මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

    විදුහල්පතිවරුගේ හමුදා පට්ටම් අහෝසියි


    පසුගිය පාලන සමයේ විදුහල්පතිවරුන්ට ලබාදුන් බ්‍රිගේඩියර්, කර්නල් තනතුරු අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    එසේම ගුරු වැටුප් විෂමතාවන් ද හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය පවසයි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඊයේ පැවැති සාකච්ඡාවකදීයි මෙම තීරණ ගෙන ඇත.

    - http://www.sinhala.srilankamirror.com/news/item/2198-2015-01-24-04-09-28

    අපි වෙනුවෙන් අපි සල්ලිවලටත් විදියි

    ත්‍රිවිධහමුදා සොල්දාදුවන්ගේ සුභසාදන කටයුතු සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් පවත්වාගෙන යන "අපි වෙනුවෙන් අපි" අරමුදලේ මුදල් විශාල වශයෙන් අවභාවිතයට ලක් කර ඇති බව අනාවරණය වේ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදීද විවිධ අවස්ථාවල ප්‍රශ්න කර තිබිණ.

    එම අරමුදලට අයත් ලංකා බැංකුවේ තැප්‍රෝබේන් ශාකාවේ අංක 7040000 දරණ ගිණුමෙන් පසුගිය දෙසැම්බර් 11වනදා රුපියල් දහහතර කෝටි දහසයලක්ෂ පනස් දහසකට (රු. 141,650,000) අධික මුදලක් හදිසියේ ගෙවා ඇත.

    විදේශීය ගනුදෙනු පියවීම සඳහා මෙම මුදල් යොදාගෙන ඇති බව හෙළි වේ.

    රුපියල් තුන්කෝටි තුන්ලක්ෂ පනස් තුන්දහස් නවසිය අනූහය (රු. 30,353,996) බැගින් ගෙවීම් තුණක් කර තිබේ. එමෙන්ම රුපියල් පන්කෝටි පන් ලක්ෂ අසූ නවදහස් නවසිය අනූතුනක්ද (රු. 50,589,993) එදිනම ගෙවා තිබේ.

    මෙයට අමතරව එම ගිණුමෙන් දෙසැම්බර් 31වනදා චෙක්පත් අංක 100160 යටතේ රුපියල් මිලියන 22ක මුදලක් ගෙවා ඇති බව වැඩිදුරටත් හෙළි වේ.

    මෙම ගිණුමෙන් මුදල් ගැනීමේ බලය තිබී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බී.යූ. රත්නවීර, පී. ද සිල්වා, බී.ඩී.ඩබ්ලිව්.ඒ. ද සිල්වා සහ ඩී.ආර්. තිරන්තුඩුව යන මහත්වරුන්ටය.

    - http://www.lankatruth.com/home/sinh...:2015-01-23-05-16-09&catid=41:local&Itemid=74

    අලි ජාවාරමේත් තොරතුරු හෙළි වේ

    පසුගිය පාලන සමයේ මෙරට තුළ බෙහෙවින් ප්‍රචලිත වූ අලි ජාවාරම පිළිබඳව බොහෝ විස්තර හෙළිවෙමින් තිබේ. ගෝඨාභය රාජපක්ෂ නීති විරෝධීව තබාගෙන සිටී ඇත් පැටවුන් දෙදෙනෙකු මැතිවරණ පරාජයෙන් පසුව වහාම පනාගොඩ හමුදා කඳවුරට භාරදී ඇත.

    මෙයින් තහවුරු වන්නේ අලි ජාවාරම පිටුපසද රාජපක්ෂ ප්‍රබලයන් සිටි බවය. මෙම ජාවාරමේ බරපතල බව හෙළි වන්නේ ඇත් අතුරු සෙවනේ සිටි අලි පැටවුන් රාත්‍රියේ කොල්ල කෑමට පැමිණීම තුළින්ය. එයින් නොනැවතී ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරමින් ජාවාරම කරගෙන ගිය ආකරයද හෙළි වෙමින් තිබේ.

    මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ පදිංචිව සිටි අසේල ඒකනායක නම් පුද්ගලයකු නීත්‍යානුකූලව තමා භාරයේ අලි පැටවකු තබාගෙන ඇත. ඔහු 2011 අගෝස්තු මස 16වන දින මියගිය බවට අදාළ මරණ සහතිකයෙන් හෙළි වේ. එහෙත් 2012 නොවැම්බර් මස 25 වැනි දින ඔහුගේ නමින් ලියන ලද ලිපියක් අනුව රුපියල් දස ලක්ෂයක මුදලකට ඇත් පැටවකු විකිණීමේ අරුම පුදුම ගනුදෙනුවක් කර ඇත. මෙම ඇත් පැටවා රැගෙන ගොස් ඇත්තේ හෝකන්දර රාමණායක මාවතේ අංක 2/62 හි පදිංචි අජිත් ගාල්ලගේ නම් තැනැත්තෙක්ය.

