තැඹිලි-වයින් ගෙදරදීම හදමු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    ඔන්න ඉතිං කාලෙක ඉදං කරන්න ඕනෙ කියලා හිත හිත හිටිය වැඩක් අද කරන්නයි යන්නෙ.
    අද හදනවා වයින්...

    Once upon a ..Time....
    සීයා බීලා...Wine....
    ආච්චි ලගට ..Going...
    දුන්නා එකක් .පයිං.... :rofl:

    තැඹිලි වයින් තමා හදන්න යන්නෙ.
    හදන්න කලින් කියන්න ඕනෙ.. මං සූපවේදියෙක් නෙවෙයි.
    මේක හදන්නෙ අවම පහසුකම් යටතේ...

    මේ හදන්නෙ අපි අවුරුදු ගානක ඉදං හදාගෙන ආපු විදිහට. හරියට කලොත් කිසිම අවුලක් වෙන්නෙ නෑ. පරණ වෙන්න වෙන්න රහයි+සැරයි.

    වැඩි කථා ඕනෙ නෑ.. වැඩේ පටං ගමු......
    ඉස්සෙල්ලම කියන්නං මූලිකව අවශ්‍ය ද්‍රව්‍ය හා ප්‍රමාණයන්....

    මේ කියන්නේ තැඹිලි මිලි ලීටර් 750 බෝතල් 7කට අවශ්‍ය ප්‍රමාණය..
    (මිලි ලීටර් 750 බෝකලේ කියන්නෙ හිස් අරක්කු බෝතලේ බොල :nerd::dull:)
    අඩු වැඩි කරලා හදා ගන්නලා...
    අපි ඊට වඩා වෙනස් ප්‍රමානයක් ගත්තා මේ පාර. බෝතල් ටික්ක වැඩිපුර ඕනෙ නිසා :D

    ඒ අවශ්‍ය ප්‍රමාණයට කැඹිලි ගෙඩි ඕනෙ.. (ඕක ඉතිං කියන්න දෙයක්ද යකෝ.. :P)
    මේ තැඹිලි තෝරා ග්නනකොට ගොඩාක් ලපටි ඒවා ගන්න එපා. ටිකක් මෝරපු ගෙඩි ගන්න :D
    zyENYWB.jpg


    ඊට පස්සෙ මේවා දමාගන්න හොද මුට්ටියක් ඕනෙ......හිල් නැති හොද මුට්ටියක් හොදේ.. :P

    1. සැ.යු-
      මුට්ටිය තෝරා ගැනීමේදී තමා යොදන ධාරිතාවට ගැලපෙන එකක් තෝරා ගන්න.. කට ලගට ඉතිර යන්නට තැඹිලි දමන්නේ නැත. එම නිසා ටිකක් ප්‍රමාණයෙන් වැඩි මුට්ටියක් තෝරා ගන්නට සැලකිලිමත් වෙන්න.
    2. මුට්ටිය හොදින් සෝදා ජලය එකදු බින්දුවක් හෝ ඉතිරි නොවන තරමට වේලී තිබිය යුතුය.
    3. තෙතමනය නැති කරගැනීම සදහා හිස් මුට්ටිය හොදින් රත් කර යලිත් නිවෙන්නට තබන්න.
    දැං බලනවා ඇති මුං මොකද මේ මුට්ටි ගැන වැඩිපුර කියන්නෙ කියලා. මේක හරියටම තිබ්බෙ නැත්තං ඔක්කොම සුං. වයින් වල මූලිකම දේ තමා වතුර බින්දුවක් වත් කලවං වෙන්න බෑ. :no:


    aUoC3Wt.jpg


    - තැඹිලි වතුර පෙරා ගැනීම සදහා පෙනේරයක් ඕනෙ..


