'චැනල් 4 රූපවාහිනියට මා කළ අභියෝගය - මේජර් ෂව&

markfonseka

Junior member
  • Sep 29, 2009
    47
    6
    8
    'චැනල් 4 රූපවාහිනියට මා කළ අභියෝගය - මේජර් ෂව&

    'චැනල් 4 රූපවාහිනියට මා කළ අභියෝගයට
    අද වන තුරු ප්‍රතිචාරයක්‌ නැහැ'
    - මේජර් ෂවේන්ද්‍ර සිල්වා



    බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌ පෝරාව වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක්‌ ඉටු කරන චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේ මාර්තු 1 වැනිදා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය තුළදී සිය අලුත්ම මෙහෙයුම දියත් කිරීමට සැළසුම් කර තිබේ. මේ සැළසුම නම් ඔහුගේ නෝෆයර් සෝන් නැමැති චිත්‍රපටය විදේශීය තානාපතිවරුන්ට පෙන්නුම් කර ශ්‍රී ලංකාව යුධ අපරාධකරුවකු බවට පත් කිරීමයි.

    මේ සඳහා විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයක්‌ වූ හියුමන් රයිට්‌ වොච්, ඇමනෙස්‌ට්‌ටි ඉන්ටර්නැෂනල්, සහ එකෝසොක්‌ නැමැති ආයතනද සහය වේ. එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය තුළදී මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඊයේ මානව හිමිකම් කවුන්සලයේ සභාපති රෙමි ගියුස්‌ හෙන්සල් වෙත ලිපියක්‌ යවමින් දැඩි විරෝධතාවය දක්‌වනු ලැබීය. මෙකී චිත්‍රපටිය සම්බන්ධව කොටි ඩයස්‌පෝරාව දැන් ලොව පුරා ඉමහත් ප්‍රචාරයක්‌ ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස කියා සිටියේය.

    මේ චිත්‍රපටය යුරෝපයේ කොටි හිතවාදීන්ගේ කුමන්ත්‍රණකාරී සැළසුමක ප්‍රතිඵලයක්‌ ලෙස හැඳින්විය හැකියි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව දැඩි අවමානයකට ලක්‌ කර රට මුළුමනින්ම අස්‌ථාවර තත්ත්වයකට පත් කිරීමයි. මොවුන්ගේ මේ සැළසුමේ ප්‍රධානතම ක්‍රියාවක්‌ වන්නේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මේ චිත්‍රපටිය පෙන්නුම් කර ශ්‍රී ලංකාවට එරෙහිව මතයක්‌ ගොඩනැංවීමට විදේශීය දූතමණ්‌ඩල ප්‍රධානීන්ව පෙළඹවීම යෑයි කිව හැකියි. මෙයට පෙර කැල්ලම් මැක්‌රේ තවත් චිත්‍රපටියක්‌ වූ කිලිං පීල්ඩ් නිව්යෝක්‌ නුවරදී තිරගත කළා. ඒ සඳහා සම්බන්ධ වූයේ හියුමන් රයිට්‌ වොච් සහ ඇමනෙස්‌ට්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයයි.