    මේ ආකාරයට පසුගිය කාලයේ විවිධ ව්‍යාජ ලේඛණ සකසමින් අලි ජාවාරම සිදු කර ඇත.

    - http://www.lankatruth.com/home/sinh...:2015-01-24-04-47-04&catid=41:local&Itemid=74

    වාර්ෂික ගිණුම් සිසුන් අතටත් - නායකත්ව පුහුණුවත් අහෝසියි


    විශ්වවිද්‍යාල වාර්ෂික ගිණුම් වාර්තා ශිෂ්‍යයින් අතටද ලබා දෙන ලෙසත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබූ විශ්වවිද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන අහෝසි කිරීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ.

    තමන් වෙනුවෙන් වෙන්වන මුදල් වැයවන ආකාරය පිළිබඳ දැන ගැනීමට විශ්ව විද්‍යාල සිසුන්ටද අයිතියක් ඇති බැවින් තමා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කර සිටියේ එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

    ඒ අනුව මෙම වසරේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ විශ්ව විද්‍යාල ගිණුම් වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව එහි සභාපතිනී මහාචාර්ය කෂාණිකා හිරිඹුරේගම මහත්මිය පවසයි.

    ඒ අතර විශ්වවිද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව වෙනුවට වඩාත් ඵලදායි වැඩසටහනක් හඳුන්වා දෙන බවත් විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදිය යුත්තේ ඔවුන්ට අවශ්‍ය දෙය මිස රජයට අවශ්‍ය දෙය නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    එමෙන්ම මෙම වැඩ සටහන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබීම වරදක් බව කී මහාචාර්ය විජේසිංහ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු සඳහා වෙනත් අමාත්‍යාංශයක සහාය ලැබ ගැනීම වරදක් නොවුවත්, වෙනත් අමාත්‍යංශයකට පවරාදීම වරදක් බවද කියා සිටී.

    - http://www.lankatruth.com/home/sinh...:2015-01-21-09-32-09&catid=41:local&Itemid=74


    ආණ්ඩුවට දිය යුතු සල්ලි ගෝඨා වෙන ගිණුමක දාලා

    නාවික හමුදාවේ වැඩේ ගෝඨා යාලු සමාගමට දීලා

    - රාවය 25.01.2015
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    nayakathva puhunuva ahosi karapu eka very good. University students la vada karanne molen misa , body eken novana nisaya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nayakathva puhunuva yatathe, free trade zones, Karmantha sala, projects pennana ekka yanna.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    ලසන්ත සහ භාරත මිනීමරුවා එක් අයෙකු බව රහස් පොලීසිය කියයි!

    සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි යුධ හමුදාව සහ පාතාල කල්ලි සාමාජිකයන් එක්කොට පිහිටුවා තිබූ අතුරු හමුදා කල්ලියක් (Para Military Group) විසින් බව රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සඳහා සකස් කරන ලද සැලසුමට ඔහුගේ ගමන් බිමන් පිළිබඳ තොරතුරු අදාළ අතුරු හමුදා ඒකකය වෙත සපයා ඇත්තේ එවක කොළඹ යුධ හමුදා ආඥාපතිව සිටි බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන යටතේ අනුයුක්ත කොට සිටි හමුදා බුද්ධි සාමාජිකයන් පිරිසක් විසිනි.

    ලසන්ත වික්‍රමතුංගට තියුණු උල් අවියකින් ඇණ ඝාතනය සිදු කලේ යුධ හමුදා විශේෂ සේවා බලකායෙන් (SF) පැන ගොස් පාතාලයට එකතුව සිටි ‘ගලබඩ නොහොත් තප්පර කට්ටා' නැමැත්තා බවද රහස් පොලිස් පරීක්ෂණ වලදී එලිදරව් වී තිබේ.

    හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තබන ලද්දේද ඔහු විසිනි. එසේ වෙඩි තැබීමට දින 4 කට පෙර මහාධිකරණය මගින් ඔහුව ඇප පිට මුදාහැර තිබිණ. මෙම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා යටතේ අපරාධ කොන්ත්‍රාත්තු ඉටුකළ අයෙකි. ඔහු මේ වන විට සුදු වෑන් කල්ලිය විසින් අතුරුදන් කර ඇත්තේද ඝාතන කුමන්ත්‍රණ සදාකාලික රහස් කිරීමේ අරමුණින් බව පැවසේ.

