කදුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ &#3463

Nohim Ys

Well-known member
  • කදුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ &#3463

    කඳුලු.. !!
    කඳුලු කියන්නේ හරියට අපේ හැගීම වගේ දෙයක්. අපේ හිත් ඇතුලේ තියෙන දුක හරි සතුට හරි,, දරාගන්න බැරි වෙලාවල් වලදි, ඒක පිටට පෙන්නන එක විදිහක් තමයි කදුලු:nerd:.
    අපි දෙන්නගේ ජීවිතේ සතුටු කදුලක් හෙලන්න තරම් තැනක නැති බව, ඔයත් මමත් හොදටම දන්නවා. ඉතින්, මට බොරු කියන්න හැකියාවක්, ඔයාට කොහෙත්ම නෑ:no:. ඔයාගේ ඇස් දෙකෙන් කදුලක් වැටුනොත් වැටෙන්නේ සතුටක් නිසා නොවෙන බව මම දන්නවා:sorry:. ඉතින් මට කොහෙත්ම ඒ දේට ඉඩ දෙන්න විදිහක් නෑ. දැනටත් හුගක් ප්‍රශ්න තියෙන ඔයාගේ ජීවිතේට මම නිසාත් තවත් කදුලක් දෙන්න මට බෑ:no::sorry:.

    ඔව්, මේ දුරස් බව මගේ පපුව පැලිලා යන්න තරම් වේදනා දෙනවා තමයි:sorry:. මම ජීවත් වෙන හැම මොහොතකම මට දැනෙන ඒ හිස් බව, මම කොහේ හරි අතරමං වුනා වගේ දැනෙන හැගීම:sorry:, දරා ගන්නවා කියන එක මට ලේසි කියලා මම කියන්නේ නෑ:(. ඒත් ඒ කිසිම දෙයක් ඔයාගේ කදුලු තරම් වටින්නේ නෑ:no::(. ඔයගේ ඇස් දෙකෙන් එලියට ඇවිත්, ඔයාගේ කම්මුල් දිගේ ගලාගෙන ගිහින්, බිමට වැටෙන, එකම එක කදුලු බිංදුවක් උනත් මට හුගාක් වටිනවා. හුගාක්ම වටිනවා. ඒ වැටෙන කදුලු බිංදුවක වටිනාකම වෙනුවෙන්, ඔයා හිතනවාට වඩා හුගාක් දේවල් මට කරන්න පුලුවන්:yes:. ඔව්, මට මුලු ලෝකයත් එක්කම සටන් කරන්න පුලුවන්:yes:. ඇත්තටම....
    ඒත් මට සටන් කරන්න වෙන්නේ, තමන්ගේම අයත් එක්ක නම්,,,,:no::sorry:
    ඒ සටන් කරලත් මට ඔයාගේ ඇසින් වැටෙන කදුලක් නවත්වන්න බැරිනම්,,,,:no::(
    ඔයාට තේරෙනවද මම කොච්චර අසරනද කියලා...:( අනේ,තේරුම් ගන්න මම කොච්චර අසරනද කියලා. මම ඔයා වගේ ශක්තිමත් නෑ:no:. ඔයාගේ ඇස් දෙකෙන් වැටෙන කදුලක් මට දරාගන්න බෑ:no:. ඒකයි මට බැරි, ඔයාගේ කදුලු හැමදාම දකින්න වෙන ජීවිතයකට ඔයාව ඇදලා දාන්න :no::(.
    මට ඔයාට ආදරය කරන්න බැහැ:(. කොහොමටවත් ම බැහැ:(. ඔයා මගේ ලග දන ගහලා, ආදරය ඉල්ලුවත්, මට ඒක ඔයාට දෙන්න විදිහක් නෑ:(. Please මාව තේරුම් ගන්න:sorry:. අපි දෙන්නට කවදාවත්ම එකතු වෙන්න බෑ. ඒක තමයි අපේ දෛවය.:sorry::sorry:

    ඔයා ඔයාගේ කුලුදුල් ආදරේ පිදුවෙ මට:love:. මාත් එහෙමයි. ජීවිතේ පලවෙනි වතාවට මට ආදරේ කියන එක, මොනවගේ හැගීමක් ද කියලා දැනුනේ ඔයාගෙන්. මගේ හිතේ ඉපදුන හැගීම මාව කොච්චර නම් වෙනස් මිනිහෙක් කලාද... කොච්චර දුරක් මාව ජීවිතේ ඉස්සරහට අරන් ගියාද.. මේ හැම දෙයක්ම කලේ මගේ හිතේ ඉපදුන "ආදරය" කියන හැගීම විතරයි:yes::love:. එක හැගීමකට එච්චර වෙනසක් කරන්න පුලුවන් නම්, අපි දෙන්නගේ ආදරයට කොච්චර ලොකු ආලෝකයක් අපේ ජීවිත වල ඇතිකරන්න පුලුවන් කමක් තියෙන්න ඇද්ද...:sorry:
    ඒත් ඒ හැම දෙයක් ම, දෛවයේ තවත් එක සරදමක් වගේ, අපි දෙන්න දැකපු, එක හීනයකට විතරක් සීමා උනා. අපි දෙන්න එකතු වෙලා ගොඩ නගන්න හදපු ඒ ලෝකයට, අපේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබුනේ නෑ:(. අපි ඉපදුන දවසේ ඉදලා මහන්සි වෙලා අපිව හදාගත්ත දෙමව්පියන්ව, අපේ ආත්මාර්ථකාමි හැගීමක් වෙනුවෙන් හඩවන්නේ කොහොමද...:no::no::no: ඔයාගේ දෙමව්පියන්ගේ ආශීර්වාදය මට කවදාවත්ම ලැබෙන්නේ නෑ. මට ඒක හොදටම විශ්වාසයි. ඔයා ඒ අයට කදුලක් දෙන්නත් එපා... මම හැමදාටම තනිවෙන්නම්, ඒ දුක මම කොහොම හරි දරාගන්නම්:sorry::sorry:

    අපි දෙන්නම යන්නේ එකම පාරක, එකම තැනකට, එකම අරමුණක් පස්සේ. ඔයාගෙයි මගේ සිහින වල වැඩි වෙනසක් නෑ. අපි දෙන්න හිතන විදිහත් එක වගේ නිසා, එක අතකින් ඒක පුදුමයකුත් නෙවෙයි:love:. එකම පාරක ගියත් අපට කවදාවත් හමුවීමක් නම් නෑ. ඒකත් හරියට, අර හැමෝම කියනවා වගේ රේල් පාරේ පීලි දෙක වගේ තමයි. හමුවිමක් තිබුනා නම්, අපේ ජීවිත මොන වගේ ලස්සන වෙන්න තිබුනද කියලා කල්පනා කරනකොට, හමුවීමක් නැති එකේ දුක වැඩිපුර දැනෙනවා:(:sorry:. ඒත් ඒ දැනෙන දුකට වඩා වැඩි දුකක් මට ඔයාගේ ඇහෙන් කදුලක් වැටෙනවා දැක්කොත් දැනේවි, ඒක මට දරාගන්න හුගාක් අමාරු දෙයක්:no::(. අපිට එකතුවෙන්න බැරි බව හොදටම දැනගෙනත් ශෝකාන්තයකට මුල පුරන්න මට කොහෙත්ම බෑ:(. ඔයාගේ ජීවිතේ, කදුලු වලින් පිරිච්ච අපායක් කරන්න මට බෑ... මට කරන්න පුලුවන් එකම දේ අදුරු හෙවනැල්ලක් වගේ, ඔයාගෙන් සැගවිලා තනි වෙන එක විතරයි. හැබැයි මම එහෙම කරන්නේ එක දෙයක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. ඒ, මගෙන් තොර ඔයාගේ ජීවිතේ ඔයා සතුටින්, සැනසීමෙන් ගෙවයි කියන බලාපොරොත්තුව. අන්න ඒ එක බලාපොරොත්තුව, මගේ ජීවිතේ ඉතුරු කාලේ මාව ජීවත් කරවාවි:yes::sorry:. මම ඒ බලාපොරොත්තුව විශ්වාස කරලා හැමදාම හිනා වෙන්නම්. ඔයා කොහේ හරි සතුටින් ඉන්නවා කියලා හිතලා මාත් සතුටින් ඉන්නම්. ඒ අවංක ප්‍රාර්ථනාව වෙනුවෙන් හරි ඔයාට සතුටින් ඉන්න සිද්ද වෙනවා:yes:. මට පොරොන්දු වෙන්න..... මට පොරොන්දු වෙන්න ඔයා හැමදාම සතුටින් ඉන්නවා කියලා. ඔයාගේ මූන හැම තිස්සෙම සිනහවකින් පුරොගන්නවා කියලා. එච්චරමයි මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නේ:sorry:. මට ඒ දේ විතරක් දෙන්න !!

