CDIමොකක්ද? PART1

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මොකද කන පැලෙන්න කල්පනාව?

    2006_04_22_Wiring.jpg


    මේවා දැක්කම බඩ දඟල උන් ඉන්නවා නම් මේක කියවල වැඩක් නැහැ. මන් මේ ලිපිය කියවන කෙනාගේ පොඩි දැනුමක් බලාපොරොත්තු වෙනවා අඩුම තරමින් 8 පාස් වෙන්නවත් ඕනි. හෝල්ඩරේට බල්බේ ඔබාගන්න ගෑනිව ඕනි උන් වහාම ALT + F4 ඔබල ටීවී බලන්න යන්න. අන්තිමේදී පිට උන් තමයි ගැනිට බල්බ් පත්තු කරන්නෙත් හික්ස් :P වයර් කෑල්ලක් අමුනගන්න බැරි එකා පිරිමියෙක් ද

    batterytest.jpg


    අඩුම තරමින් බැටරි කෑලක් තියල ලයිට් එකක් වත් පත්තු කරගන්න තරම් දැනුමක් තියෙනවා නම් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි

    අද ලියන්න යන දේ AX1 බයික් වලට විතරක් නෙවෙයි හැම දඩුමොනරෙකටම එන ලබ්බක් ගැන. FZ එකේ ලකේ පුයිට් ලග.. සමහර එව්වගේ අසුන යට.. සමහර ඒවගේ ටැංකිය අස්සේ අනේක විවිධ තැන්වල තියන මේ කළු පෙට්ටිය (වල් විදිහට හිතන්න එපා!) CDI ගැන තමයි අද A ටු Z කියන්න යන්නේ..

    මේ භාණ්ඩේ නිසා පසුම්බිය ට කෙලවා ගත්ත උන් අපමණයි! රැවටුණු උන් අපමණයි! දැන් CDI ගැන හැමදේම දැනගනිමු ශුක්රානුවේ ඉඳල බබා හම්බවෙනකම් ම වෙන සිද්දිය බලමු

    මොකක්ද මේ CDI කියන්නේ?

    577px-RCAF_photo%2C_Spring_1964_001.jpg


    කොහොමද සුද්දා දෙකට නැවිලා ඉන්න ලස්සන.. දෙන්න වගේ.. cdi එක කෝ? ජල්තර සීන් එකක් වත් ද? නෑ බන් ඔය පින්තුරේ තියෙන්නේ ලොකු මැසිම බයිසිකලේ තියෙන කළු පෙට්ටියේ සීයා කොහොමද රොම්බ සයිස් එක? February 17, 1897 තමයි මේ තාක්ෂණ ක්‍රමවේදය හොයාගෙන පේටන්ට් අරගෙන තියෙන්නේ තියෙන්නේ පුදුමයි නේද?

    405px-Capacitor_Discharge_Ignition_1.jpg


    මේ තියෙන්නේ අලුත්ම විදිහේ එකක් එත් මේවගේ තාක්ෂණ ක්‍රමවේදය අවරුදු 25ක් තරම් පරණයි.

    මේකෙන් මොනවද වෙන්නේ?

    මෝලට ගින්න දෙන එක තමයි වෙන මොනවා වෙන්නද ඉතින්. ඕක තමයි බයිසිකලේ විද්‍යුත් පද්දතියේ හදවත. මේකෙන් වෙන සන් සිද්දිය බලමු කට්ටිය පොඩිකාලේ හැමදේටම ඇගිලි ගහන පුරුද්දට ඔය කැපැසිටර් වලටත් අත තියල පොරි හැලෙන්න කරන්ට් එක වද්දගෙන ඇති නේද? මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ වැඩිපුරම ඒවා කියල ආධුනිකයෝ හිතාගන්න. බොහොම සරල පරිපථයක් තියෙන්නේ මේකේ නම කියන්න අමතක උනානේ Capacitor discharge ignition නමේම තේරුම තියෙනවා.


    මේක වැඩ කරන්නේ කොහොමද සරලව ?

    එන්ගිමේ ඔලුවේ තඩි කුහරේට රුපියල් 160 පෙට්ට්රෝල් ටිකයි නිකන් ලැබෙන ඔක්සිජන් ටිකයි කාබුරේටෝර් එකෙන් පුරෝනවා. පිස්ටන් එක යටින් අල්ලාගෙන අතක් ඒක තද කරලා කරලා උඩට එවනවා. දැන් බඩු ටිකයි පිස්ටනෙයි අතරේ අධික පීඩනයක් තියෙන්නේ. ඔන්න ගිනි තියන්න වෙලාව ඇවිල්ල දැන් ගින්නක් තිබ්බොත් මහා බලයක් එනවා පිස්ටනෙට එක අර අල්ලාගෙන ඉන්න අතත් එක්ක යටට යනවා. දැන් කව්ද යකෝ මේක ගිනි තියන්නේ? උබ එකට කන තියාගෙන ඉඳල ස්පාර්ක් ප්ලග් එක දාන හිලෙන් ගිනිකුරක් ඇතුලට දානවා.. මෙන්න වැඩේ සිද්ද උනා.. ගිනිගත්තා.. වටයක් කැරකෙන්න බලය අවා..

    පහල තියෙන එක බලන්න.. සරලව තියෙනවා

    http://www.vespamaintenance.com/elec/cdiwork/

    දැන් යකෝ කව්ද මේක පිරෙන හැම සැරේම ගිනිකුරු ගහන්නේ ? ඕකට සුද්ද කල්පනා කලා ගින්දර දෙන්න පද්දතියක්..

    දැන් මේ පොඩි cdi එකට උදව් වෙන අනික් උපාංග ටික ගැන දැනගමු

    2008_KTM_450XCF_Flywheel_6350-23.jpg


    ඕක ට කියන්නේ ෆ්ලයි වීල් එක කියල.. ඕක ඉතින් කෙටියෙන් කිව්වොත් කරන්නේ කැරකෙන එක තමයි.. කිරි කිරි බොලේ රැලි රැලි මාලේ කිය කියා වමනේ යනකන් ඕක කැරකෙනවා. සිද්දිය තියෙන්නේ ඔකේ කොච්චර වමනේ ගියත් කැරකෙන එක නවතින්නේ මෝල නැවැත්තුවම. පහල පින්තුරේ බලන්න


    flywheel_magnet.jpg


    2426449337d3ef0885db2debb8f4408aebf5392.jpg


    ඔන්න ඉතින් කාන්දමක්.. පට්ටනේ. මේක තියෙන්නෙත් FLY WHEEL එකේම තමයි. දෙවෙනි පින්තුරේ තියෙන්නේ කැඩුන කාන්දමක් මෙහෙම උනාම ෆ්ලයි වීල් එක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

    මේකටම පුට්ටු කොරන අනික් කෑල්ල තමයි කොයිල් එක. සමහරු මේකට චාජ් කොයිල් එක කියලත් කියනවා


    stator.jpg


    Bild11.jpg


    543183201_359.JPG


    දැන් ඉතින් පැහැදිලියි නේද? කට්ටියට මතක් වෙනවා නේද අර ඉස්කෝලේ යන කාලේ බුදුරැස් මාලාවට තියපු මොටරේ සමහරු එකට රෝද ගහල බල්බ් එකකුත් ගහල හයියෙන් බිත්ති දිගේ අදිනකොට බල්බ් එක පත්තු උනේ නැත්නම් අර බය්සිකලේ තිබ්බ ඩයිනමොව? මේ කෑල්ලත් සිද්ද කරන්නේ ඒ වගේම කාර්යයක්. එක කොටසක් රෙක්ටිෆයරය (මතුවට කතා කරමු දැනට අදාල නැත) යනවා තව කොටසක් පොඩි විද්යුතයක් කෙලින්ම cdi එකට යවනවා.

    cdi_wiring.jpg


    මේකේ තියෙන ෆෑන් එක වගේ ඇඳපු එක තමයි ඔය අපි කත කරපු දයිනමෝ එක දැනට ඔහොම හිතපල්ලකො වදනොදී.



    ඉත්රිය හෙට 2 කොටසින් බලාපොරොත්තු වන්න ....
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pattama patta thread 1k macho! Ikmanata 2 kotasa balaporothu wenawa.:yes::yes:

    Kiwwa wage CDI godak aya nagannawa leda awama. Habai godak welawata thiyenne dry solder wela. E Hinda ahapu solder kalama hariyana godak welawata.
    :P:P
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    849
    143
    43
    thanks machan me wagee wadagat igenaganna puluwan post dana un adui dan keep up the good work api koitaram wahana elewwat CDI ahalawat nai un innawa machanlaa i like the way u have started the post waiting for the next rep added..!