රාජපක්‍ෂ පුතාගේ නේවි පැටිකිරිය

monson

Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    රාජපක්‍ෂ පුතාගේ නේවි පැටිකිරිය

    මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමේ අතීතය යළි මතක් කළහොත් බොහෝ දේ සිහිපත් වේ. ඒ සියල්ල පසෙක තබා එක් නිෂ්චිත වැකියක් මෙහිදී උපුටා දැක්වීම අවශ්‍යය. ‘පාලකයා යනු ඔබේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවා ය.’

    මෙය සඳහන් වෙන්නේ මහින්ද චින්තන 2005 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේය. හරිම අගේ ඇති වාක්‍යයක්ය. මහින්ද රාජපක්ෂ පසුගිය වසර නවය පුරා ‘දරුවාගේ උරුමයෙහි හිමිකරුවා’ නොවන බව ක‍්‍රියාවෙන් තහවුරු කර තිබෙන ආකාරය තවමත් හරිහැටි නොදන්නා බොහෝ දෙනෙකු සිටිති. මේ රටේ රාජ්‍ය පාලන නීති රීති සමාජ හර පද්ධති සහ සිරිත් විරිත් මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ අයගේ වුවමනා එපාකම් අනුව බළල් අතක්, කෙළිබිමක් සහ දඩ බිමක් කරගත් ආකාරය පිළිකුල් සහගතය.


    ඒ පිළිබඳ නොදන්න වුන් ගැන අනුකම්පා කරනවා හැර අන් කළයුතු දෙයක් නැත. මේ සඳහා මූලික වී ක‍්‍රියා කළේ මහින්ද ගෝඨා හෝ බැසිල්ය. ඒ ප‍්‍රසිද්ධියේය. අප‍්‍රසිද්ධියේ තිරය පිටුපස සිට ක‍්‍රියා කළ බොහෝ දෙනෙකු ද රාජපක්ෂ පවුලේ තවත් හිඳිති. නාමල් රාජපක්ෂ ඒ අතරින් කැපී පෙනේ. තාත්තාගේ සහ බාප්පාගේ අමාත්‍යාංශවල කටයුතු වෙනුවෙන් නාමල් රාජපක්ෂගේ මැදිහත් වීම කොපමණ දැයි දන්නේ ඒ පවුලේ උදවිය පමණය. එයින් පිට සියලූ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සීයකට අධික පිරිසක් නාමල් රාජපක්ෂට යටත්ව සිටි ආකාරය අත්දැක තිබේ. ඔවුන් ඒ පිළිබඳව යථා කාලයේ බොහෝ හෙළිදරව් කිරීම් කරනු ඇත. ඒ සඳහා ඉඩකඩ විවෘතව තැබීම යෝග්‍යය.


    වැඩි කතා බහට ලක් නොවන රාජපක්ෂ පුත‍්‍රයකු සිටී. ගගන ගාමියකු වීමට සිහින දකිනා රෝහිත රාජපක්ෂ ය. දැන් ඔහු තාත්තාගේ දේශපාලන වේදිකාවට ආනයනය කර සිටී. මෙහිදී කතා කරන්නේ රෝහිත ගැන නොව යෝෂිත රාජපක්ෂ ගැනය. පවුලේ හුරතල් නාමය ‘යෝ බබා’ ය. යෝ බබා දැන් නාවික හමුදාවේ ලූතිනන් වරයෙක්ය. ඔහු නාවික හමුදාවේ ලූතිනන් පදවියට පත්වූයේ නාමල් රාජපක්ෂ නීති උපාධියෙන් සමත් වූ ආකාරයටමය. එනම් නීතියට ඉහළින් සිටින ‘මහින්ද රාජපක්ෂ ජනාධිපති’ තාත්තාගේ බලතල තම ‘දරුවාගේ උරුමය’ වෙනුවෙන් යෙදවීම තුළින්ය. යෝෂිත රාජපක්ෂට ශ‍්‍රී ලංකා නාවික හමුදාව තෝරා දුන්නේ කුමන අරමුණකින්දැයි අපි නොදනිමු. ඒ ඔවුන්ගේ තෝරා ගැනීමය.

    ශ‍්‍රී ලංකා නාවික හමුදාව පිහිට වූයේ 1950 දෙසැම්බර් 09 වෙනිදාය. එදා එයට පූර්වාදර්ශ සියල්ල හිමිවූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන්ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සම්බන්ධයෙන් අපේ සමාජයේ තිබෙන්නේ මහේෂාක්‍ය පිළිගැනීමක්ය. ‘සුද්දා වාගේ’ යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසාය. නාවික හමුදාවට එම සුද්දන්ගෙන් ලබාදුන් පූර්වාදර්ශ සියල්ල එළෙසින්ම ආරක්‍ෂා කෙරෙන අතර තත්කාලීන ලෝකයේ නවතාවයන්ද එකතු කර ගත් බව නොඅනුමානය. නිදසුනක් වශයෙන් ආධුනික නාවික සෙබළකුගේ සිට ඉහළ නිලයන් සඳහා බඳවාගන්නා ආධුනික නිලධාරීන් සපුරාලිය යුතු අවම මූලික සුදුසුකම් දැක්විය හැකිය.