    මෙම ඝාතන පිළිබඳ පරීක්ෂණ වලදී දැනට ජීවත්වන හමුදා සාමාජිකයන් විසින් ඝාතන පිටුපස සිටින ‘මහමොලකරුවන්' හෙලිදරව් කරනු ඇතැයි අප ආරංචි මාර්ග සඳහන් කරයි. මෙතෙක් කල් අක්‍රීයව තිබුණු මෙම පරීක්ෂණ එකින් එක රහස් පොලීසිය විසින් නැවත ආරම්භ කරමින් සිටී. මෙම පරීක්ෂණ නැවත යටගැසීම සඳහා මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන රහස් පොලිස් නිලධාරීන් හට ස්ථාන මාරු ලබාදීමේ සැලසුමක්ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව රහස් පොලිස් නිලධාරීන් සඳහන් කරයි.


    - http://sinhala.lankanewsweb.net/news/15484-2015-01-24-11-23-50
     
    • Like
    Reactions: XibitZ

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    අත්අඩංගුවට ගත් කේ. පී. ට රජ සැප දීලා!

    කීර්ති වර්ණකුලසූරිය

    කොටි නායකයකු වූ කුමරන් පද්මනාදන් වන කේ. පී. නමැත්තාට මැලේසියාවේ සිට මෙරටට ගෙන ඒමෙන් පසු රාජ්‍ය නායකයන් නවාතැන් ගන්නා කොළඹ ඇක්‌ලන්ඩ් හවුස්‌හි නවාතැන් සපයා තිබූ බව අනාවරණය වේ.

    මෙම ඇක්‌ලන්ඩ් හවුස්‌ නාවික හමුදාව සතු රාජ්‍ය නිවස්‌නයකි.

    කේ. පී. මැලේසියාවේ සුප්‍රසිද්ධ පෙට්‌රොනාස්‌ නමැති තෙල් සමාගමේ ඉංජිනේරු ජස්‌ලි බෙග් ජමාන් නමින් තායිලන්තය තුළ කටයුතු කළා. ඔහු සිංගප්පූරුවේ කටයුතු කළේ ඊජිප්තු ජාතික කාලිද් සෙයිද් මොහමඩ් නමින් යෑයි බුද්ධි අංශ ආරංචි මාර්ග හෙළි කළේය.


    - http://www.divaina.com/2015/01/25/news09.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    ගෝඨාගේ ගිණුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක්



    පාර්ලිමේන්තුවේ අනුමතිය නොමැතිව හිටපු ආරක්ෂක ලේකම්වරයා නමින් ගිණුමක් පවත්වා ගෙන යමින් රජයට ලැබුණු මුදල් තැන්පත් කොට ඇත්නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව හිටපු විගණකාධිපතිවරයකු වන එස්.සී.මායාදුන්න මහතා ප්‍රකාශ කරයි.

    ලංකා බැංකුවේ තැප්රොබේන් ශාඛාවේ හිටපු ආරක්ෂක ලේකම් හිටපු ගෝඨාභය රාජපක්ෂ පවත්වා ගෙන ගිය ගිණුම නීති විරෝධී බවත් එම මුදල් ඒකාබද්ධ අරමුදලට බැර විය යුතු බවත් රජය පවසා තිබේ.

    කැබිනට් අනුමැතිය

    එහෙත් හිටපු ආරක්ෂා ලේකම් ගොඨාභය රාජපක්ෂ පැවසුවේ අදාළ ගිණුම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ආරක්ෂක අමාත්‍යංශය පවත්වා ගෙන ගිය එකක් බවයි.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා ලංකා බැංකුවේ තැප්රෝ‍බේන් ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිණුමක පැවති රුපියල් බිලියන 8 කට ආසන්න මුදලක් මහ භාණ්ඩාගාරය යටතට ගැනීමට කටයුතු කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉකුත්දා අනාවරණය කළේය.

    මීට ඍජුවම බලපාන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149(1) වගන්තිය බව හිටපු විගණකාධිපතිවරයකු වන එස්.සී.මායාදුන්න ප්‍රකාශ කරන්නේය.

    පාර්ලිමේන්තු අනුමැතියක්

    රජයට අදාළ යම්කිසි ලැබීමක් අනිවාර්යයෙන්ම ඒකාබද්ධ අරමුදලට යා යුතු බව එහි සඳහන් වන බවත් එසේ නොවිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් දෙන ලද අනුමැතියක් යටතේ පමණක් බවත් ඔහු පැවසුවේය.

