ආහාර_ශරීරයට_බලපාන්නේ_කෙසේද_?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආහාර_ශරීරයට_බලපාන්නේ_කෙසේද_?


    අප ගන්නා ආහාර ශරීරයට බලපාන්නේ කෙසේද ?

    01-46.jpg

    අප ගන්නා විවිධ වූ ආහාර වර්ග වලින් අපගේ ශරීරයට විවිධ වූ ප්‍රතිඵල ලැබෙන ඇතර, ශරීර අභ්‍යන්තරයේ විවිධ ක්‍රියාකරාකම් මෙමඟින් පාලනය කිරීමකට හෝ වෙනස් කිරීමකට ලක්වෙයි. අප ගන්නා ඇතැම් ආහාර උෂ්ණ ආහාර ලෙසත්, ඇතැම් ආහාර ශීත ආහාර ලෙසත්, ඇතැම් ඒවා සෙම වඩන ආහාර ලෙසත් හැඳින්විය හැකිය. අප ගන්නා විවිධ වූ ආහාරවලින් අපගේ ශරීරයට වන බලපෑම පිළිබඳව මේ ලිපිය මඟින් ඔබට යම් වටහීමක් ඇතිවේ යයි කියා මා සිතනවා.

    අප කිසියම් ආහාරයක් කෑමට ගත් පසුව එය ශරීරයට අවශෝෂණය කරගෙන එමඟින් ශරීරය තුළ විවිධ දේ සිදුකරනු ලබන අතර එම ක්‍රියාවලිය පිළිබඳව සාමාන්‍ය අප දැන සිටීම ඉතා වැදගත්.

    සමාන්‍යයෙන් සෙම වඩන ආහාර ලෙස කිරි, කිරිබත්, මුදවන ලද කිරි, යෝගට්, තැඹිලි, මාළු, කෙසෙල් වර්ග, බිත්තර වැනි අහාර දැක්විය හැකිය. මෙම ආහාර ගැනීම නිසාත්, පමණට වැඩියෙන් ආහාර ගැනීම නිසාත් ව්‍යායාම නොකර සිටීම නිසාත් බොහෝ වේලාවක් එකම ස්ථානයක හිඳගෙන සිටින නිසාත් ශරීරයේ සෙම ස්වභාවය වැඩිවිය හැකිය.

    02-45.jpg

    තවද ධාන්‍ය වර්ග වැඩියෙන් ආහාරයට ගැනීම ශරීරයේ සෙම වැඩි කරන අතරම ශරීරයේ වාතයත් වැඩිකිරීමට හේතු වෙනවා. විශේෂයෙන් කඩල, කොල්ලු, කව්පි වැනි ධාන්‍ය වාතය වැඩි කරන ආහාරයි. මිරිස්, කෙලවල්ලන් මාළු, බලමාළු වැනි ආහාර ගැනීම ශරීරයේ පිත ස්වභාවය වැඩිවීමට හෙතුවේ.

    අප සැමවිටම ආහාර ගත යුත්තේ ශරීරයේ වාතය, පිත, සෙම නොකිපෙන ආහාරයන්ය. යම් යම් ආහාර ගත යුතු දිනයන් සහ සුදුසු වේලාවන් ඇති අතර නුසුදුසු වෙලාවන් වලදී නුසුදුසු ආහාර ගැනීමෙන් ඉහත සඳහන් කල වාතය, පිත, සෙම කෝප වීම සිදුවෙයි. සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර අපගේ මනසේ ස්වභාවයද වෙනස්වීමට බලපානවා. කිරි, එළඟි තෙල්, ගොටු කොළ, ලුණුවිල වැනි ආහාර කරුණාව, මෛත්‍රිය, ඊර්ෂ්‍යාවෙන් තොරවීම වැනි ලක්ෂණ වැඩි කරන ආහාර අතර මස්, මාළු, මත්පැන්, සුදුලූනු වැනි ආහාරවලින් මනසේ රාගය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි ගති ලක්ෂණ වැඩිවෙනවා.

    03-44.jpg

    තවද කිරි, බිත්තර ශරීරයේ අලස ස්වභාවය වර්ධනය කිරීමට සමත් ආහාරයන්ය වන අතර එමඟින් නිද්‍රාශීලී බව, අලසකම, කය වෙහෙසා වැඩ කිරීමට ඇති අකැමැත්ත, යමක් පිළිබඳව සිතීමට පවා ඇති අකැමැත්ත එම ගති ලක්ෂණ වැඩිවෙනවා. ශරීරයේ සෙම ස්වභාවය වැඩි පුද්ගලයින් වෙතින් පෙන්නුම් කෙරෙන අලසකම මඟහරවා ගැනීමට එළඟි තෙල් තේ හැන්දක් පමණ දිනපතා බත් සමඟ මුසු කොට හෝ ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. එමඟින් මනසේ පිබිදීමක් ඇතිවී අලස ස්වභාවය පහව යනවා. එළඟි තෙල් ආහාර හොඳින් දිරවීමට ද උපකාරී වන ආහාරයක්. එළඟි තෙල් තේ හැන්දක් පමණ දිනපතා ආහාරයට ගැනීම කොලොස්ටරෝල් මේදය වැඩිවීමට හේතුවක් වන්නේ නෑ.