    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්

    කුලුදුල් සෙනෙහස ඔබගේ
    පුදකලා දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතූ මා
    ලොව තනිවේ නම්

    එක මග යනමුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්​

    සිංදු වලට විචාර ලියන්න මට අමුතු හැකියාවක් නම් නෑ:no:. කොහෙන්වත් එහෙම ලියන හැටි ඉගෙන ගෙනත් නෑ:no:.
    මේ සින්දුව ගොඩක් හිතට වදින එකක් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ...:nerd: ඒක අහනකොට මට දැනිච්ච දේ, මම ලිව්වා:):nerd:. කියවලා බලලා හිතෙන දේ Comment එකක් කොටලා යන්න :):):)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හදවතේ හැගීම් එලියට දාන්න ඉගෙන නොගත්ත එකමයි හොද...
    එහෙම උනානම් මේ තරම් ලස්සනට ලියවෙන එකක් නෑ...
    හදවතට තමන්ට ගීතය දැනෙන විදිය ලියන්න නිදහසේ...
    එතකොට අනිත් අයටත් දැනේවි ඔබ වගේ හිතනවානම්...
    උපරිමයි...!!! ජයවේවා...!!!
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • කෝරලේමහත්තයා;13791770 said:
    :(:( මලයට ලගදි මොකක් හරි කේස් එකක් වෙලාවගේ..
    එකනේ විරහ ගීතවල තේරුම හොයන්නේ...

    පොඩි සීන් එකක් නම් උනා තමයි අයියේ:dull:.ලොකු දෙයක් නෙවෙයි:);).

    අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love
    ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!

    හැබැයි ඉතින් ඒක නිසාම නෙවෙයි මේක ලිව්වේ.. හිතට දැනිච්ච දේ ලිව්වා අයියේ ;);)
    ගොඩක් ස්තුතියි Comment එකට :):)
     
    • Like
    Reactions: p990i

    Nohim Ys

    Well-known member
  • හදවතේ හැගීම් එලියට දාන්න ඉගෙන නොගත්ත එකමයි හොද...
    එහෙම උනානම් මේ තරම් ලස්සනට ලියවෙන එකක් නෑ...
    හදවතට තමන්ට ගීතය දැනෙන විදිය ලියන්න නිදහසේ...
    එතකොට අනිත් අයටත් දැනේවි ඔබ වගේ හිතනවානම්...
    උපරිමයි...!!! ජයවේවා...!!!

    :yes::yes::yes::):)

    ස්තුතියි සහෝ.... :):)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    Sadsmileycrying.gif
     
    • Like
    Reactions: Nohim Ys

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    sasliit හදවතේ හැගීම් එලියට දාන්න ඉගෙන නොගත්ත එකමයි හොද...
    එහෙම උනානම් මේ තරම් ලස්සනට ලියවෙන එකක් නෑ...
    හදවතට තමන්ට ගීතය දැනෙන විදිය ලියන්න නිදහසේ...
    එතකොට අනිත් අයටත් දැනේවි ඔබ වගේ හිතනවානම්...
    උපරිමයි...!!! ජයවේවා...!!!
    :yes::yes::yes: ....rep+
     