    ලකුණු රහස


    නාවික හමුදාවේ විධායක අංශයේ ආධුනික ලූතිනන් වරයෙකු වශයෙන් බැඳීමට අවශ්‍ය අවම අධ්‍යාපනික සුදුසුකම් නිර්දේශ කෙරී තිබිණ. අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ ගණිත අංශයෙන් සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතු විය. එහෙත් එම අධ්‍යාපනික සුදුසුකම 2006/ 07 වර්ෂය සඳහා ඉතා සාහසික ලෙස බිඳ දැමීය. සේනාධි නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් අත්සන් තබන ලද අති විශේෂ ගැසට් පත‍්‍රයකින් එය කළේය. ඒ ‘තම දරුවාට උරුමයක්’ සාදා දීම සඳහාය.


    ලූතිනන් ධුරය සඳහා කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි අයද බඳවා ගැනීමට ඉඩකඩ සැලසීය. මේ උරුමය ලබාදුන්නේ රජකුමාර යෝෂිතට පමණක් නොව ඔහුගේ ළඟම යාළුවාද වන දිසානායක සඳහාය. ඒ දෙදෙනාම නාවික හමුදාවේ ලූතිනන් නිලයේ ආධුනික නිලධාරීන් ලෙස ඇතුළත් විය. ඉන් පසුව 2007/ 08 වසර සිට යළි එම අධ්‍යාපන සුදුසුකම් පෙර තත්වයට පත් කළේය.


    නාවික හමුදා විධායක අංශයේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් වශයෙන් උසස් පෙළ ගණිත අංශයේ සම්මාන සහතික අවශ්‍ය බව නිර්දේශ කර තිබෙන්නේ ආවාට ගියාට නොවේ. නාවිකයන්ගේ ගමන් මාර්ග සහ ගමනේ දුර ප‍්‍රමාණයන් ආදී බොහෝ කටයුතු සඳහා ගණිතය අවශ්‍ය වන බැවින්ය.


    මෙසේ බඳවා ගන්නා ආධුනික නිලධාරීන් ත‍්‍රිකුණාමලයේ නාවික හා සාගරික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාව හැදෑරිය යුතුය. එම කාලය තුළ පවුලේ අය සමඟ පවා සම්බන්ධතා පැවැත්විය නොහැකිය. මෙම නියමය බිඳීමට යෝෂිත හා ඔහුගේ මිතුරා දිසානායකට ඉඩ ලැබිණ. පාඨමාලාවේ මුල් වසර තුළ න්‍යායික හා ප‍්‍රායෝගික මෙන්ම ශාරීරික අභ්‍යාස වෙනුවට ඔවුන් දෙදෙනාට වායු සමනය කරන ලද කාමර තුළ අධ්‍යාපනික පාඨමාලාව පමණක් විශේෂයෙන් සකස් කර ඉගැන්වීය. එයට හේතු වශයෙන් සඳහන් කරන ලද්දේ පැවැති ත‍්‍රස්තවාදී යුද්ධයේ තර්ජන තිබෙන බැවින් ජනාධිපතිගේ පුතාට විශේෂ ආරක්‍ෂක විධිවිධාන සලසන ලද බවය.




    පැරෂුට් ශිෂ්‍යත්‍වය


    මුල් වසරේ පාඨමාලාව මේ රාජකීය කුමරාට සහ ඔහුගේ මිතුරාට මාස තුනකට සකස් කර දෙන ලදී. එපමණක් නොව වසරක පාඨමාලාවෙන් පසුව අති විශිෂ්ට දක්‍ෂතා දක්වන ආධුනිකයාට මහා බි‍්‍රතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු වශයෙන් පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබාදීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. 2006/07 වසර සඳහා මෙම අති විශිෂ්ට සුදුසුකම ලබාගත්තේ අනුරාධපුරයේ දුප්පත් පවුලක ආධුනිකයෙක්ය. ඔහුව කපා දමා රාජකීය පුත‍්‍රයාට හා මිතුරා යන බානටම බි‍්‍රතාන්‍ය ශිෂ්‍යත්ව ලබා දෙන ලදී. එහි මුල් අදියරේ පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව පරීක්‍ෂණයක් පැවැත්වේ. එයින් දිසානායක සම්පූර්ණයෙන්ම අසමත්ව තිබිණ. ඒ නිසා ඔහු පෙරළා මෙරටට පිටත් කර එවීය. එහිදී යෝෂිත ලබාගත් දක්‍ෂතාව පිළිබඳ සහතිකය අප වෙත ලැබී තිබේ.


