වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහන හින්ද කාපු කටු...

    $_75.JPG




    මේ කියන්න යන බාල්දිය පෙරලිලා දැන් අවුරුදු ගානක් . මතකේ නිවැරදිනම් 2002- හෝ 2003 වගේ අවුරුද්ද වෙන්න ඕන. මම ඒ වෙද්දී වැඩ කරේ රජයේ ආයතනයක කාර්මික නිලධාරියෙක් විදිහට. එත් පරණ වැඩකරපු කොම්පැනියේ උන්නු ගජයෝයි, මැනේජර් මහත්තයයි පෙර ලෙසම මා එක්ක තිබ්බ සම්භන්ධකම් පවත්වාගෙන ගියේ එයාලගේ කොම්පැනියට පිටින් එන වැඩ ලොක්කගේ ගොට්ටෝ උන බාගෙට ටෙක් රස්සාව කරපු එවුන්ගෙන් කරවාගෙන මාසෙන් අයෙත් කස්ටමර්ගෙන් කොම්ප්ලේන් අහන්න බැරි හින්දත් ඒ යන්ත්‍ර සුත්‍ර සම්භන්ධ foreign training එක තිබ්බේ ලංකාවෙ හිටපු ටෙක් ල හතර පස්දෙනාගෙන් එකෙක් මම උණු හින්දත් තමයි. අදටත් අපේ හිටපු මැනේජර් මා එක්ක බොක්ක .

    මේ කියන වැඩේ මට ආවේ අපේ සේල්ස් කරන ගජයෙකුගෙන්.. ඌ අපේ කොම්පැනියට රස්සාවට දැම්මෙත් මමම තමයි. මොකද ඌ තමයි එදත් අදත් මගේ එකම අඹ යාළුවා ඉස්කෝලේ කාලේ හිටන්ම. නුවර හිටපු ප්‍රසිද්ධ dental specialist කෙනෙකුගේ පරණ යන්තරයක සියලුම එලෙක්ට්‍රොනික කොටස් අලුත්වැඩියා කරලා අලුතෙන් එන ගැජට් බජට් හයි කරලා modify කරලා දෙන්න කියන එක තමයි ඉල්ලීම.. ඒ හින්ද යාළුවා එක්ක නුවර ගිහින් dental unit එකයි අනෙකුත් අලුත්වැඩියා කරන්න ඕන උපකරණයි සියල්ලම ගලෝල වෑන් එකේ පටවාගෙන ඇවිත් මාසෙකින් විතර සියල්ල අකුරට අලුත්වැඩියා කරා ගෙදර තියාගෙන.

    සියල්ල සුදානම් කරගෙන දැන් යන්තරය නැවත ස්ථාපිත කරන්න යන්න ඕන දවසට මගේ වාහනේ නුවර යන්න විදිහක් තිබ්බේ නැහැ. ඒ වෙද්දී මට තිබ්බේ වැනට් එකක්. කෑලි කෑලි වලට ගලවල අරගෙන ආවට නැවත හයි කරන්න යද්දී සමහර කොටස් එහෙම කෑලි වලට අරන් ගිහින් හයි කරන්න ගියොත් දවස් දෙකක් විතර යන ගේමක්. මොකද මේ කියන VOC තාලේ පරණ unit එකේ x ray එකෙමත් inbuilt ආපු එකක්. ඒ හින්ද ලොකු වාහනයක් උවමනා උනා වැඩේට යන්න. ඒ වෙද්දී මගේ පරණ කොම්පැනියේ සේල්ස් යන්න මගේ යාලුවට දීල තිබ්බේ ලයිට් ඒස් freezer එකක්.

    සිද්දියේ තියන නොගැලපීම තමයි මේ ෆ්‍රීසර් එක එලවන්න බර වාහන ලයිසන් එකක් ඕන. එත් කොම්පැනියෙ රියදුරා විදිහට වැඩ කරපු රියදුරාට බර වාහන තියා මොටෝසයිකල් ලයිසමක්වත් නැහැ.. ඌට තිබ්බේ ලයිසම වෙනුවට කොහේදෝ පොලිස් ලොක්කෙක් දීපු අතටම දිය උන මාගලක් වගේ ලියුම් කඩදාසියක්. එකේ තිබ්බේ උගේ ලයිසම පොලිසියෙන් නැතිකරපු කතාවක්. අපේ කොම්පැනියේ ලොක්ක රටේ ලොක්කෙක් නිසා එදා මෙදා තුර මම ඇතුළු හැම එකාම කොම්පැනි වාහනයක් 140 ට එලවල පොලිසියෙන් ඇල්ලුවත් දඩ නම් ගෙවල නැහැ. ලොක්කගේ නම කීව ගමන් පොලිස් කාරයෝ අපිටත් සැලියුට් ගහල යන්න කියනවා.

    දැන් අපේ වැඩේට නුවර යන්න කොම්පැනියේ වාහනේ ගන්නම් කියල ඩ්‍රයිවරය ඉදිරිපත් උනේ ඌට එහෙම හැකියාවක් තිබ්බ ලොක්කගේ ගෙදර රියදුරු වඩාත් කරන නිසා ..මට මේ වැඩෙන් 35000 ක් ලාභයක් තිබ්බ. එතනින් 10000 ක් මගේ යාලුවටයි ඩ්‍රයිවර් ලොක්කටයි දෙන්න තමයි ගනුදෙනුව කතා උනේ..වැඩේ සැලසුම් කරපු විදිහටම වාහනේට සියලු යන්ත්‍ර සුත්‍ර කොටස් පටෝගෙන අපි සිකුරාදා හවස නුවර යන්න පිටත් උනා. අතර මග කිරීම රස්තියාදුවක් නැතුව අපි රෑ 11 -12 වගේ වෙද්දී නුවරට ලඟා උනා..