    එසේ වී නැත්නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් ඔහු අවධාරණය කර සිටියි.

    එවැනි අවසරයක් කැබිනට් අනුමැතියකින් ලබා දිය නොහැකි බව ඔහු පවසයි.


     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අත්අඩංගුවට ගත් කේ. පී. ට රජ සැප දීලා!

    කීර්ති වර්ණකුලසූරිය

    කොටි නායකයකු වූ කුමරන් පද්මනාදන් වන කේ. පී. නමැත්තාට මැලේසියාවේ සිට මෙරටට ගෙන ඒමෙන් පසු රාජ්‍ය නායකයන් නවාතැන් ගන්නා කොළඹ ඇක්‌ලන්ඩ් හවුස්‌හි නවාතැන් සපයා තිබූ බව අනාවරණය වේ.

    මෙම ඇක්‌ලන්ඩ් හවුස්‌ නාවික හමුදාව සතු රාජ්‍ය නිවස්‌නයකි.

    කේ. පී. මැලේසියාවේ සුප්‍රසිද්ධ පෙට්‌රොනාස්‌ නමැති තෙල් සමාගමේ ඉංජිනේරු ජස්‌ලි බෙග් ජමාන් නමින් තායිලන්තය තුළ කටයුතු කළා. ඔහු සිංගප්පූරුවේ කටයුතු කළේ ඊජිප්තු ජාතික කාලිද් සෙයිද් මොහමඩ් නමින් යෑයි බුද්ධි අංශ ආරංචි මාර්ග හෙළි කළේය.


    - http://www.divaina.com/2015/01/25/news09.html

    Apo keerthi warnakulasooriya kiyanneth marata, gota ta redi nethuwa kade giya paharayek, eedawas wala SF ta liyapu dewal apine danne..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    ගෝඨාගේ අවිගබඩා නීතිමය ගැටළුවකට මුළ පුරයි

    පසුගිය සතියේ මහත් ආණ්දෝලණයකට ලක් වූ අවි ගබඩා හමු වීම දැන් නීති ක්ෂේත්‍රයේද ගැටළුවක් බවට පත්ව ඇති බව අනාවරණය වේ. රක්නාලක්නා සමාගම සහ ඇවන්ට් ග්‍රේඩ් මැරටයිම් නම් පෞද්ලගික සමාගම් පිළිබඳව නීතිමය තත්වයන් සලකා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජයේ නීතිඥ කණ්ඩායමක් පත් කර ඇත.

    කැබිණට් මණ්ඩලයේ අනුමැතියකින් හෝ තොරව මේ ආකාරයට පෞද්ගලික සමාගම් වෙත අවිගබඩා පවත්වාගෙන යාමට හිටපු ආරක්ෂක ලේකම්වරයා හිතුවක්කාරී ලෙස ඉඩ කඩ ලබාදී තිබීම බරපතල තත්වයක් බව නීති විශේෂඥයන්ගේ මතය වී තිබේ. මෙය වඩාත් බරපතල වන්නේ ත්‍රිවිද හමුදාවේ සිටි ඉහළම නිලධාරීන්ද මෙම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ඉහළ තනතුරුවලට පත්කර තිබීම බව නීතිවිශාරදයින්ගේ මතයයි.

    හමුවූ අවිගබඩාවල චීනයේ නිශ්පාදිත ටී.56 සහ ඒ.කේ.47 ගිනිඅවි සහ උණ්ඩ මැෂින්තුවක්කු, නයිට්විශන් උපකරන, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු උපකරන ආදිය හමුවී තිබේ. ගිනිඅවි උණ්ඩ ලක්ෂ 07ක පමණ අතිවිශාල තොගයක් තිබීම සහ රක්නාලන්කා සමාගමට අයත් ටී.56 ගිනිඅවි 2,256ක් අතුරුදහන් වීම අතිශය බරපතල තත්වයක් බව ඔවුන්ගේ මතය වී තිබේ.