    දැං බලමු අවශ්‍ය අනිත් ද්‍රව්‍ය


    Njmr7m1.jpg



    1. සීනි 2Kg
    2. සාදික්කා ගෙඩි 2ක් 3ක් පමණ
    3. ඊස්ට් තේ හැදි 6ක් පමණ
    4. කුරුදු පොතු අගල් 3ක පමණ කැබල්ලක්
    5. කරදමුංගු සහ කරාබුනැටි 20 බැගින්.
    6. වියලි මිදි 60g පමණ.
      සාදික්කා,කරාබුනැටි සහ කරදමුංගු තලා ගන්න පොඩි වංගෙඩියක් :dull:
    හදපු විදිහ බලමු...

    • ඉස්සෙල්ලම තැඹිලි ගෙඩි ටික කපාගෙන ලොකු භාජනේකට දා ගන්න..(මුට්ටියට නෙවෙයි) මොකද තැඹිලි ගෙඩියේ කුඩා කොටස් වතුරත් එක්ක එන්න පුලුවං. (ලොද වගේ දේවල්) ඒවා වයින් හදනකොට මිශ්‍ර කරන්නෙ නැහැ. වතුර පමණයි ගන්නෙ.
    • ඊට පස්සෙ අවශ්‍ය ලීටර් ගණන පෙනේරෙකින් පෙරලා වියලි හිස් මුට්ටියට දමන්න.
    (අපි කලේ හිස් අරක්කු බෝතලයට අරගෙන ඒකෙන් තමා පෙරලා දැම්මෙ )
    cxPyoUM.jpg




    • ඉහත කිව්ව විදිහට සාදික්කා ගෙඩි(ඇටෙත් එක්කම ) සහ කරදමුංගු කරාබුනැටි අත් වංගෙඩියේ කුඩු කර ගන්න.
    84LyNAX.jpg


    FPnO9Br.jpg


    දැං ඉතිං කරන්න තියෙන්නේ.... කුඩු කර ගත්ත කරදමුංගු, කරාබුනැටි, සාදික්කා , ඇතුළු කුරුදුපොතු,වියලි මිදි, යීස්ට්,සහ සීනි කිලෝ දෙක අර තැඹිලි වතුර තියෙන මුටුටියට එකතු කර ගන්න. කලවම් කිරීමක් අවශ්‍ය නොවේ.

    94t7FSL.jpg




    f3t20Hh.jpg





    lobZmzn.jpg


    abPaNaa.jpg


    iiEfg3G.jpg



    අන්තිමට ඉතිං ඔය තියෙන විදිහට පෙනෙයි.
    දැං වැඩේ හරි. එකෙක් වත් රස බලන්න එහෙම යනවා නෙවෙයි ඕං.

    දැං තමා වැදගත්ම වැඩ කෑල්ල තියෙන්නෙ. ඔය මුට්ටියේ කට පත්තර හරි අර වහන්න ගන්න කොල වර්ගයක්(කඩදාසි) හරි අරගෙන සම්පූර්ණයෙන් හොදින් ආවරණය කරලා.. කෝඩ් නූලක් හරි රෙදි පටියකින් හරි... තදින් ගැට ගහන්න.
    bGQLw5E.jpg


    කූඹි ඇඹලයෝ ඉන්න ගෙදරක් නං එයාලාට එන්න බැරි විදිහට වතුර පිරුණු කොරහක් මැද මොකක් හරි රදවනයක් තියලා ඒක උඩ මේ මුට්ටිය තියන්න. හැබැයි පෙරලෙන තැන් වල තියන්නත් එපා. අපරාදෙ නේ :P
    OFKB1zV.jpg

    ඔන්න අන්තිමට පේන විදිහ. පත්තරේ ඉරාගෙන මොකෙක් හරි යයි කියලා වැඩි හොදට උඩින් වීදුරු ආවරණයක් තියලා ඔය තියෙන්නෙ.


