක අපිට කිව්ව කතාව තමා සුපිරිම :baffled::baffled:


    DSCF1256.jpg


    පල්ලෙහා පින්තූරය කොමඩු කඩේ ගාවදි ගත්තු එකක්.
    එතනදි ඇහුණු එක කතාවක් කියන්නම්.
    අක්කෙ සිග්නල් නෑ නේද.????
    මොන සිග්නල්ද මල්ලි මටයි අයියටයි දෙන්නටම ෆෝන් දෙකක් තියෙනවා.ඒ දෙක තියා ගෙන ඉන්නෙ වෙලාව බලන්න :rofl::rofl:


    DSCF1265.jpg


    යන්තම එතනින් ගියා නාමල් ඔය ට.
    මේ නාමල් ඔය ජලාශය.


    DSCF1268.jpg


    DSCF1271.jpg


    DSCF2636.jpg


    DSCF1298.jpg


    නාමල් ඔය පහුකරල අපි ගමන් කලේ සේනානායක සමුද්‍රය බලා.
    ලංකාවෙ තියෙන විශාලතම ජලාශය.:):)


    මේක ඊට කලින් නාමල් ඔයම තමයි.දවස් තුනක් අපිත් එක්ක ගිය අපේ ගමන් සඟයා :cool::cool:

    DSCF1284.jpg


    සේනානායක සමුද්‍රය පෝෂණය කරන්නෙ අක්කර ගණනාවක් පුරා විහිදුණු ගල් ඔය නිම්න ජාතික උද්‍යානය මගින්

    DSCF1299.jpg


    DSCF1303.jpg


    DSCF1312.jpg


    ඇත්තටම ලොකුයි නේ :shocked::shocked:

    IMG_4482.jpg


    IMG_4466.jpg


    අපි නොගිය තැනක් නෑ අපි නොකල දෙයක් නෑ :yes::yes::yes:

    DSCF1308.jpg


    අපි ඊලඟට ගමන් කරේ තවත් අති පූජණීය පුද බිමකට.සම්බුදු පහස ලත් දීඝවාපි පුදබිම.

    DSCF1318.jpg


    සම්බුදු පහසින් පූජණීය වූවා සේම දීඝවාපි පුදබිම අපට ඉතා සුවිශ්ෂයි.භද්‍ර කච්ඡායනා කුමාරිගේ සොහොයුරෙකු වූ දීඝායු කුමාරයා මෙම ප්‍රදේශයට පැමිණ හෙළ කුමාරියක සමග ආවාහ වීමෙන් අනතුරුව දීඝ ගාමිණී කුමාරයා බිහිවෙනවා.:yes::yes:
    දීඝ ගාමිණී උණ්මාද චිත්‍රා කතාව දන්නවනෙ.පණ්ඩුකාභය කුමාරය බිහිවෙන්නෙ ඒ හින්දනෙ.
    එහෙම බැලුවම අපේ රාජාවලියට හෙල ලේ මුසු කරන්නෙ ජීවය දෙන්නෙ මෙන්නෙ මේ ප්‍රදේශ වලින් :):)


    ඒත් අද අපට කියල ඉතුරු වෙලා තියෙන්නෙ දීඝවාපි දාගැබ විතරයි.:(:(

    DSCF1326.jpg


    අලුතෙන් කැණීම් ආරම්භ කරලා අතීත ආරමයක් නටඹුන් මතුවෙල.ඒත් ඡායාරූප ගන්න තහනම් :no::no:

    DSCF1332.jpg


    දීඝවාපියෙන් අයිස් ක්‍රීම් කාල නොමිලේ දෙන බෙලිමල් රස විඳල අපි ගියා දීඝවාපි පරිවාර චෛත්‍යය බලන්න.