    - lankatruth
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    nayakathva puhunuva ahosi karapu eka very good. University students la vada karanne molen misa , body eken novana nisaya.
    leadership program එක පටන් ගත්ත විදියයි අවුල්,concept එක අවුල් නැහැ,වෙන රටවල් වල පට්ටම nerds ල ඇරෙන්න අනිත් එවුන් ඔක්කොම වගේ අඩු ගාන එක sport එකක් කරනවා,එක්කෝ අඩු ගානේ දුවනවා ,මෙහෙ අධ්‍යාපන ක්‍රමයක් එක්ක ස්පෝර්ට්ස් කරන්න නෙමෙයි a/l science කරන එකෙක් ට නිදාගන්නවත් නැහැ හරියට ,ඒක නිසා තමා uni යන හුඟක් එවුන්ට ඕක දිරෙව්වෙ නැත්තේ
    මොලෙන් වැඩ කරන නිසා කමක් නැහැ කියල ලංකාවේ තව ටික දවසකින් කලගෙඩි බඩවල් ටිකුයි සල්ලි පස්සේ නහින් මොලවල් ටිකකුයි ඇති වෙයි එච්චර තමා,එක්කෝ මේ රටේ මුළු අධ්‍යාපන ක්‍රමයම වෙනස් කරන්න ඕනේ උඩ ඉඳන් පල්ලෙහට නැත්තනම් campus යන එවුන්ටයි තාම පාසල් යන අයටයි අඩුම තරම හවසට හවසට දුවන්න හරි ක්‍රමයක් සෙට් කරලා දෙන්න ඕනේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි"

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ඡායාරූප - ඥනතිස්‌ස ජයවර්ධන

    flot444.jpg


    පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ සිටින තමන්ට හරිහැටි ආදායමක්‌ උපයා ගත නොහැකි වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව එම වෙළෙන්දෝ පැවසූහ.

    මේ නිසා එම වෙළෙඳ සංකීර්ණයේ බොහෝ වෙළෙඳසල් වසාදමා ගොස්‌ ඇතැයිද ඔවුහු කීහ.

    පසුගියදා මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය තුළ සැරිසැරීමේදී ඔවුහු මෙම දුක්‌ගැනවිල්ල ඉදිරිපත් කළහ. මෙහිදී අපට වෙළෙඳ මහත්වරු කීපදෙනෙක්‌ම අදහස්‌ දක්‌වන්නට වූහ. අපට මුලින්ම හමුවුණේ එම්. ජී. නන්දනී මහත්මියයි.

    flot2.jpg


    මගේ මේ පාවෙන කඩේ විකුණන්නේ අච්චාරු. අද අපි බිස්‌නස්‌ නැතුව වේලි වේලි ඉන්නවා. බස්‌ නැවතුම්පළ හත් ගව්වක්‌ තියලා මේ වගේ තැනකට අපිව ඇදලා දාපු එකෙන් අද අපි ඔක්‌කොම අනාථයි. මම මාසෙකට රුපියල් 2400 ක්‌ කොළඹ නගර සභාවට දෙන්න ඕනෑ. නමුත් බිස්‌නස්‌ නැතිකමින් ඒ මුදලවත් හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ. මීට පෙර තිබූ ආණ්‌ඩුවට අපි කීප වරක්‌ම කිව්වා. මිනිසුන්ට මෙතනට ළඟා වෙන්න ලේසි විදිහට පාලමක්‌ දාන්න කියලා. නමුත් ඒ අය ඇහුවේ නැහැ. දැන් ඒ ආණ්‌ඩුව ඉවරයි. අලුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවත් අපේ දුකට ඇහුම්කම් දීලා විසඳුමක්‌ ලබාදේවි කියලා හිතනවා."

    ඊළඟට කතා කළේ කේ. ඒ. කල්යාණි මහත්මියයි.

    මම පිටකොටුව බිස්‌නස්‌ කරන්නේ අවුරුදු 29 ක ඉඳලයි. මම පළතුරු අලෙවි කරන්නේ. කලින් ආණ්‌ඩුව නගර සංවර්ධනය කියලා අපේ කඩ කඩාදාලා පාවෙන මාර්කට්‌ එකට දැම්මා. දැන් සතියේ දවස්‌වලට විතරක්‌ නොවෙයි. නිවාඩු දවස්‌වලටත් බඩුවක්‌ ගන්න කෙනෙක්‌ එන්නේ නැහැ. නිකන් ඔහේ බඩු දිහා බල බලා යන අය විතරයි එන්නේ.

    මී ළඟට කතා කළේ එච්. එච්. සුරවීර මහතායි.

    අද දවල් කෑම වේලක්‌ කන්නවත් අපි බිස්‌නස්‌ කරලා නැහැ. බස්‌ නැවතුම්පළේ ඉඳලා මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණයට එන්න තියෙන දුර නිසා ජනතාව එන්න කම්මැලියි. හරිනම් කඩ තියෙන්න ඕන බස්‌ නැවතුම්පළ ආසන්නයේ.

    ඊළඟට කතා කළ එම්. කන්නා මහතා මෙසේ කීය.

