මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයා ඉදිකිරීම

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයා ඉදිකිරීම

    මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයා ඉදිකිරීමේ පින්කමට ඔබත් දායක වන්න.

    වසර 2000කට වඩා පැරනි ඉතිහාසයකට උරුමකම් කියනකැලනිතිස්ස මුහුදු මහා විහාරය අනාදිමත් කාලයක සිට විවිද ස්වාබාවික ආපදාවන්ට ලක්ව හා මෑතකාලයේ ත්‍රස්තවාදී කටයුතු හා ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියා නිසා නටබුන්ව පවතී.

    සිංහල බෞද්ධයන් හැටියට බෞද්ධ ශාසනය නගාසිටුවීම අප කාගේත් වගකීමයි.මෙ වනවිට පොතුවිල් නගරයේ 99.5% අන්ය ආගමිකයන් ජීවත් වන අතර 0.5% ක් දුගී බෞද්ද පිරිසක් වාසය කරයි.

    මෙම සිද්දස්තානයේ වැදගත් අන්ගයක් වන මුලුමනින්ම නටබුන්ව ඇති දාගැබ්වහන්සේ ඉදිකිරීම දැන් ආරම්බකර ඇත.එහි උස මීටර් 65ක් සහ පලල මීටර් 65ක් වේ. මේ සදහා යන වියදම රුපියල් මිලියන 20ක් පමන වේ යැයි ගනන් බලා ඇත.

    එමනිසා මෙම පින්කමට දායකවන්නට කැමති පින්වතුන් තම ආධාර පහත ගිනුම් අන්කයට බැරල හැකි බව ශාසනලයෙන් දැනුම් දෙමු.


    8730026100 මුහුදු මහා විහාරය කොමර්ශල් බැන්කුව පේරාදෙනිය ශාකාව

    mudu-maha-vihara-pottuvil-AR-0187.jpg



    DSCF7577.JPG



    වැඩි විස්තර සඳහා

    විශේෂඥ වෛද්‍ය කපිල ගුනවර්දන( ලේකම් - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය )

    දු.ක. - 0773 626 146
    ඊ-මේල් - [email protected]

    විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකොන්( භන්ඩාගාරික - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය )

    දු.ක. - 0773 164 158
    ඊ-මේල් - wimalabeykoon
    @hotmail.com
     
    • Like
    Reactions: MNV and kandahar

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කරුනාකරල හැමොම මෙගැන අනිත් අයටත් දැනගන්න bump එකක් දාන්න,Facebook හරහාත් අනිත් අයව දැනුවත් කරන්න. අපි අපේ උරුමය රැකගනිමු.

    සම්මාසම්බුදු සරනයි!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අපි අපේ උරුමය රැකගනිමු.

    සම්මා සම්බුදු සරනයි!
     

    netlife008

    Active member
  • Mar 5, 2012
    145
    84
    43
    Following is the kink to wiki page

    http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94_%E0%B6%B8%E0%B7%84%E0%B7%8F_%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA


    ශ්‍රී ලංකාවේ නැගෙනෙහිර පළාතේ අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටා ඇත. විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලකි. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්ව වරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ඇත. විහාර මහා දේවිය ගොඩ බට ස්ථානය මෙය බවටද ජනශ්‍රැතියේ විශ්වාසයක් ඇත.මෙය අනුරාධපුර යුගයේදී කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද බව පිලිගැනේ.වර්තමානයේද මෙම් ස්ථානයේ විහාරයක් ඇත. පිහිටි ස්ථානය -:
    17px-WMA_button2b.png
    6°52′39″N 81°50′20″E
    http://toolserver.org/~geohack/geoh...=6_52_39_N_81_50_20_E_region:LK_type:landmark[FONT=&quot] [/FONT]
     
    Last edited:

    netlife008

    Active member
  • Mar 5, 2012
    145
    84
    43
    Following is what found in SL government archeological site:
    http://www.archaeology.gov.lk/web/i...-maha-vihara&catid=51:sites&Itemid=99&lang=si


    අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල් ගමේ පොතුවිල් නගරයට නැගෙනහිරින් මුහුදු වෙරළේ පිහිටා තිබේ. මුහුදු රැළ මගින් වැලි කඳු ගොඩ ගැසීම නිසා මෙම ස්ථානයේ ඇති බොහෝ පුරාවස්තු වැල්ලෙන් යට වී ඇති බව පෙනේ. වෙරළේ උස් බෑවුම් කොටසේ දාගැබක ශේෂයන් ද දාගැබට බටහිරින් ගල් කණු සහිත ගොඩනැගිල්ලක ශේෂයන් ද දැකිය හැකි ය. එහි හුණු ගලෙන් නෙළන ලද හිස නැති හිටි බුදු පිළිමයක් තිබේ. මෙය පිළිමගෙයක් ලෙස සැලකේ. මීට දකුණෙන් ගොඩනැල්ලක අවශේෂයන් ද දැකිය හැකි ය.
     

    netlife008

    Active member
  • Mar 5, 2012
    145
    84
    43


    මුහුදු මහා විහාරයත් අන්තවාදයේ ඩෝසරයට....!
    muhudu3.jpg
    රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත් ඉතිහාසයක්‌, ලොවක්‌ වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක්‌ අපට හිමිය. බුදුදහම සමඟ බැඳුනු සිංහල ජනතාවගේ ආධ්‍යාත්මයේ පෙළහර කියාපාන එවැනි නිර්මාණ අදත් ලොවම මවිතයට පත්කරයි. එහෙත් එම දායාදයන් කෙළෙසන්නට මෙරට ක්‍රියාත්මක අන්තවාදී මූලධර්මවාදී කණ්‌ඩායම් ක්‍රියා කරන්නේ නම් එය කෙසේ නම් ඉවසමුද? අප ඔබට පවසන්නේ එවැනි අවසනාවන්ත වූ සිදුවීමකි.

    ස්‌ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි. දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය. පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියට ඩෝසර් රථයක්‌ පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත් කණ්‌ඩායමක්‌ සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්‌ඩායම පුදබිමට අයත් භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්‌දැයි සිතාගත නොහැකිව වික්‌ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය. පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කර ඇති භූමිය මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින් ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්‌ථානයේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ නිලධාරියා සමග එම ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක්‌ නොගත් පැමිණි පිරිස විහාරාධිපති හිමියන්ට සහ පොලිස්‌ නිලධාරියාට තර්ජනය කර ඔවුන්a ආ කාර්යය දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ විහාරස්‌ථානයට පොලිස්‌ ආරක්‌ෂාව යෙදීය.

    muhudu1.jpg
    සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම විහාරස්‌ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්‌ෂුන් වහන්සේලාට මෙවැනි අඩන්aතේට්‌ටම්වලට ලක්‌වීමට සිදුවිය.

    පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් යෑයි සැලකෙන මෙම විහාරස්‌ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්‌ථානය ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය බවට පත්වී ඇති බව ජනප්‍රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ ඓතිහාසිකත්වය වඩා තීව්‍ර කරනුයේ කාවන්තිස්‌ස රජ දවස මෙරට ඇතිවු මුහුද ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්‌සේ මෙම ස්‌ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්‌ස රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්‌ථානය වන ලාහුගල මඟුල් මහ විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්‌ස රජු විසමූ "කෝ කුමරිය" - කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය. මෙම විහාර භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ ද, කාවන්තිස්‌ස හා විහාරමහා දේවියගේ යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්‌ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා වස්‌තූන් සමූහයකින්ද යුක්‌තය. එම පුරාවස්‌තු මෙම ස්‌ථානයේ ඓතිහාසිකත්වයේ සාධකය.

    අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්‌කර දෙසිය හැටහතරක වපසරියක විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වන චාල්ස්‌ ගොඩකුඹුර මහතා ගැසට්‌ නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්‌කර 30 රූට්‌ 3 යි පර්චස්‌ 2 ක භූමි ප්‍රමාණයක්‌ පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා රක්‌ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්‌කර පහක පමණ ප්‍රමාණයකි. එසේ නම් ඉතිරි පුරාවිද්‍යා බිම් ප්‍රමාණය ගිලගත් බහිරවයෝ කවරහුද? පසුගියදා මෙම පුරාවිද්‍යා රක්‌ෂිතයේ පිහිටි පුදබිම ඩෝසර් කිරීමට අවසර දුන්නෝ කවරහුද?

