දෙමටගොඩ ගවමස් පරීක්‍ෂණාගාරය බොදුබල සේන&
ලසිත දුමින්ද
දෙමටගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගව මස් පරීක්‍ෂණාගාරයක් බොදුබල සේනා සංවිධානය විසින් ඊයේ (01 වැනිදා) වටලනු ලැබීය.
දිවයිනේ ප්‍රදේශ රැසකින් ගෙනෙන ගව මස්‌වල ප්‍රමිතිය පරීක්‍ෂා කරන බවත්. එය විධිමත්ව සිදුකරන්නේද යන්න සොයා බැලීමට මෙම වැටලීම සිදු කළ බවත් බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක අලුත්වැවේ ආනන්ද හිමියෝ zදිවයිනZට පැවැසූහ.
රුපියල් ලක්‍ෂ 100 කට අධික වටිනාකමින් යුත් ගවමස් කිලෝග්‍රෑම් 15,000 ක් එහි තිබී හමු වූ බව ද උන්වහන්සේ පැවැසූහ.
මෙම ගවමස් පරීක්‍ෂණාගාරය නීත්‍යානුකූල එකක්‌ද යන්න පිළිබඳව සොයා බැලීමට දෙමටගොඩ පොලිසියට දැනුම් දුන් බව ද ආනන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
කොළඹ නගරයේ පමණක් දිනකට ගවමස් කිලෝ ග්‍රෑම් 50,000 ක් ආහාරයට ගන්නා බවට නිල වාර්තාවන්ට අනුව අනාවරණය වී තිබේ.
http://www.divaina.com/2013/03/02/news29.html