    මම චිත්‍රපට, සංගීත සී. ඩී. තැටි විකුණන්නේ. දැන් බලන්න තාම අද දවසට මේ සී. ඩී. එකක්‌ ගන්න කවුරුවත් ආවේ නැහැ. බිස්‌නස්‌ නැතිකමින් අපි විශාල අමාරුවක වැටිලයි ඉන්නේ.

    කෑම වෙළෙඳසලක නලින් හේවාමද්දුම මහතා මෙසේ පැවසීය.

    මෙතනට බොහෝ දෙනකු එන්නේ කෑම කඩේකින් කෑම ටිකක්‌ අරන් බංකුවක වාඩිවෙලා කාලා යන්න. හුඟක්‌ අම්මලා තාත්තලා දරුවොත් එක්‌ක එනවා. නමුත් දැන් මම දැක්‌කා තරුණ ජෝඩු උදේ ඉඳලා හවස්‌ වෙනකම් මේ බංකුවල වාඩිවෙලා ඉන්නවා. මේ නිසා හුඟක්‌ අම්මලා, තාත්තලා මේ පැත්තට දරුවෝ අරන් එන්නේ නැහැ.

    බිස්‌නස්‌ නැතිවෙන්න බලපානවා. පොලිසියේ මහත්වරුන්ට අපි කියන්නේ මෙන්න මේ වගේ අශෝභන දසුන් නතර කර දෙන්න කියලයි.

    අනිත් එක මේ බේරේ වැව වටා ප්‍රමිතියෙන් තොර දම්වැල් දාලා තියෙනවා. ඒවා හයිය මදි. අනාරක්‍ෂිතයි. දරුවන් බේරේ වැව ළඟට බලන්න ගිහින් වැටී අනතුරක්‌ සිදුවීමේ අවදානමක්‌ තිබෙනවා.

    අනිත් එක මේ ස්‌ථානයේ ආරක්‍ෂාවත් මදි. මංකොල්ලකාරයෝ, පොකට්‌කාරයොත් සැරිසරනවා.

    අපි මේ ගැටලු සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති මොහොමඩ් මුසම්මිල් මහතාගෙන් විමසීමක්‌ කළෙමු.

    ඔය කියන පාවෙන වෙළෙඳ සංකීර්ණයේ බිස්‌නස්‌ නැති එක ගැන මං දන්නවා. කොහොම නමුත් මම නාගරික සංවර්ධන අධිකාරියේ අලුත් ලේකම්තුමා සමග මේ ගැන කතා කරලා මේ වෙළෙඳුන්ට විසඳුමක්‌ ලබා දෙන්න කටයුතු කරනවා.


    - http://www.divaina.com/2015/01/28/provin02.html
     
    නායකත්ව පුහුණුව හැදුවේ එස් බී ට දේශපාලන වශයෙන් ළමයි කලින්ම බ්‍රේන් වොෂ් කරලා තමන්ට කියල සෙට් එකක් හදාගන්න මුල පුරන්න. වැරැද්ද එතනයි. නැතුව ශාරීරික පුහුණුවක් දීම වැරද්දක් නෙවෙයි. වැරැද්ද ඒකෙ පරමාර්ථය අනවශ්‍ය දෙයක් වීමයි.
    දැනට අවුරුදු දහස් ගණනකට කලිනුත් කිව්වේ mens sana in corpore sano කියල. ඒ කියන්නේ හොඳ මනසක් හදන්න නිරෝගී සිරුරක් අවශ්‍යයි කියල. නමුත් මෙතන උත්සාහ කරේ මනස කුරෝලු කරන්නයි. එතනයි වරද.
    මම හිතන විදිහට ඔය කාලය තුල ශාරීරික අධ්‍යාපනය, ඉංග්‍රීසි සහ ජීවන කුසලතා ඇතුලත් එක වැඩසටහනක් කරා නම් හොඳයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    අලි හොරකමෙන් ගෝඨා බේරීමේ උත්සාහයක!

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නීති විරෝධී ලෙස තමන් සන්තකයේ තබාගෙන සිටී අලි පැටවුන් දෙදෙනා රැකබලා ගැනීමට නොහැකි බව පවසා පින්නවල අලි අනාථාගාරයට භාරදුන් බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (31) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. අලි පැටවුන් භාර දීමට පෙර තමාට දුරකතනයෙන් ඔහු ඒ බව දැනුම් දුන් බවත් නියෝජ්‍ය ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.


    - lankatruth
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    හොර අලියෙක් ලියාපදිංචියට ගෝඨා ඉල්ලයි

    බැලූ බැල්මට නීති විරෝධීයැ’යි පෙනෙන අලි පැටවකු ලියාපදිංචි කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයදුම්පත‍්‍රයක් යොමු කර ඇත.

    දැනගන්නට තිබෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම අලි පැටවා හිමිවී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සන්නසකට අනුවය. එම සන්නසට අනුව දෙනියාය කල්දිල්පාන රණසිංආරාමයේ භාරකරු වන එන්.ජී. රාජපක්ෂ යන අයට සංස්කෘතික කටයුතු සඳහා යොදවා ගැනීම සඳහායැ’යි කියමින් මෙම අලි පැටවා පිරිනමා ඇත.

    සන්නසේ සඳහන් දිනය 2014/01/10 වන අතර ලංකාවේ කිසිදු බෞද්ධ විහාරයකට ගිහි භාරකරුවකු නොමැති බව බෞද්ධ හිමිවරුන් සනාථ කරන තත්ත්වය තුළ ඉහත සන්නසෙන් කර තිබෙන ප‍්‍රදානය සැකසහිතය. එමෙන්ම සන්නස ලැබී වසරක කාලයකට පසුව එම අලි පැටවා ලියාපදිංචියට ඉදිරිපත් කිරීමද සැකසහිතය.
    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති උක්ත අයදුම්පත‍්‍රය පිළිබඳව රාවය අදාළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක මහතාගෙන් කළ කරුණු විමසීමේදී නුගේගොඩ, මිරිහාන, පැඟිරිවත්ත මාවත, 26ඒ යන ලිපිනයේ පදිංචි එන්.ජී. රාජපක්ෂ යන අය විසින් ගෝඨාභය රාජපක්ෂ යන අත්සනින් අලිපැටවකු ලියාපදිංචිය සඳහා අයදුමක් යොමුකර ඇති බව සනාථ කළේය.

    මෙම අයදුම්පත‍්‍රයට අමතරව තවත් සන්නස් පත‍්‍ර දෙකකට අදාළ අලි පැටවුන් දෙදෙනකු සඳහාද අයදුම් තමන් වෙත ලැබී ඇතැ’යි ඔහු ප‍්‍රකාශ කළේය. එම අයදුම්පත‍්‍ර දෙක උපුල් දිසානායක සහ එන්. වන්නිආරච්චි යන අය විසින් යොමුකර ඇතැ’යි ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අයදුමට අදාළ අලි පැටවාගේ වයස අවුරුදු 4යි මාස 10ක් බවද ප‍්‍රකාශ කළේය.

    පසුගිය අවුරුදු 20ක කාලය තුළ ලංකාවේ කිසිදු හීලෑ ඇතින්නියකට හෝ කෙනෙකට අලි හෝ ඇත් පැටවෙක් නොලැබී තිබෙන තත්ත්වය තුළ මෙම අලි පැටවා නීති විරෝධීව කැලයෙන් අල්ලාගෙන එන ලද එකකු නොවන්නේදැ’යි රාවය ඒ මහතාගෙන් විමසීමේදී ඔහු ප‍්‍රකාශ කළේ මෙම අයදුම්පත‍්‍රවලට සම්බන්ධ සියලූ අලි පැටවුන් පිළිබඳව මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බවය.

    පසුගිය රජය සමයේ නොයෙක් බලපෑම් නිසා නීති විරෝධී අලි පැටවුන් පිළිබඳව පරීක්ෂණ අඩාල වූ බව ප‍්‍රකාශ කරන ඒ මහතා නව රජය යටතේ ඉදිරියේදී සියලූ නීති විරෝධී අලි පැටවුන් පිළිබඳව විමර්ශන සිදුකරන බව ප‍්‍රකාශ කළේය.

    මෙම අලි අයදුම සහ අලි ගනුදෙනුව පිළිබඳව රාවය නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයකුට සන්නස් පත‍්‍රයක් මගින් මෙවැනි අලි පැටවුන් ප‍්‍රදානය කිරීමක් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් හෝ 2009 අංක 22 වනජීවී ආරක්ෂණ පනතේ කිසිදු ප‍්‍රතිපාදනයක් සලසා නොමැති බවය. ඒ නිසා මෙම ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.


    - http://ravaya.lk/?p=5691
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    පාවෙන අවි නැවේ වංචනික කි‍්‍රයා රැසක්' - 'දුෂණ විරෝධී හඬ'

    ගාල්ලෙන් හමු වූ පාවෙන අවි ගබඩාවේ පරිපාලන කටයුතු සිදු කළ ඇවන්ගාර්ඞ් සමාගම හරහා තවත් වංචනික කි‍්‍රයා කිහිපයක් සිදුව ඇතැයි දුෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

    එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මෙම සමාගම හේතුවෙන් නාවික හමුදාවට ලැබිය යුතු ලාභද අහිමි වී ගොස් ඇති බවයි.

