Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට
නමෝ බුද්ධාය..
…
…මීට කලින් මේ මාතෘකාව ගැන ගොඩක් අය විස්තර කරල නූල් දාල තිබ්බා මම කාලෙකට කලින් දැක්කා. ලගදිත් දාල තිබ්බද දන්නෙ නෑ
මොකද මම එලකිරියට ආවෙ මාස 6කින් විතර.. වැඩි කතා ඕන නෑ.. මාතෘකාවට එමුකො..
…
…මම මෙතනදි ලර්නර්ස් එකේ ඉඳල ලැයිසොන් එක ගන්නකන් ගැන පියවරවල් එකින් එක විස්තර කරන්න බලාපොරොත්තු වෙනව..
…
…
…ඉස්සෙල්ලම අපි බලමු ඔයගොල්ලො ලර්නර්ස් එකෙන් යනවනම් ඒගොල්ලොන්ගෙ ගනන් කොහොමද, කවුද හොඳ ඔය වැඩේට කියල. මම දන්නෙ නම් තැන් 3යි.ඒව මෙහෙමයි.
…
…1.දාස ලර්නර්ස් - කැස්බෑව : මේකෙ මරුටියක් ඒ වගේම 57- ලයිටෙස් එකක් එහෙම තියෙනව ඉගෙනගන්න.3විල් බිකෙ එහෙමත් තියෙනව ඔක්කොම ලර්නර්ස් වල.
කිව්වෙ නැති වුනාට ඒ ගැන ඕගොල්ලො දන්නවනෙ..නේද? මේකෙ ඉන්න instructors ලගෙන් එක්කෙනෙක් (චමින්ද කියල.) ඉගෙනගන්න එන කට්ටියට කැත විදියට බනිනව,පොඩි වැරද්දක් කලත්, බූරුව වගේ වචන කියල, උදේ පාන්දර. සමහර වෙලාවට ගහන වෙලාවලුත් තියෙනව ඔලුවට, කකුලට. මේක අනුමත කරන්න බෑ මොකද අපි ඩ්‍රයිව් කරන්න දන්නවනම් ලර්නර්ස් එකකට යන්න ඕන නෑනෙ ඔහොම වචන අහගන්න නේද? (මේකෙන් මම දවස් 9-10කින් වගෙ නවතින්නත් හේතුව ඕකම තමයි.)
…
…2.මනහර ලර්නර්ස් - වේරහැර (RMV එක පාරෙන් එහා පැත්තෙ) : මේකෙ හුඟක් වෙලාවට තියෙන්නෙ ඇල්ටො,කාර් 2ක් විතර තියෙනව. වෑන් එහෙමත් ඇති, දැකල නෑ.ඒගොල්ලන්ගෙ ඔෆිස් එකෙන් නම් කියන්නෙ ඔක තමයි දෙන්නෙ ට්‍රයල් යන්න කියල.මේකෙ ඉන්න instructors ලගෙන් එක්කෙනෙක් (මට නම මතක නෑ.) අලි ඔලුවෙන් තමයි ඉන්නෙ. බයික් උගන්නන එක්කෙනත් එහෙමයි. ලොකු ටෝක්ස් තමයි දාන්නෙ. මේගොල්ලො නිසා මට එක පාරක් practical test එක ෆේල් වෙන්න සිද්ද වුනා ඔක්තොම්බර් අවසානයෙ මගෙ තිබ්බ ට්‍රයල් එකෙන්. ඒ ලර්නර්ස් එකෙන් මම ඉගෙනගත්තෙ නෑ කියල examiner ට කියල මාව ෆේල් කලා. (ට්‍රයල් දවසෙ මම වාහනෙ ගත්තෙ මෙතනින් තමයි ට්‍රයල් පෙන්නන්න.ඒ ගැන විස්තර ඉදිරියට.)
…
…3.ජයන්ත ලර්නර්ස් - වේරහැර (RMV එක ඇතුල් වෙනවත් එක්කම, 120 පාරෙ RMV එක්කම දකුණු පැත්තෙ.) : මේකෙත් ලයිටේස් 2ක් තියෙනව 3විල් බයික් එක්කම. මේකෙ ඉන්නව instructor කෙනෙක් කීර්ති කියල. මිනිහා අවුරුදු 30ක් තිස්සෙ කරල තියෙන්නෙ ඩ්‍රයිවින් උගන්නන එක තමයි. මගෙ instructor වුනේ මෑන් තමයි. ඉගෙනගන්න එන අයට දඩ දාන්න මෙන්න පොර. "අද බියර් එකක් දාන්න පොඩි සප් එකක් දෙන්න", "මම තාම උදේට කාලත් නෑ,උදේ ඉඳන් වැඩ ඉවරයක් නෑ", "මල්ලි මට රීලෝඩ් එකක් දාන් යනවද", "සිගරට් එකක් බොමුද" වගේ කතා දවසට එක ගානෙ මිනිහගෙ කටින් එනව. කොහොම වුනත් මිනිහ හොඳට කියලදෙනව, වැරැද්දක් තියෙනවනම් සද්දෙ දාල කියල දෙනව.කුනුහරප ඒ වගේම බූරුව වගෙ වචන නම් මිනිහගෙ කටින් එන්නෙම නැති තරම්. මේකෙ කට්ටිය ඔක්කොම හොඳයි, ඔෆිස් එකේ ඉඳලම.මනුස්සයෙක් එක්ක හිනාවෙලා කතාකරනව.
…
…දැන් ඕගොල්ලො ලර්නර්ස් එකෙන් වාහනේ පුරුදු වෙන අතරතුර rmv එකේ ලිඛිත විභාගයට පිලිතුරු ලියල සමත් වෙන්න ඕන. අවශ්‍ය දේවල් මේවයි.
…
…1.මෙඩිකල් එක
…මේක rmv… එක ඇතුලෙනුත් කරනව. ඒ වුනාට මමනම් කියන්නෙ නුගේගොඩ CTB බිල්ඩින් එකේ තියෙන රජයේ ප්‍රවාහන වෙද්‍යායතනයෙන් ඔයාගෙ මෙඩිකල් එක කරගන්න කියන එකයි(NTMI) national transport medical institute.ඕක තියෙන්නෙ මගෙ ඉස්කොලෙ ඉස්සරහ St.Johns College
පාරෙන් එහා පැත්තෙ.
…මේ තියෙන්නෙ..
…
…එඩ්‍රස් එක මෙහෙමයි..
…
…
…එතන ඇතුල් වුන ගමන්ම දකුණු අත පැත්තෙන් ඔයාගෙ බර, උස කිරල බලල ඒක ලියල ඔයාට කොලයක් දෙනව.ඒකෙන් පස්සෙ ඊට එහා පැත්තෙ තියෙනව ඔයගෙ ෆොටෝ එක ගන්න කාමරේ. නිල්මිනි ස්ටුඩියෝ එකෙන්ද කොහෙද ඕක කරන්නෙ. ඔයා ෆොටෝ ගෙනාවට වැඩක් නෑ මොකද ඒ වෙලාවෙ ගන්න ෆොටෝ එක තමයි මෙඩිකල් එකේ දාන්නෙ. ආහ්.. මේ ඔක්කොම කරන්න කලින් ඔය බිල්ඩිමට ඇතුල් වෙන තැන දකුණු පැත්තෙ තියෙන කවුන්ටරෙකින් ඔයාගෙ ID එක දීල එතන රෙජිස්ටර් වෙන්න ඕන ඊට පස්සෙ නොම්මරයක් දෙනව කොලයක් එක්ක. ඔය කොලේ තමයි මෙඩිකල් චෙකප් එකේදි රිසල්ට් එක ලියන්නෙ. ඒකත් අරන් ඉස්සෙල්ල කියපු ස්ටුඩියො එකට යන තැන වම් අත පැත්තෙ තියෙනව සල්ලි ගෙවන කවුන්ටරේ. එතනට සල්ලි ගෙවන්න ඕන 750ක් ඔය 750ට ෆොටෝ වල සල්ලි, මෙඩිකල් රිපෝට් එකේ වියදම ඇතුලත්.
…ෆොටො එක ගන්න ඔය දුන්න නොම්මරෙ දාල දෙන රිසිට් එක එතන ෆොටො ගන්න තැන ඇතුලෙ එක්කෙනෙක්ට දුන්නම පොතක ලියල ඔයාගෙ ෆොටෝ එක අරගන්නව. ඒක ප්‍රින්ට් කරන්න ටික වෙලවක් යනව පැය බාගයක් විතර. ඒ අතරතුර ඔයාට පුලුවන් 2වෙනි තට්ටුවට ගිහින් මෙඩිකල් චෙකප් එක කරගන්න. මෙතනදි ඔයාගෙ උඩුකය ඒ වගේම පිට පැත්තත් බලනව, හුස්ම ගැනීමේ අපහසුතා තියෙනවද කියලත්, ඇස් පෙනීම හොඳද කියලත් බලනව. ඊට පස්සෙ අත් දෙක දිග අරින්න කියල අත මිට මොලවන්න කියල ඇගිලි දිග අරින්න කියනව.මෙහෙම කරන්නෙ ඔයාගෙ ඇගිලි වල ප්‍රශ්නයක් තියෙනවද කියල බලන්නයි. ඊට පස්සෙ කලිසම දනිස්සෙන් උඩට නවන්න කියල කකුලෙ ඇගිලි වලින් හිටගන්න කියනව,ඇගිලි ටික විහිදුවල බලනව.5පාරක් විතර ඉඳගෙන නැගිටින්න කියනව දනහිස් වල නොපෙනෙන ආබාධයක් තියෙනවද බලන්න. ඊට පස්සෙ ඔයාගෙන් ඩොකා ෆොටෝ එක ඉල්ලයි. එතකොට පල්ලෙහාට ගිහින් එතන දාල තියෙන ඒවයෙන් ඔයාගෙ එක තෝරගන්න.දැන් උඩට ගිහින් ඒ ඩොකාට ඔයාගෙ කොලේ උඩින් ෆොටො එකක් තියන්න.
