Peugeot 406 full review (පර්ජෝ 406)

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    peugeot-lion-emblem-12-01-10.jpg



    ජපන්, ඉන්දියන් වාහන ගැන හැමෝම කතා කරන නිසා මම හිතුවා Peugeot 406 ගැන එකක් දාන්න.. මේ තියෙන්නේ මගේ එක.. ආසයිනේ :P (බොරු බොරු මේක 2010 වගේ විකුනන්න තිබ්බ එකක් දැන් කාගාව තියනවද දන්නේ නෑ)



    375473_2803675412172_251617673_n.jpg

    මේක Europe වලට හදපු French large family (mid size) සිංහයා ලකුණ නිසා සහිත Peugeot car එකක්.. (පර්ජට් නෙමෙයි පර්ජෝ :P). මේකේ ප්‍රධාන මොඩෙල් දෙකක් තියනවා D8 සහ D9 . (ජපන් ඉන්දියන් වගේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කර කර ගැහුවේ නෑ)

    Peugeot 406 D8 (1995-1998)

    මේකේ මුලින්ම ආවේ 1995 අවුරුද්දේ. ඒ කාලේ හැටියටනම් මේක සුපිරිම වන්ඩියක්...

    මේ තියෙන්නේ පින්තූර සහ ඒ කාලේ නැගලා ගිය ඇඩ් කීපයක්...

    K4wPd.jpg







    මේ තියෙන්නේ ඒ කාලේ UK වල promotional video review එකක්...




    1995-1998 වල මේ range එකේ යන sedan executive car වලින් මේකට ගහන්න තිබ්බේ Ford Mondeo එක විතරයි.. BMW e36 එක මේ තරම් හොඳ නැහැ, පස්සේ ආපු BMW e46 එක නම් පස්සේ release උනු Peugeot 406 D9 එකටත් වඩා හොඳයි.

    Peugeot 406 D8 එක XU5 JP (1.5cc), XU 7 (1.8cc), EW 7 (1.5cc), XU 10 (2.0cc) Petrol Engine වලින් ආවා. තව Diesel Engine විදියට XUD9 (1.9cc) ආවා.

    ලංකාවේ නම් මේවා තියනවා 1.0 million - 1.4 million වෙනකන්, පුලුවන් නම් තව ටිකක් දාල එකකට යන එක හොඳයි, මොකෝ වාහන දෙකේ වෙනස තියෙන්නේ ලක්ශ 5ක් විතර.


    Peugeot 406 D9 (1999-2004)



    537457_10200409030209466_324169497_n.jpg


    406 D8 හොඳට නැගල ගිය නිසා, Peugeot මේක තව improve කරලා D9 model එක එලියට දැම්මා. මේ දෙකේ interior නම් එක වගේ, එත් body එක වෙනස්, Engine, suspension ගොඩක් improve කරලා තිය්න්නේ. මේකේ නම් මගේ පොඩි කාලේ ඉඳන් dream car එක (ගන්න පුලුවන් range එකෙන්) ;)



    ඇත්තටම මටනම් මේකේ appearance එක පට්ටම ලස්සනයි, දැන් තියන පුම්බපු Yaris, Belta, Vios, Sunny, Corolla, Allion, Premio වලට වඩා නම් ලස්සනයි (පෞද්ගලික මතයක්).

    peugeot-406-hdi-136-hp.jpg


    මේකේ XU10 (1.0cc), EW10 (2.0cc), ES9 (3.0cc) petrol engines වලින් ආවා.. ලංකාවේ බහුලව තියෙන්නේ 2.0 සහ 1.8 මේ දෙකින් 2.0 එකකට යන එක හොඳයි මොකද මේ වාහේනේ බරට 1.8 ට්කක් විතර මදි, එක නිසා petrol කරනවා අඩුයි (power to weight ratio).

    සාමානයෙන් මේකක් 1320ක් 1350ක් විතර බරයි. සාමානයෙන් Sunny, corolla, Allion වෙන්නේ බර 1000-12000KG වගේ. ඒවට 1.3 engine මදි වගේ තමයි මේකට 1.8 engine මදි.

    manual petrol කරනවා 8-10 city, 12+ outstation

    වාහනේ බර නිසා drive කරද්දි වෙනසක් දැනෙනවා, වංගු ගද්දි වේගයෙන් යද්දි නිකන් sedan එකකට වඩා ගොඩක් steady and comfortable. මේකේ suspension system එක වාහනේ නිසා handling, comfort ගොඩාක් හොඳයි. riding pleasure සහ handling නම් උපරිමයි. ඇඟට දැනනෙන්න වාහනයක් පදින්න ඕනි නම් මෙන්න බඩු.

