අපේ කැදැල්ල 2 කොටස......

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපේ කැදැල්ල 2 කොටස......

    කොහොමද ඉතින්....
    මම හිතනවා කට්ටියට කලින් ත්‍රෙඩ් එක මතක ඇති කියලා....
    බලපු නැති අය මෙතනින් යන්න.....

    ඒකේ අපි කතා කලේ ගෙයක් හදන්න කලින් කර ගන්න වැඩ....


    අද අපි කතා කරන්න යන්නේ ගෙයක් හදද්දි කරන්න ඕන වැඩ....
    මුලින්ම ගෙයක් හදද්දි වැඩ කරගෙන යන පිලිවෙල දැනගෙන ඉන්න ඕනේ....
    නැත්නම් අපි අමාරුවේ වැටෙනවා...
    අනික කවදාවත් බාස්ලට තමන් දන් නෑ කියලා පෙන්වන්න එපා....
    ඒ නිසා මේ ටික හොදට මතක තියා ගන්න....


    01))මුලින්ම කරන්නේ foundaion එක දාගන්න එක...
    මේක හරි වැද්ගත්...
    මෙතන වැරදුනොත් ගේම ඉවරයි...
    හරියටම මුලු පරස් තියා ගන්න...
    ඒ කිව්වේ 90 degrees angles, එහෙම නැත්නම් අංශක 90 කෝන ටික තියා ගන්න ඕනේ...
    බාස්ලා මෙකට යොදා ගන්නේ 3,4,5 කියන ක්‍රමය...
    ඒ කිව්වේ අපි කවුරුවත් දන්න පයිතගරස් ප්‍රමේය තමයි....,.

    සාමාන්යයෙන් තනි තට්‍ටුවේ ගෙයක් නම් කො‍ටු foundation එකක් තමයි දාන්නේ...
    අගල් 14ක් විතර පලලට, අඩි 2-3ක් විතර ගැබුරට දා ගන්න....
    මේක දාගන්නේ කලු ගල් සහ බදාම වලින්....
    මේව යොදා ගන්නේ ගල් එකට එක හිරවෙන නිසා හොදට බලයක් දරා ගන්න පුලුවන් නිසා.....

    තට්‍ටු දෙකේ ගෙයක් නම් මේ විදිහට තමයි foundation එන්නේ......

    yEIIj.png


    සමහරු foundation නොදා බේස් වලවල් දානවා.....
    එහෙනම් එන්නේ මේ විදිහට......

    4UF52.png



    02))ඊලගට තියෙන්නේ dpc (damp proof course) එක....
    ඒ කියන්නේ foundation එකයි බිත්තියයි සෙට් වෙන තැන...
    foundation එකේ වතුර බිත්ති වලට එනවට මේක කරන්නේ....
    මේ කරන්නේ ගඩොල් හා පොලිතීන් වලින්....
    ගඩොල් කැට පෝලිම් දෙකක් දිග අතට foundation එක උඩ අතට තියලා මැද්දට concrete දානවා.....
    ඒකට උඩින් හා යටින් පොලිතීන් එලනවා....

    DPC3.jpg


    ගොඩාක් අය පොලිතින් එලන් නැතුව ගඩොල් විතරක් තියනවා....
    කියන්නේනම් ඒකත් ලොකු අවුලක් නෑ කියලා.....

    ඒ ගැන විස්තර ඔක්කොම මෙතන තියෙනවා....[/SIZE]


    03))දැන් column ටික දාගන්න ඕනේ...
    ගෙදර වහලයේ හා, තට්ට දෙකේ ගෙයක නම් උඩ තට්‍ටුවේ බරත් දරාගෙන ඉන්නේ මෙයා තමයි,,,
    ඒ නිසා හරියට දා ගන්න.....
    reinforcement එක, ඒ කීවේ කම්බි දා ගන්න එක හරියට කරන්න.....
    සාමාන්යයෙන් නූල් 8 ඉදලා 12 වෙනකල් කම්බි යොදා ගන්නවා.....