    DSCF1340.jpg


    පරිවාර චෛත්‍යය හැටියට නම් බලන්න තියෙන්නෙ මෙච්ච්රමයි :(:(

    DSCF1346.jpg


    ඒත් වටපිටාව නම් ලස්සනයි :):)

    DSCF1343.jpg


    DSCF1349.jpg


    දෙවෙනි දවසේ නෑම ඇරඹුණෙ මෙතනින් කන්ද නැගල එන්න කලින් හොඳටම වැස්සා වගේම හොඳටම නෑවා :lol::lol:

    අම්පාර නගරයෙදි අපිට අන්තර්ජාලයේ තවත් සුන්දර මිනිසෙක් හම්බවුනා.පසුගිය වසරේ හොඳම බ්ලොග් කරුවාට හිමි සම්මානයෙන් පුද ලද හිස් අහසේ අයිති කරුවා සඳරු


    DSCF1351.jpg


    අම්පාර නම් හිතුවට වඩා බොහොම හොඳයි.අම්පාරෙ නවතින්න තිබ්බ නම් හොඳයි කියලත් සමහරු කිව්වා :P:P

    IMG_4580.jpg


    IMG_4572.jpg


    අම්පාරට සමුදීල අපි වැස්සෙම මඩකලපුව බලා පිටත් වුණා.
    එතන ඉඳන් තනිකරම ක්‍රියාදාම චිත්‍රපටියක් වගේ.:rofl::rofl:
    ආ ඔයා කොහෙද......ආ එතනින් හැරෙව්වද .......ආ මඩකලපුවට ආවද.....
    ආ....අපි දැන් එනවා :love::love::love:


    රෑ වෙද්දි අපි මඩකලපුවට ආවා.බලල ඉන්නකෝ දෙවෙනි දවසේ ගමන් මාර්ගය.:):)

    Day2.jpg


    පේනවද අපේ නවාතැන.ඔය E අකුරෙන් සඳහන් වෙන්නෙ එතන.මඩකලපු ලයිට් හවුස් එක ලඟ.ජීවිතයෙදි නවාතැන් ගත්තු තවත් සුන්දරතම නවාතැනක්.:):):)

    ඇත්තටම ජීපීඑස් වලින් ඉන්න තැන දැන ගැන සිතියමේ භූවිෂමතාව ඇස් ඉදිරියෙදි දකින එක සංචාරකයෙකුට පරිසර ලෝලියෙකුට හිතට ගෙනෙන්නෙ අමුතුම හැඟීමක් :cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: harindugamlath

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    කලපුවට විතරක් නෙමෙයි පොලවටත් හෝ ගාල වහිනවා.ජනේලයකින් එළීය බලා ඉන්න එක හරිම සීතල අත්දැකීමක්......
    මේ වෙලාවට ආදර හැඟීම් හිතට එන එක නවත්තන්න පුලුවන්ද.......
    ඇත්තමයි මගෙ හිත ඔයාව තුරුලු කරගෙන සදලුතලයට වෙලා වැහිපොද වලට තෙමි තෙමි ඔහේ ඈත කලපුව දිහා බලාගෙන හිටියා............අඩුම තරමින් ඔයාගෙන් කෝල් එකක්වත් ආවනම්....හ්ම්ම්ම්ම්......:love::love::love::love:

    ත්‍රෙඩ් එක මාරුවුණා නෙමේ අපේ සංචාරයෙ ප්‍රේමණීය එකක් බවට පත් වෙන්නෙ මෙතන ඉඳන්.

    කවදම හරි හම්බ වෙන ආදරයක් වෙනුවෙන් බලන් ඉන්න එක භාවනාවක් වගේ අමාරුයි තමයි.ඒත් මම හිතං හිටියෙ ඒ වගේ අමාරු ආදර කතාවක් තියෙන්නෙ මට විතරයි කියල.ඒත් ඒක එහෙම නෙමෙයි කියල මම තේරුම ගත්තෙ එදා.ඉස්සරහට මොනව වෙයිද කියල නොහිතම අපිත් එදා ඒ පෙම් කතාවෙ හවුල් කාරයො වුනා.:):)
    අපේ නවාතැනින් ගිහින් මඩකලපුවෙ සංචාරක නවාතැන් පීර පීර අන්තිමට තැන හොයා ගෙන අදාල කෙනාවත් හොයා ගෙන තව පොඩ්ඩෙන් එතනින් කෑමත් කාල :P:P ආපු ඒ ගමන ඇත්තටම ආදරණීයයි.ජීපීඑස් හින්ද ගිය පාරෙන් නැතුව වෙන පාරකින් හරි එන්න පුලුවන් එකත් ඇත්තටම ප්‍රේමණීයයි.


