ලෝකයේ ලොකුම ගුවන් අනතුර(Deadliest Accident in Aviation History.)
මම කලින් Air Bus A380 ගැන ලියපු ත්‍රෙඩ් එකට ගොඩක් අයගෙන් හොද ප්‍රතිචාර හම්බුන හින්දා තමයි ආයේත් ඒ වගේ එකක් ලියන්න හිතුවේ. ලෝකයේ ලොකුම ගුවන් අනතුර. ටිකක් දුක හිතෙන කතාවක් තමයි. අපි බලමු විස්තරේ.
මේක වෙලා තියෙන්නේ 1977 මාර්තු 27. ඒ කියන්නේ මේ මර්තු 27ට හරියටම අවුරුදු 36ක්. හැබැයි මේක ලොකුම ගුවන් අනතුර උනාට සිද්ද වෙලා තියෙන්නේ නම් ගුවනේදී නෙමෙයි. මේක සිද්ද වෙලා තියෙන්නේ ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත්(Canary Islands) සමූහයට අයත් ටෙනෙරිෆ්(Tenerife) දූපතේ ලොස් රෝඩියෝස්(Los Rodeos) ගුවන්තොටුපලේදී. මේ අනතුරට ගුවන් යානා 2ක් සම්බන්ධයි. දෙකම බෝයිං 747 වර්ගයේ ගුවන් යානා 2ක්. මේ අනතුරෙන් ජීවිත අහිමිඋන සම්පූර්ණ ගණන 583ක්.
දැන් පොඩ්ඩක් බලමු මේකට සම්බන්ධ ගුවන් යානා 2 ගැන පොඩි විස්තරයක්.
එක ගුවන් යානයක් තමයි ඇමරිකාවේ පෑන් ඈම්(PanAm) ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයක්. මේක තමන්ගේ ගමන ආරම්භ කරලා තියෙන්නේ ලොස් ඇන්ජලීස් වලින්. අතර මගදි නිව්යොර්ක් JFK ගුවන්තොටුපලේත් නැවතිලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙම යානයේ සම්පූර්ණයෙන් මගීන් 396ක් ඔක්කොම ඉදලා තියනවා. අනික් යානය තමයි නෙදර්ලන්තයේ KLM ගුවන්සේවයට අයත් බෝයිං 747 ගුවන් යානය. ඒක තමන්ගේ ගමන පටන් අරන් තියෙන්නේ නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවරින්. මේකේ ඔක්කොම මගීන් 248ක් ඉදලා තියනවා.
මේ තියෙන්නේ අනතුරට සම්බන්ධ ගුවන් යානා 2ට සමාන 2ක්
මේ අනතුරෙන් පස්සේ හේතු හොයලා බැලුවම බොහොම අහඹු සිදුවීම රාශියක එකතුවක් මේකට හේතු වෙලා තියනවා. බලමු ඒ ගැන විස්තර ටිකක්. මුලින්ම මේ ගුවන් යානා 2ම ආරම්භක ගමනාන්ත වෙලා තිබිලා තියෙන්නේ මේ අනතුර උන ගුවන් තොටුපල නෙමෙයි. යානා 2ම ඇවිල්ලා තියෙන්නේ කැනරි දූපතටම අයත් ලාස් පල්මාස්(Las Palmas) දූපතේ ග්‍රෑන්ඩ් කැනරියා(Gran Canaria) ගුවන් තොටුපලට. ඒත් මේ යානා 2 ලගාවීමට ටික වෙලාවකට කලින් ඔය කියන ගුවතොටුපලේ මගී පර්යන්තයේ ත්‍රස්තවාදී බෝම්බයක් පුපුරලා තියනවා. ඉතින් ගුවන් තොටුපල වහලා. පැමිණීමට නියමිත සියලු ගුවන් යානා ලොස් රෝඩියෝස් ගුවන්තොටුපට හරවලා යවලා තියනවා. ඕක තමයි අනතුරේ පලවෙනි අහඹු සිද්ධිය.
මේ කියන ලොස් රෝඩියෝස් ගුවන්තොටුපල ගොඩක් ලොකු ගුවන් තොටුපලක් නෙමෙයි. ඉතින් මේ වගේ ගුවන් යානා රාශියක් හසුරවන්න ගොඩක් අමාරුවෙලා තියනවා ඒකේ ගුවන් යානා පාලකයන්ට. ඉඩ මදි හින්දා පැමිණි ගුවන් යානා Taxi Way එකේ එකක් පසුපස එකක් වශයෙන් නවත්තන්න මේගොල්ලෝ තීරණය කරලා. ( Taxi Way එක කියන්නේ ගුවන් යානා ගොඩ බසීමෙන් පසු හා පිටත් වීමට මගී පර්යන්තය හා Run Way එක සම්බන්ධකරන මාර්ගය) මේ නවත්වන පිලිවෙලේදී KLM යානය පලමුවත් PanAm යානය ඊට පසුපසිනුත් තමයි නවත්තල තියෙන්නේ. මේ නැවත්තපු පිලිවෙලත් අනතුරට හේතු වෙච්ච අහඹු සිදුවීම් ගොන්නේ 2වෙනි එක.