    එය Professional Prosress Grid සහතික පත‍්‍රය වේ.SLT RNYOC IC X- RAJAPAKSA Y 1002809M 1002809 යනුවෙන් විභාග අංකය සඳහන් වේ. එහි මාර්ග නීති පිළිබඳ විභාගය (Rule of Road Exam&) යටතේ A,B,C,E,F,G යනුවෙන් ඛණ්ඩ හයක්ය. ් A ඛණ්ඩය සමත්වීමට 70% ගත යුතුය. එයින් 80 ලබා තිබේ. ඊ ද 70%ක් ලබාගත යුතු අතර 78ක් ලබා තිබේ. ඉතිරි ඛණ්ඩ හතරම අසමත්ය.C yd E B ඛණ්ඩ ද සමත්වීම සඳහා 70% ප‍්‍රතිශතයක් ලබාගත යුතු අතර ඔහුට ඇත්තේ ලකුණු 49ක් සහ 29 ක්ය. ෑE හී සාමාර්ථ ලකුණු 80%ක් තිබිය යුතු අතර එයින් 57ක්ද G හී සාමාර්ථය ලකුණු 90%ක් තිබිය යුතු වුවද තිබෙන්නේ 36ක්ය. මේ අනුව ප‍්‍රශ්න පත‍්‍ර හයකින් හතරක්ම අසමත්ය.



    නාවික හමුදාවේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් නොමැති රජකුමාරයාගේ ටිකිරි මොළේ තරම විෂයන් හතක් අසමත් වීමෙන් පැහැදිලි වේ. විභාගයක් අසමත් වීම සාමාන්‍ය දෙයක්ය. ඒ සඳහා මුහුණ දෙන අවස්ථාවේ පවතින ශාරීරික සහ මානසික තත්වයට අනුව බොහෝ දේ තීරණය වන්නේය. කොටින්ම එය දැනුම මත පමණක් තීරණය නොවන්නේය. සත්‍යය එය වුවද ජනාධිපති බලතල යොදවා අඩු සුදුසුකම්වලට බඳවා ගැනීම අවුරුද්දක පුහුණුව වෙනුවට මාස තුනක පුහුණුව මෙන්ම දක්‍ෂතම සිසුවාට ලබාදෙන ශිෂ්‍යත්වය රාජකීය මජරයෙකුට ලබාදීම ආදී හේතු නිසා පරීක්‍ෂණය අසමත්වීම සාමාන්‍ය තත්වය නොවේ. අම්බරුකම ප‍්‍රදර්ශනය කිරීමක්ය. බලලෝභී පවුල් පාලනයක අමනකම් හෙළිවීමක්ය. ලංකාවෙන් මෙම පාඨමාලාව සඳහා යවන අයෙකු මෙයට පෙර අසමත් වී නොමැත.




    කුරුමානම


    නාවික හමුදාවේ ලූතිනන්වරයෙකු වීම යනු වෙහෙසකර අභ්‍යාසයක ප‍්‍රතිඵලයක්ය. විධායක අංශයේ ලූතිනන් වරයෙකු වීම තවත් වෙහෙසකර අභ්‍යාසයක්ය. මන්ද නාවික හමුදාපති දක්වා යා හැකි මාර්ගය සැලසී තිබෙන්නේ මේ ඔස්සේ වන බැවින්ය. රාජකීය නාවික හමුදාවේ පුහුණුවීමෙන් පෙරළිකාර ලංකාවට කීර්තියක් ගෙනදුන් දක්‍ෂතමයන් අතීතයේ බිහිවී ඇත. ඔවුන් ඉහළටම යාම සඳහා නියම සුදුස්සන් බව ඔප්පු කර ඇත්තේය. නමුත් ජනාධිපතිගේ බලතල අනිසි ලෙස යොදා ඉහළට යැවීමේ මාර්ගය සකස් කර තිබෙන විට දක්‍ෂතා අවශ්‍ය වන්නේ නැත. ‘නිල් බලූකාය’ පිහිටුවාගෙන රටේ තරුණ තරුණියන් අනාථ කරමින් පිස්සු කෙළ වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තු ආ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනතාව ගොනාට ඇන්දවීමේ කලාව ක‍්‍රියාත්මක කිරීම පමණය. නාමල් රාජපක්ෂ කරමින් සිටින්නේ එයය.



