සිංහල කාන්තාවන්ටත් මේ දේවල් පුරුදු කරමු!!!
ෆ්‍රීලාන්සර් එකෙන් කීයක් හරි අමතර ආදායමක් හොයාගන්න කෙනෙක් විදියට මම මේ වෙලාවට (10pm-12pm) කරන්නේ ෆ්‍රීලාන්සර් සයිට් එකට ලොග් වෙලා job search කරන එක. Freelance ජොබ් එකකට ලංකාවේ කෙනෙක් ඇප්ලයි කරලා තියෙනවා දකින්නේ බොහොම කලාතුරකින් නිසාම ජොබ් එකකට ඇප්ලයි කරලා තිබ්බ ලංකාවේ කෙනෙක්ගේ ප්‍රොෆයිල් එක නිකමට වගේ බැලුවා. ඒ ප්‍රොෆයිල් එක දැක්කාම මට පුදුම හිතුනා. මොකද මේ වගේ සයිට් වල මම නිතරම දකින්නේ ලාබාල කොල්ලෝ කෙල්ලෝ මිසක් වැඩිහිටියෝ නෙවෙයි. ඒත් දෙයියනේ මේ ජොබ් එකට ඇප්ලයි කරලා තියෙන්නේ අපේ අම්මාගේ වයසේ කෙනෙක්.
ඉතින් මේ ප්‍රොෆයිල් එක එළකිරියේ මිතුරොත් එක්කලා ෂෙයාර් කරන්න හිතුනා. ඇත්තටම මේක අපිට හොද ආදර්ශයක්. මැද පෙරදිග බැල මෙහෙවර කම් කරන්න ගිහින් අතපය කඩාගෙන එහෙමත් නැත්නම් රිසානාට අත්වුණා වගේ කණගාටුදායක ඉරණමකට මුහුණා පාන්නේ නැතිව ගෙදරට වෙලා තමන්ගේ දරු මුණුපුරොත් එක්ක ජීවත් වෙන ගමන් මේ වගේ ඉන්ටර්නෙට් ජොබ් එකක් කරගෙන ජීවීකාව ගෙනයන්න අපේ රටේ අයටත් පුරුදු කරන්න පුළුවන් නම් එක හොද ආරම්භයක් වේවි. අපේ ම්නිස්සුන්ට මේවා බැරි නැහැ.
මේවා ගැන දන්න එකා තව එකෙකුට නොකියන එකයි වැරැද්ද. සමහර විට කුහකත්වය නිසා වෙන්න ඇති. තව කෙනෙක්ට කියලා දෙන්න ගියාම කාලේ නාස්ති වෙන නිසා වෙන්න ඇති. ඒත් යාලුවනේ මම නම් මට පුළුවන් විදියට මේ දේවල් ගැන කිහිප දෙනෙක්වම දැනුවත් කෙරෙව්වා. කියන්න සන්තෝෂයි ජීවිතේට ඉන්ටර්නෙට් නොබලපු අයට මේ ජොබ් ගැන කියලා දීලා තියෙනවා. සමහර අය ඉන්ටර්නෙට් අරගෙන මේ ජොබ් වලට ඇප්ලයි කරලත් තියෙනවා.ඉංග්‍රීසි ටිකක් දන්නවා නම් මේවායේ තියෙන ඕනිම ජොබ් එකක් කරන්න පුළුවන්.
ඉතින් මේ දේවල් ගැන දීර්ඝව ඉදිරියේදී කතා කරන්නම්. මේවා ගැන දන්න අය ඉන්නවා නම් එළකිරියේ විතරක් නෙවෙයි තමන්ගේ පාසලේ, රැකියාව කරන ස්ථානයේදී, ගෙදරදී මේවා ගැන අනිත් අයවත් දැනුවත් කරන්න. මැද පෙරදිග රැකියාවලට වගේම සොච්චමක් වෙනුවෙන් ගාමන්ට් වල දහඩිය හලන තරුණ ජීවිත වලට දිය හැකි හොදම විකල්පය මෙයයි.
(මම සමහර මාස වලදී ෆ්‍රීලාන්සර් එකෙන් රුපියක් ලක්ෂයකට වඩා හොයලා තියෙනවා. යාන්තමට සා/පෙල සහ උ/පෙල සමත් වුන ජීවිතේටම programming course එකක් නොකරපු මම මේ වගේ තැනකට ආවා නම් මේක කියවන ඔබටත් මේ දේවල් පුලුවන්. ෆ්‍රීලාන්සර් එකේ අවුරුදු දෙකක් ඇතුලත මගේ රෑන්ක් එක 11/20 යි. ඒ කියන්නේ මුලු ලෝකෙන්ම ෆ්‍රීලාන්සර් කරන අයගෙන් (6,867,344) හරි අඩක්ම සිටින්නේ මා පිටුපසින්.)