    එළකිරි පානය ශරීරයට හිතකරද ?

    04-38.jpg

    එළකිරිවල තිබෙන ගුණය පිළිබඳව අප විශේෂයෙන් සඳහන් කිරීමට උවමනා නැත. එළකිරිවලින් සාදාගන්නා පස්ගෝරස නීරෝගී ජීවිතයකට ඉතා ප්‍රයෝජනවත් ආහාරයි. ඉන්දියාවේ සෑම පුද්ගලයකු ම පාහේ දිනකට දියරකිරි බෝතල් දෙකක් පමණ පානය කරන බව පැවසෙනවා. කිරි පානය කරන ඕනෑම අයකුට සෙම වැඩිවෙනවා යයි කීම වැරදි මතයක්. අවේලාවේ කිරි පානය කිරීමත්, සීතල කිරි පානය කිරීමත්, ශරීරයේ සෙම ස්වභාවය යම් පමණකට වැඩි පුද්ගලයින් කිරි පානය කිරීමත් සෙම වැඩිවීමට හේතුවෙනවා. කිරිවලට යම් යම් ද්‍රව්‍ය එක්කරගෙන හොඳින් රත්කරගෙන පානය කිරීමෙන් කිරි පානය නිසා සෙම ඇතිවීම වළකා ගත හැකියි.

    වියළි ඉඟුරු කුඩු ස්වල්පයක් හෝ වියලා කුඩු කරගන්නා ලද කලාඳුරු ස්වල්පයක් කිරි වීදුරුවකට එක්කර ගැනීම මඟින් කිරි පානයෙන් සෙම වැඩිවීම වළක්වා ගත හැකියි. කිරිවලට අධික ලෙස සීනි එක් කිරීමෙන් ද සෙම වැඩිවෙනවා. සාමාන්‍යයෙන් දියර කිරිවල සීනි යම් ප්‍රමාණයක් අඩංගුයි. කිරිවල ස්වභාවිකවම අඩංගු එම සීනි ප්‍රමාණයට හුරුවීම කිරි බීමෙන් සෙම ඇතිවීම වළක්වා ගැනීමට තවත් එක් පියවරක්. අපේ රටේ වැඩිපුරම පිටිකිරි ලෙස විකිණීමට තිබෙන්නේ යොදය සාරය ඉවත් කර කෘත්‍රිමව යම් යම් ද්‍රව්‍ය දැමූ පිටි කිරි. එම පිටි කිරි පානයට වඩා දියර කිරි පානය ඉතාම ගුණදායකයි.

    ශරීරයේ නොයෙකුත් අවයවයන්ට ගුණදෙන ආහාර වර්ග . . .

    05-31.jpg

    ගොරකා, සියඹලා, පැණි දොඩම්, ඇඹුල් දොඩම්, නාරං වැනි පැඟිරි වර්ග, කාමරංගා, අඹ, ඇඹරැල්ලා, දෙළුම් හෘද රෝග නැති කරන ප්‍රධාන ආහාරයි. එමෙන්ම මොළයේ වර්ධනයට කිරි, ගිතෙල්, ගොටුකොළ, අලවර්ග ආදිය ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. වකුගඩු නියමාකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා උපකාරී වන ආහාර වර්ග ලෙස කැකිරි, වට්ටක්කා, පිපිඤ්ඤා, සියඹලා, කොමඩු, රාබු වැනි ආහාර වැඩියෙන් ගැනීම සුදුසුයි. මෙම ආහාර වකුගඩු පිරිසිදු කිරීමේ සහ වකුගඩුවලින් කෙරෙන කාර්ය පහසු කිරීමේ ගුණයෙන් අනූනයි. එමෙන්ම එම ආහාරවලින් වකුගඩුවල මෙන්ම මුත්‍රාශයේ ද ගල් ඇතිවීම වළක්වනවා.

    වර්තමානයේ බොහෝ දෙනෙක් පානයට පුරුදුවී සිටින කෘත්‍රිම බීම වර්ග පිළිකා කාරක ගුණයෙන් යුක්ත බව හෙළිවී තිබෙනවා. පිළිකා ඇතිවීමෙන් වැළකී සිටීමට ඉතා ගුණ ආහාර වර්ග ලෙස කතුරුමුරුංගා කොළ, අන්නාසි, මයියොක්කා වැනි විවිධ අල වර්ග, කෙසෙල්මුව, කෙසෙල්බඩ, කොහිල වැනි කෙඳි සහිත ආහාර නිතර කෑමට ගැනීම ඉතාම සුදුසුයි. මෙහිදී නෙළුම් අල ද ඉතාම සුදුසු ආහාරයක් වුවත් වී වගාවට යොදන කෘෂි රසායන වැව්වල ඇති නෙළුම් අලවලට ද එක්වීම නිසා ඇතැම් නෙළුම් අලවල විෂ ද්‍රව්‍ය තිබෙනවා. මෙය මඟහරවා ගැනීමට නෙළුම් ගෙවත්තේ කුඩා පොකුණුවල වවාගන්නේ නම් ඉතා සුදුසුයි.