    මේක වහලා අරං තියලා දවස දහයක් පැසවන්න තියන්න ඕනෙ.
    ත්‍රෙඩ් එකේ දිගටම රැදිලා ඉන්න. අපි දවස් දහයකින් කරන දේ මං පින්තූර අරගෙනම දාලා මේක අප්ඩේට් කරන්නම්.
    ආ. ඒ අතර කාලෙදි හිස් අරක්කු බෝතල් 7ක් 8ක් හොදින් හෝදලා වතුර බින්දුවක් වත් නැති වෙන්න වේලලා වියලිව තියා ගන්න.
    තව ඔක්සිජන් බට කෑල්ලක් එහෙමත් ලෑස්ති කර ගන්නකො..
    සැ.යු -
    මේ මුට්ටියෙන් පළවෙනි දවසෙ ඉදන්ම එක එක සුවදවල් එනවා. හරිම ආසා හිතෙන සුවදවල්.. :P
    අපිටත් වඩා නානාප්‍රකාර කුඩා සත්තුන්ටත් මේක දැනෙනවා. උං එන්න පුලුවං. බය වෙන්න දෙයක් නෑ :dull:

    මොක උනත් දවස් 10ක් යනකං මේක අරින්න නං එපා පුතේ.
    වැදගත්ම දේ තමා පොඩි අය. එයාලා පරීක්ශා කරයි මේ මොකක්ද කියලා. එයාලගෙත් ඇස නොගැටෙන .. ඇස බැරි නම් අත වත් නොගැටෙන තැනකින් තියන්න.

    විශේෂයන්ම ගෙදර ඉන්න වැඩිහිටි අයවයි මෙහෙකාර අය ඉන්නවා නං එයාලාවයි.. දැනුවත් කරලා තියන්න.
    අත්දැකීමෙන්මයි කියන්නෙ.. අපේ එළකිරි සාමාජිකයෙක් ඉන්නවා කෑම හදන්න අති දක්ෂ. ඒ මහත්තයා බොහොම පිළිවෙලට මේ මුට්ටිය හදලා අරන් තියලා. ඒ ගෙදර ඉන්නා කෙනෙක් මුට්ටිය දැක්කා. මල ජරාවක් පල් වෙනවා කියලා විසි කරලා.:baffled::baffled:
    ඉතිං එතුමා හරි සතුටින් හිටියා කාලයක් :love::love::rofl:


    ඉතිං ඔන්න ඕකයි සීන් එක..
    දවස් 10කින් ආයෙත් හමුවෙමු..
    එතකං ඕකෙ සුවද ගෙදර පුරා දුවන එක ඉවසං හිටු :frown::rofl::love::D


    දවස් 10කට පසු


    හරි... එහෙනං ආයෙත් වැඩ පටාං ගමු. මුලින්ම සමා වෙන්න ඕනෙ මේක පළ කරන්න ටිකක් රෑ උණ එකට. ඒත් ඉතිං හොද හොද සෙල්ලං එළිවෙනකොට ලු නේ... :cool::lol:

    හිතුවාටත් වඩා ත්‍රෙඩ් එකට ලොකු සහයෝගයක් ලැබුනා. ඒකට ගොඩක් ස්තූතියි. ගොඩක් අය පී එම් වලින් ප්‍රශ්න අහලා තිබුනා. ඒ අය හැමෝටම මං උත්තර දුන්නා.


    හරි .. වැඩි කථා ඕනෙ නෑ නෙ.. වැඩේට බහිමු...

    අද කියන්නෙ මේකෙ දෙවෙනි කොටස... ඒ කියන්නෙ වයින් එකේ පාට ( අරක්කු පාට :baffled: ) හදා ගන්න විදිහ....