    611200835306.jpg

    611200834655.jpg

    poly-classic-columns.jpg



    04)) දැන් තියෙන්නේ දෙවියනේ කියලා බිත්ති ටික බැද ගන්න....
    ගඩොල් වලින් බදිනවා නම් හයිය වැඩි, රස්නේ අඩුයි, වතුර කාන්දු වෙනවා අඩුයි.....
    හැබැයි වියදම වැඩි.....
    images

    බ්ලොක් ගල් වලින් බදිනවා නම් වියදම අඩුයි,
    රස්නේ වැඩි, වතුර කාන්දුව ටිකක් වැඩි, හයිය ටිකක් අඩුයි....
    images


    බිත්ති බදින ක්‍රම ගොඩාක් තියෙනවා.....

    Mvc-006s.jpg

    common.JPG



    ඒ විස්තර ඔක්කොම මෙතන තියෙනවා...l



    05)) දැන් තියෙන්නේ ජනෙල් දොරවල් හා ලින්ටෙල්....
    අපි ජනෙල්, දොරවල් වලට ඉඩ තිබ්බට පස්සේ ඒව උඩින් මුලු ගේ වටේම යන concrete beam එකට තමයි ලින්ටෙල් කියන්නේ...

    concrete_lintel_copy.jpg

    Putting-iron-bar-to-the-lintel-box.jpg




    06) දැන් ඉතින් තනි තට්‍ටුවේ ගෙයක් නම් වහලයක් ගහ ගන්නත්,
    තට්‍ටු දෙකේ එකක් නම් ස්ලැබ් එක දාගන්නත් තමයි තියෙන්නේ....

    cut_roof2.gif


    වහලේ ගහනවානම් අනිවා වෙලාවක් එහෙම බලලා දන්න කෙනෙක් ලව්වා ගහ ගන්න....
    අනික පරාල දාද්දි සිවිලිම ගහගන්න පුලුවන් දුරවල් වලින් පරාල දාගන්න...
    නැත්නම් සිවිලිමට වෙනම 2x2 ලී ගහන්න වෙනවා....

    images


    වහලය ගහන්න පොල් ලී , කෙම්පස්, යකඩ , මේ එක එක ජාති ගන්නවා...
    වහලය ආවරනය කරන්න උලු, ශීට්, පොලිකාබනේට් ශීට්, තහඩු , ගන්නවා...
    ඒක තමන් තීරනය කරන්න.....




    07)) දැන් මූලික වැඩ ඉවරයි....
    ඊලගට තියෙන්නේ කපරාරු කරගන්න.....
    සාමාන්යයෙන් වැලි, සිමෙන්ති, හුනු තමයි මිශ්‍ර කරලා යොදා ගන්නේ...
    කපරාරු කරද්දි සිවිලිමට වැහෙන උඩ කැල්ල කපරාරු කරන්න එපා,
    අපරාදේ.......


    strawbale-construction-plastering-workshop-first-layer-finished-wall.jpg


    Internal-Wall-Plastering-in-progress.jpg



    08)) දැන් තියෙන්නේ වයරින් වැඩ ටිකයි, වතුර බට දාගන්න එකයි........
    ඒ ටිකට නම් පු‍තෝ ලෝබ නැතුව වියදම් කරන්න....
    නැත්නම් පස්සේ දුක් වෙන්න වෙයි.......


    attachment.php

    homeowner_house.jpg



    අදට මෙච්චරයි,
    ඊලග දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
    වැහි පීලි,
    ටයිල්,
    පොටි ගාන හැටි,
    බිම හදන හැටි,
    කානු හදන හැටි ගැන.....


    ඒ විස්තරත් අරගෙන පස්සේ සෙට් වෙමු....
    type කරපු මහන්සියටවත් මොනවා හරි කියාගෙන යන්න.......

    අපේ කැදැල්ල අපිම හදමු 1​

    අපේ කැදැල්ල අපිම හදමු 2​

    අපේ කැදැල්ල අපිම හදමු 3​

     
    Last edited by a moderator:
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    තව එළකිරි වැඩක් මචං.
    ඕනම කෙනෙක්ට වැදගත් වෙන දෙයක්
    තෑන්ක්zz
    ලඟදි රෙප් දුන්න නිසා දැන්ම දෙන්න බැරිලු
    :):):):):)