    නමුත් නාවික හමුදාවත් නිල් බලූකායේ තරමට හෙළන්නේ නම් තත්වය ඉතා බරපතලය. නාමල් පාර්ලිමේන්තුව ඔස්සේ රජ පුටුවට යා හැකිය. ආඩම්බරකාර තාත්තා සිටින තුරු බාධාවක් නැත. ඕනෑම පිස්සුවක් කෙළිය හැකිය. මැතිවරණවලදී ජිල්මාට් දමා වැඩිම මනාප ලබාගත හැකිය. නාමල්ට රජ පුටුව පිළිබඳ ඉලක්කයක් තිබේ. 2020 දී රටේ රජවීමය. ඒ සඳහා නිල් බලූකාය වැනි සංවිධාන ක‍්‍රියාත්මක කෙරේ. බැසිල් බාප්පා හැරුණු විට අනිකුත් සියලූම ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු නාමල්ට ඕනෑ විදියට අල්ලේ නටවමින් සිටින්නේ යුවරජකම දරමින්ය. මේ පවතින ක‍්‍රමය යටතේ ඊට කිසිම බාධාවක්ද නැත. නාමල් රජකරවීමේ ගමනට සමාන්තරව යෝෂිත නාවික හමුදාපති කරවීමේ ක‍්‍රියාන්විතයක් පවතීනම් එය ඉතාම බරපතලය. දැන් සිදු කෙරෙමින් පවතින්නේ නාවික හමුදාව යෝෂිතකරණය කිරීමය. මේ ජඩ ක‍්‍රමය යටතේ රජවීමට කිසිදු පිළිගත් ක‍්‍රමවේදයක් නැතත් නාවික හමුදාවට පිළිගත් නීති රීති හා විනය ක‍්‍රියාමාර්ග ඇත්තේය.


    යම් හමුදාවක ප‍්‍රධානියා වීම අසීරු කාර්යභාරයකි. එය පහසු දේශපාලන ගේමක් නොවේ. එම හමුදාව තුළ පිළිගත් ක‍්‍රම වේදයක් ඇත. එහි පියවරෙන් පියවර ක‍්‍රමයෙන් ඉහළට යා යුතුය. හැකියාවන් වර්ධනය කරගත යුතුය. දස්කම් ප‍්‍රදර්ශනය කළ යුතුය. යෝෂිත රාජපක්ෂ මේ ක‍්‍රියාවලිය වෙනුවට යුද්ධය පැවැති සමයේ රාජකීය ආරක්‍ෂාව යටතේ හිටියේය. යුද්ධය අවසන් කළ පසුව අළු ගසා දමා පූස් පැටවකු සේ එළියට ආවේය. රගර් ක‍්‍රීඩාව රාජපක්ෂ පවුලේ බූදලයක් කර දී රාජකීය පුතුන්ගේ මජර ශරීර සෙලවීමට තෝ තැන්නක් කරගත්තේය. යෝෂිතගේ කාර්ය වන්නේ රගර් ගැසීමය. අරලියගහ මන්දිරයේ ලැග සිටිමින් තම මිත‍්‍රයා වන දිසානායකද එහි ගෙන්වාගෙන රගර් ගැසීමය. යෝෂිත කුමක් කළ ද නාවික හමුදාවේ විනය මුළුමනින්ම බිඳ දැමීමට දෙවරක් නොසිතයි. ඕනෑම පිස්සුවක් කෙළීමට කිසිවක් බාධා කරගන්නේ නැත.


    පරිවාර සේනා


    නාවික හමුදාවේ ලූතිනන් වරයකුට සහයකයකු මෙන්ම ආරක්‍ෂකයකු වශයෙන් නාවික සෙබළකු ලබාදේ. බඩියා යනුවෙන් ඔහුව හැඳින්වේ. සාමාන්‍ය තත්වය එසේ වුවද ලූතිනන් යෝෂිතට තිබෙන්නේ රාජකීය තත්වයක්ය. රාජකීය කුමාරයකු ලූතිනන් නිලයේ සිටීම නිසාය. ඔහුට බඩියකු දීමේදී රාජකීය සැළකිල්ලක් කිරීමට සේනාධිනායක ආඩම්බරකාර තාත්තාට යුතුකමක් තිබෙන බව තහවුරු කර ඇත. ඒ යෝෂිත රාජපක්ෂගේ බඩියා ලෙස ඉහළ නිලයක් වන ‘ලූතිනන් කමාන්ඩර්’ කෙනෙකු පත්කර සිටීමය.