…දැන් තමයි blood type එක බලන්නෙ.ඒකට පේලියෙන් පේලිය ගනි. දකුණු අතේ මැද ඇගිල්ල කට්ටකින් හිල් කරල ලේ අරන් ඔයාට යන්න කියයි. ඊට පස්සෙ එතන එහා පැත්තෙ වාඩි වෙලා ඉන්න පැය බාගයක් විතර. ඊට පස්සෙ ඔයගෙ නම කියල කතාකරයි මෙඩිකල් එක දෙන්න. ඒක අරගත්තා කියල පොතක අත්සන් කලාම එතන වැඩ ටික ඉවරයි.
…
…මෙන්න මෙඩිකල් එක..
…
…
…
…2.උප්පැන්න සහතිකය (ඔරිජිනල් එක වෙන්න ඕන, ඒක නැත්තං සහතික කරපු උප්පැන්නෙ කොපියක්.)
…3.ජාතික හැඳුනුම්පත
…
…දැන් ඔය මෙඩිකල් එකයි, ඔයාගෙ උප්පැන්න සහතිකෙයි, හැඳුනුම්පතයි අරන් වේරැහැර rmv එකට යන්න K හෝල් එකට,එතනට ඇතුල් වෙනකොට සිකියුරිටි එකෙන් අහයි මොකටද කියල, කියන්න ටෙස්ට් එකට දිනයක් ගන්න යනව කියල. ඊට පස්සෙ Kහෝල් එකේ reception එකටත් විස්තරේ කිව්වම ඔයාට නොම්මරයක් දෙයි. ඒ නොම්මරේ කතා කරනකන් වාඩි වෙලා ඉන්න. එක පාරකට 20දෙනෙක් විතර ඇතුලට ගන්නව.
…
…ඊට පස්සෙ ඔය තියෙන එක කවුන්ටරෙකින් කතා කරනකන් වාඩි වෙලා ඉන්න වෙනව. ඔය කවුන්ටරෙන් ඔයාගෙ උප්පැන්නෙයි, හැඳුනුම්පතයි, මෙඩිකල් එකයි චෙක් කරල බලයි, ඊට පස්සෙ මෙඩිකල් එක ස්කෑන් කරගෙන ඔයාට ඒ ටික දෙයි. ඊට පස්සෙ එතන තියෙන වෙබ්කැම් එකකින් ඔයාගෙ ෆොටෝ එකක් ගනී. ඇගිලි මාක් තියන්නත් කියයි. දකුණු අතේ මහපටැගිල්ල 4පාරක් විතර තියන්න කියයි.
…
…ඊට පස්සෙ ඔයාගෙ ෆොටො එක දාල වෙනම කොලයක් එතනින් දෙයි.
…
…මේ තියෙන්නෙ ඒක පුරවල අත්සන් කරල 31-33 වෙනකන් තියෙන කවුන්ටර් වලින් එකකට දෙන්න. ඔයා දාල තියෙන වාහන පංති අනුව ඒ අදාල ගාස්තුව ගෙවන්න මෙතනට.
…bike+light vehicle = 2450/= (admission 300/=, card fee 1700/=, new driving license 2 classes 300/=, other fees 150/=)
…
…
…ලිඛිත පරීක්ෂණය දින...
…
…J බිල්ඩින් එකේ තමයි තියෙන්නෙ විභාගෙ,නොම්මර 20හෝල් එකේ.. උදේ 9ට,1ට හරියටම විභාග පටන්ගන්නව.දීපු රිසිට් එකේ බලන්න වෙලාව තියෙනව.පැයක් තියෙනව ප්‍රශ්න 40කට. විභාගෙට පරක්කු වෙන අයට 500/=ක් දීල ආයෙත් ලිඛිත පරීක්ෂණයට දිනයක් දාගන්න වෙනව.no exceptions. …ලිඛිත පරීක්ෂණය වෙලාවේදි කිසිම කොලයක් ඔයාගෙ මේසෙ උඩ තියෙන්න බෑ. තියෙනවනම් ඒව පුටුව යටින් තියන්න. එහෙම තිබිල පස්සෙ හම්බුනොත් හරි, කතාකරල, කොපි කරල අහු උනොත් හරි ආයෙත් ලිඛිත පරීක්ෂණයක් දෙනවද කියන එක rmv එකේ තීරණයක්. ලිඛිත පරීක්ෂණය හරි ලේසියි. ඕක කොපි කරල වැඩක් නෑ..
…ඔයාට හම්බෙන්නෙ ලැමිනේට් කරල බයින්ඩ් කරපු A4 පොතක් වගේ පේපර් එකක්. ඒ පොතේ කිසි දෙයක් ලියන්න එපා.ලියල අහු වුනොත් ප්‍රශ්න තමයි. ඔයාට උත්තර ලියන්න වෙනම කොලයක් දෙනව. මේ තියෙන්නෙ ඒක.
…ප්‍රශ්නෙට අදාල උත්තරේ අංකෙ විතරක් මේකෙ ලියන්න. කප කප ලියන්න එපා ආයෙත් exam එක කරන්න වෙයි සල්ලි දීල. සැහැල්ලු වාහන වලට ත් බර වාහන වලටත් වෙන වෙනම පේපර් තියෙනව. බර වාහන ගන්න අයට තමයි ප්‍රශ්න අංක 41-45ට වෙනකං උත්තර පත්තරේ ඉඩ දීල තියෙන්නෙ වෙනම කොටු 5ක්. සැහැල්ලු වාහන ගන්න ඉන්න අයට කියයි ඒ කොටු 5 තනි ඉරකින් කපල දාන්න කියල.
…
…උත්තර ලියල ඉවර වෙලා උත්තර පත්තරෙ පේපර් එකත් එක්ක එතනටම බාර දීල එලියට ගිහින් වාඩිවෙන්න පුටුවකින්. එතන කොම්පියුටර් වල ප්‍රශ්නයක් නොවුනොත් පය 2,3කින් ප්‍රතිඵල දෙයි. නැත්තන් ඊට පස්සෙ දවසෙ තමයි රිසල්ට්ස් හම්බෙන්නෙ මට වුනා වගේ. ඒ දුන්නම එතන තියෙන නොම්මර 19 කවුලුවකින් ප්‍රායෝගික පරීක්ෂණයට දිනයක් ගන්න. ඒගොල්ලො දෙන්නෙ ඔය කියපු test එක කරල මාස 3කට පස්සෙ දිනයක් දාල රිසිට් එකක් එක්ක rmv එකේ ඔරිජිනල් ස්ටිකරයක් අලවල.…
…මේ වගේ..
…
…
…ඒ කියන්නෙ ඔයා ඔක්තොම්බර් 20 ලිඛිත පරීක්ෂණය කලා නම් ප්‍රායෝගික පරීක්ෂණය දෙන්නෙ මාස 3කට පස්සෙ ඒ කියන්නෙ ජනවාරි 20. මේ මාස 3අනිවාර්යයි. එහෙම කරන්නෙ ඔයාට වාහනය එලවන්න පුරුදුවෙන්න කාලයක් යන නිසයි. අපිට මාසෙකින් ගන්න ඕන කියල කිව්වට ගන්න බෑ.ඒක නිසා කල් ඇතුව වැඩේ කරගන්න.
…ඔය කියපු රිසිට් එකත් එක්ක වාහන පංති වලට වෙන වෙනම කොලත් දෙයි. ඒ කියන්නෙ බයික් වලට එක test report එකයි, සැහැල්ලු වාහන වලට එක test report එකයි, ත්‍රීවීල් තියෙනවනම් ඒකට තව test report එකකුයි. ඔය test report තමයි ලර්නර්ස් එකට දෙන්නෙත්,rmv එකේ ඔෆිසර් ට්‍රයල් දවසෙ රිසල්ට් ලියන්නෙත්.ඒක අපිට දෙන්නෙ නෑ.අපිට දෙන්න වෙනම කොලයක් rmv එකේ ඔෆිසර්.
…
…දැන් ඉතින් ලර්නර්ස් එකෙන් හොඳට වාහනේ එලවන්න පුරුදු වෙන්න. reverse එක, clutch balance, gear මාරු කරන විදිය එහෙම.
…
……මාස 3කට පස්සෙ …ට්‍රයල් දවසෙ..
…
…ට්‍රයල් එක යන්න වාහනයක් ඔයාට ඔය ලඟ තියෙන ලර්නර්ස් එකකින් ගන්න වෙනව.ඒකට ඔයාට RMV එකෙන් දීපු …test report ලර්නර්ස් එකට දීල ඒ ඒ වාහන පංති වලට අදාල මුදල ගෙව්වම ඒගොල්ලො ඒකට කොලයක් අමුනනව ඔයාට ට්‍රයල් යන්න ඒ ලර්නර්ස් එකේ rmv එකෙන් සහතික කරපු වාහනයක් දෙනව කියල. ඒ වාහනේ ඒ instructor එක්ක ඔයාට ට්‍රයල් එකක් දෙනව rmv ට්‍රයල් එකට කලින්.ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.
… …
…මෙන්න මේකයි ලර්නර්ස් එකෙන් ඔයාගෙ කොලේට අමුනන්නෙ..
…
…
…ගාස්තු මෙහෙමයි..
…
…බයික් විතරක් ට්‍රයල් පෙන්නන්න - 1000/= - 1500=
…කාර් හෝ වෑන් - 2000/= - 2500=
…මම 3000ක් දුන්න ලර්නර්ස් එකට ට්‍රයල් දවසෙ වාහන 2ක් ගන්න. (බයික්:1000/=, කාර්:2000/=)
…මතක තියාගන්න ලර්නර්ස් එකෙන් අමුනපු කොලේ නැත්තං RMV එකෙන් ඔයාගෙ ට්‍රයල් එක reject වෙයි.එහෙම නැත්තන් ඔයාට ආයෙත් ලර්නර්ස් ගානෙ ගිහින් වාහන book කරල එනකොට ඒගොල්ලො ගිහින් තියෙයි. ඒ rmv එකේ ඔෆිසර්ල ඒගොල්ලන්ට අදාල නොම්මර ටිකේ test report ටික ගත්තම එතන ඉන්නෙ නෑ. …ට්‍රයල් එක දෙන්න වාහනයක් තියෙන්න එපැයි.rmv එකෙන් වාහන දෙන්නෙ නෑ අපිට ට්‍රයල් පෙන්නන්න. මේක මම විශේෂයෙන් කිව්වෙ මොකද, ගොඩක් අය මේ දේවල් නොදැන ඇවිත් එක එක්කෙනාට පින්සෙන්ඩු වෙනව අනේ අනේ කිය කිය, ට්‍රයල් එක කට ලඟ තියං. ඒ නිසා හරියට දැනුවත් වෙලා යන්න, ඒ වගේම කල් තියල වැඩේට ලෑස්ති වෙලා යන්න. එතකොට එක එක්කෙනාට නෝන්ඩි වෙන්න, පින්සෙන්ඩු වෙන්න ඕන නෑ.
…
…තමන්ගෙ වාහනයක් තියෙනවනම්..
…වාහනෙ අයිතිකාරයා එක්ක rmv… එක ඇතුලෙ (කැන්ටිම ලඟ තියෙන්නෙ.) තියෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් ඒ දවසට ඉන්ෂුවරන්ස් එකක් දාගන්න වෙනව වාහනෙ ආදායම් බලපත්‍රය සහ අයිතිකරුගේ රියදුරු බලපත්‍රය එක්ක. වාහනේ ඉන්ෂුවරන්ස් තිබ්බට එදාට අනිවාර්යෙන් ඔක කරගන්න ඕන ඔතනින් 350ක් දීල. කරල ඒ දෙන කොලේ ඔයාගෙ rmv එකෙන් දුන්න කොලේට අමුනගන්න. මතක ඇතුව ඒ වාහනේ ඉස්සරහෙයි පිටිපස්සෙයි L බෝර්ඩ් ගහන්න.L බොර්ඩ් ගන්න තියෙනව rmv එකේ ඇතුලෙ පොත් විකුනන අය ගාව.
…
…ලර්නර්ස් එකකින් වාහන පුරුදුවෙලා යනවනම්..
…ලර්නර්ස් එකකින් වාහන පුරුදුවෙලා යනවනම් ට්‍රයල් එකට වාහනේටත් එක්කම තමයි ඒගොල්ලො ගාස්තුව ගන්නෙ. එතකොට ඔයාට වාසි.අනික ලර්නර්ස් වලින් යන අය ප්‍රැක්ටිකල් එක ෆේල් වෙනව බොහොම අඩුයි. එහෙම හදිසියෙ ෆේල් වුනත් ආයෙත් ශේප් එකේ ඉන්ස්ට්‍රක්ටර්, RMV එකේ ඔෆිසර්ට කියල තව චාන්ස් එකක් අරන් දෙනව. …
…
…නොම්මරේ ගන්න..
…J හෝල් එකේ කවුන්ටර් අංක 19න් ඔයාට අංකයක් දෙනව ඇගිලි සලකුන තහවුරු කරගත්තට පස්සෙ. ඒ අංකෙ ඔයාගෙ test report උඩින් ලියයි. මේ කවුන්ටර් 9.30ට වහනව. ඒ නිසා ඊට කලින් අංකයක් ගන්න.නැත්තං ආයෙ දවසක් දාගන්න වෙයි. දැන් වාඩි වෙලා ඉන්න 45mins වගේ. 19-A කවුන්ටරේ ඉස්සරහ දාල තියෙන මේස වල බෝඩ් වගයක් තියයි නොම්මර දාල (1-24, 25-39, වගේ.)
…ඔයාගෙ අංකෙට අදාල මේසෙ ගාවට නොම්මර පිලිවෙලින් පෑනක්, ජාතික හැඳුනුම්පත ඒ වගේම කවුන්ටරෙන් දීපු අංකය ලියපු ඔයාගෙ test report එකත් එක්ක ඉන්න. ඊට පස්සෙ එතනට එයි rmv එකේ ඔෆිසර්. එයා නොම්මර පිලිවෙලින් අරන් ඔයාගෙන් අර කොලේට අත්සන් කරගනියි 2පාරක්. ඊට පස්සෙ අර නොම්මරේ මතක තියාගෙන කොලේ එයාට දීල ඔයා යන්න ට්‍රයල් දෙන තැනට. ලර්නර්ස් එකේ ඔයාගෙ instructor ට ඒ නොම්මරේ දෙන්න. ඔයාගෙ නමෙන් කතා කරන්නෙ නෑ එදාට. ඔය දුන්න නොම්මරෙන් තමයි කතා කරන්නෙ. ඒ නිසා මතක තියාගන්න ඒක.
…බයික් ට්‍රයල් එක..
…ඉස්සෙල්ලම දෙන්නෙ බයික් එකේ නයා විදියට කෝන් අතරින් යන්න, ගිහින් ආයෙත් එන්න. ඊට පස්සෙ අන්තිම කෝන් 2ක අතරෙ 8ගහන්න. මේ තියෙන්නෙ ඒ කෝන් තමයි. ඔයා පදින විදිය rmv එකේ ඔෆිසර් බලං ඉන්නව හෙවනට වෙලා. බයික් එකෙන් කෝන් අතරින් යනකොට කකුල් බිම තියන්න එපා ෆේල් වෙයි.
…
…කාර්, වෑන් ට්‍රයල් එක..
…ගේට්ටුව ගාවින් rmv එකට ඇතුල් වුන ගමන්ම තියෙන බිල්ඩින් එක පාස් වුනාම ඔයාට පෙනෙයි වාහන රිවස් කරන්න ට්‍රය්ල් පෙන්නන තැන. කහයි කලුයි තීන්ත ගාපු, අඩි 5-6ක පරතරයක් තියපු කනු වගයක් ඇති ඔයාගෙ වම් අත පැත්තෙ.
ඔතන තමයි ඔයාට කනු 2ට රිවස් කරන්න දෙන්නෙ. ඔය කනු වල වද්දන්නෙ නැතුව රිවස් කරන්න ඕන. rmv එකේ ඔෆිසර් බලන් ඉන්නව ඔයා හරියට රිවස් කරනවද කියල පිටිපස්සට වෙලා. කරන්න ඕන දේ ඔයාට ලර්නර්ස් එකේ instructor කියයි. වාහනේ කනු 2අතරින් කෙලින් ඉස්සරහට අරගෙන වම් පැත්තට කපල අරගෙන ආයෙත් කෙලින් අඩි 4ක් විතර ඉස්සරහට ගිහින් රිවස් කරල ඔයා අර ගත්ත විදියටම කනු 2අතරෙ වාහනේ කෙලින් නවත්තන්න ඕන. ඔතනදි තමයි clutch balance එක තියෙන්න ඕන. වාහනෙ ගැස්සි ගැස්සි රිවස් කරන්න එපා. එක පාරට clutch එක අතාරින්නත් එපා, වාහනේ නවතියි.
…
…දැන් රිවස් එක පාස් වුන නිසා ඔයාව ලර්නර්ස් එකෙන් වෑන් එකක නග්ගගෙන rmv එකේ ඔෆිසර් එක්ක යයි මහ පාරට 120බස් යන පාරට.
…
…ඔයාට බයික් එහෙමත් ට්‍රයල් තියෙනවනම් බයික් එක ඔයාට දෙයි පාරෙ අරන් යන්න. මේ ට්‍රයල් බලන route එක…
…හුඟක් වෙලාවට වේරැහැර ඉඳල බොරලැස්ගමුවට, එතනින් දෙහිවල පැත්තට, බෙල්ලන්තොට හන්දියෙන් පැපිලියාන පැත්තට, එතනින් 120බස් පාරෙන් බොරලැස්ගමුව පහුකරල ආයෙත් වේරැහැරට.ඔය පාර තමයි ට්‍රයල් බලන්න පාවිච්චි කරන්නෙ හුඟක් කට්ටිය. බය වෙන්න දෙයක් නෑ වැඩි දුර ගෙනියන්න වෙන්නෙ නෑ ඔයාට,ට්‍රයල් යන්න එදාට ඔයා විතරක් නෙමෙයි වාහනේ පුරෝල කට්ටිය ඉඳියි. ඉතින් එක්කෙනෙක්ට ට්‍රයල් බලන දුර සීමා සහිතයි. 200-500m දෙයි ඔයාගෙ driving කොහොමද බලන්න. ඒ දුර ඇතුලත ඔයාට සිග්නල් දාල වාහනේ පාරට ගන්න,කන්නාඩි බලල වාහනයක් ඉස්සර කරන්න, gear 3ක යන්න, ඒ වගේම පාරෙ අයිනෙ පාරට සමාන්තරව කෙලින් වාහනේ park කරන්න වෙනව. ඔය ටික මත තමයි ඔයාගෙ හැකියාව rmv එකේ ඔෆිසර් තීරනය කරන්නෙ.
…
…ට්‍රයල් එක පාස්..
…ට්‍රයල් එක පාස් වුනාම ඔයාට දෙයි මෙහෙම රිසල්ට් ශීට් එකක්.
…
…
…(මගෙ රිසල්ට් ශීට් 2ක් තියෙන්නෙ මම 1වෙනි පාර light vehicle ෆේල් වුන නිසයි. එතකොට මට බයික් පාස්,light vehicle ෆේල් නිසා එකයි, ඊලඟ පාර light vehicle පාස් වුන නිසා තව කොලයයි.නැත්තන් එක කොලයයි කොහොමත් දෙන්නෙ වාහන පංති 2ම දාල)
…
…හදිසියෙ ට්‍රයල් එක ෆේල් වුනොත්.. (බයික් හෝ කාර්,වෑන්.)
…ෆේල් කියල ලියල දීපු රිසල්ට් ශීට් එකත් අරගෙන Kහෝල් එකේ 31-33කවුන්ටර් එකකට ගිහින් re-test එකට දිනයක් දාගන්න. 500/= දෙන්න වෙයි. ඒගොල්ලො ඔයාට දිනයක් කියයි සති 2කට පස්සෙ දිනයක්, ඔයාට ඒ දවස පුලුවන් නම් ok කරන්න.
එතනින් දෙයි අර කලින් වගේම test report එකක්, සල්ලි ගෙවපු රිසිට් එකත් එක්ක. ඊට පස්සෙ ආයෙත් ලර්නර්ස් එකකට ගිහිල්ල අර කලින් විදියටම ගාන ගෙවල එදාට වාහනයක් book කරගන්න අර test report එක දීල.
…ඔයා එක පාරක් 2පාරක් ෆේල් වුනා කියල කිසිම ප්‍රශ්නයක් නෑ.ඒක ඔයාගෙ ලැයිසොන් එකෙ මොනම විදියකින් වත් සඳහන් වෙන්නෙ නෑ.
…
…ඒදාම ලැයිසොන් එක ගන්න පුළුවන්ද..?
…ඔව්.පුළුවන්. ඒකට කරන්න තියෙන්නෙ …ඔය රිසල්ට් ශීට් එකේ තියෙන බාකෝඩ් නොම්මරෙත් අරන් RMV එකට යන්න වෙනව K හෝල් එකට 31-33 කවුන්ටරේකට.ගිහින් 500/= ක් ගෙව්වම එදාම හවස 4ට කලින් ඔයාගෙ ලැයිසොන් එක ගන්න පුළුවන්. හැබයි මේ ඔක්කොම වෙන්න නම් ඔයාගෙ ප්‍රැක්ටිකල් එක කරපු rmv එකේ ඔෆිසර් ඇවිල්ල rmv එකේ සිස්ටම් එකට ඔයාගෙ රිසල්ට් එක එන්ටර් කරල ඉන්න ඕන. ඊට පස්සෙ තමයි අර කලින් කියපු කවුන්ටර් වලින් ඔයාට සල්ලි ගෙවන්න පුලුවන් වෙන්නෙ.ඒත් ඒ වෙනකොට ඔයාගෙ රිසල්ට් එක ඒ සිස්ටම් එකේ නැත්තම් ඔයාට ඉන්න වෙනව වාඩි වෙලා පය කාලක් විතර..
…ඒ සල්ලි ගෙවල ඔයාට දෙන රිසිට් එකත් අරන් යන්න වෙනව rmv එකේ ගේට්ටුව ගාව තියෙන හෝල් එකට. ඔතන එහා පැත්තෙ තමයි ඔයා රිවස් එක කලේ. එතනම තමයි ගාර්ඩ් රූම් එකත් තියෙන්නෙ. පැයකට 2කට පස්සෙ ඔයාගෙ නම කතාකරයි. ඊටපස්සෙ අර දුන්න රිසිට් එක දීල ඔයාගෙ ලැයිසොන් එක ගන්න. දැන් ඔයාට officially drive කරන්න පුළුවන්.
…
…ගත්ත ලැයිසොන් එක international කරගන්න පුළුවන්ද?
…ඔව්.පුළුවන්.
…
…අරන් යන්න ඕන මේවයි.
…1.පාස්පෝට් සයිස් එකේ ලඟදි ගත්ත ෆොටෝ 2ක්.
…2.ඔරිජිනල් ලැයිසොන් එකයි ඒකෙ ෆොටෝ කොපියක්.
…3.1500/=ක පමණ මුදලක්. (aac එකේ membership එක ගන්නවනම් අමතර 8000ක අමතර මුදලක්. මේක අත්‍යාවශය නෑ.මොකද ඒ ප්‍රථිලාභ ගන්න ඔයා ලංකාවෙ ඉන්නෙ නෑනෙ.)
…
…මේක තමයි ඇඩ්‍රස් එක..
…(a) Head office – 40, Sir Mohamed Macan Marker Mawatha,
P.O.Box 338, Colombo 03.
Office Hours
Monday – Friday 8.00 am – 4.30 pm
(Except Mercantile Holidays and Poya Days)
General : +94 11 2421528 (Hunting 3 Lines)
Direct: +94 11 2320454
General : +94 11 4722300 (Hunting 6 Lines)
Secretary: +94 11 2446074
Fax: +94 11 2446074
Email: [email protected]
(b) Galle Office
15, Abeysundara Road, Kaluwella, Galle.
Telephone: +94 91 2233122
(c) Kandy Office
2B, Wadugodapitiya Veediya, Kandy.
Telephone: +94 81 2224093
…
…තියෙන තැන හරියටම කියනවනම්, ගෝල්ෆේස් හොටෙල් එකයි,ගෝල්ෆේස් එකයි පටන්ගන්න තැන තියෙන roundabout එකෙන් ramada හොටෙල් එක පැත්තට යන්න,taj samudra හොටෙල් එකේ පිටිපස්ස ගේට්ටුව තියෙන පැත්ත,army hq එක තියෙන්නෙ ඒ පැත්තෙ.ඒ කියන්නෙ land side එකට යනකොට ඔයාට පෙනෙයි ඉස්සරහ කහ පාටින් බෝඩ් එකක් automobile association of ceylon කියල.
ඒකෙ ගේට්ටුවෙන් ඇතුල් වෙලා වම් අත පැත්තෙ තියෙන බිල්ඩින් එකෙන් 3වෙනි තට්ටුවට ගිහින් reception එකෙන් 350ක් ගෙවල application එකක් අරගෙන එතනම තියෙන පුටුවක ඉඳගෙන ඒක පුරවල ඔයාගෙ ෆොටෝ 2ත් එක්ක ඔතන තියෙන sliding door එක ඇරගෙන වම් අත පැත්තෙ ඉන්න lady ට දුන්නම එයා ඔයාගෙ ඔරිජිනල් ලැයිසොන් එකත් එක්ක application එකේ ඔයා ලියල තියෙන විස්තර චෙක් කරයි.ෆොටො 2න් 1ක් ඒ application එකට තියල stapler කරල දීල ඔයාට කියයි ඉස්සරහ කැශියර් ට සල්ලි ගෙවල ඒ රිසිට් එක අරන් ඇවිත් දෙන්න කියල (1143/= IDL ට විතරක්.membership නැතුව.) එහෙම කරල ඒ රිසිට් එක ගෙනත් දුන්නම ඔයාට international license එක collect කරගන්න එන්න ඕන දවස ඒ රිසිට් එකේ ලියල දෙයි.
…
……දැන් ඒ දුන්න දවසට ගිහින් ඔයාගෙ international license එක collect කරගන්න.
…
…මතක තියාගන්න..
…1.මේ international license එක valid වෙන්නෙ අවුරුද්දයි. අවුරුද්ද පැන්නම ආයෙත් මේ විදියටම සල්ලි ගෙවල අළුතෙන් ආයෙත් ඕක ගන්න වෙනව. අනික මේ license එක valid වෙන රටවල් ඔයාට ඒගොල්ලන්ගෙ website එකෙන් බලාගන්න පුළුවන්.
…
…2.යම් රටක ඔයා මාස 3කට වඩා ඉන්නවනම් අනිවාර්යෙන් ඒ රටේ driving license එක ඔයාට ගන්න වෙනව ඒ රටේ නීතිය අනුව. කොහොමත් එක රටක මාස 3කට වඩා aac එකෙන් දෙන ඔය ලැයිසොන් එක වලංගුත් නෑ.
…
සුබපැතුම්. ඔයාට දැන් ලංකාවෙ රියදුරු බලපත්‍රයයි, ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයයි 2ම තියෙනව.
…
…
උදව්වක් විදියට නිකන්ම "එල" "තෑන්ක්ස්" "බම්ප්" කියල කොමන් කමෙන්ට් දාන්නෙ නැතුව තේරුමක් ඇති කමෙන්ට් එකක් දාල නූල ඉස්සරහට ගන්නව නම් අගනෙයි අනෙක් අයටත් නොදන්න දෙයක් ගැන දැනගන්න. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට වරදුනු තැන් ඇති, ඒව නිවැරදි කරල දෙන්න.
…මට පැය 6කට වැඩිය කාලයක් වියදම් කරන්න සිද්දවුනා මේ කරුනු පිලිවෙලකට සකසල ෆොටෝ ක්‍රොප් කරල අප් කරල, විස්තර සිංහලෙන් ටයිප් කරල සෝදුපත් බලන්න. …යම් කෙනෙක් මේ විෂය ගැන කියවල දෙයක් දැනගත්ත නම් එච්චරයි. කියවපු ඔබට ස්තුතියි.
මේ වගේ නූලක් ස්ටිකී කරනවනම් හොඳයි මොකද කාලෙන් කාලෙට අපේ අයටමනෙ ඕන වෙන්නෙ.. ඒක තීරනය කරන එක ඇඩ්මින් මහතාගේ කාර්‍යයක් නොවැ..
…
තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය..
…
…මීට කලින් මේ මාතෘකාව ගැන ගොඩක් අය විස්තර කරල නූල් දාල තිබ්බා මම කාලෙකට කලින් දැක්කා. ලගදිත් දාල තිබ්බද දන්නෙ නෑ
මොකද මම එලකිරියට ආවෙ මාස 6කින් විතර.. වැඩි කතා ඕන නෑ.. මාතෘකාවට එමුකො..…
…මම මෙතනදි ලර්නර්ස් එකේ ඉඳල ලැයිසොන් එක ගන්නකන් ගැන පියවරවල් එකින් එක විස්තර කරන්න බලාපොරොත්තු වෙනව..
…
…
…ඉස්සෙල්ලම අපි බලමු ඔයගොල්ලො ලර්නර්ස් එකෙන් යනවනම් ඒගොල්ලොන්ගෙ ගනන් කොහොමද, කවුද හොඳ ඔය වැඩේට කියල. මම දන්නෙ නම් තැන් 3යි.ඒව මෙහෙමයි.
…
…1.දාස ලර්නර්ස් - කැස්බෑව : මේකෙ මරුටියක් ඒ වගේම 57- ලයිටෙස් එකක් එහෙම තියෙනව ඉගෙනගන්න.3විල් බිකෙ එහෙමත් තියෙනව ඔක්කොම ලර්නර්ස් වල.
කිව්වෙ නැති වුනාට ඒ ගැන ඕගොල්ලො දන්නවනෙ..නේද? මේකෙ ඉන්න instructors ලගෙන් එක්කෙනෙක් (චමින්ද කියල.) ඉගෙනගන්න එන කට්ටියට කැත විදියට බනිනව,පොඩි වැරද්දක් කලත්, බූරුව වගේ වචන කියල, උදේ පාන්දර. සමහර වෙලාවට ගහන වෙලාවලුත් තියෙනව ඔලුවට, කකුලට. මේක අනුමත කරන්න බෑ මොකද අපි ඩ්‍රයිව් කරන්න දන්නවනම් ලර්නර්ස් එකකට යන්න ඕන නෑනෙ ඔහොම වචන අහගන්න නේද? (මේකෙන් මම දවස් 9-10කින් වගෙ නවතින්නත් හේතුව ඕකම තමයි.)…
…2.මනහර ලර්නර්ස් - වේරහැර (RMV එක පාරෙන් එහා පැත්තෙ) : මේකෙ හුඟක් වෙලාවට තියෙන්නෙ ඇල්ටො,කාර් 2ක් විතර තියෙනව. වෑන් එහෙමත් ඇති, දැකල නෑ.ඒගොල්ලන්ගෙ ඔෆිස් එකෙන් නම් කියන්නෙ ඔක තමයි දෙන්නෙ ට්‍රයල් යන්න කියල.මේකෙ ඉන්න instructors ලගෙන් එක්කෙනෙක් (මට නම මතක නෑ.) අලි ඔලුවෙන් තමයි ඉන්නෙ. බයික් උගන්නන එක්කෙනත් එහෙමයි. ලොකු ටෝක්ස් තමයි දාන්නෙ. මේගොල්ලො නිසා මට එක පාරක් practical test එක ෆේල් වෙන්න සිද්ද වුනා ඔක්තොම්බර් අවසානයෙ මගෙ තිබ්බ ට්‍රයල් එකෙන්. ඒ ලර්නර්ස් එකෙන් මම ඉගෙනගත්තෙ නෑ කියල examiner ට කියල මාව ෆේල් කලා. (ට්‍රයල් දවසෙ මම වාහනෙ ගත්තෙ මෙතනින් තමයි ට්‍රයල් පෙන්නන්න.ඒ ගැන විස්තර ඉදිරියට.)
…
…3.ජයන්ත ලර්නර්ස් - වේරහැර (RMV එක ඇතුල් වෙනවත් එක්කම, 120 පාරෙ RMV එක්කම දකුණු පැත්තෙ.) : මේකෙත් ලයිටේස් 2ක් තියෙනව 3විල් බයික් එක්කම. මේකෙ ඉන්නව instructor කෙනෙක් කීර්ති කියල. මිනිහා අවුරුදු 30ක් තිස්සෙ කරල තියෙන්නෙ ඩ්‍රයිවින් උගන්නන එක තමයි. මගෙ instructor වුනේ මෑන් තමයි. ඉගෙනගන්න එන අයට දඩ දාන්න මෙන්න පොර. "අද බියර් එකක් දාන්න පොඩි සප් එකක් දෙන්න", "මම තාම උදේට කාලත් නෑ,උදේ ඉඳන් වැඩ ඉවරයක් නෑ", "මල්ලි මට රීලෝඩ් එකක් දාන් යනවද", "සිගරට් එකක් බොමුද" වගේ කතා දවසට එක ගානෙ මිනිහගෙ කටින් එනව. කොහොම වුනත් මිනිහ හොඳට කියලදෙනව, වැරැද්දක් තියෙනවනම් සද්දෙ දාල කියල දෙනව.කුනුහරප ඒ වගේම බූරුව වගෙ වචන නම් මිනිහගෙ කටින් එන්නෙම නැති තරම්. මේකෙ කට්ටිය ඔක්කොම හොඳයි, ඔෆිස් එකේ ඉඳලම.මනුස්සයෙක් එක්ක හිනාවෙලා කතාකරනව.
…
…දැන් ඕගොල්ලො ලර්නර්ස් එකෙන් වාහනේ පුරුදු වෙන අතරතුර rmv එකේ ලිඛිත විභාගයට පිලිතුරු ලියල සමත් වෙන්න ඕන. අවශ්‍ය දේවල් මේවයි.
…
…1.මෙඩිකල් එක
…මේක rmv… එක ඇතුලෙනුත් කරනව. ඒ වුනාට මමනම් කියන්නෙ නුගේගොඩ CTB බිල්ඩින් එකේ තියෙන රජයේ ප්‍රවාහන වෙද්‍යායතනයෙන් ඔයාගෙ මෙඩිකල් එක කරගන්න කියන එකයි(NTMI) national transport medical institute.ඕක තියෙන්නෙ මගෙ ඉස්කොලෙ ඉස්සරහ St.Johns College
පාරෙන් එහා පැත්තෙ. …මේ තියෙන්නෙ..
…
…එඩ්‍රස් එක මෙහෙමයි..
…
…
…එතන ඇතුල් වුන ගමන්ම දකුණු අත පැත්තෙන් ඔයාගෙ බර, උස කිරල බලල ඒක ලියල ඔයාට කොලයක් දෙනව.ඒකෙන් පස්සෙ ඊට එහා පැත්තෙ තියෙනව ඔයගෙ ෆොටෝ එක ගන්න කාමරේ. නිල්මිනි ස්ටුඩියෝ එකෙන්ද කොහෙද ඕක කරන්නෙ. ඔයා ෆොටෝ ගෙනාවට වැඩක් නෑ මොකද ඒ වෙලාවෙ ගන්න ෆොටෝ එක තමයි මෙඩිකල් එකේ දාන්නෙ. ආහ්.. මේ ඔක්කොම කරන්න කලින් ඔය බිල්ඩිමට ඇතුල් වෙන තැන දකුණු පැත්තෙ තියෙන කවුන්ටරෙකින් ඔයාගෙ ID එක දීල එතන රෙජිස්ටර් වෙන්න ඕන ඊට පස්සෙ නොම්මරයක් දෙනව කොලයක් එක්ක. ඔය කොලේ තමයි මෙඩිකල් චෙකප් එකේදි රිසල්ට් එක ලියන්නෙ. ඒකත් අරන් ඉස්සෙල්ල කියපු ස්ටුඩියො එකට යන තැන වම් අත පැත්තෙ තියෙනව සල්ලි ගෙවන කවුන්ටරේ. එතනට සල්ලි ගෙවන්න ඕන 750ක් ඔය 750ට ෆොටෝ වල සල්ලි, මෙඩිකල් රිපෝට් එකේ වියදම ඇතුලත්.
…ෆොටො එක ගන්න ඔය දුන්න නොම්මරෙ දාල දෙන රිසිට් එක එතන ෆොටො ගන්න තැන ඇතුලෙ එක්කෙනෙක්ට දුන්නම පොතක ලියල ඔයාගෙ ෆොටෝ එක අරගන්නව. ඒක ප්‍රින්ට් කරන්න ටික වෙලවක් යනව පැය බාගයක් විතර. ඒ අතරතුර ඔයාට පුලුවන් 2වෙනි තට්ටුවට ගිහින් මෙඩිකල් චෙකප් එක කරගන්න. මෙතනදි ඔයාගෙ උඩුකය ඒ වගේම පිට පැත්තත් බලනව, හුස්ම ගැනීමේ අපහසුතා තියෙනවද කියලත්, ඇස් පෙනීම හොඳද කියලත් බලනව. ඊට පස්සෙ අත් දෙක දිග අරින්න කියල අත මිට මොලවන්න කියල ඇගිලි දිග අරින්න කියනව.මෙහෙම කරන්නෙ ඔයාගෙ ඇගිලි වල ප්‍රශ්නයක් තියෙනවද කියල බලන්නයි. ඊට පස්සෙ කලිසම දනිස්සෙන් උඩට නවන්න කියල කකුලෙ ඇගිලි වලින් හිටගන්න කියනව,ඇගිලි ටික විහිදුවල බලනව.5පාරක් විතර ඉඳගෙන නැගිටින්න කියනව දනහිස් වල නොපෙනෙන ආබාධයක් තියෙනවද බලන්න. ඊට පස්සෙ ඔයාගෙන් ඩොකා ෆොටෝ එක ඉල්ලයි. එතකොට පල්ලෙහාට ගිහින් එතන දාල තියෙන ඒවයෙන් ඔයාගෙ එක තෝරගන්න.දැන් උඩට ගිහින් ඒ ඩොකාට ඔයාගෙ කොලේ උඩින් ෆොටො එකක් තියන්න.
…දැන් තමයි blood type එක බලන්නෙ.ඒකට පේලියෙන් පේලිය ගනි. දකුණු අතේ මැද ඇගිල්ල කට්ටකින් හිල් කරල ලේ අරන් ඔයාට යන්න කියයි. ඊට පස්සෙ එතන එහා පැත්තෙ වාඩි වෙලා ඉන්න පැය බාගයක් විතර. ඊට පස්සෙ ඔයගෙ නම කියල කතාකරයි මෙඩිකල් එක දෙන්න. ඒක අරගත්තා කියල පොතක අත්සන් කලාම එතන වැඩ ටික ඉවරයි.
…
…මෙන්න මෙඩිකල් එක..
…
…
…
…2.උප්පැන්න සහතිකය (ඔරිජිනල් එක වෙන්න ඕන, ඒක නැත්තං සහතික කරපු උප්පැන්නෙ කොපියක්.)
…3.ජාතික හැඳුනුම්පත
…
…දැන් ඔය මෙඩිකල් එකයි, ඔයාගෙ උප්පැන්න සහතිකෙයි, හැඳුනුම්පතයි අරන් වේරැහැර rmv එකට යන්න K හෝල් එකට,එතනට ඇතුල් වෙනකොට සිකියුරිටි එකෙන් අහයි මොකටද කියල, කියන්න ටෙස්ට් එකට දිනයක් ගන්න යනව කියල. ඊට පස්සෙ Kහෝල් එකේ reception එකටත් විස්තරේ කිව්වම ඔයාට නොම්මරයක් දෙයි. ඒ නොම්මරේ කතා කරනකන් වාඩි වෙලා ඉන්න. එක පාරකට 20දෙනෙක් විතර ඇතුලට ගන්නව.
…
…ඊට පස්සෙ ඔය තියෙන එක කවුන්ටරෙකින් කතා කරනකන් වාඩි වෙලා ඉන්න වෙනව. ඔය කවුන්ටරෙන් ඔයාගෙ උප්පැන්නෙයි, හැඳුනුම්පතයි, මෙඩිකල් එකයි චෙක් කරල බලයි, ඊට පස්සෙ මෙඩිකල් එක ස්කෑන් කරගෙන ඔයාට ඒ ටික දෙයි. ඊට පස්සෙ එතන තියෙන වෙබ්කැම් එකකින් ඔයාගෙ ෆොටෝ එකක් ගනී. ඇගිලි මාක් තියන්නත් කියයි. දකුණු අතේ මහපටැගිල්ල 4පාරක් විතර තියන්න කියයි.
…
…ඊට පස්සෙ ඔයාගෙ ෆොටො එක දාල වෙනම කොලයක් එතනින් දෙයි.
…
…මේ තියෙන්නෙ ඒක පුරවල අත්සන් කරල 31-33 වෙනකන් තියෙන කවුන්ටර් වලින් එකකට දෙන්න. ඔයා දාල තියෙන වාහන පංති අනුව ඒ අදාල ගාස්තුව ගෙවන්න මෙතනට.
…bike+light vehicle = 2450/= (admission 300/=, card fee 1700/=, new driving license 2 classes 300/=, other fees 150/=)
…
…
…ලිඛිත පරීක්ෂණය දින...
…
…J බිල්ඩින් එකේ තමයි තියෙන්නෙ විභාගෙ,නොම්මර 20හෝල් එකේ.. උදේ 9ට,1ට හරියටම විභාග පටන්ගන්නව.දීපු රිසිට් එකේ බලන්න වෙලාව තියෙනව.පැයක් තියෙනව ප්‍රශ්න 40කට. විභාගෙට පරක්කු වෙන අයට 500/=ක් දීල ආයෙත් ලිඛිත පරීක්ෂණයට දිනයක් දාගන්න වෙනව.no exceptions. …ලිඛිත පරීක්ෂණය වෙලාවේදි කිසිම කොලයක් ඔයාගෙ මේසෙ උඩ තියෙන්න බෑ. තියෙනවනම් ඒව පුටුව යටින් තියන්න. එහෙම තිබිල පස්සෙ හම්බුනොත් හරි, කතාකරල, කොපි කරල අහු උනොත් හරි ආයෙත් ලිඛිත පරීක්ෂණයක් දෙනවද කියන එක rmv එකේ තීරණයක්. ලිඛිත පරීක්ෂණය හරි ලේසියි. ඕක කොපි කරල වැඩක් නෑ..
…ඔයාට හම්බෙන්නෙ ලැමිනේට් කරල බයින්ඩ් කරපු A4 පොතක් වගේ පේපර් එකක්. ඒ පොතේ කිසි දෙයක් ලියන්න එපා.ලියල අහු වුනොත් ප්‍රශ්න තමයි. ඔයාට උත්තර ලියන්න වෙනම කොලයක් දෙනව. මේ තියෙන්නෙ ඒක.
…ප්‍රශ්නෙට අදාල උත්තරේ අංකෙ විතරක් මේකෙ ලියන්න. කප කප ලියන්න එපා ආයෙත් exam එක කරන්න වෙයි සල්ලි දීල. සැහැල්ලු වාහන වලට ත් බර වාහන වලටත් වෙන වෙනම පේපර් තියෙනව. බර වාහන ගන්න අයට තමයි ප්‍රශ්න අංක 41-45ට වෙනකං උත්තර පත්තරේ ඉඩ දීල තියෙන්නෙ වෙනම කොටු 5ක්. සැහැල්ලු වාහන ගන්න ඉන්න අයට කියයි ඒ කොටු 5 තනි ඉරකින් කපල දාන්න කියල.
…
…උත්තර ලියල ඉවර වෙලා උත්තර පත්තරෙ පේපර් එකත් එක්ක එතනටම බාර දීල එලියට ගිහින් වාඩිවෙන්න පුටුවකින්. එතන කොම්පියුටර් වල ප්‍රශ්නයක් නොවුනොත් පය 2,3කින් ප්‍රතිඵල දෙයි. නැත්තන් ඊට පස්සෙ දවසෙ තමයි රිසල්ට්ස් හම්බෙන්නෙ මට වුනා වගේ. ඒ දුන්නම එතන තියෙන නොම්මර 19 කවුලුවකින් ප්‍රායෝගික පරීක්ෂණයට දිනයක් ගන්න. ඒගොල්ලො දෙන්නෙ ඔය කියපු test එක කරල මාස 3කට පස්සෙ දිනයක් දාල රිසිට් එකක් එක්ක rmv එකේ ඔරිජිනල් ස්ටිකරයක් අලවල.…
…මේ වගේ..
…
…
…ඒ කියන්නෙ ඔයා ඔක්තොම්බර් 20 ලිඛිත පරීක්ෂණය කලා නම් ප්‍රායෝගික පරීක්ෂණය දෙන්නෙ මාස 3කට පස්සෙ ඒ කියන්නෙ ජනවාරි 20. මේ මාස 3අනිවාර්යයි. එහෙම කරන්නෙ ඔයාට වාහනය එලවන්න පුරුදුවෙන්න කාලයක් යන නිසයි. අපිට මාසෙකින් ගන්න ඕන කියල කිව්වට ගන්න බෑ.ඒක නිසා කල් ඇතුව වැඩේ කරගන්න.
…ඔය කියපු රිසිට් එකත් එක්ක වාහන පංති වලට වෙන වෙනම කොලත් දෙයි. ඒ කියන්නෙ බයික් වලට එක test report එකයි, සැහැල්ලු වාහන වලට එක test report එකයි, ත්‍රීවීල් තියෙනවනම් ඒකට තව test report එකකුයි. ඔය test report තමයි ලර්නර්ස් එකට දෙන්නෙත්,rmv එකේ ඔෆිසර් ට්‍රයල් දවසෙ රිසල්ට් ලියන්නෙත්.ඒක අපිට දෙන්නෙ නෑ.අපිට දෙන්න වෙනම කොලයක් rmv එකේ ඔෆිසර්.
…
…දැන් ඉතින් ලර්නර්ස් එකෙන් හොඳට වාහනේ එලවන්න පුරුදු වෙන්න. reverse එක, clutch balance, gear මාරු කරන විදිය එහෙම.
…
……මාස 3කට පස්සෙ …ට්‍රයල් දවසෙ..
…
…ට්‍රයල් එක යන්න වාහනයක් ඔයාට ඔය ලඟ තියෙන ලර්නර්ස් එකකින් ගන්න වෙනව.ඒකට ඔයාට RMV එකෙන් දීපු …test report ලර්නර්ස් එකට දීල ඒ ඒ වාහන පංති වලට අදාල මුදල ගෙව්වම ඒගොල්ලො ඒකට කොලයක් අමුනනව ඔයාට ට්‍රයල් යන්න ඒ ලර්නර්ස් එකේ rmv එකෙන් සහතික කරපු වාහනයක් දෙනව කියල. ඒ වාහනේ ඒ instructor එක්ක ඔයාට ට්‍රයල් එකක් දෙනව rmv ට්‍රයල් එකට කලින්.ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.
… …
…මෙන්න මේකයි ලර්නර්ස් එකෙන් ඔයාගෙ කොලේට අමුනන්නෙ..
…
…
…ගාස්තු මෙහෙමයි..
…
…බයික් විතරක් ට්‍රයල් පෙන්නන්න - 1000/= - 1500=
…කාර් හෝ වෑන් - 2000/= - 2500=
…මම 3000ක් දුන්න ලර්නර්ස් එකට ට්‍රයල් දවසෙ වාහන 2ක් ගන්න. (බයික්:1000/=, කාර්:2000/=)
…මතක තියාගන්න ලර්නර්ස් එකෙන් අමුනපු කොලේ නැත්තං RMV එකෙන් ඔයාගෙ ට්‍රයල් එක reject වෙයි.එහෙම නැත්තන් ඔයාට ආයෙත් ලර්නර්ස් ගානෙ ගිහින් වාහන book කරල එනකොට ඒගොල්ලො ගිහින් තියෙයි. ඒ rmv එකේ ඔෆිසර්ල ඒගොල්ලන්ට අදාල නොම්මර ටිකේ test report ටික ගත්තම එතන ඉන්නෙ නෑ. …ට්‍රයල් එක දෙන්න වාහනයක් තියෙන්න එපැයි.rmv එකෙන් වාහන දෙන්නෙ නෑ අපිට ට්‍රයල් පෙන්නන්න. මේක මම විශේෂයෙන් කිව්වෙ මොකද, ගොඩක් අය මේ දේවල් නොදැන ඇවිත් එක එක්කෙනාට පින්සෙන්ඩු වෙනව අනේ අනේ කිය කිය, ට්‍රයල් එක කට ලඟ තියං. ඒ නිසා හරියට දැනුවත් වෙලා යන්න, ඒ වගේම කල් තියල වැඩේට ලෑස්ති වෙලා යන්න. එතකොට එක එක්කෙනාට නෝන්ඩි වෙන්න, පින්සෙන්ඩු වෙන්න ඕන නෑ.
…
…තමන්ගෙ වාහනයක් තියෙනවනම්..
…වාහනෙ අයිතිකාරයා එක්ක rmv… එක ඇතුලෙ (කැන්ටිම ලඟ තියෙන්නෙ.) තියෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් ඒ දවසට ඉන්ෂුවරන්ස් එකක් දාගන්න වෙනව වාහනෙ ආදායම් බලපත්‍රය සහ අයිතිකරුගේ රියදුරු බලපත්‍රය එක්ක. වාහනේ ඉන්ෂුවරන්ස් තිබ්බට එදාට අනිවාර්යෙන් ඔක කරගන්න ඕන ඔතනින් 350ක් දීල. කරල ඒ දෙන කොලේ ඔයාගෙ rmv එකෙන් දුන්න කොලේට අමුනගන්න. මතක ඇතුව ඒ වාහනේ ඉස්සරහෙයි පිටිපස්සෙයි L බෝර්ඩ් ගහන්න.L බොර්ඩ් ගන්න තියෙනව rmv එකේ ඇතුලෙ පොත් විකුනන අය ගාව.
…
…ලර්නර්ස් එකකින් වාහන පුරුදුවෙලා යනවනම්..
…ලර්නර්ස් එකකින් වාහන පුරුදුවෙලා යනවනම් ට්‍රයල් එකට වාහනේටත් එක්කම තමයි ඒගොල්ලො ගාස්තුව ගන්නෙ. එතකොට ඔයාට වාසි.අනික ලර්නර්ස් වලින් යන අය ප්‍රැක්ටිකල් එක ෆේල් වෙනව බොහොම අඩුයි. එහෙම හදිසියෙ ෆේල් වුනත් ආයෙත් ශේප් එකේ ඉන්ස්ට්‍රක්ටර්, RMV එකේ ඔෆිසර්ට කියල තව චාන්ස් එකක් අරන් දෙනව. …
…
…නොම්මරේ ගන්න..
…J හෝල් එකේ කවුන්ටර් අංක 19න් ඔයාට අංකයක් දෙනව ඇගිලි සලකුන තහවුරු කරගත්තට පස්සෙ. ඒ අංකෙ ඔයාගෙ test report උඩින් ලියයි. මේ කවුන්ටර් 9.30ට වහනව. ඒ නිසා ඊට කලින් අංකයක් ගන්න.නැත්තං ආයෙ දවසක් දාගන්න වෙයි. දැන් වාඩි වෙලා ඉන්න 45mins වගේ. 19-A කවුන්ටරේ ඉස්සරහ දාල තියෙන මේස වල බෝඩ් වගයක් තියයි නොම්මර දාල (1-24, 25-39, වගේ.)
…ඔයාගෙ අංකෙට අදාල මේසෙ ගාවට නොම්මර පිලිවෙලින් පෑනක්, ජාතික හැඳුනුම්පත ඒ වගේම කවුන්ටරෙන් දීපු අංකය ලියපු ඔයාගෙ test report එකත් එක්ක ඉන්න. ඊට පස්සෙ එතනට එයි rmv එකේ ඔෆිසර්. එයා නොම්මර පිලිවෙලින් අරන් ඔයාගෙන් අර කොලේට අත්සන් කරගනියි 2පාරක්. ඊට පස්සෙ අර නොම්මරේ මතක තියාගෙන කොලේ එයාට දීල ඔයා යන්න ට්‍රයල් දෙන තැනට. ලර්නර්ස් එකේ ඔයාගෙ instructor ට ඒ නොම්මරේ දෙන්න. ඔයාගෙ නමෙන් කතා කරන්නෙ නෑ එදාට. ඔය දුන්න නොම්මරෙන් තමයි කතා කරන්නෙ. ඒ නිසා මතක තියාගන්න ඒක.
…බයික් ට්‍රයල් එක..
…ඉස්සෙල්ලම දෙන්නෙ බයික් එකේ නයා විදියට කෝන් අතරින් යන්න, ගිහින් ආයෙත් එන්න. ඊට පස්සෙ අන්තිම කෝන් 2ක අතරෙ 8ගහන්න. මේ තියෙන්නෙ ඒ කෝන් තමයි. ඔයා පදින විදිය rmv එකේ ඔෆිසර් බලං ඉන්නව හෙවනට වෙලා. බයික් එකෙන් කෝන් අතරින් යනකොට කකුල් බිම තියන්න එපා ෆේල් වෙයි.
…
…කාර්, වෑන් ට්‍රයල් එක..
…ගේට්ටුව ගාවින් rmv එකට ඇතුල් වුන ගමන්ම තියෙන බිල්ඩින් එක පාස් වුනාම ඔයාට පෙනෙයි වාහන රිවස් කරන්න ට්‍රය්ල් පෙන්නන තැන. කහයි කලුයි තීන්ත ගාපු, අඩි 5-6ක පරතරයක් තියපු කනු වගයක් ඇති ඔයාගෙ වම් අත පැත්තෙ.
ඔතන තමයි ඔයාට කනු 2ට රිවස් කරන්න දෙන්නෙ. ඔය කනු වල වද්දන්නෙ නැතුව රිවස් කරන්න ඕන. rmv එකේ ඔෆිසර් බලන් ඉන්නව ඔයා හරියට රිවස් කරනවද කියල පිටිපස්සට වෙලා. කරන්න ඕන දේ ඔයාට ලර්නර්ස් එකේ instructor කියයි. වාහනේ කනු 2අතරින් කෙලින් ඉස්සරහට අරගෙන වම් පැත්තට කපල අරගෙන ආයෙත් කෙලින් අඩි 4ක් විතර ඉස්සරහට ගිහින් රිවස් කරල ඔයා අර ගත්ත විදියටම කනු 2අතරෙ වාහනේ කෙලින් නවත්තන්න ඕන. ඔතනදි තමයි clutch balance එක තියෙන්න ඕන. වාහනෙ ගැස්සි ගැස්සි රිවස් කරන්න එපා. එක පාරට clutch එක අතාරින්නත් එපා, වාහනේ නවතියි.
…
…දැන් රිවස් එක පාස් වුන නිසා ඔයාව ලර්නර්ස් එකෙන් වෑන් එකක නග්ගගෙන rmv එකේ ඔෆිසර් එක්ක යයි මහ පාරට 120බස් යන පාරට.
…
…ඔයාට බයික් එහෙමත් ට්‍රයල් තියෙනවනම් බයික් එක ඔයාට දෙයි පාරෙ අරන් යන්න. මේ ට්‍රයල් බලන route එක…
…හුඟක් වෙලාවට වේරැහැර ඉඳල බොරලැස්ගමුවට, එතනින් දෙහිවල පැත්තට, බෙල්ලන්තොට හන්දියෙන් පැපිලියාන පැත්තට, එතනින් 120බස් පාරෙන් බොරලැස්ගමුව පහුකරල ආයෙත් වේරැහැරට.ඔය පාර තමයි ට්‍රයල් බලන්න පාවිච්චි කරන්නෙ හුඟක් කට්ටිය. බය වෙන්න දෙයක් නෑ වැඩි දුර ගෙනියන්න වෙන්නෙ නෑ ඔයාට,ට්‍රයල් යන්න එදාට ඔයා විතරක් නෙමෙයි වාහනේ පුරෝල කට්ටිය ඉඳියි. ඉතින් එක්කෙනෙක්ට ට්‍රයල් බලන දුර සීමා සහිතයි. 200-500m දෙයි ඔයාගෙ driving කොහොමද බලන්න. ඒ දුර ඇතුලත ඔයාට සිග්නල් දාල වාහනේ පාරට ගන්න,කන්නාඩි බලල වාහනයක් ඉස්සර කරන්න, gear 3ක යන්න, ඒ වගේම පාරෙ අයිනෙ පාරට සමාන්තරව කෙලින් වාහනේ park කරන්න වෙනව. ඔය ටික මත තමයි ඔයාගෙ හැකියාව rmv එකේ ඔෆිසර් තීරනය කරන්නෙ.
…
…ට්‍රයල් එක පාස්..
…ට්‍රයල් එක පාස් වුනාම ඔයාට දෙයි මෙහෙම රිසල්ට් ශීට් එකක්.
…
…
…(මගෙ රිසල්ට් ශීට් 2ක් තියෙන්නෙ මම 1වෙනි පාර light vehicle ෆේල් වුන නිසයි. එතකොට මට බයික් පාස්,light vehicle ෆේල් නිසා එකයි, ඊලඟ පාර light vehicle පාස් වුන නිසා තව කොලයයි.නැත්තන් එක කොලයයි කොහොමත් දෙන්නෙ වාහන පංති 2ම දාල)
…
…හදිසියෙ ට්‍රයල් එක ෆේල් වුනොත්.. (බයික් හෝ කාර්,වෑන්.)
…ෆේල් කියල ලියල දීපු රිසල්ට් ශීට් එකත් අරගෙන Kහෝල් එකේ 31-33කවුන්ටර් එකකට ගිහින් re-test එකට දිනයක් දාගන්න. 500/= දෙන්න වෙයි. ඒගොල්ලො ඔයාට දිනයක් කියයි සති 2කට පස්සෙ දිනයක්, ඔයාට ඒ දවස පුලුවන් නම් ok කරන්න.
එතනින් දෙයි අර කලින් වගේම test report එකක්, සල්ලි ගෙවපු රිසිට් එකත් එක්ක. ඊට පස්සෙ ආයෙත් ලර්නර්ස් එකකට ගිහිල්ල අර කලින් විදියටම ගාන ගෙවල එදාට වාහනයක් book කරගන්න අර test report එක දීල.
…ඔයා එක පාරක් 2පාරක් ෆේල් වුනා කියල කිසිම ප්‍රශ්නයක් නෑ.ඒක ඔයාගෙ ලැයිසොන් එකෙ මොනම විදියකින් වත් සඳහන් වෙන්නෙ නෑ.
…
…ඒදාම ලැයිසොන් එක ගන්න පුළුවන්ද..?
…ඔව්.පුළුවන්. ඒකට කරන්න තියෙන්නෙ …ඔය රිසල්ට් ශීට් එකේ තියෙන බාකෝඩ් නොම්මරෙත් අරන් RMV එකට යන්න වෙනව K හෝල් එකට 31-33 කවුන්ටරේකට.ගිහින් 500/= ක් ගෙව්වම එදාම හවස 4ට කලින් ඔයාගෙ ලැයිසොන් එක ගන්න පුළුවන්. හැබයි මේ ඔක්කොම වෙන්න නම් ඔයාගෙ ප්‍රැක්ටිකල් එක කරපු rmv එකේ ඔෆිසර් ඇවිල්ල rmv එකේ සිස්ටම් එකට ඔයාගෙ රිසල්ට් එක එන්ටර් කරල ඉන්න ඕන. ඊට පස්සෙ තමයි අර කලින් කියපු කවුන්ටර් වලින් ඔයාට සල්ලි ගෙවන්න පුලුවන් වෙන්නෙ.ඒත් ඒ වෙනකොට ඔයාගෙ රිසල්ට් එක ඒ සිස්ටම් එකේ නැත්තම් ඔයාට ඉන්න වෙනව වාඩි වෙලා පය කාලක් විතර..
…ඒ සල්ලි ගෙවල ඔයාට දෙන රිසිට් එකත් අරන් යන්න වෙනව rmv එකේ ගේට්ටුව ගාව තියෙන හෝල් එකට. ඔතන එහා පැත්තෙ තමයි ඔයා රිවස් එක කලේ. එතනම තමයි ගාර්ඩ් රූම් එකත් තියෙන්නෙ. පැයකට 2කට පස්සෙ ඔයාගෙ නම කතාකරයි. ඊටපස්සෙ අර දුන්න රිසිට් එක දීල ඔයාගෙ ලැයිසොන් එක ගන්න. දැන් ඔයාට officially drive කරන්න පුළුවන්.
…
…ගත්ත ලැයිසොන් එක international කරගන්න පුළුවන්ද?
…ඔව්.පුළුවන්.
…
…අරන් යන්න ඕන මේවයි.
…1.පාස්පෝට් සයිස් එකේ ලඟදි ගත්ත ෆොටෝ 2ක්.
…2.ඔරිජිනල් ලැයිසොන් එකයි ඒකෙ ෆොටෝ කොපියක්.
…3.1500/=ක පමණ මුදලක්. (aac එකේ membership එක ගන්නවනම් අමතර 8000ක අමතර මුදලක්. මේක අත්‍යාවශය නෑ.මොකද ඒ ප්‍රථිලාභ ගන්න ඔයා ලංකාවෙ ඉන්නෙ නෑනෙ.)
…
…මේක තමයි ඇඩ්‍රස් එක..
…(a) Head office – 40, Sir Mohamed Macan Marker Mawatha,
P.O.Box 338, Colombo 03.
Office Hours
Monday – Friday 8.00 am – 4.30 pm
(Except Mercantile Holidays and Poya Days)
General : +94 11 2421528 (Hunting 3 Lines)
Direct: +94 11 2320454
General : +94 11 4722300 (Hunting 6 Lines)
Secretary: +94 11 2446074
Fax: +94 11 2446074
Email: [email protected]
(b) Galle Office
15, Abeysundara Road, Kaluwella, Galle.
Telephone: +94 91 2233122
(c) Kandy Office
2B, Wadugodapitiya Veediya, Kandy.
Telephone: +94 81 2224093
…
…තියෙන තැන හරියටම කියනවනම්, ගෝල්ෆේස් හොටෙල් එකයි,ගෝල්ෆේස් එකයි පටන්ගන්න තැන තියෙන roundabout එකෙන් ramada හොටෙල් එක පැත්තට යන්න,taj samudra හොටෙල් එකේ පිටිපස්ස ගේට්ටුව තියෙන පැත්ත,army hq එක තියෙන්නෙ ඒ පැත්තෙ.ඒ කියන්නෙ land side එකට යනකොට ඔයාට පෙනෙයි ඉස්සරහ කහ පාටින් බෝඩ් එකක් automobile association of ceylon කියල.
ඒකෙ ගේට්ටුවෙන් ඇතුල් වෙලා වම් අත පැත්තෙ තියෙන බිල්ඩින් එකෙන් 3වෙනි තට්ටුවට ගිහින් reception එකෙන් 350ක් ගෙවල application එකක් අරගෙන එතනම තියෙන පුටුවක ඉඳගෙන ඒක පුරවල ඔයාගෙ ෆොටෝ 2ත් එක්ක ඔතන තියෙන sliding door එක ඇරගෙන වම් අත පැත්තෙ ඉන්න lady ට දුන්නම එයා ඔයාගෙ ඔරිජිනල් ලැයිසොන් එකත් එක්ක application එකේ ඔයා ලියල තියෙන විස්තර චෙක් කරයි.ෆොටො 2න් 1ක් ඒ application එකට තියල stapler කරල දීල ඔයාට කියයි ඉස්සරහ කැශියර් ට සල්ලි ගෙවල ඒ රිසිට් එක අරන් ඇවිත් දෙන්න කියල (1143/= IDL ට විතරක්.membership නැතුව.) එහෙම කරල ඒ රිසිට් එක ගෙනත් දුන්නම ඔයාට international license එක collect කරගන්න එන්න ඕන දවස ඒ රිසිට් එකේ ලියල දෙයි.
…
……දැන් ඒ දුන්න දවසට ගිහින් ඔයාගෙ international license එක collect කරගන්න.
…
…මතක තියාගන්න..
…1.මේ international license එක valid වෙන්නෙ අවුරුද්දයි. අවුරුද්ද පැන්නම ආයෙත් මේ විදියටම සල්ලි ගෙවල අළුතෙන් ආයෙත් ඕක ගන්න වෙනව. අනික මේ license එක valid වෙන රටවල් ඔයාට ඒගොල්ලන්ගෙ website එකෙන් බලාගන්න පුළුවන්.
…
…2.යම් රටක ඔයා මාස 3කට වඩා ඉන්නවනම් අනිවාර්යෙන් ඒ රටේ driving license එක ඔයාට ගන්න වෙනව ඒ රටේ නීතිය අනුව. කොහොමත් එක රටක මාස 3කට වඩා aac එකෙන් දෙන ඔය ලැයිසොන් එක වලංගුත් නෑ.
…
සුබපැතුම්. ඔයාට දැන් ලංකාවෙ රියදුරු බලපත්‍රයයි, ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයයි 2ම තියෙනව.
…
…
උදව්වක් විදියට නිකන්ම "එල" "තෑන්ක්ස්" "බම්ප්" කියල කොමන් කමෙන්ට් දාන්නෙ නැතුව තේරුමක් ඇති කමෙන්ට් එකක් දාල නූල ඉස්සරහට ගන්නව නම් අගනෙයි අනෙක් අයටත් නොදන්න දෙයක් ගැන දැනගන්න. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට වරදුනු තැන් ඇති, ඒව නිවැරදි කරල දෙන්න.
…මට පැය 6කට වැඩිය කාලයක් වියදම් කරන්න සිද්දවුනා මේ කරුනු පිලිවෙලකට සකසල ෆොටෝ ක්‍රොප් කරල අප් කරල, විස්තර සිංහලෙන් ටයිප් කරල සෝදුපත් බලන්න. …යම් කෙනෙක් මේ විෂය ගැන කියවල දෙයක් දැනගත්ත නම් එච්චරයි. කියවපු ඔබට ස්තුතියි.
මේ වගේ නූලක් ස්ටිකී කරනවනම් හොඳයි මොකද කාලෙන් කාලෙට අපේ අයටමනෙ ඕන වෙන්නෙ.. ඒක තීරනය කරන එක ඇඩ්මින් මහතාගේ කාර්‍යයක් නොවැ..
…
තෙරුවන් සරණයි.

..බලන් යන කොට හැම තැනම එක වගේ
...මුන්ට සල්ලි දෙනවනම් ඕන දෙයක් කරගන්න පුලුවන්..