    • Like
    Reactions: Nohim Ys

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම මුලින්ම කියන්න කැමති මන් කියන්නේ මහා ලොකු පණ්ඩිතයෙක් නෙමෙයි... එත් මන් මේ කියන්නේ මට දැනෙන දේ....
    "කදුළු බිදක් ම වෙනුවෙන්" ඔන්න ඔය සින්දුවට මම කාලයක් පිස්සු වැටිලා වගේ ආදරේ කල.. එකට හේතුව උනේ ඔය සින්දුව අහනකොට මට හිතුනේ ඒ සින්දුව මටම ලියපු සින්දුවක් වගේ... මගේ ජීවිතෙත් ඔය වගේ කාලයක් තිබුන.... එ කලේ ඒ කෙනකේ සතුට වෙනුවෙන් කියල හිතලයි.. කොහොම උනත් මට දැන් හිතෙනවා.... ආදරේ කියන දේ නිකන්ම අපිට ලැබෙන්නේ නැහැ... එහෙම ලුබුනොත් අපිට ඒ ආදරේ කිසිම වටිනාකමක් නැති වෙනවා... මමනම් හිතන්නේ ආදරේ වෙනුවෙන් සටන් කරන්නම වෙනවා.... (හැබැයි අවංක ආදරයක් වෙනුවෙන් විතරයි).. ඒ වගේම ටිකක් මෙහෙම හිතන්න අපි කොහොම හරි සටන් කරලා ඔය ආදරේ ලබාගත්ත කියල... අන්න එදාට අපිට කොයි තරම් සතුටක් දැනේවිද...?? අද කලේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ කරන දෙයක් තමයි පොඩි ප්‍රශ්නයක් අපු ගමන් මේ දේ කරන ගිහින් තේරුමක් නැහැ... අපි මේක නවත්තමු කියල අත පිහදගන්න එක.... නැත්නම් ආදරේ වෙනුවෙන් මහා ලොකු පරිත්‍යාග කර කියල හිතල සම්බන්දෙ නවත්තල දල දුක් විදින එක... මමනම් කියන්නේ ඒවා තේරුමක් නැති වැඩ.... දුක් විදලා හරි ලබාගන්න දේ තමයි වටින්නේ... අමල තාත්තලා කියන්නේ හැගීම් දැනීම් නැති පිරිසක් නෙමෙයි... කාලයත් එක්ක හැමදේම එයලා තේරුම් ගනී කියල හිතන්න පුළුවන්... ඒ වගේම මෙහෙම හිතන්න අම්මල අකමැති වෙයි කියල හිතල දැන් නවත්තල කවද හරි දවසක අනේ ඒ ගනු ළමය හරි පිරිමි ළමය හරි කොච්චර හොදයිද කියල ඔයාලගේම අම්මල තාත්තලාගේ කටින් පිට උනොත් අන්න එදාට මොකද කරන්නේ??????:eek:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් ඇ ඩුන බන් ..මටත් ඔහොම සින් එකක් වෙලා තියන් අව බන් අපේ ගෙදරින් කැමති නැ බන් කොහොමටවත් එක එක හේතු නිසා මන් වෙන මොන කරන්නද කියල මට තේරෙන්නේ නැ ..පස්සේ මම නවත්තමු කිව්වා බන් එකී හැමදාම අඩනවා බන් අනික ශික් :දුක මුණ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම මුලින්ම කියන්න කැමති මන් කියන්නේ මහා ලොකු පණ්ඩිතයෙක් නෙමෙයි... එත් මන් මේ කියන්නේ මට දැනෙන දේ....
    "කදුළු බිදක් ම වෙනුවෙන්" ඔන්න ඔය සින්දුවට මම කාලයක් පිස්සු වැටිලා වගේ ආදරේ කල.. එකට හේතුව උනේ ඔය සින්දුව අහනකොට මට හිතුනේ ඒ සින්දුව මටම ලියපු සින්දුවක් වගේ... මගේ ජීවිතෙත් ඔය වගේ කාලයක් තිබුන.... එ කලේ ඒ කෙනකේ සතුට වෙනුවෙන් කියල හිතලයි.. කොහොම උනත් මට දැන් හිතෙනවා.... ආදරේ කියන දේ නිකන්ම අපිට ලැබෙන්නේ නැහැ... එහෙම ලුබුනොත් අපිට ඒ ආදරේ කිසිම වටිනාකමක් නැති වෙනවා... මමනම් හිතන්නේ ආදරේ වෙනුවෙන් සටන් කරන්නම වෙනවා.... (හැබැයි අවංක ආදරයක් වෙනුවෙන් විතරයි).. ඒ වගේම ටිකක් මෙහෙම හිතන්න අපි කොහොම හරි සටන් කරලා ඔය ආදරේ ලබාගත්ත කියල... අන්න එදාට අපිට කොයි තරම් සතුටක් දැනේවිද...?? අද කලේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ කරන දෙයක් තමයි පොඩි ප්‍රශ්නයක් අපු ගමන් මේ දේ කරන ගිහින් තේරුමක් නැහැ... අපි මේක නවත්තමු කියල අත පිහදගන්න එක.... නැත්නම් ආදරේ වෙනුවෙන් මහා ලොකු පරිත්‍යාග කර කියල හිතල සම්බන්දෙ නවත්තල දල දුක් විදින එක... මමනම් කියන්නේ ඒවා තේරුමක් නැති වැඩ.... දුක් විදලා හරි ලබාගන්න දේ තමයි වටින්නේ... අමල තාත්තලා කියන්නේ හැගීම් දැනීම් නැති පිරිසක් නෙමෙයි... කාලයත් එක්ක හැමදේම එයලා තේරුම් ගනී කියල හිතන්න පුළුවන්... ඒ වගේම මෙහෙම හිතන්න අම්මල අකමැති වෙයි කියල හිතල දැන් නවත්තල කවද හරි දවසක අනේ ඒ ගනු ළමය හරි පිරිමි ළමය හරි කොච්චර හොදයිද කියල ඔයාලගේම අම්මල තාත්තලාගේ කටින් පිට උනොත් අන්න එදාට මොකද කරන්නේ??????:eek:
    උබ හරියටම හරි:)මම කියන්නෙත් ඕකමයි.:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ සිංදුවේ දෙදෙනාට නම් බාදක තියෙන්වා වගේ:sorry:.නමුත් උබ කරන්නේ බාදක එයි කියලා උපකල්පනය කරලා ආදරය ප්‍රාකාශ නොකර සිටිම:frown:.උබ කරන දේ මට නම් කවදවත් අනුමත්කරන්න බෑ:dull: රෙප් 4+:)