----------------------------------------------------------------
ඒ සොඳුරු අතීතය කොහේ ගියාදෝ
බොඳ වී ගිහින් ඒ හැම දෙයක්ම
ඒ ආ මග කියු දේ නැගේ මා මතකයට
ඕනෑකමින් සිටින්නම් යොමා ඒ සිත
සියල්ලන්ට වඩා ඉදිරියෙනි අපි, ඒත් අද
දැනේවි ශෝඛයක් අද ඒ ගැන සිතන විට
කොහේ සිටියත් කෙසේ සිටියත්
සෙනෙහෙ දක්වමි මියෙන තුරා මම
අමතක නොකරමි මියෙන තුරා මම
මා සිටි මා ගිය සැමතැනම
මගේ යහළුවන් පිළිගත්තේය නමස්කාර කොට
වසන්තයේ අවසාන කාලයේ කෙතරම් කඳුළු සැලුවේද
කෙතරම් දුක් වුනේද මම
දැන් මට දහවලත් රැය වගේ අඳුරුයි
සෙවනැල්ල පමණයි එදත් මගේ යහළුවා
සෙවනැල්ල පමණයි අදත් මගේ යහළුවා
හෙටත් මේ සෙල්ලමේ මම හිටියත් නැතත්
සදාකල්ම අහසේ තරු රැඳී තියේවි
මාව, ඔයාල අමතක කරයි, එයාලත් අමතක කරයි
ඒත් මම හැමදාමත් හැමෝගෙමයි
මෙහි තියේවි මගේ මතකයන් හැමදාමත්
මෙය හැරදමා කොහේ යන්නද
කැමති වෙලාවක අමතන්න මා
මම සිටිමි එතැන මා සැමදා සිටි තැනම
මගේ ජීවිතයත් මරණයත් මෙතැනමය
මෙය හැරදමා කොහේ යන්නද
දිවි ගෙවන්නෙත් මෙතැනමය
මිය යන්නෙත් මෙතැනමය
මෙය හැරදමා කොහේ යන්නද
ස්තූතියි. ගොඩාක් ස්තූතියි. Thank You,
දැන් තියෙන්නෙ විවේක කාලය. Interval
මේ විවේකය වෙන්න පුළුවන් විනාඩි පහළවක්, පය පහළවක්, නැත්තන් මාස පහළවක්
ඒත් කවටයාගේ රඟ දැක්වීම අවසන් උනේ නෑ තවමත්
යන්න එපා
මගේ රඟ දැක්වීම අවසන් උනේ නෑ තවමත් යන්න එපා,
අනේ යන්න එපා
කොහේ යන්නද
නිශ්චිතවම අවසානය නොවේ!
----------------------------------------------------------------
Mere Naam Joker චිත්රපටයේ ජීනා යහා ගීයේ සරල පරිවර්ථනයකි.
යූ ටියුබ් වීඩියෝව චිත්රපටයේ අවසාන ජවනිකාව වේ.
මෙය චිත්රපටයේ අවසාන ජවනිකාවේ පරිවර්ථනයකි.
---------------------------------------------------------
Last edited:






