අසරණයන්ට ඔබේ උදව්වත් ලබා දෙන්න..

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    අසරණයන්ට ඔබේ උදව්වත් ලබා දෙන්න..

    මේ දවස්වල ලංකාවේ දිස්ත්‍රික්ක 14ක ජනතාවට නියඟයෙන් පීඩා වෙලා කියල මම හිතන්නේ මේ හැමෝම දන්නවා ඇති.. පොලොන්නරුව, කිලිනොච්චිය ඔය වගේ ගොඩක් තියනවා.. මම දැක්ක ගොඩක් මිනිස්සු ගිහිල්ල ඒ මිනිස්සු වෙනුවෙන් තමන්ට පුළුවන් විදියට උදව් කරනවා.. ඒ අයට ගොඩක් පින්.. මේ ත්‍රෙඩ් එක දාන්නේ එයාලට මගේ ස්තුතිය සහ ගෞරවය පුද කිරීමට සහ නොකරපු අයට උදව් කරන්න කියල කරුණාවෙන් ඉල්ලන්න..

    මට මේ ත්‍රෙඩ් එක දන්නා හිතුනේ සිරසේ මේ වෙලාවෙත් යන සහන යාත්‍රා වැඩසටහන බලද්දී.. ඒ මිනිස්සුන්ගෙයි අපෙයි තියන අවශ්‍යතා වල වෙනස දැක්කම පිස්සු හැදෙනවා.. අපිට ඇත්තටම කන්න බොන්න අඩුවක් නැනේ මචන්ලා.. අපිට තියෙන්නේ වෙනස් ප්‍රශ්න. මේ මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නේ බොන්න වතුර ටිකක්, කන්න කෑම ටිකක් නැතිකම.. අනේ මචන්ලා පුළුවන් නම් වතුර බෝතලයක් හරි දීල මේ මිනිස්සුන්ට උදව්වක් දෙන්න... හැමෝටම ඒ වගේ පොඩි දෙයක් දෙන්න බැරි නැනේ.. හෙට 31 දවස පුරාමත් සිරසෙන් මේ දේවල් එකතු කරනවා.. තනියම මේ දේවල් ගිහින් දෙන්න ගොඩක් දෙනෙක්ට අමාරුයි නිසා මේ වැඩේ ගොඩක් මගහැරෙනවා.. මටත් මේකට උදව් කරන්න ඕනි උනත් විදියක් නැතිව හිටියේ මේ දේවල් ගිහින් දෙන්න සහ අවශ්‍ය අයට ඒවා ලැබෙන්නට සලස්වන්න.. එහෙම අයට හොද විකල්ප මාර්ගයක් මම මේ කියන්න හදන්නේ..

    සිරසේ සහන යාත්‍රාවට ඔයාලගේ භාණ්ඩ ලබා දෙන්න.. වෙන ක්‍රමයක් තියන අය ඒ විදියට හරි කමක් නෑ වැදගත් වෙන්නේ මේ මිනිස්සුන්ට උදව්වක් කරන එක.,. ඉරිදා දවසම සිරස කාර්යාල වලට ඔයාලගේ උදව් ලබා දෙන්න පුළුවන්.. හාල් කිලෝ 1ක් පරිප්පු කිලෝ 1ක් වතුර බෝතලයක් හෝ කිහිපයක් ලබා දෙන්න උත්සහ කරන්න.. මේක ගොඩක් මිනිස්සුන්ට කරන්න අමාරු දෙයක් නෙවෙයි.. අපි හැමෝම මැරෙන මිනිස්සු.. ඉන්න කාලේ පුළුවන් තරම් තවත් කෙනෙක්ට උදව්වක් දෙන්න..

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මටත් මේ දේ කරන්න අදහසක් අවේ සිරසේ වැඩසටහන බලපු වෙලාවේ.. අන්තිම මොහොතේ හරි මම මේක දැක්ක එක ලොකු දෙයක්.. මම වගේ මේ දේ කරන්න විදියක් නැතුව අදහසක් නැතුව ඉන්න කෙනෙක්ට දැනගන්නයි මම මේක දැම්මේ.. colombo නෙවෙයිනේ හැමෝම ඉන්නේ.. මමත් එහෙමයි.. මම උදව්වක් කරන දේ ලබා දෙන්නෙත් අතරමග ඉඳලා.. ඒ වගේ මේ වාහන යන මාර්ගයේ ඉන්න ඕනි කෙනෙක්ට ඒ වාහන යද්දී දෙන ඕනි දෙයක් දෙන්න පුළුවන්.. මාර්ග 3ක මේ වාහන යනවා.. මට මේ වෙලාවේ ඒ ඔක්කොම මතක නෑ.. කොහොමහරි මේකට උදව්වක් දෙන්න.. සිරස හරහා දෙන්න ඕනි නෑ පුළුවන් අය ගිහිල්ලම දෙන්න.. මෙත් අපි වගේ මිනිස්සු කියල හිතට අරගෙන මේ මිනිස්සු ඉන්න තැන උබල අපි හිටියොත් දැනෙන widiya කල්පනා කරලා බලන්න..

    මට මේ ත්‍රෙඩ් එක ලස්සනට දාන්න අමාරුයි.. එකම දේ කිහිප තැනක ඇති.. අදහස තේරෙනවා නම් මට ඇති.. මේකේ තේරෙන්නේ නැති දෙයක් තියනවා නම් comment එකක් දාන්න.. මේ මිනිස්සු වෙනුවෙන් මේ උදව්ව ඉල්ලන්නේ.. මේ අසරණ මිනිස්සු උබල අපි වගේ අයම තමයි.. පුළුවන් විදියට උදව් කරන්න.. ඔයාලගේ දෙමව්පියන්ට, දරුවන්ට පින් සිද්දවෙන්න හරි මේ දේ කරන්න..

    මතක් වෙන විදියට ත්‍රෙඩ් එක update කරන්නම්.. bump එකක් දාල යන්න.. මම මේකම එළකිරි talk එකෙත් දානවා.. ගොඩක් දෙනෙක් දකින්නේ කොයි section එකේ දැම්මොත් ද කියන එක ගැන මට අදහසක් නෑ එකයි..