    මෙකී චිත්‍රපටිය මුළුමනින්ම සාවද්‍ය යෑයි මම අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේට පවසා මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ඔහුට අභියෝග කළා. ඒත් අදවනතුරු මැක්‌රේ මා සමග විවාදයකට ආවේ නෑ. මැක්‌රේගේ චිත්‍රපටියෙන් වානි කුමාර් නැමැති කාන්තාවකගේ ප්‍රකාශයක්‌ දැක්‌වෙනවා. කවුද මේ වානිකුමාර් ඇය කොටි හිතවාදිනියක්‌. ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී අන්දමින් වීසා බලපත්‍ර අවසන් වීමෙන් පසු රැඳී සිටි මේ කාන්තාව නම් තුනකින් පෙනී සිටියා. ඇගේ බ්‍රිතාන්‍ය ඥාතීන්ගේ ප්‍රකාශයෙන් ඇය බොරු කාරියක්‌ යෑයි සනාථ වුණා. ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු නිදහස ලබා බ්‍රිතාන්‍යයට ගිය වානි කුමාර් හෙවත් දමිල් වානි හෙවත් වානි නැමැත්තිය පෙනී සිටියේ කොටි සංවිධානය වෙනුවෙන්, මෙවන් කාන්තාවකගේ ප්‍රකාශයක්‌ කැල්ලම් මැක්‌රේ තමාගේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා. මේ කොටි හිතවාදිනියගේ ප්‍රකාශය විශ්වාස කළ හැකිද? මෙරට ආරක්‍ෂක අංශ මගින් යුද්ධ සමයේ විකාශනය කළ දර්ශන රැසක්‌ අන්තර්ජාලයේ තිබෙනවා. මේ දර්ශන වලින් ඕනෑම අසත්‍ය දර්ශනයක්‌ නිර්මාණය කළ හැකියි. කැල්ලම් මැක්‌රේගේ චිත්‍රපට සත්‍ය නම් ඔහු මා සමග ප්‍රසිද්ධ විවාදයකට නොඑන්නේ මන්ද? මම නිව්යෝක්‌ නුවරදී කැල්ලම් මැක්‌රේ බොරුකාරයකු යෑයි චෝදනා කර ඔහුගේ ප්‍රකාශය අභියෝගයකට ලක්‌ කිරීමට අවසරය ඉල්ලුවා. එහෙත් මානව හිමිකම් සංවිධාන ඒ සඳහා විරුද්ධ වුණා. මම එහිදී සත්‍ය හෙළි කළා නම් මේ මානව හිමිකම් සංවිධාන ලැඡ්ජාවට පත් වෙනවා. මම මෙහිදී කැල්ලම් මැක්‌රේගෙන් ප්‍රශ්න කලා අපේ හමුදාවට සමාන ඇඳුම් ඇඳගෙන කොටි සංවිධානය ප්‍රහාර එල්ල කරන්නේ නැද්ද කියා. අනුරාධපුර ශ්‍රීමහා බෝධියට ප්‍රහාර එල්ල කළෙත් අපේ හමුදාව අඳින ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගෙන බව මා හෙළි කළා. වන්නි හමුදා මූලස්‌ථානයටත් කටුනායක ගුවන් හමුදා කඳවුරටත් ප්‍රහාර එල්ල කිරීමට කොටි කණ්‌ඩායම් පැමිණියේ හමුදා නිළ ඇඳුම්වලට සමාන නිල ඇඳුම් වලින් ඒ විතරක්‌ නොවෙයි ඒ කොටි කණ්‌ඩායම් සිංහල භාෂාව පවා කතා කළා. මෙහිදී කැල්ලම් මැක්‌රේ ශ්‍රී ලංකා හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් සාවද්‍ය ප්‍රකාශ දක්‌වා තිබෙනවා.

    අපි යුද සිරකරුවන්ව මැරුවානම් කොටි දොලොස්‌දාහක්‌ පුනරුත්තාපනය කරන්නේ කෙසේද? තමිලිනී කියන්නේ කොටි කාන්තා අංශයේ නායිකාවයි. ඇයවද අපි අත්අඩංගුවට ගත්තා. එසේම නීලවෙන්දනී නැමැති ගුරුවරියත් කොටින්ට සම්බන්ධ තැනැත්තියක්‌. අපි ඇයවද පණපිටින් අල්ලා ගත්තා.