    කතාව වැඩි වුණද මන්ද.මොනව වුනත් එකක් කියන්න ඕනෙ මඩකලපුවෙ නම් ඕනෙ අවශ්‍ය දේවල් හොයන්න කිසිම අමාරුවක් නෑ.
    මන්නාරමේ වගේ දෙන දේවල් ගන්න ඕනෙත් නෑ :rofl::rofl:


    රෑ පහන් වෙන තුරුම ඩාන්සින් ස්ටාර් ක්‍රියාත්මක වුනත් අමාරුව නොසලකලම උදෙන්ම නැගිට්ටෙ නැගෙනහිරෙන් නැගෙන ඉර බලන්න.
    ඒත් කොයින්ද ඉරක් වැහි දෙයියො හැම දෙයක්ම කලුවර කරල.ඒ වෙලාවෙ නම් මට හිතුණෙ අනේ හොඳයි කියල.තව ටිකක් නිදා ගත්ත අනිත් පැත්ත හැරිල :rofl::rofl:



    IMG_4607.jpg


    කලපුවට වහින කොට තවත් ලස්සනයි :cool::cool:

    IMG_4617.jpg


    වැස්සයි කියල බෑ ජීවත් වෙන්නත් ඕනෙනෙ :):)

    DSCF1378.jpg

    තුන්වෙනි දවස ඇරඹුනේම වැස්සත් එක්ක. අපි වැස්සත් එක්කම පාසිකුඩා ගියා.

    DSCF2768.jpg


    එදා නාන්න ඕනෙ අයට මුහුදට බහින්න ඕන වුනෙ නෑ එළියට බහින්න විතරයි ඕන වුනේ :lol::lol:

    ඒ මොනදේ වුනත එදත් තනිකරම ක්‍රියාත්මක වුනේ ආදර අන්දරයක්.
    නදිය ජීවිතයටම හෙමින් ගියෙත් එදා.වෙන මොකුත් හින්ද නෙමේ වැස්ස හින්ද හයියෙන් යන්නබෑ :rofl::rofl:
    කවුද පිටි පස්සෙ ඉඳන් අහනවා නදියෝ කොළඹ යන්නෙ හෙටද කියලා :lol::lol:


    වැස්සෙ වුනත් අපිට පැණී බෝතල් භාගයක්ම දීපු කිරිකඩේ නංගියට ස්තුති වෙන්න ඕනෙ :):)
    අපේ අයත් හොඳට පැණි හැලුවා :P:P


    IMG_4665.jpg


    අපි කලින් සැලසුම් කරල තිබුනෙ තුන්වෙනි දවසෙදි තවත් එලකිරි සාමාජිකයෙක් එක්ක සම්බන්ධ වෙන්න. එතුමා අපිටම කියලා වෙනමම දේවලුත් කලින්ම අරන් තිබ්බලු.ඒත් වැස්ස හින්දා එතුමා පොලොන්නරු එන්නෙ නැතුවම ගෙදර ගිහින් :):)

    පොලොන්නරු ඇවිත් පොතේ හැටියට යන්න හැදුවඩ වැඩක් වුනේ නෑ වැස්සත් එක්ක.

    IMG_4673.jpg


    වැස්සට කලින් ගියෙ මෙතනට විතරයි.මේකත් දාන්නෙ අපි පොලොන්නරු ගිය බව පෙන්වන්න.නැත්නම් කියයි අපි බොරු කියනවා කියලා.

    DSCF1403.jpg


    මුලු පොලොන්නරුවෙම ඇවිද්දත් වැස්ස හින්ද පින්තූර ගන්න බැරුවුනා.:no::no:

    ඒත් අපේ ක්‍රියාන්විතය ක්‍රියාත්මක වුනා අංක 4 සොයා.සාර්ථකයි හොඳටම.රඟපෑවා ලෙසටම.
    එකෙක් ජීවිතේ පලවෙනි වරට මස්කට් අරන් දුන්නා කාටද :P:P

    මොනදේ වුනත් එදත් තෙමුණා ඇති වෙන්න :lol::lol:
    ඇතතමයි මම කවියක් ලියනවා උඹ ගැන ;)
    වැස්සත් එක්ක වෙල්ලස්සෙ ගිහින් ආවෙ ඔහොමයි.මට මඟ ඇරුණු තැන් ත්‍රෙඩ් එකේදී අපේ අය කියයි.සමුගන්න කලින් බලන්නකෝ අපේ කට්ටියව.:rofl::rofl:


    මිස්ට ඇන්ඩ් මිසිස් පෙරේරා :):)

    DSCF1293.jpg



    චමිත් එක්ක පවී :):)

    IMG_4569.jpg


    එස්පී චාමික

    DSCF2638.jpg


    තංගල්ලෙන් දිලුම් :):)

    IMG_4437.jpg


    ප්‍රධාන නළුවා නදීර84 :P:P

    DSCF2640.jpg


    තරි අයියා.....දවස් තුනක් ලිහල තිබ්බට වැටවල් ගාවටමයි යන්නේ :lol::lol:

    IMG_4472.jpg


    ලසා

    DSCF2648.jpg


    මේ ගමයා.....
    නෑ යකෝ මම සතිස් :lol::lol:


    DSCF2684.jpg



    අන්තිමට මම :rofl::rofl:

    IMG_4427.jpg


    වැස්සෙන් මොන බාධා තිබ්බත් තවත් අති සුන්දර සංචාරයක් නිමා වුනේ ඒ විදිහට.ඒත් පොඩි දුකක් හිතේ තියෙනවා ආයෙ ට්‍රැවලර් ටීම් එකත් එකක් මට ට්‍රිප් එක්ක යන්න කවද වෙනකම් ඉන්න වෙයිද :(:(

    එහෙනම් සමු ගන්න හදන්නෙ ත්‍රෙඩ් එක බලපු හැමෝටම බොහොම ස්තුතියි.

    picture.php


    ________________________________







    picture.php








    We Highly Appreciate Your Ideas..

    send your Suggestions and ideas :-

    [email protected]

    picture.php



     
    Last edited:
    • Like
    Reactions: princeofpersia2008

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    Ubala hamadama karanne lassana wada, godak thanks apita mehema thread denawata, a.. tari ayya nam mama dannawa:shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැස්සෙන් මොන බාධා තිබ්බත් තවත් අති සුන්දර සංචාරයක් නිමා වුනේ ඒ විදිහට.ඒත් පොඩි දුකක් හිතේ තියෙනවා ආයෙ ට්‍රැවලර් ටීම් එකත් එක්ක මට ට්‍රිප් එක්ක යන්න කවද වෙනකම් ඉන්න වෙයිද

    එහෙනම් සමු ගන්න හදන්නෙ ත්‍රෙඩ් එක බලපු හැමෝටම බොහොම ස්තුතියි.

    :no::(:sorry::no:


    Very Well Done Sumiyooooo
    ලොවෙත් නෑ.

    Few Clicks (Unedited)


    76287_10151263288151418_1757824247_n.jpg


    579150_10151263288871418_1575976575_n.jpg


    297172_10151263290746418_1836732765_n.jpg


    696_10151263292496418_175416070_n.jpg


    604005_10151263294781418_1021098790_n.jpg


    76267_10151263294701418_905373740_n.jpg


    391636_10151263298551418_1287938497_n.jpg


    559480_10151263302286418_53310360_n.jpg


    3614_10151263299556418_1085629617_n.jpg
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අම්මට හුඩු
    උඹලා ලෙසම ආතල් එකක් අරන් බන්ස්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලස්සනට ලියෙල තියෙනවා මචන්....
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල සුපිරි ෆන් එකක් අරන් තියෙන්නෙ උබලා බඩ තරියත් ඉන්නවා නෙහ් :lol:
    ෆට්ට ෆට ෆට මටත් සෙට් වෙන්න ආසයි උබලත් එක්ක රවුමක් යන්න එත් ඉතින් අපි කොටි වල්ගෙ අල්ල ගත්ත උන් නෙ වෙලවක් නැති එක ගැන වෙන රටක ඉන්න එක ගැන මෙවා දකිනකොට දුක හිතෙනව
    තැන්ක්ස් මචන් ත්‍රෙඅඩ් එකට අපි නොගියත් ගියා වගෙ සතුටක් ලබුනා ත්‍රෙඩ් එක බලලා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    "ඇයි අනේ මෙයා තෙමෙන්නේ , මෙයාගේ කුඩේ නේද අපි දෙන්න ඉන්නේ, එයාටත් එන්න කියන්න "
    නදියා එරෙව්වා එරවිල්ලක් ආයෙත් ලොවෙත් නැ ඉතින්