මේ නවත්තලා තියන අතරේ ගුවන් යානයට සිය ආපසු ගමනට අවශ්‍ය කරන ඉන්ධන ලබා ගැනීමට KLM ගුවන් යානයේ ප්‍රධන නියමුවා තීරණය කරලා තියනවා. මේ ඉන්ධන ලබා ගැනීමේ තිරණයත් අර කියන අහඹු සිදුවීම් ටිකේ ඊලග එක. ඒ වගේම මෙම අනතුර මෙච්චර දරුණු එකක් වීමටත් හේතු උනා. කොහොම හරි ඔය අතරේ අර බෝම්බ අනතුර නිසා වසා තිබූ ග්‍රෑන්ඩ් කැනරියා ගුවන් තොටුපල නැවත ගුවන් ගමන් සදහා විවෘත කරලා. ඉතින් පැමිණි ගුවන් යානා එකින් එක ආපසු පිටත්වීමට පටන් අරන්. ඒත් ඉන්ධන ලබා ගැනීමේ තීරණය නිසා KLM යානයට සිය ගමන ආරම්භ කිරීම ප්‍රමද වෙලා තියනවා. ඒක හින්දාම ඊට පිටිපස්සෙන් නවත්තලා තිබ්බ PanAm යානයටත් සිය ගමන ආරම්භ කිරීමට ප්‍රමද වෙලා තියනවා.
කොහොම හරි ඉන්ධන ලබා ගැනීමෙන් පසුව KLM යානය සිය ගුවන් ගමන ආරම්භ කරන්න ධාවන පතයේ කෙලවර දක්වා ගමන් කරන්න(Taxing) පටන් අරන්. ඒත් එක්කම ඊට පිටිපස්සෙන් PanAm යානයටද අවසර දීලා තියනවා. පසුපසින් ගොස් 3 වන පිටත්වීම් මාර්ගයෙන් ඉවතට ගොස් KLM යානය ගුවන් ගත වූ පසූ ආපසු ධාවන පතයේ කෙලවරට ගොස් PanAm යානය ගුවන් ගතවීම තමයි ගුවන් ගමන් පාලකයගේ අදහස වෙලා තිබිලා තියෙන්නේ. කොහොම හරි ඔය එක්කම අධික මීදුමකින් මුලු ප්‍රදේශයම වැහිලා තියනවා. මේ එකපාරටම කඩා පාත්වෙච්ච මීදුම තමයි මම අර කලින් කිව්ව අහඹු සිදුවීම වල ඊලග එක හා ලොකුම එක. ඉතින් ගුවන් ගමන් පාලකයට ධාවන පතයේ වෙන කිසි දෙයක් පෙනිලා නෑ. සියල්ල සිදු කරලා තියෙන්නේ රේඩියෝ සංඥා මාර්ගයෙන් පමණයි.
KLM යානය ඔය වෙද්දි ධාවන පතයේ කෙලවරට ගිහින් ගුවන් ගමන් පාලකයට දැනුම් දීලා තියනවා ඔවුන් දැන් ගුවන් ගතවීමට අවශය විධානය(ATC Clearance) ලැබෙනකන් ඉන්නේ කියලා. ඒත් PanAm යානය තවමත් ධාවනපතයේ නිසා යානයට තවදුරටත් රැදී සිටින්න යැයි දැනුම් දීලා. ඔය අතරේ PanAm යානයට අධික මීදුම නිසා 3වන පිටත් වීමේ මාර්ගය හොයා ගන්න එකත් අමාරු වෙලා තියනවා. දැන් තමයි සිද්ධිය පටන් ගන්නේ...මොකක් හරි හේතුවක් හින්දා KLM යානය ගුවන් ගතවීමට තිරණය කරලා. ඒත් තවමත් PanAm යානය ධාවන පතයේ. KLM යානය වේගය වැඩි කරමින් ධාවන පතය දිගේ ඉදිරියට එනවා. එතකොට PanAm යානය යන්තම් දැකලා තියනවා KLM යානයේ එලිය. එතකොටම PanAm යානය ධාවනපතයෙන් ඉවත් වීමට අසාර්ථක උත්සාහයක නිරතවෙලා. KLM යානයත් PanAm යානය දැක්ක ගමන් තවත් වේගය වැඩි කරල තියනවා ගැටුමට පෙර කොහොම හරි KLM යානය ගුවන් ගතවෙලා ගැටුම වලක්වන්න. ඒත් මේ එකක්වත් හරි ගිහින් නෑ. PanAm යානයේ හරි මැද KLM යානයේ ඉස්සරහා ගැටිලා. KLM යානයේ ඉන්ධන සම්පූර්ණයෙන්ම තිබුනු හින්දා ගැටෙනවත් එක්කම ඒක පුපුරා ගිනි අරන්.