    චැනල් 4 රූපවාහිනියත් ජාත්‍යන්තර බලවේගත් රාජ්‍ය නොවන සංවිධානත් අද එක්‌ වී ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අපට එරෙහිව ක්‍රියා කරන්නේ කොටි සංවිධානය පරාජය කිරීම නිසයි. මෙයට වසර ගණනකට පෙර බටහිර බලවත් රටවල් කිව්වේ කිසිම දිනෙක ප්‍රභාකරන්ව පරාජය කරන්න බැහැ. ඔහුට උතුර පාලනය කිරීමට ඉඩ දෙන්න කියා. නමුත් රජය හමුදාව කෙරේ විශ්වාසයක්‌ තබලා රටේ සාමය ඇති කිරීමට දේශපාලනමය තීරණයක්‌ ගත්තා. මේ අතරේ සමහර රටවල් යුද්ධමය ක්‍රියාදාමයකින් කොටි සංවිධානය පරාජය කිරීමට දියත් කළ වන්නි මෙහෙයුම් නතර කිරීමට උත්සාහ කළා. එහෙත් ජනාධිපතිතුමා එම උත්සාහයට අවකාශය තැබූවේ නැහැ. මේ නිසා බටහිර රටවල් ලැඡ්ජාවට පත් වුණා. දැන් ජිනීවා සමුළුවේදී මේ රටවල් පෙන්නුම් කරන්න යන්නේ ලෝකයේ බිහිසුණුම ත්‍රස්‌තවාදී සංවිධානය වූ කොටි සංවිධානය පරාජය කර ශ්‍රී ලංකාවේ නායකත්වයත් රජයත් අවමානයට ලක්‌ කිරීමටයි. කොටි සංවිධානය පරාජය වූවත් කොටි ඩයස්‌ පෝරාව විවිධ රටවල ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිටින මානව හිමිකම් සංවිධානවලට මුවා වූ පිරිසක්‌ සම්බන්ධ වෙනවා. මම එදත් අදත් සෘජුව කියනවා. චැනල් 4 අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේට මා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණ ඔහුගේ චිත්‍රපටයේ ඇති කරුණු ගැන සනාථ කරන්න ගියා. එහෙත් චැනල් 4 රූපවාහිනියට කොන්දක්‌ නැහැ.

    මෙහිදී තවදුරටත් චැනල් 4 රූපවාහිනි සේවාවේ ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියා මාර්ගයන් ගැන තවදුරටත් කරුණු දැක්‌ වූ ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේ ප්‍රසිද්ධ විවිධයකට පැමිණියයොත් සිදු වන්නේ ඔහුගේ සාවද්‍ය ක්‍රියාදාමය හෙළි වීම යෑයිද කියා සිටියේය.

    හෙතෙම මෙසේද කියා සිටියේය. කොටි පැරදුනත් යුරෝපයේ රටවල තවමත් කොටි හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් පවතිනවා. එසේම කොටි ඩයස්‌පෝරාව සතු අතිවිශාල මුදල් සංඛ්‍යාවක්‌ තිබෙනවා. ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන විශ්වනාදන් රුද්ද්‍රකුමාරන් නැමැත්තාගේ ක්‍රියාදාමයන් තුළින්ද ඒ බවට සනාථ වෙනවා. මේ අතරේ තමන්ගේ මව් බිමට එරෙහිව දෝහි ක්‍රියාදාමයන්හි යෙදෙන වෙබ් අඩවි මෙහෙය වන කීප දෙනෙක්‌ද ඔවුන්ට සහය වනවා. මෙහිදී මා ප්‍රධාන වශයෙන් එකදෙයක්‌ විය යුතුයි. ලෝකයේ කිසිම දිනෙක ජයග්‍රහකයන්ව යුද අපරාධකරුවන් ලෙස නම්කරන්නේ නැහැ. දෙවෙනි ලෝක යුද්ධය ජයගත් මිත්‍රහමුදාව යුද අපරාධකරුවන් බවට පත් කළේ නැහැ. එහෙත් අපි ප්‍රභාකරන්ව පරාජය කළ නිසා බටහිර රටවල් ලැඡ්ජාවට පත් වී සිටිනවා. ඔවුන්ට ත්‍රස්‌තවාදය මුළුමනින්ම මර්ධනය කිරීමට නොහැකි වී තිබෙන විටක ශ්‍රී ලංකාවේ හමුදාව කොටි සංවිධානය පරාජය කිරීම ඔවුන්ට ප්‍රශ්නය වී තිබෙනවා. මේ ප්‍රශ්නය තමයි දැන් ජිනීවා නුවරට ගෙනවිත් ඇත්තේ. අපි සිරකරුවන්ට යහපත් ලෙස සළකන බව පුනරුත්ථාපන කඳවුරුවල සිටින හිටපු සාමාජිකයන්ගෙන් සනාථ වෙනවා. එහෙත් ඇමරිකාව ගුන්තනාමෝබේ සිරකඳවුරේදී සිරකරුවන්ට සලකන්නේ එසේ ද කියා මුළු ලෝකයටම හෙළි වී හමාරයි. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ පාර්ශවයන් චෝදනා නගන්නේ මානව හිමිකම් නිසා නොව කොටි සංවිධානය පැරදවීම් පලිය ගැනීමටයි.