    406 Diesel petrol price range : 1.5 million - 1.9 million (condition හොඳ නම් වැඩිපුර දීල හොඳ එකක් ගන්න බලන එක හොඳයි ලාබේට කට්ටක් ගන්නවට වඩා)

    Diesel Engine ගැන කාතා කලොත් petrol වලට සාපේක්ෂව සාහෙන්න හොඳට diesel කරනවා. මේකේ එන DW10 HDI (high-pressure direct injection) එක සෑහෙන්න හොඳ figures පෙන්නවා.

    ලංකාවේ කරන අයට අනුව 10-12 city, 15+ outstation diesel කරනවා, මේවා European වල එක්ක බලද්දි ඇත්ත...

    2002 අවුරුද්දේ ටැන්කිය පුරවලා වැඩිම දුරක් ගියපු කාර් එක විදියට world record එක තිබ්බේ නිකන් නෙමෙයි
    Distance : 2,348 km
    Tour : Melbourne to Rockhampton (In Australia)
    Fuel capacity : 70L
    Average Speed : 71.94KMPH

    Fuel Economy : 2,348KM/70L = 33.5KMPL :P:P:P:P:P
    (alto, maruti, viva elite පදින අයට මේකට සෑහෙන්න රිදෙයි)

    source : http://www.eco2driving.com/record_description.php?id=11

    ලංකාවේ HDI model හොයාගන්න ටිකක් අඩුයි, ඊටත් වඩා හොඳට කරපු maintain එකක් හොයාගන්න සෑහෙන්න කට්ටක් කන්න ඕනී... Petrol වගේ නෙමෙයි diesel වාහන maintain කරන්න ගියාම.

    HDI model price range : 1.7 million - 2.3 million

    මේකේ ගනන් වෙනස් වෙන්නේ options නැත්තම් trim level සහ condition අනුව. මේවා තමයි සරල options :



    • LX : climate control නැත, පිටුපස power shutter නැත

    • GLX : power mirrors, power shutters, electronic seats, 2 air bags, climate control, rain sensor ඇත

    • GTX : GLX එකේ options වලට අමතරව 4 air bags ඇත

    • Executive : එකේ options වලට අමතරව leather seats සහ sun roof ඇත (ලංකාවට ආපු සමහර brand new import වල sunroof නැහැ )

    GLX එකක් හෝ ඊට උඩ option එකකට යන්න බලන්න :D

    මේ තියෙන්නේ general සරත් fonseka මහත්තයාගේ බෝම්බයට අහු උනු 406 එක

    999253_10201422099255559_1321219810_n.jpg


    මෙන්න broadcast කරපු හොඳ advert එකක්



    මේක තමයි taxi එකේ තියෙන්නේ... ;););)



    තව මීට අමර්තව මේකේ එකක් ආවා මමනම් ලංකාවේ මේක දැකල නැහැ... :no:

    තව 406 coupe (3.0) එකක් ගැහුවා මේවානම් 3ක් 4ක් තියනවා මෙහෙ, ගනන් 1.6 ඉඳන් තියනවා. හැබැයි හොයාගන්න නම් නැහැ, සමහර spare parts හොයාගන්න අමාරු වෙයි.

    1262425336_peugeot406coupe.jpg


    Peugeot_406_COUPE_2003-18.jpg



    හොඳ :yes:;) :

    • ගෙවන ගානට වටිනවා (1.6 කියන්නේ ගන්න ගාන )
    • Europe වල successful උනු model එකක්
    • belta, yaris, corolla, sunny, carina, allion වලට වඩා comfortable (axio එකක් ගද්දි මේවා දෙකක් ගන්න පුලුවන්)
    • Riding pleasure and handling උපරිමයි.....
    • හැම තැනම නෑ, හැම අපතයම පදින්නේ නෑ මෙහෙ ටිකක් unique වාහනයක්...
    • ඔක්කොමටම වඩා sexy පෙනුම, තනකට කැත නැතිව ගෙනියන්න පුලුවන්...