    මෙය නාවික හමුදාව තුළ දැනට දෘෂ්‍ය මානව තිබෙන එක් දෙයක් පමණය. මතුපිටට නොපෙනෙන බොහෝ දේද රාජකීය කුමාරයා නිසා සිදු කෙරෙමින් පවතී. මේ අතර ප‍්‍රධානම දෙය වන්නේ ගොට්ට අල්ලන්නන්ට ඉහළ වරප‍්‍රසාද සහ ඉහළට යාමේ ‘ෂෝට් කට්’ නිර්මාණය වී තිබීමය. මෙය නාවික හමුදාව තුළ ඉතා බරපතල තත්වයක් ය. වසර හැටක පමණ නාවික හමුදා ඉතිහාසයේ සිදු නොවූ විනය බිඳ දැමීම් මේ නිසා සිදු කෙරේ. නීති බිඳ දැමීම් සිදු කෙරේ. යෝෂිත රාජපක්ෂගේ නිල නොවන බඩියන් සේ ක‍්‍රියාකරන තවත් කීප දෙනෙකුම සිටී. රියර් අද්මිරාල් රොසයිරෝ සහ ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් බණ්ඩාර ඒ අතර කැපී පෙනේ. මොවුන් අයථා ලෙස උසස්වීම් ලබමින් සිටින්නෝය. වන්දි භට්ටකම් කරන ඉහළ නිලයන්ය. සේවා දිගු කිරීම් ද හිමි වේ. එසේ නොකරන අයට ඉක්මනින්ම ගෙදර යාමට සිදුවේ. දක්‍ෂයා කැපී යයි. වන්දි භට්ටකම් කරන අදක්‍ෂයා ඉහළ යයි.


    රාජකීය විදේශ සංචාර ලැබීම යෝෂිතට තිබෙන විශේෂ වරප‍්‍රසාදයක්ය. එමෙන්ම නාවික හමුදාවේ ලූතිනන් වරයකු සහභාගී නොවන සිවිල් කටයුතු හා රාජ්‍ය උත්සව වලටද සහභාගී වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදාක සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වීම විශේෂයෙන් කැපී පෙනේ. මෙය තනිකරම මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප‍්‍රචාරක වැඩක් ලෙස සංවිධානය කර තිබුණු උත්සවයක් ය. යෝෂිත එහි සිටි අයුරු රූපවාහිනී නාළිකාවලින් දැක ගත හැකි විය. දේශපාලනය නාවික හමුදාව තුළ ඉතා තදින් සහ යටින් ක‍්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ එක් ඉලක්කයක් සහිතවය. ‘පවුලට කිරි -රටට කැකිරි’ න්‍යායට අනුවය. නාමල් රාජපක්ෂ රජ කරන කාලවකවානුවකදී යෝෂිත නාවික හමුදාපති කරවීම ප‍්‍රධානම දේශපාලන ව්‍යාපෘතියයි. ඒ සඳහා බාධාවක් වන නිලධාරීන් කල්තියා විශ‍්‍රාම යැවෙන ආකාරයේ ක‍්‍රියාවලි ගණනාවක් පවතින බව හෙළි වී තිබේ.




    ජිල්මාට් රහස්


    එයට අමතරව දැන් හදිසි තත්ත්වයක් මතුව තිබේ. මහින්ද රාජපක්ෂ ‘ඉල්ලං කෑමක්’ කරගත් ජනාධිපතිවරණ ය එයයි. හැමදේටම පෙර රාජපක්ෂ පවුල ආරක්‍ෂා වීමට නම් මහින්ද රාජපක්ෂ නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපති පුටුවේ සිටිය යුතුය. එය බිඳී ගියහොත් පවුලේ සියලූ දෙනාටම උන් හිටි තැන් අහිමි වෙන බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් ජනාධිපතිවරණයේ පරාජයෙන් බේරීමේ සියලූ ක‍්‍රියාමාර්ග දියත් කෙරෙමින් තිබේ. වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ යෝෂිත රාජපක්ෂට වෙන් කර තිබෙන සුඛෝපභෝගී කාමරයේ අති විශේෂ රහසිගත සාකච්ඡුා පසුගිය දිනවල පැවැත්වීය. එය අවට විශේෂ ආරක්‍ෂාවක්ද යොදා තිබිණ. ඒ පිළිබඳ තොරතුරු ‘ලංකා’ මගින් පසුගිය සතියේ හෙළි කළේය. නාවික හමුදාපති අද්මිරාල් නිලධාරියාව මෙහෙයවන්නේ ලූතිනන් වරයෙක්ය. ජඩ දේශපාලන ගේම්වලට අලගු තැබීමට යාමෙන් මෙවැනි පිළිකුල් සහගත ක‍්‍රියා කොපමණකට නම් යටවිය යුතුද?
    මෙයට පෙර හෙළිවූ තොරතුරු අනුව නාවික හමුදා මූලස්ථානයේ රහසිගත මුද්‍රණ යන්ත‍්‍රයක් පිළිබඳව අනාවරණය විය. ගෝඨාගේ කතා බලෙන් ඇස්සවීම සිදුවේ. එපමණක් නොව දේශපාලන පිල් මාරු කරන කලාකරුවන්ගේ ගේම්වලටද නාවික හමුදාව යොදා ගත්තේ මේ මෑතක බව කාට නැතත් අපට මතකය. සොල්දාදුවන් ගෙන් රුපියල් 100/- කපාගෙන චිත‍්‍රපටියක් පෙන්වූයේ නාවික හමුදාව දේශපාලනීකරණය වීම සහ ඊටත් වඩා පවුලේ බූදලයක් කර ගත් නිසාය. දැන් එයට වඩා තීරණාත්මක ගේමක් ක‍්‍රියාත්මක වේ. පෙනෙන ආකාරයට චමල් රාජපක්ෂ හැර අන් සියලූ දෙනා එකාවන්ව ගහන දේශපාලන ගේමක්ය. ගගනගාමියකු වීමට ‘මැදමුලන බූදලයෙන්’ සල්ලි වියදම් කරන රෝහිත රාජපක්ෂ පවා ගෙන්නාගෙන ආඩම්බරකාර තාත්තා වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරයේ යෙදීමට සිදුවන තරමට තත්වය බරපතල වී ඇත.