    මේ පිළිබඳව මුහුදු මහා විහාරයේa විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ "දිවයින ඉරිදා සංග්‍රහය" සමග අදහස්‌ දක්‌වමින්,

    muhudu2.jpg
    "පසුගිය 8 වැනිදා වූ මෙම සිදුවීම මෙම ප්‍රදේශයේ ජීවත්වන අන්තවාදී මුස්‌ලිම් කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලද ක්‍රියාවක්‌. අපි මේ ඓතිහාසික ස්‌ථානය රැකගෙන ඉන්නේ බොහෝ දුෂ්කරතා මැද. අන්තවාදී මුස්‌ලිම්වරුන්ගේ නොයෙකුත් අඩන්තේට්‌ටම් මැද. දානවේල් පවා නොලැබ ආරක්‌ෂක අංශයේ මහත්වරු දෙන දේ කාලා බීලා තමයි මේ ස්‌ථානයේ ඉන්නේ. විහාර භූමියට එන්න හරි හැටි පාරක්‌ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව නිසි වැඩපිළිවෙළක්‌ නෑ. මුස්‌ලිම් ජනතාව පුරාවිද්‍යා රක්‌ෂිතයේ බලෙන් පදිංචිවෙලා. ඒවට ඔප්පුත් හදාගෙන. මෙම පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ දැනට අනවසර ඉදිකිරීම් 44 ක්‌ තිබෙනවා. ඒවා අතර රජයේ ඉදිකිරීම් පවා තිබෙනවා. මුස්‌ලිම් ජනතාව සමග අපගේ කිසිදු තරහක්‌ නෑ. ඒත් අපි ඉල්ලා සිටින්නේ ඓතිහාසික මෙම පූජා භූමියේ සිංහල බෞද්ධයාගේ උරුමය ආරක්‌ෂා කරදෙන්න කියලා. මොනව වුණත් අපි මේවා දාලා යන්නේ නැහැ. දිවි පරදුවට තියලා හරි මෙම පූජා භූමිය රැක ගන්නවා" යෑයි පැවැසූහ.

    සැබැවින්ම තත්ත්වය ඉතා ෙ€දජනකය. බෞද්ධ රටක බෞද්ධ උරුමය රැක ගැනීමේ දුෂ්කරතාවේ ශෝචනීය ඉරණමට අප මුහුණදෙමින් සිටිමු. ඉන්ද්‍රසිරි හිමි පැවැසූ කතාවෙන් අපට පැහැදිලි වනුයේ එයයි. මීට පෙර මුහුදු මහ විහාරයේ වැඩ වාසය කළ කතරගම සිරිරතන හිමියෝද මෙම විහාරස්‌ථානය රක්‌ෂා කර ගැනීමට කළ මෙහෙවර උදාරය. උන්වහන්සේ වරක්‌ අප සමග පැවැසුයේ රාත්‍රී කාලයට අන්තවාදී මුස්‌ලිම්වරුන් විහාරස්‌ථානයට ගල්වලින් පහරදෙන බවය. ඇතැම් අවස්‌ථාවල මුස්‌ලිම්වරුන්ගේ දරුවන් විහාර භූමියේ අවට තම ශරීර කෘත්‍යයන් පවා සිදුකරන බව උන්වහන්සේ පැවැසූහ. 2008 වසරේද මෙලෙස බලහත්කාරයෙන් විහාර භූමියේ ඉඩම් කොල්ලකෑමට සූදානම් වූ මුස්‌ලිම්වරුන්ට විරුද්ධ වූ නිසා ඔවුන්ගේ පහරකෑමට ලක්‌වූ සිරිරතන හිමියන්ට මොණරාගල, සිරිගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය. මේ සියලු පීඩාවන්, වේදනාවන් මැද අපවත්වූ සීලරතන හිමියන්ට පින්සිදුවන්නට අද අපට මෙලෙස හෝ මුහුදු මහා විහාරයක්‌ ගැන කතා කිරීමේ අවස්‌ථාව ලැබී ඇත. එසේ නොවුණා නම් මුහුදු මහා විහාරයත් මුස්‌ලිම් මූලධර්මවාදයේ ඩෝසර් පහරින් පස්‌වී හමාරය.