    නරක :no::dull: :


    • මේකක් ගද්දි Auto නම් ගන්න එපා Al4 gearbox එකේ factory fault එකක් තියනවා.. ගොඩක් වෙලවට ලෙඩ දනවා පස්සේ ඕවා දාන්න යද්දි මේ ත්‍රේඩ් එක දාපු මාව මරන් කන්න එපා..
    • මේවා ඉතින් toyota corolla, alto, maruti වගේ සුටුස් ගාල විකුනන්න බෑ, add දාල ටික කාලයක් බලන් ඉන්න වෙනවා... second hand market එච්චරම හොඳ නෑ
    • අනිත් brands වලට සාපේක්ෂව spare parts ගනන්... දානවම් original දාන්න ඕනී හැබැයි. ( මේක අවාසියක් කිව්වට අවාසියක්ම නෙමෙයි, මොකෝ මේවාල කල් පැවැත්ම ලාබෙට දාන වලට වඩා වැඩියි... පාවිච්චි කරන කෙනෙක්ට කිසිම පාඩුවක් වෙන්නේ නෑ.. මෙහෙන් අරන් පොඩ්ඩක් අටවල වලා අනිත් පැත්තට විකුණන එවුන්ටනම් කචල්)


    406 එකක පැදල තියා ජිවීතෙට නැගලා ගිය නැති අයියලා කෑ ගහනවා ඕවට කෑලි නෑ මෙහෙ ගන්න එපා කියලා. එහෙම එකක් නෑ පංචිකාවත්තේ ඕන තරම් තියනවා මේවාට කෑලි ගේන අය. මෙන්න මේ අයගේ contact details.


    • Ideal Motors - 2441715 / 0772293457
    • Darshana Enterprises - 2438748
    • Euro Auto - 2433544 / 075 5076201
    • Golf Motors - 2438285 / 071 4242486
    • Imperial Motors - 2679749 / 071 4159654

    කෙනෙක්ට හිතෙනවනම් මේයාලගේ ගාන වැඩියි කියලා.. ඕන තරම් ebay එකෙන් ගෙන්න ගන්න පුලුවන් මීට වඩා අඩුවට... UK ඉඳන් එන කෙනෙක්ට කියල ලේසියෙන් ගෙන්න ගන්නත් පුලුවන් පොඩි කෑලී.


    • Throve Automobile :
      • Contact No: (077) 384 1315
      • Address: 126 Gehan Rd Koswatta Battaramulla



    • French Lion Automobile :
      • Contact No : (071) 632 4623
      • No 146/1, Pannipitiya Rd, Thalawatugoda

    තව දෙයක් මේවා ගෙවල් ගාව මක බාස් ලව්ව හදව ගද්දි පොඩ්ඩක් පරිස්සමින්, මොකද japan Indian වගේ නෙමෙයි වාහනේ වෙනස්, අල කරගත්තට පස්සේ සදාකල් දුක් වෙන්න වෙන්නේ..

    තව Peugeot dealer වන Car Mart එකෙන් ඈත් වෙන්න ඒකට දාල කෑලි වලට බොරු වලට අලි ගනන් දෙන්න ඕනී නෑ Peugeot කරන අය ඉන්නවා. මෙන්න ඒ අයගේ contact Details :

    more details : http://en.wikipedia.org/wiki/Peugeot_406


    Peugeot 406 FAN Facebook page with alot of pictures around the world

    https://www.facebook.com/Peugeot406?fref=photo


    406 පාවිච්චි කරන තව අය ඉන්නවනම් තමන්ගේ අදහස් මතක ඇතුව එකතු කරන්න. විශේෂයෙන්ම මේවා හොඳට repair කරන අය ඉන්නවනම්, මේවට ලාබෙට ගේන්නන genuine spares අය තව අය ඉන්නවනම් post කරන්න..

    අහ තව දෙයක් කියන්න බැරි උනා...
    මේ වාහනේ ගන්න එපා :no:


    • රෙපයාර් එකක් එහෙම ආවම ලාබේට අටවලා පට්ට ගහනකන් දුවන්න වාහන හොයන අයට හරියට සර්විස් කරන්නෙවත් නැතුව (එහෙම කරන්න ඉන්නවනම් ටොයොටා AE110 වගේ එකක් ගන්න )
    • මාස 4ක් 6ක් පාවිච්චි කරලා විකුණන්න ඉන්න අයට... ( ටොයොටා AE110 එකක් ගන්න )
    • වාහන පදිද්දි අමුතු ෆන් ඕනි නෑ ගමනක් යන්න තිබ්බාම මොකක් හරි අට මගලයක් තිබ්බාම ඇති අය... (එහෙම අයට ඇල්ටෙක් වගෙ තමයි හරියන්නේ)
    මේක ගන්න :yes:



    • අවශ්‍ය ගමන යනවා වගේම වාහනේ ඩ්‍රයිව් කරද්දි පොඩි ෆන් එකක් ගන්න කැමති අය.... (කෙල්ලත් එක්ක ගන්න නෙමෙයි ඩ්‍රයිවින් ප්ලේශර්)
    • ටිකක් අඩු මුදලක් යට කරලා හොඳ පෙනුම තියන සැප පහසුව හොඳ වාහනයක් ගන්න කැමති අය (හැබැයි හරියට මෙන්ටෙන් කරලා) (AE110, FB15, BJ5, EK3 වලට වඩා හොඳ සෙඩාන් හොඳ)
    • ලක්ෂ 20ට අඩුවෙන් පොඩි බටු කාර් නැතිව අවුලක් නැතිව 5ක් යන්න පුලුවන් සෙඩාන් ටයිප් කාර් එකක් හොයන අය..;)
    • පර්ජෝ 406 වලට ෆෝල් ඉන් ලව් උනු අය ක්‍රශ් තියන අය..:love:

    අහ තව දෙයක් කියන්න බැරි උනා...
    මේ වාහනේ ගන්න එපා :no:


    • රෙපයාර් එකක් එහෙම ආවම ලාබේට අටවලා පට්ට ගහනකන් දුවන්න වාහන හොයන අයට හරියට සර්විස් කරන්නෙවත් නැතුව (එහෙම කරන්න ඉන්නවනම් ටොයොටා AE110 වගේ එකක් ගන්න )
    • මාස 4ක් 6ක් පාවිච්චි කරලා විකුණන්න ඉන්න අයට... ( ටොයොටා AE110 එකක් ගන්න )
    • වාහන පදිද්දි අමුතු ෆන් ඕනි නෑ ගමනක් යන්න තිබ්බාම මොකක් හරි අට මගලයක් තිබ්බාම ඇති අය... (එහෙම අයට ඇල්ටෙක් වගෙ තමයි හරියන්නේ)
    මේක ගන්න :yes:



    • අවශ්‍ය ගමන යනවා වගේම වාහනේ ඩ්‍රයිව් කරද්දි පොඩි ෆන් එකක් ගන්න කැමති අය.... (කෙල්ලත් එක්ක ගන්න නෙමෙයි ඩ්‍රයිවින් ප්ලේශර්)
    • ටිකක් අඩු මුදලක් යට කරලා හොඳ පෙනුම තියන සැප පහසුව හොඳ වාහනයක් ගන්න කැමති අය (හැබැයි හරියට මෙන්ටෙන් කරලා) (AE110, FB15, BJ5, EK3 වලට වඩා හොඳ සෙඩාන් හොඳ)
    • ලක්ෂ 20ට අඩුවෙන් පොඩි බටු කාර් නැතිව අවුලක් නැතිව 5ක් යන්න පුලුවන් සෙඩාන් ටයිප් කාර් එකක් හොයන අය..;)
    • පර්ජෝ 406 වලට ෆෝල් ඉන් ලව් උනු අය ක්‍රශ් තියන අය..:love:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    260 allion,premio,nissan b17 ekata wada num comfy ne,ewa aluth cars ne:D habai control eka,pickup eka hodai ita wada:yes:
     
    Last edited:
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    mamath asama bandayak thamai.. look ekata habai.. mitshubishi lancer eke look eka wage nisa.. eeeta wada loku unata supiri wandiyak kiyala penumen penawa ban..
    anyway thankss machan.. rep6+
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    260 allion,premio,nissan b17 ekata wada num comfy ne,ewa aluth cars ne:D habai control eka,pickup eka hodai ita wada:yes:

    wishwasa karahan alutin apu 407 ekata ena sport tuned suspension walata wada 406 eke suspension comfortable.
    me tiyenne meka gana wistarayak, our opinion kiyana ekat balahan
    http://www.goauto.com.au/mellor/mellor.nsf/story2/417E181317491715CA2569F300823BD0

    ochcharama handling hoda wennat me suspension system eka loku balapamak wela tiyanawa.

    mama nam hitanne naha sunny, corolla allion wage compact sedan walata gahanna puluwan wei kiyala. mokada ewata wada parana Cefiro ekat comfortable. Onna itin alut camry, alut mark alut cefiro nam me league ekata danna puluwan.

    Samanyen mekata daannet loku tyres link suspension ekata support wenna front : 195/65/R15 rear :205/65/R15
    Allion Premio tyre 4ma dannet 185 wage sizes. Ford Mondeo miitat wada lokui ;)
     
    • Like
    Reactions: PHBhagya