    මෙවැනි තත්වයක් තුළ යෝෂිත රාජපක්ෂ වෙනම දේශපාලන ගේමක් ගෙනියමින් සිටී. දැනට තොරතුරු අනාවරණය වන අන්දමට ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් එම්.යූ.කේ.පී. බණ්ඩාර එම දේශපාලන ගේමේ විශාල වැඩ කොටසක් යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් කරමින් සිටී. මේ සඳහා ඩබල් කැබ් රථයක් සහ ෆෝක්ස්වැගන් රථයක්ද වෙන්කරදී තිබේ. මේ සියලූදෙනා සහභාගී වූ විශේෂ රහස් සාකච්ඡුාවක් පසුගිය 30 වැනිදා පැවැත්වූ බව හෙළිවීමෙන් දැන් සාකච්ඡුා කරන ස්ථාන වෙනස් කර තිබේ. නිල් බලූකායේ ක‍්‍රියාකාරීන්ගේ සහෝදරයන් කීප දෙනෙක් නාවික හමුදාව තුළ සිටින බවද ඔවුන් දේශපාලන ගේමක සක‍්‍රීය කොටස්කරුවන් ලෙස සිටින බවද මේ වනවිට හෙළි වී තිබේ. මුළු රටම පවුලක බූදලයක් කරගෙන විදේශිකයන්ට සාප කිරීමේ අවස්ථාව උදාකර දී තිබේ. ඒ අතර රටම පවුලේ කෙළි බිමක්, දඩ බිමක් සේම රාජ්‍ය ආයතන සියල්ල බළල් අත් කරගෙන තිබියදී නාවික හමුදාව පමණක් එයින් ගැළවී තිබිය නොහැකිය. එය යෝෂිත රාජපක්ෂගේ සෙල්ලම් පිට්ටනියක්ය. සියලූ අවකෙළි එළිපිට සිදු කළද කිසිවකුත් කටේ කෙළ බිඳක් එයට එරෙහිව හෙළන්නේ නැත. එහෙත් මේ වනසන්නේ රාජපක්ෂ දරුවන්ගේ උරුමයක් නොව රටේ දරුවන්ගේ අනාගත උරුමයන් බව අවධාරණය කිරීමට සිදුව තිබේ. නාවික හමුදාව තිබෙන්නේ යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නොව රටේ ආරක්‍ෂාව වෙනුවෙන්ය. එය අප්පලාගේ පුතාලගේ කෙළිබිමක් නොවේ.



    ප්‍රියදර්ශන දයාරත්න
    ලංකා
    2015 ජනවාරි 07 විශේෂ කලාපය


    - http://www.lankadaily.com/latestnews/featured/item/3833-2015-01-07-15-08-42 (Mara eye indan mekath block karala :dull:)
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    පොන්න පාල සිරිසෙන යුගයක්
    2lduglc.jpg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    heta hari thirane gaththe naththam , merata hamadatama rajapakshalage budalayak wela thiyei.!
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එය Professional Prosress Grid සහතික පත‍්‍රය වේ.SLT RNYOC IC X- RAJAPAKSA Y 1002809M 1002809 යනුවෙන් විභාග අංකය සඳහන් වේ. එහි මාර්ග නීති පිළිබඳ විභාගය (Rule of Road Exam&) යටතේ A,B,C,E,F,G යනුවෙන් ඛණ්ඩ හයක්ය. ් A ඛණ්ඩය සමත්වීමට 70% ගත යුතුය. එයින් 80 ලබා තිබේ. ඊ ද 70%ක් ලබාගත යුතු අතර 78ක් ලබා තිබේ. ඉතිරි ඛණ්ඩ හතරම අසමත්ය.C yd E B ඛණ්ඩ ද සමත්වීම සඳහා 70% ප‍්‍රතිශතයක් ලබාගත යුතු අතර ඔහුට ඇත්තේ ලකුණු 49ක් සහ 29 ක්ය. ෑE හී සාමාර්ථ ලකුණු 80%ක් තිබිය යුතු අතර එයින් 57ක්ද G හී සාමාර්ථය ලකුණු 90%ක් තිබිය යුතු වුවද තිබෙන්නේ 36ක්ය. මේ අනුව ප‍්‍රශ්න පත‍්‍ර හයකින් හතරක්ම අසමත්ය.

    oya exam eke recorrection danna barida danne ne? ara pass wechcha 2ta recorrection danna thibbe
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    නාවික හමුදාවෙන් යන්න යෝෂිතට අවසර නැහැ



    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් භාර දී ඇති බව වාර්තා වේ.

    නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පවසන පරිදි පසුගිය 09 වන දින එම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර තිබේ.

    නමුත් මේ දක්වා ඊට නාවික හමුදාපතිවරයාගෙන් අනුමැතිය හිමිව නැති බවද වාර්තා වේ.

    සාමාන්‍යයෙන් නියමිත කාලයට පෙර හමුදා නිලධාරියෙක් ඉවත්ව යන්නේ නම් සාධාරණ හේතු ඉදිරිපත් කල යුතු අතර ඉන් පසු එය හමුදාපතිත් රටේ ජනාධිපතිවරයාත් අනුමත කල පසු වන්දි මුදලක්ද ගෙවීම කල යුතු වෙන බව සඳහන්.
    -asianmirror
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    ඉදිරි සති දෙක තුළ යෝෂිත අත්අඩංගුවට...!


    b3404be4ce8e34f9427382fa15263dea_L.jpg


    රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී ඝාතනය කිරීමට ප්‍රධාන සැකකරුවෙකු ලෙස යෝෂිත රාජපක්ෂ ඉදිරි සති දෙක තුළ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.


    2012 මැයි මස 17 වනදින රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී දැවී පිළිස්සී ජීවිතක්ෂයට පත්වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට වන තොරතුරු හෙළිදරව් වී ඇති අතර ඒ සදහා මුල් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලත් තොරතුරු හා සාක්ෂි අධ්‍යයන කිරීමෙන් අනතුරුව මෙම ඝාතනයේ මුල් සැකකරුවා ලෙස යෝෂිත රාජපක්ෂ මේ වන විට කරුණු තහවුරු කරගැනීමට හැකියාව ලැබී ඇත.

    කෙසේ නමුත් පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළේය.

    එසේම මේ මරණයට අදාළව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරුවලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගත වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තොරුතුරු වාර්තා කොට තිබිණි.

    මේ පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණු නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින (2015-02-12)එකී වාර්තාව ලබාදී ඇතත් එහි සඳහන්ව ඇත්තේ තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බව යයි ද සදහන් විය.
    කෙසේ නමුත් අප වෙත ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන්කොට සිටියේ ඉදිරි කාලයේදී මෙම මරණයටඅදාළව යෝෂිත ඇතුළ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා බවයි.

    මෙම ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර අප වෙබ්අඩවියෙහි පළකළ පුවත් පහත දැක්වේ.

    රගර් ක්‍රීඩකයාගේ ඝාතන වාර්තා එළියට, යෝෂිත කොටුවන ලකුණු..!

    2012 මැයි මස 17 වනදින රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී දැවී පිළිස්සී ජීවිතක්ෂයට පත්වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට වන තොරතුරු හෙළිදරව් වන වාර්තා ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

    අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබද තොරතුරු හෙළිදරව් කර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන්කර සිටියේ අදාළ මරණය සැකසහිත බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයෙන් ඉවත්කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේ පොලිස්පතිවරයා විසින් බාරදී ඇති බවයි.

    එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සදහන් කර සිටියේ මෙම මරණයට අදාළව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරුවලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගතව ඇති බවයි.

    මේ පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණු නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින (2015-02-12)එකී වාර්තාව ලබාදී ඇතත් එහි සඳහන්ව ඇත්තේ තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බව යයි ද සදහන් කර සිටියේය.

    මෙම මරණය සම්බන්ධයෙන් පසුගිය කාලයේ කෝෂිත රාජපක්ෂට ඇගිල්ල දිගු වූ අතර ඒ සදහා වන සාක්ෂි ඔහුගේ අත්හැර දමන ලද පෙම්වතිය විසින් ලිපියක් මගින් දැනුම් දී ඇති බව ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටියේය.

    පහත පළවන්නේ යෝෂිත විසින් තමාගේ මිතුරා වන තාජුදීන් ඝාතනය කළ බව පවසන යෝෂිතගේ පැරණි පෙම්වතිය විසින් සිදුකළ හෙලි දරව්ව ඇතුලත් නිවුස් වෙබ් අඩවියෙහි 2015.01.15 වන දින පළකළ වාර්තාවයි.

    තමා සමග පෙම් සබඳතාවයක් තිබූ අවදියේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, තමාගේ සමීපතම මිතුරෙකු වූ මුස්ලිම් ජාතික රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මීට වසර 5 කට පමන ඉහතදී එනම් 2009 වසරේදී කොළඹ 05, පාක් පාරේදී, මරා දැමූ බවට යසාරා අබේනායක චෝදනා කර සිටී. මෙම මොහොමඩ් වසීම් තාජුඩීන් එවක Havelock sprots club රග්බි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා රග්බි පිලේ උපනායකයා වූයේද මොහුයි.


    ඉක්මන් කේනිති කාරයෙකු වන යෝෂිත රාජපක්ෂ, තමා සහ මෙම රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් අතර අනියම් සබඳතාවයක් ඇතැයි සැක සිතා මෙම ඝාතනය සඳහා පෙළඹුනු බව යසාරා අබේනායක මෙනවිය චෝදනා කරන්නීය. තාජුඩීන් හා යෝෂිත අතර සිදුවූ බහින් බස් වීමකදී තමාගේ ඇගේ ඇති උපන් ලපයක් පිළිබඳව සඳහන් කලැයි යෝෂිත තාජුඩීන් කෙරෙහි විශාල වෛරයකින් සිට ඇත.

    2009 වසරේ එක්තරා දිනක අලුයම් කාලයේ සිදුවූ මෙම ඝාතනය සඳහා යෝෂිත රාජපක්ෂ ඔහුට හිතවත් නාවික හමුදා නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවළුන් යොදා ගත් බව පවසන යසාරා මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර මෝටර් රථය තුල තිබියදීම ගිනි තබා තිබේ. පසුව වසීම් තාජුඩීන්ට අයිති මුදල් පසුම්බිය පාක් පාරේ වෙනත් ස්ථානයක තිබී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. ඉන් තහවුරු වූයේ තාජුඩීන්ව එම ස්ථානයේ ඝාතනය කොට මෝටර් රථය තුලට දමා ගිනි තැබූ බවයි.

    ඝාතනයෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මෙම පරීක්ෂණය යට ගසා ඇත්තේ කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්ගයෙනි. ඝාතනය සිදුවීමත් සමග යෝෂිතගේ ඇණවුම පරිදි එහි ගොස් ඇති අනුර සේනානායක කිරුළපන පොලීසියේ රථවාහන අංශය විසින් තබා තිබූ විමර්ශන සටහන් තම භාරයට ගෙන විනාශ කර දැමූ බව යසාරා අබේනායක සඳහන් කර සිටී.

    මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින යසාරා අබේනායක මෙනවිය සඳහන් කර සිටින්නේ තමාට යෝෂිත සමග තිබූ පෙම් සබඳතාවය අවසන් කිරීමට මෙම ඝාතනය මූළික වූ බවයි. තමා සහ තම පවුලේ උදවිය පෙම් සබඳතාවය අවසන් වීමෙන් අනතුරුව රාජපක්ෂ පවුලේ බලපෑම මත ඕස්ට්‍රේලියාවට එවනු ලැබුවේ මෙම මිනී මැරුම සහ යෝෂිතගේ හොර ගනුදෙනු හෙලිවීම වැලැක්වීමට බව යසාරා පවසන්නීය.

    මේ වන විට යෝෂිත රාජපක්ෂ ලොහාන් රත්වත්තේගේ දියණියක සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වන්නේ ඇය හා විවාහ වී උඩරට රදල පවුලකට නෑකම් කියමින් ශ්‍රී දළදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුරට පත්වීමේ අදහසින් බව යසාරා අබේනායක මෙනවිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නීය.

    පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකා විදේශ සේවයට සිදුකර ඇති පත්වීම් අවලංගු කර සියලුම අය ශ්‍රී ලංකාවට කැඳවන පසුබිමක් තුල තමාට හා තම පවුලේ උදවියට ශ්‍රී ලංකාවට යලි පැමිණීමට සිදුවුවහොත් තමාගේ ජීවිතය විශාල අනතුරකට පත්වන බව යසාරා අබේනායක අවසාන වශයෙන් සඳහන් කර සිටී.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/806-2015-05-16-20-36-19