KLM යානයේ හිටපු ඔක්කොම අය මිය ගිහින්. PanAm යානයේ සිටි 335ක් මිය ගිහින්. ඔක්කොම ගණන 580ක්. PanAm යානයේ හිටපු නියමුවන් ඇතුලු 61 දෙනෙකුගේ ජීවිත බේරිලා තියනවා.
පස්සේ අනතුර පිලිබද හොයලා අනතුරට හේතු විදියට ඉදිරිපත් කරලා තියන හේතු තමයි,
මුලින් සිය නියමුවාගේ වරද පිලිගැනීමට KLM ආයතනය මැලිවුවත් අවසානයේ එය පිලිගෙන තියනවා. අනතුරට ලක් වූ සියල්ලන්ට වන්දි ලබා දීමටත් KLM ආයතනය කටයුතු කරලා තියනවා පස්සේ.
මේ අනතුරෙන් මිය ගිය අය සිහි වෙන්න ස්මාරකත් හදලා තියනවා නෙදර්ලන්තයේ හා කැනරි දූපත් වල.
KLM යානයේ සිටි සියලු දෙනා මියගියා කිව්වත් ඇමස්ටර්ඩැම් වල ඉදන් ආපු එක්කෙනෙක්ගේ ජීවිතේ බෙරිලා තියනවා. ඒ කතාවත් හරි අහඹු වගේම හරි අපූරුයි. ඒක හින්දා ඒකත් මෙතනම කියන්නම්.
KLM යානයේ ඉදලා තියනවා කැනරි දූපත් වල ඔය ටෙනරීෆ් කියන දූපතේම යාලුවෝ තුන් දෙනෙක්.කෙල්ලෝ 2යි කොල්ලයි. ඉතින් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට හිතිලා තියනවා ආපහූ ලා පල්මාස් දූපතට ගිහින් අයේ මෙහෙට එනවට වඩා මේ ආපු වෙලාවෙම මෙතනින් බැහැලා ගෙදර යන්න. මෙයා ඒක යලුවෝ දෙන්නටත් කියලා තියනවා. ඒත් ඒ දෙන්න ඒකට අදිමදි කරලා. මෙයා බල කලත් ඒ දෙන්නා ඒකට එකග වෙලා නෑ. ඉතින් ඒ දෙන්නා කියලා ඔයා නවතින්න අපි ඔයාගේ බෑග් එකත් අරන් එහෙට ගින් එන්නම කියලා. ඉතින් මේ තුන් දෙනා වෙන් වෙලා. අර දෙන්නා ආපහු KLM යානයට නැගලා. ඒ දෙන්නා අනතුරින් නැති උනා. අර අනික් යාළුවා අදටත් කැනරි දූපත් වල ජීවත් වෙනවා. ඔන්න ඕක තමයි දෙවය කියන්නේ. වෙන්න තියනදේ කොහොමත් වෙනවා. මේ කතවත් මෙතන කිව්වේ මේකට සම්බන්ද තවත් අහඹු සිද්දියක් හින්දා.
අනතුර සම්බන්ධ කෙටි වීඩියෝවක්:
ලිව්වා දිග වැඩි උනාද මන්දා. කොහොම හරි අන්තිමට කියන්නේ මෙම අනතුර හැමදාම ලෝකයේ ලොකුම ගුවන් අනතුර ලෙසම පවතින්න කියන එක තමයි.
PS: මෙම අනතුර ගැන National Geographic Channel එකේ Mayday Series එකේ විශේෂ වාර්තාමය වැඩසටහනක් හදලා තියනවා "Crash Of The Century" කියලා. මේ අනතුරුවල වලට සම්බන්ධ ගුවන් ගමන් ආරම්භයේ සිටම විස්තර එකේ තියනවා. ටිකක් දිගයි. කැමති නම් ඒකත් බලන්න. මම නම් 3, 4 පාරක්ම ඕක බැලුවා

කට්ටිය බලල හොදයි නම් ඉතින් අපිටත් සලකලාම යන්න.

සැලකුවේ නැතත් අනිවර්යයෙන්ම BUMP එකක් නම් දන්න.

මේ තියෙන්නේ යානා නවත්තලා තිබ්බ විදිය

1.ගුවන් නියමු වරද(KLM යානයේ)
2. ධවන පතයේ දෝෂයක්
3. අයහපත් කාලගුණය
4. සන්නිවේදන දුර්වලතා

Last edited: