අපේ මුතුන්මිත්තන් පණපිටින් ගිලදැමූ කිඹු&
ක්‍රොකඩයිලස් ෆෝර්බ්‍යාර්නාසන් නම් විද්‍යාත්මක නාමය ලබාදී ඇති මේ දැවැන්ත කිඹුල් වර්ගය මීට වසර මිලියන 2-4 අතර කාලයේ අප්‍රිකාවේ කෙන්යා රාජ්‍යයේ ටර්කානා විල අසබඩ ප්‍රදේශයේ සැරිසැරූ බවට ෆොසිල සාක්ශි හමුවී තිබේ. දැනට ලොව වෙසෙන විශාලතම කිඹුල් වර්ගය වන ලවණ ජල කිඹුලා (salt water crocodile-Crocodylus porosus) මීටර් 6ක් පමණ දිගට වැඩෙන අතර ෆෝර්බ්‍යාර්නාසන් කිඹුල් වර්ගය මීටර් 8කට වඩා විශාලව (අඩි 27 පමණ) වැඩෙන්නට ඇතැයි දැනට හමුවී ඇති ෆොසිල සාක්ශි දරයි.
කෙන්යාවේ ටර්කානා විල අසබඩ ප්‍රදේශය ආදී මානවයින්ගේ ෆොසිල විශාල වශයෙන් හමුවන ප්‍රදේශයක් වන අතර එම මානවයින්හා මෙම කිඹුල් වර්ගය සමකාලීනයන් වේ. මේ අනුව මෙම දැවැන්ත කිඹුලන් ජලය ගැනීම සඳහා විලට පැමිණි ආදී මානවයින්ට පහරදී ගිල දමන්නට ඇතැයින් විද්‍යාඥයින් සැක පහල කරයි. හොඳින් වැඩුනු නූතන හෝමෝ සැපියන් මානවයෙක් සාමාන්‍යයෙන් අඩි පහකටව වඩා උස් වූවත් ආදි මානවයින්ගේ සාමාන්‍යයෙන් අඩි 4කට වඩා උස් නොවුනු නිසා ක්‍රොකඩයිලස් ෆෝර්බ්‍යාර්නාසන් මෙම කුඩා මානවයින් අපහසුවකින් තොරව සම්පූර්ණයෙන්ම ගිල දමන්නට ඇතැයි සැළකේ.
මෙම කිඹුල් විශේෂය කොතරම් විශාලද යත් ඔවුන්ගේ ෆොසිලකරනය වූන් හිස් කබලක් එසවීමට මිනිසුන් 4දෙනෙකුගේ ශක්තිය අවශ්‍ය වේ!
ක්‍රොකඩයිලස් ෆෝර්බ්‍යාර්නාසන් කිඹුලාගේ ෆොසිලකරණයවූ හිස්කබලක් - ඡායාරූපය National Geographic