    ඔයාලට මතක ඇති අපි මුල් කොටසේදී මේ තැඹිලි වතුර එක්ක අනං මනං දාලා පොඩ්ඩක් වත් කලවං කරන්න ගියේ නෑ... ඉතිං අද තමා ඕක කලවං කරන්නෙ.. :cool: කට්ටිය නෝනගෙ හැන්ද ඉල්ලං ලෑස්ති වෙයල්ලා කලවං කරන්න...
    ආ නෝනලා නැති අය ගෙදර තියෙන මොකක් හරි හැන්දක් හොයාගෙන වරෙල්ලා. පොල්කටු හැන්දක් නං හොදා... :cool::lol:

    තව ඕනෙ සීනි 250g
    සීනි උනු කරන්න පුලුවන් තරමේ තාච්චියක්...
    ගෑස් ලිපක්,


    දැං ඉතිං ඉස්ඉසසෙල්ලම අර දවස් දහයකට කලින් හොදට කට ගැටගහලා කොහේ හරි මුල්ලට දාපු අසරන මුට්ටි රාජයා එළියට ගනිල්ලා. සමහරු නං මේක ලගට වෙලා දවස් ගනං කර කර හිටියා කියලත් ආරන්චි උනා :lol::eek:
    මං හිතනවා කාටවත් නන්නාදුනන සත්තුංගෙං හානියක් උනේ නෑ කියලා..:shocked::sorry::sorry:
    ඔන්න ඉතිං ගෙදර වැඩකාරි හරි.. නෝනා හරි.. විසි කලේ නැත්තං හෝ, පොඩි එකා / එකී / දෙන්නම මුට්ටිය බින්දෙ නැත්තං.... දෙයිය‍නේ කියලා ඕක මුල්ලක ඇති නොවෑ..
    මේ තියෙන්නෙ අපේ මුට්ටි උන්නැහේ...

    4sSFMrP.jpg


    දැං ඉතිං ඕක උස්සලා මේසෙ උඩට අරං..
    9.gif
    (මතක ඇතුව ඕක රදවන එකත් ගනිල්ලා.. මුට්ටිය බිදුනොත් ඔක්කොම ඉවරයි.. :shocked::sorry:) ඇරගෙන ඇරගෙන යන්නයි තියෙන්නෙ... :cool:
    මං කිව්වෙ මුටිටය වහපු කවරෙ :dull::baffled:

    GBHLc3e.jpg


    එතකොට ඊලග රූපරාමුවෙන් ඔබට දැක ගන්න පුලුවං පින්වතුනි..... ඔබ දවස් දහයකට කලින් කිසිම හිතක් පපුවක් නැතුව තැඹිලි වතුර වලට දාලා පියන වහපු කරදමුංගු ,කරාබුනැටි,කුරුදුපොතු,වියලි මිදි උඩ පාවෙවී තියෙයි. හැබැයි පාටවල් වෙනස් වෙලා.. හැම දේකම සාරය තැඹිලි වලට උරාගෙන ඇති. පාට වෙනස් වෙලා අමුතු බොර පාටක් වෙලා ඇති. ඒ ගැන කලබල වෙන්න එපා.
    පියන ඇරියම නැවුම් සුවදකුත් එයි :cool:;)

    දැං ගනිල්ලා අර සීනි 250..
    තාචිචිය ලිපේ තියලා... සීනි දාන්න....
    SnyfU88.jpg

    දැං අපි සීනි කැට පැනි වෙනකං රත් කරන්නයි හදන්නෙ....

    ටික වේලාවකින් පැනි වෙයි.
    HILf3aa.jpg


    මේ ගානට ආවාම ඇති

    WKuAXID.jpg

    කට්ටියගෙ පැනි පෙරිල්ල පැත්තකට දාලා පරිස්සමෙං ඔය තාච්චිය අරං ඒකෙ තියෙන පැනි ටික හලන්නයි තියෙන්නෙ දැං ඉතිං අර වයින් මුට්ටිය‍ට..

    e5fuJKk.jpg


    දුමක් එයි.. ගනං ගන්න එපා.. දුම් නං මොනවද සෑර්.. කිව්වලු :lol::lol:

    දැං ඉතිං කලවං කරන්නයි තියෙන්නෙ හොදට..... ඔය පැනි දැම්මට පොඩ්ඩක් කැට වගේ හිටියි.. ඒක ගනං ගන්න එපා... කාට හරි මුට්ටිය:shocked: අල්ලා ගන්න කියලා...:cool: අර හැන්දෙන් හොදට කලවං කරන්න... මුට්ටියේ අඩියට බැහැලා තියෙන යීස්ට් ආයෙ උඩ එයි. ගනං ගන්න එපා.. ටික වේලාවක් ඇර සොයිසා ... :cool:
    SmxX0dj.jpg



    දැං වැඩේ හරි... :):)
    පොඩ්ඩක් විතර පාට වෙනස් වෙලා ඇති. හරියටම කර කරලා පැනි ටික දැම්මා නං.
    සමහරු කියලා තිබුනා බ්‍රැන්ඩි ටික්ක දානවා කියලා. අනේ මන්දා. අපි නං ඒවා දාන්නෙ නෑ.. මේ සැර ඇති වයින් එකට.
    (යකෝ බ්‍රැන්ඩි තියෙනවා නං අහවල් කෙමකටද මේකට මුහු කරන්නෙ.. අමුවෙන් ගසලා දානවා මිසක් :oo:)
    ඉතිරි තද පාට එන්නෙ පෙරද්දි සහ බෝතල් වල ටිකක් දවසක් යද්දි ;)

    දැං කට්ටිය..... ආයෙමත් අර පියන අරං මුට්ටිය වහන්න. :cool:
    මේ විදිහට පැනි දාපු වයින් මුට්ටිය දවසක් විතර ආයෙත් වහලා තියන්න ඕනෙ.
    3.gif

    ඊට පස්සෙ තමා පෙරන්න පටං ගන්නෙ...
    11.gif

    පෙරනවා කියලා කියන්නත් බයයි.. :baffled::sorry:


    එහෙනං මගෙ සහෝදරවරුනි... :nerd:
    හෙට හෝ අනිද්දා සිට රෑට රෑට පෙරමු....:cool:
    ජය වේවා !!!!!!:cool::cool::cool:



    දවසකට පසු...


    ඔන්න දැං ඉතිං ඊයෙ මුට්ටිය ඇරලා සීනි කර කරලා දාලා... කලත්තලා දැම්මා නෙ...:cool:
    දැං අපි පෙරමු. :yes:
    ගොඩක් අය අහනවා මොකක්ද මේ පෙරිල්ල කොහොමද පෙරන්නෙ අනං මනං...:sorry:
    මෙතන ලොකූ දෙයක් නෑ බොලව් ...;)
    සුළු සීන් එක්ක තියෙන්නෙ....:cool::yes:

    වයින් පෙරන ක්‍රම කීපයක් තියෙනවා.
    අපි කරන්නෙ මෙහෙමයි. මීට වඩා වෙනස් විදි දන්න අනිත් යාලුවෝ අපිත් එක්ක ඒවා බෙදා ගනියි කියලා හිතනවා...:yes::love:

    හරි.. වැඩේට බහිමු...:cool:

    අපිට ඕනෙ කරනවා ඔක්සිජන් බටයක්. (ටිකක් මහත බට බං.. ) :)
    පොඩි පෙනේරයක්. :)
    අර එදා හොදට වේලලා කරලා තිබ්බ අරක්කු බෝතල් සෙට් එක. :cool:
    (හිස් අරක්කු බෝතල් නං නැති වෙන්න බෑ නේ :lol:)


    ඉස්සෙල්ලම මුට්ටිය ඇරලා ඒකෙ උඩ පාවෙන මිදි, කරදමුංගු එහෙම ප්‍රවේසමෙන් අයින් කරන්න. කලත්තන්න නං එපා පුතෝ. කලත්තනවා කියන්නෙ යීස්ට් කැලතිලා අදත් පෙරන්න වෙන්නෙ නෑ :sorry::sorry:

    WuOIvob.jpg


    wffQIK0.jpg


    දැං ඉතිං අර බටේ අරං එක කෙරවලක් වයින් මුට්ටියේ උඩ හරියට.. ගෑවී නොගෑවී වගේ... දාලා..
    අනෙක් පැත්ත බෝතලේට දාන්න.
    බටේ දිගේ වයින් එන්නෙ නැත්තං ඉතිං බටේ උරන්න වෙයි :eek::sorry:

    කටට යවා ගන්නෙ නැතුව ප්‍රවේසමට හොදේ... :rolleyes:
    මං කිව්වෙ වයින් මන්ඩි :sorry:

    67AH61M.jpg


    දැං ඉතිං මුට්ටියේ අගට වෙනකංම උඩින් උඩින් බෝතල් ටික පුරවා ගන්නයි තියෙන්නෙ.
    ඔයාලගෙ පහසුව සලසාගන්න එක පාර බෝතල් ඔක්කොම ලගට අරං තියා ගන්න. :cool:

    R3bvzE2.jpg


    දෙන්නෙක් වැඩේට හිටියා නං‍ ගොඩක් හොදයි. :yes::D

    දැං ඉතිං බෝතල් ටික පිරිලා ඇති. ඒත් ඉතිං තාම බොර පාටයි නේ....
    අයියෝ දැං මොකද කරන්නෙ....:shocked::sorry::sorry:

    හා හා කලබල වෙන්න එපා. දවසක් දවස් එකහාමාරක් යනකොට ඔය බෝතල් වල අඩියට මන්ඩි බහිනවා.:cool::yes:

    ඊට පස්සෙ ආයෙ අර චූටි බටේ දාලා වෙන බෝතලේකට පෙරා ගන්න. :D
    ඒ කරනකොට අඩියේ තියෙන මන්ඩි අළුත් බෝතලේට ගන්න එපා. ඒවා විසි කරන්න. :rolleyes::angry:

    ඉස්සෙල්ලම පෙරුවට පසසේ ආයෙ දවසකින් දෙකකින් පෙරන්න..
    ඊට පස්සෙ ආයෙ සතියකින්.
    ඊට පස්සෙ සති දෙකකින්,
    මාසෙකින්,
    මාස එකහමාරකින්.
    අන්තිමට ඔයාලටම තේරෙයි අඩියෙ මන්ඩි නෑ කියලා.. :yes::D


    හය හත් පාරක් (අඩු ගානෙ පස් පාරක් වත්.. ) පෙරුනම.. වැඩි හොදට පෙරහන් කඩදාසි දාලා පෙරන්න. :cool:
    දැං ඉතිං දෙයියනේ කියලා අරං තියන්නයි තියෙන්නෙ.
    උත්සව කාලෙට ප්‍රයෝජනයට ගන්න. :cool::cool:

    දැන්ම බොන්න ට්‍රයි කරන්න එපා.
    අඩු ගානෙ දෙසැම්බර් මාසෙ වෙනකං වත් ඉදපල්ලා.

    හොදම කොලිටිය එන්නෙ.. අවුරුද්දක් හෝ ඊට වඩා පරණ උනාමයි.. :yes:

    මේ තියෙන්නෙ එහෙම අවුරුද්දක් විතර පරණ උන බෝතලයක්.
    මේක මං දැක්කෙත් අද. මීට කලින් දැක්කෙ නැත්තෙ හොද වෙලාවට :cool::love::lol:


    zdkWGAV.jpg


    iuNtZFG.jpg


    t0T94pw.jpg


    ඉතිං ඔන්න වයින් හැදීමේ මූලික ක්‍රියාවලිය ඉවරයි.
    දැං ඉතිං කට්ටිය.. රෑට රෑට පෙරමු. :lol:
    වැඩට ගිහිං ඇවිත් පෙරමු.
    නිදා ගන්න කලින් පෙරමු.:lol:
    කෑමට පෙර පෙරමු.
    කෙල හල හල පෙරමු...:lol:

    ජය වේවා..!!!:cool:


    ප.ලි. මේ තියෙන්නෙ අපි හදපු විදිහ. මීට වඩා හොද විදි තව ඕනෙ තරම් ඇති. දන්න දන්න අය ඒවාත් මෙතන බෙදා ගන්නවා නං මං ගොඩක් කැමතියි :D
    කොපි කරලා ගන්නවා නං කරුණාකරලා එළකිරි එකේ නම දාලා ඉන්න. :nerd:
    බ්ලොග් එකෙත් දැම්මා

     
    Last edited by a moderator:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නත්තල් කාලයට ගන්න හිතාගෙනයි මේ හදන්නේ... කැමති අය දැන්ම වැඩේ පටං ගත්තොත් පරක්කු නෑ :D
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩෝ උබ නන් පට්ට පට පට ඩයල් එකක්නේ.....
    සුප්පා ඕයි අදම හදනවා......

    අපේ කොල්ලො ටිකෙන් බේරෙන්න බැරිවෙයි...
    :lol::lol:

    Happy1.gif



    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :(
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආ..... ඕක සුපිරි පානයක් නොවැ කොලුවෝ.....!

    අපි යාලුවෙකුගේ ගෙදර හැදුවා එයාගේ wedding එකට. සුපිරියටම තිබ්බා. ආයේ ඉතින් අපි මාසගානක් යනකන් හදිස්සියක් උනත් ගියේ එහාට.....!
    නියමයි මල්ලි.... මමත් හදන හැටි බලාගෙන හිටියට හැදුවේ කොහොමද? මොනවගෙන්ද කියල දැක්කේ නැහැ...!
     
    • Like
    Reactions: Lomax

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නත්තල් කාලෙට ගන්න...:oo: ඈ...බන් කොහොමද එච්චර කල් ඉවසගෙන ඉන්නේ?

    පහකින් ගැහුවා කියලා හිතාගන්:angry:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මේ වගේ වැදගත් දෙයක් දාපන් කවි නොලියා !! :lol: මටත් බෝතලයක් ! :love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අත්දැකීමෙන්මයි කියන්නෙ.. අපේ එළකිරි සාමාජිකයෙක් ඉන්නවා කෑම හදන්න අති දක්ෂ. ඒ මහත්තයා බොහොම පිළිවෙලට මේ මුට්ටිය හදලා අරන් තියලා. ඒ ගෙදර ඉන්නා කෙනෙක් මුට්ටිය දැක්කා. මල ජරාවක් පල් වෙනවා කියලා විසි කරලා.
    ඉතිං එතුමා හරි සතුටින් හිටියා කාලයක්

    ඌ ජබුක් !! :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ ගැන්ත් හැම නත්තලටම හදනවා.. මේ පාර නම් නැ, සාමාන්යයෙන් හැම කතොලික ගෙදරකම වගේ ඔය තැබිලි, බීට්, මිල්ක් වයින් හදන සිද්දිය තියනවා.. මම දන්නෙත් පවුල කැතලික් නිසා.. :D
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අම්මෝ මාත් දවසක් පොඩි අඩියක් දාල ගෙදර යන්න බැරි නිසා යාලුවෙක්ගෙ ගෙදරකට ගොඩ උනා.. පොර ගාව තැඹිලි වයින් තිබිල දුන්න බීපන් කියල. අප්පදබොල. සකබඹරෙ වගේ. පොඩ්ඩක් ඇල උනා ඇඳේ. හරියටම පැය 3 1/2කින් ඇහැරුනේ.

    ආයිත් හදල බොන්න ඕන. පට්ටයි මචං
    REP +