    මුස්‌ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ පස්‌ වතාවක්‌ විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්‌ෂිතව ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක්‌ ලෙස තහනම් කර ඇත. බෞද්ධ පූජාභූමියක ධර්ම ශාලාවක්‌ ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්‌ථානයට යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස්‌ රථයකින් කෙළින්ම විහරස්‌ථානයට පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක්‌ තිබිණි.) එම නිසා විහාරස්‌ථානයට වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක්‌ පයින් ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම පුවරුව මුස්‌ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්‌ථානයට පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්‌ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක අවසානයේ පුරාවිද්‍යා ස්‌ථානය යනුවෙන් පමණක්‌ සටහන් කර ඇත. එහි මුහුදු මහා විහාරය යනුවෙන් කිසිදු සටහනක්‌ නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.

    විහාර භූමියේ ඇති බුද්ධ ප්‍රතිමාවන් සොයාගත් මුල් වකවානුවේ සුරක්‌ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්‌ලිම් ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්‌ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය. මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්‌තවාදී ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ ආරක්‌ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්‌ලිම්වරු විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්‌ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්‌ෂිතයක අන්තනෝමතික ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින් සිටිති.

    මුහුදු මහා විහාරයට ඇතිවු ඇති මෙම තත්ත්වය පිළිබඳ සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් අප විමසුවෙමු. එහිදී අදහස්‌ දැක්‌වූ ඇය "මම මේ සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳ වාර්තාවක්‌ ලබාදෙන ලෙස පුරාවිද්‍යා කොමසාරිස්‌ට දැන්වුවා. ඔහු ලබාදුන් වාර්තාවේ සඳහන් වන්නේ ඩෝසර් කිරීමට ලක්‌වූ බිම් ප්‍රදේශය පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක්‌ නොවන බවයි. එය විහාරස්‌ථානයට අයත් පෞද්ගලික භූමියක්‌ බවයි. එනිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පුරාවිද්‍යා කොමසාරිස්‌තුමාගෙන් දැනගත හැකි" බවද ඇය පැවැසුවාය.

    පසුව අප පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් දිසානායක මහතාගෙන් ඒ පිළිබඳව විමසුවෙමු. එහිදී ඔහු අදහස්‌ දක්‌වමින් "ඩෝසර් කිරීමට ලක්‌වූවා යෑයි පවසන බිම් ප්‍රදේශය කිසිසේත් පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක්‌ නොවෙයි. ඒක පෞද්ගලික ඉඩමක්‌. ඒක මුහුදු මහා විහාරයට අයත් නැහැ. විහාරස්‌ථානයට යන එන මාර්ගය පිහිටා තිබෙන්නෙත් පුරාවිද්‍යා රක්‌ෂිතයේ නොවෙයි. එනිසා අපට එම මාර්ගය පුළුල් කිරීමේ හැකියාවක්‌ නැහැ" යෑයි පැවැසීය.

    දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස්‌ ගොඩකුඹුර මහතා නම් කළ අක්‌කර 30 ක පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය හැකිද? පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළි දැල්වෙමින් තිබිණි.

    යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට තෝතැන්නක්‌වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්‌ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක්‌ නම් මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී මුස්‌ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්‌මුල්ය. සිංහල ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම් අවදිවීමක්‌ තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්‌ෂක පදනම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ කිරීමට එරෙහිව විරෝධතා දැක්‌වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය. උදේ හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන ජනාධිපතිවරයකු සිටින රටක්‌, බුදුදහම ව්‍යවස්‌ථාවෙන් සුරැකීමට කැපවී ඇති රජයක්‌ බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය.

    පුරාවිද්‍යා කොමසාරිස්‌තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය තහවුරුකරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත පිළිබඳ ඔබ දැනුවත් යෑයි අප විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වනු ඇතැයි අප සිතමු. ඒ අනුව විහාර භූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබඳවද ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුමිය දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුමකර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහ විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් "දිවයින" නිරතුරුව අවදියෙන් සිටින බව සටහන් කරන්නෙමු.