    කෙසෙල් සහ සෙම අතර සම්බන්ධය . . .

    06-26.jpg

    ඇඹුල් කෙසෙල් වැඩියෙන් ආහාරයට ගත් විට ඇදුම, පීනස, කුෂ්ඨ රෝග වර්ධනය වෙනවා. එසේ වන්නේ එම රෝග ශරීරයේ නිදන්ගත වී ඇත්නම් පමණයි. එම රෝග නොමැති පුද්ගලයන්ට ඇඹුල් කෙසෙල් ආහාරයට ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. ඇඹුල් කෙසෙල් සවස් වරුවේ ආහාරයට ගත්විට ශරීරයේ සෙම වැඩිවෙනවා. සෑම කෙසෙල් වර්ගයකම සීනි තිබෙනවා. ඇම්බුං, කෝලිකුට්ටු වැනි කෙසෙල් වර්ගවල සීනි බහුලයි. එමනිසා දියවැඩියා රෝගීන් හට එම කෙසෙල් වර්ග දෙක නුසුදුසුයි. ඇඹුල් කෙසෙල්, සීනි කෙසෙල්, ලංකාවේ ආනමාලු වැනි කෙසෙල් වර්ග දියවැඩියා රෝගීන්ට සුදුසුයි. නේත්‍රපලම් කෙසෙල් ඉතා හොඳ ගුණදායී පලතුරක්. එමෙන්ම කුඩා ළමයින්ගේ වර්ධනයට ද නේත්‍රපලම් ආහාරයට ගැනීම සුදුසුයි. ශරීරයේ විෂ නැසීමේ ගුණය කෙසෙල්වල අඩංගුයි. අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් ලිංගික ශක්තිය දුර්වල වන බවට ඇතත් එහි සත්‍යතාවයක් නොමැත.

    ලිංගික ශක්තිය දුර්වල අය සඳහා සුදුසු ආහාර වර්ග . . .

    07-22.jpg

    ලිංගික ශක්තිය වර්ධනය කරන ආහාර ලෙස කිරි, මුදවන ලද කිරි, වැල් පෙනෙල, එළඟි තෙල් වැනි ආහාර සුදුසුයි. වැල් පෙනෙල කැඳ ලෙසත් මැල්ලුම් ලෙසත් ආහාරයට ගත හැකියි. වැල් පෙනෙල අධි රුධිර පීඩනය අඩු කිරීමටත් මලබද්ධය නැති කිරීමටත් උපකාරී වන අගනා ඖෂධීය ආහාරයක්.

    හැකි සෑම පුද්ගලයකුම උදෑසන කොළකැඳ කෝප්පයක් පානය කිරීම ඉතාම වැදගත්. එමෙන්ම දවාලට හෝ රාත්‍රියට තැම්බුම් හොද්දක් පානය කිරීම සුදුසුයි. තැම්බුම් හොද්දේ තිබෙන ගොරකා මඟින් කොලොස්ටරෝල් මේදය අඩු කරන අතර එහි අඩංගු අබ, කුරුඳු පොතු, සේර, කරපිංචා, සුදුලූනු වැනි ද්‍රව්‍ය හෘදය රෝගවලින් ආරක්ෂා කරනවා.

    අහාර ගැනීමෙදී පිළිපැදිය යුතු කරුණු . . .

    08-22.jpg

    හැකි සෑම විටම පිරිසිදු ස්ථානයක සිට කතා නොකර ආහාර ගත යුතු බවයි. රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම ඉතා නුසුදුසු ක්‍රියාවකි. එමෙන්ම ආහාර හොඳින් සපා කෑමත් ඉතාමත් වැදගත්. එය ආහාර ජීර්ණයට උපකාර වන අතර මුහුණේ මාංශපේශී එල්ලා වැටීමෙන් තොරවී ශක්තිමත් වීමටද හේතු වෙනවා.

    ආහාර පිළිබඳව තවත් ඉතා වැදගත් අදහසක් නම් දියර කිරි සහ පලතුරු ද, දියර කිරි සහ මස් ද, දියර කිරි සහ මාළුද එකට ආහාරයට නොගත යුතුය. ඒවා එකිනෙක් විරුද්ධ ආහාර වේ. එලෙස එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම නිසා දද, කුෂ්ඨ, පොතු කබර වැනි රෝගාබාධ ඇතිවීමට හේතු වන අතර මුදවන ලද කිරි ඉහත ආහාර සමඟ ගැනීමේ වරදක් නොමැත.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    සුපිරි පෝස්ට් එකක්. දැන් ඕෆ් වෙන්න ලගයි. හෙට අනිවා කිවනවා. බුක් මාර්ක් එකක් දාගත්ත.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි වටිනාකමින් ඉහලම ලිපියක් සහෝ
    ඔය වගේ දේවල් තමයි එලකිරියට අවශ්‍යය
    සහෝ දිගටම මෙහෙම දේවල් අපි එක්ක බෙදා ගමු