    වරායට පැමිණෙන නැව්වල අවි ආරක්ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව මීට පෙර උපයාගත් ආදායම ඇවන්ගාර්ඞ් සමාගමට හැරවීම ඊට එක් උදාහරණයක් බව ඔහු ප‍්‍රකාශ කළේය.

    මුහුදු ආරක්ෂකයින් ලෙස සේවය කරන විශ‍්‍රාමික සෙබළුන්ට අයවිය යුතු වැටුප්ද ඇවන්ගාර්ඞ් සමාගම හරහා අව භාවිතා වී ඇතැයි ද ඔහු පැවසිය.

    '' අපේ රටේ ආරක්ෂක අංශවල සිට විශ්‍රාම ගිය සොල්දාදුවෝ විශ්‍රාමයෙන් පසු මුහුදු ආරක්ෂකයින් ලෙස නැව් වල සේවය කරනවා. ඒ අදාල නැව් සමාගම් අපේ රටේ නියෝජිත තිබෙන ආයතන හරහා මේ අය තමන්ගේ නැව් වල සේවයට ගත්තා. පඩිය ගෙව්වේ ඩොලර් වලින්. සාමාන්‍ය ඩොලර් 1500, 1700, 2000 ලෙස ගෙව්වා. 1700ක් වැටුප මෙයා බැංකු වලට එව්වා. 2012 සිට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මැදිහත් වෙමින් මේ මිනිස්සු හොයාගත්ත පඩිය කොල්ල කෑවා. එම පඩිය ඇවන්ගාඩ් ආරක්ෂක අංශයට ලබා දෙන්න තීරණය කළා. ත්‍රිවිධ හමුදාවට ලැබෙන්න තියෙන මුදල් ඇවන්ගාඩ් සමාගමකට ලබා දෙන ජාවාරමක් තමා මේ කරන්නේ.'' යයි ද වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ය.


    - http://www.sinhala.srilankamirror.com/news/item/2379-mahanuwara-ship-and-say-pa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    ගෝඨාගේ අලි හුරතලයට හමුදාවෙන් මුදල්!

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් අලි පැටවුන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස පනාගොඩ යුධ හමුදා පාබල රෙජිමේන්තු මූලස්ථානයේ රඳවා තබා ගැනීම, යුධ හමුදා මුදල් හා සම්පත් යොදවා ඔවුන් රැකබලා ගැනීම, යුධ හමුදාවේ වැටුප් ලබන ඇත්ගොව්වන් අලිපැටව් පුහුනු කිරීමට යෙදවීම සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නැයි පාබල රෙජිමේන්තු නිලධාරීහු ඉල්ලා සිටිති.



    යුධ හමුදා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් චන්න වීරසූරිය මෙම අලිපැටව් නඩත්තුව සඳහා යුධ හමුදාවේ මුදල් සහ පුද්ගලයන් පසුගිය දෙවසරක් තිස්සේ යොදවා ඇත්තේ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ උපදෙස් පරිදිය. එහෙත් යුධ හමුදා නීති රීති සහ බලපවත්නා නීතියට අනුව පුද්ගලික කටයුතු සඳහා යුධ හමුදා මුදල් හා පුද්ගලයන් යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි.

    එය පොදු දේපළ ආඥාපතන යටතේ ඇප දිය නොහැකි වරදක් ඝනයට අයත් වන්නකි. හිටපු ජනාධිපතිවරයාගේ සන්නසක් මගින් ගෝඨාභය මහතාට පවරනු ලැබූ බව කියන මෙම අලිපැටව් දෙදෙනා යුධ හමුදා පාබල රෙජිමේන්තුවට භාර දී ඇත්තේ එම රෙජිමේන්තුවේ නිල හස්තියා වන කණ්ඩුල වෙනුවෙන් පනාගොඩ පශු වෛද්‍යවරයෙකු ඇත්ගොව්වන් සහ අනෙකුත් පහසුකම් පැවති හෙයිනි.

    තවදුරටත් මෙම අලිපැටව් නඩත්තු කිරීමට නොහැකි බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සෙනසුරාදා මෙම අලිපැටව් දෙදෙනා වනජීවී දෙපාර්තමේන්තුව වෙත යලිත් භාර දී තිබිණ.


    - lankanewsweb