CAMRip
සුලභය (නමුත් ගුණාත්මකබවෙන් අඩු වීම හේතුවෙන් ජනප්‍රිය නොවේ)
camcoder හෝ ජංගම දුරකතනයක් භාවිතයෙන් සිනමා ශාලවකදී ලබා ගන්නා පිටපතකි. මෙහි ගුණාත්මකබව වීඩියෝ කිරීමට යොදාගන්නා කැමරාව සහ එය ලබාගන්නා මත, වෙනස් වේ.
අවාසි : රූප අපහැදිලි වීම, ශබ්ද ඉතා අඩු ගුණාත්මක බව, වෙනත් ශබ්ද පසුබිමෙන් ඇසීම.
TS / TELESYNC PDVD
ඉතා සුලභය
මෙය හිස් සිනමා ශාලවකදී හෝ ප්‍රක්ෂේපන කූඩුවක්(projection booth) මගින් වෘතීය මට්ටමේ කැමරාවකින් ලබා ගන්නා පිටපතයි. මෙහිදී ශබ්දය, වෙනම මුල් පිටපතෙන් ලබාගෙන සමමුහුර්ත(synchronize) කරන නිසා camrip යකට වඩා වැඩි ගුණාත්මකබවක් ඇත. බොහෝ ඉන්දීය ච්ත්‍රපට මේ ආකාරයෙන් ඇත.
SCR / SCREENER / DVDSCR / DVDSCREENER / BDSCR
ඉතා සුලබය
මෙය චිත්‍රපට විචාරකයන්, චිත්‍රපට ඈකඩමියන් වෙත යැවීම සදහා ගන්නා DVD හෝ BD නිකුත් කිරීම්ය.
"The film you are watching is a promotional copy. Selling is prohibited" වැනි දැනුවත් කිරීමක් මෙහි ඇත. මෙය ඉහත සදහන් ආකාර 5ටම වඩා ඉහළ ගුණාත්මකබවකින් ඇත.
R5 / R5.LINE / R5.AC3.5.1.HQ
ඉතා සුළභය
R5 = region 5 (ඉන්දියාව, අප්‍රිකාව, උතුරු කොරියාව, රුසියාව සහ මොන්ගෝලියාව)
මෙය කෙලින්ම telecine වීඩියොවෙන් ලබා ගනියි. සමහරවිට මහජන ප්‍රදර්ශණය සදහා නිකුත් කරන චිත්‍රපටයට නැති දර්ශණ පවා තිබිය හැක. ස්වුන්ඩ්ස් ද හොද තත්වයෙ ඈත. DVD-rip යක් සොයාගැනීමට නොහැකිමනම්, මෙය ඒ සදහා හොද විකල්පයකි.
DVD-Rip / DVDRip
ඉතා සුළභය
ඉතා උසස් ගුණාත්මක මහජන ප්‍රදර්ශණය සදහා නිකුත් කරනා චිත්‍රපටයේ කොපියකි. චිත්‍රපටය මුලින්ම නිකුත් කරන ප්‍රදේශයෙන්/රටෙන් පසු වෙනත් ප්‍රදේශ වල තිරගත වීමට පෙර මෙය නිකුත් වේ.
DVD-R / DVDR / DVD-Full / untouched rip / DVD-5/ DVD-9
ඉතා සුළභය
නීත්‍යානුකූලව විකිණීම සදහා නිකුත් කරනා DVD යේ කොපියකි.
HDTV / DS Rip / DSR / DSRip / DVBRip / TVRip
ඉතා සුළභය
ඈනලොග් කැප්චර්(analog capture) කාර්ඩ් උපාංගයක් භාවිතයෙන් ගන්නා කොපියකි. මෙය බහුලවම TV series ලබා ගැනීමට භාවිත වේ. DVD-ripයකට වඩා යම් තරමක් ඉහළ ගුණාත්මකබවක් ඇත.
BDRip / BRRip / Blu-Ray
ඉතා සුළභ සහ ජනප්‍රියම ආකාරයයි.
DVD-rip යක්ම මෙනි, නමුත් බ්ලූ-රේ ඩිස්කය( Blu-ray Disc ) කින් ලබා ගන්නා කොපියයි. ඉතාමත් ඉහළ ගුණාත්මකබවක් ඈත. මෙහි 720p හා 1080p ලෙස ආකාර 2ක් ඇත.
BRrip යනු BDrip යේම සංක්ෂිප්ත කොපියකි. (BRrip size <<< BDrip size)
WEB Rip / WEB-Rip
සුළභය
මෙය HULU වෑනි සේවාවක් භාවිතයෙන් කැප්චර් කර ගන්නා කොපියකි. ගුණාත්මකබවින් අඩුය. නමුත් කුඩා ස්ක්‍රීන්ස් සදහා යොග්‍ය ය.
WEB-DL / WEBDL / WEB-DL
සුළභය. ජනප්‍රිය වෙමින් පවතී.
ඔන්-ලයින් සෙවාවකින් (amazon. itunes) භාගත කරනා කොපියයි. 1080p වැනි පහසුකම් මෙම සෙවාවලින් ලැබෙන නිසා, ගුණාත්මකබවේ ගැටලුවක් නැත.
මම නම් ගොඩක් වෙලාවට ඩවුන්ලෝඩ් කරන්නේ BRRip 720p තමයි. කොලිටි එක අඩු උනහම ෆිල්ම් එකේ ගතිය නැති වෙන නිසා
තව යාලුවෙක්ගෙන් 1080p ගන්නවා
. එකක් 2GB විතර. හෑබෑයි ඉතින් ලොකු රිසලූශන් එකක් නෑත්තන් තෙරුමක් නෑ.

+