    මේ අතර කැල්ලම් මැක්‌රේගේ නෝපයර් සෝන් චිත්‍රපටිය ජිනීවාහිදී එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී ප්‍රදර්ශනය කිරීමට ඉඩ දීම සදාචාරමය ක්‍රියාදාමයක්‌ නොවන බවත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක්‌ වූ ශ්‍රී ලංකාවට එරෙහිව ඒකී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට රාජ්‍ය නොවන සංවිධානවලට කිසිදු හිමිකමක්‌ නැතැයිද ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයේ සභාපති රිමිගියුස්‌ හෙන්සල් වෙත දක්‌වා ඇත. මෙයට පෙරද කැල්ලම් මැක්‌රේ සිය කිලිං පීල්ඩ් චිත්‍රපටය ජිනීවා වෙත ගෙනවුත් විදේශීය දූතමණ්‌ඩලවලට පෙන්නුම් කරනු ලැබීය. වන්නිමෙහෙයුම නිමා වී සිව්වසරක්‌ ගතවන අවස්‌ථාවේ මේ දියත් වන්නේ කොටින්ගේ කොන්ත්‍රාක්‌ නොවේද? මෙයට සමගාමීව මෙරට හිටපු බී. බී. සී. වාර්තාකාරිය වූ ප්‍රාන්ශස්‌ හැරිසන්ද තවත් මෙහෙයුමක්‌ දියත් කර ඇත. ඒ කොටි ත්‍රස්‌තවාදීන් දෙදෙනෙකු වූ නඩේසන් සහ පුලිතේවන්ට ශ්‍රී ලංකා හමුදාව වෙඩි තබා ඝාතනය කළ බව ඇසින් දුටුවේ යෑයි කියන සාක්‍ෂිකරුවන් දෙදෙනෙකු හෙළි කිරීමයි. මේ එක්‌ සාක්‍ෂිකරුවෙක්‌ වන්නේ නඩේසන්ගේ රැකවලෙකු වූ ත්‍රස්‌තවාදීයෙකි. අනෙක්‌ තැනැත්තා වන්නියේ විදුහලක ගුරුවරයෙකි. මොවුන් දෙදෙනාම පදිංචිව සිටින්නේ ලන්ඩන් නුවරයි. මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් සිව් වසරක්‌ නිහඩව සිටි මේ අපූරු සාක්‍ෂිකාරයන් දෙදෙනා හරියටම මානව හිමිකම් සමුළුව පැවැත්වෙන සමයේ එළියට පැමිණීමයි. මින් සනාථ වන්නේ කොටි ඩයස්‌ පෝරාවට සහය වන විදේශ රටවල මාධ්‍ය පාර්ශවයන්ය. ජිනීවා මානව හිමිකම් සමුළුව ලබන 22 දා දක්‌වා පැවැත්වෙන අතර ඊට පෙර තවත් බොරු සාක්‍ෂිකරුවන් රැසක්‌ එළියට ඒමට නියමිත බව ආරංචි මාර්ග කියා සිටී.

    කීර්ති වර්ණකුලසූරිය

    Daily Divaina 27.02.2013