    වැඩේ වෙලාව අඩුවෙන්ම ඉවරකරගන්න ඕන නිසා මම රෑ 12 ඉඳන්ම machine එක හයි කරන්න පටන් ගත්ත. මගේ යාළුවයි රියදුරයි සියලු ලාම්පු අල්ලන වැඩ වලට ඉතින් සුපිරි ගෝලයෝ.. දොස්තර මහත්තයත් ඉතින් අපි එක්කම හිටිය . කොහොම හරි පහුවදා හවස් 3 වගේ වෙද්දී මම සියල්ල එකලස් කරලා ඉවර කරා.. ඒ වෙද්දී තමයි. මොකක් හරි වාහනේ තිබ්බ යමක් ගෙන්නගන්න රියදුරා වාහනේට යවන්න උනේ . අපි ඉස්සරින්ද රෑ වාහනෙන් බඩු බෑවයින් පස්සේ කව්රුවත් වාහනේට ගියේ නැහැ පහුවදා හවස 3 වෙනකම්..

    වාහනේට ගිය එකා මෙන්න එනවා තව අඳුනන්නේ නැති එකෙක් එක්ක. අපේ එකා එන්නේ ඉස්සරහින්.. අඳුනන්නේ නැති එකා එනවා පිටිපස්සෙන්.. මම යන්ත්‍රය හයි කරපු කාමරයට ඇතුල් වෙනකොටම තමයි අපි දැක්කේ පිටිපස්සෙන් ආපු එකා එන්නේ පිස්තෝලයක් අපේ රියදුරාගේ පිටට තියාගෙන කියල . මු ආපු ගමන් පිතොලේ අපි දිහාට දික් කරලා සාක්කුවෙන් හැඳුනුම්පත ඇදල පෙන්නුවා CID එකේ.

    දැන් අපි හැමෝම ෆුල් අන්දුන් කුන්දුන්. මේ මොකක්ද වෙන්න යන්නේ කියල.. මෙන්න බොලේ මු කියපි එළියේ තියන ෆ්‍රීසර් ට්‍රක් එකේ ආවේ ඔයාලනම් මට ඔයාල තුන්දෙනා අත්අඩංගුවට ගන්න සිද්දවෙනවා .. මොකද ඔයාල ආපු වාහනේ උස්සපු වාහනයක් කියල.. දැන් ඉතින් කාගේ පිහිටක්ද .. ලොක්කට හොරෙන් අරන් ආපු නිසා ලොක්කගේ නම කියල ඉල්ලන් කන්නත් බැහැ ..

    CID මහත්තය කෝල් එකක් අරන් එයාගේ ලොක්කට කිව්වා ආපු එවුන් ඉන්නවා ටීම් එකක් එවන්න කියල මෙයාලව අත්අඩංගුවට ගන්න. දැන් ඉතින් කොහොමත් යන්න වෙන්නේ අත් දෙකට යකඩ වළලු දාගෙන. ජීප් එකක යන්න වෙනවා සුවර් නිසා මම මගේ රාජකාරී හැඳුනුම්පත පෙන්නුවා CID මහත්තයට. එකෙන් එයා පොඩ්ඩක් අපිව විස්වාස කරන්න ගත්ත. පස්සේ මම සියලුම සත්‍ය විස්තරය එයාට කිව්වා. පස්සේ CID මහත්තය පිළිගත්තා අපි කියන්නේ ඇත්ත කියල.. එත් එයා කියන්නේ මේ වාහනේ අයිතිකාරයෝ දැන් ඉදිරිපත් වෙලා ඉන්න නිසා වාහනේ සහ රියදුරා අත්අඩංගුවට ගන්නම සිද්දවෙනවා කියල. මොනා කරන්නද ඒ කියන්නේ අපිට දැන් CID එකට යන්නම වෙනවා..

    දොස්තරටත් කෝල් එකක් දීල CID මහත්තය දැන් අපිවත් අරන් අපේ වාහනෙම අපරාද පරීක්ෂණ ඒකකයට එන්නම් කියල එයාගේ ලොක්කට කෝල් එකක් දීල කියල අපි යන්න පිටත් උනා..දැන් ප්‍රශ්නේ රියදුරා.. මට බර වාහන බලපත්‍රයක් නැහැ. ඒ හින්ද මට රියදුරා වෙන්න බැහැ . නිල රියදුරාට මොනම බලපත්‍රයක්වත් නැහැ.. බර වාහන බලපත්‍රය තියෙන්නේ අපේ sales රෙපා මගේ ගජ යාළුවාට විතරයි..ඔන්න දැන් මගේ ගජ යාළුවා වාහනේ එළවන් යනවා..මම මැද්දේ සීට් එකේ.. CID මහත්තය අනික් සීට් එකේ.. අපේ රියදුරා CID මහත්තයාගේ උකුල උඩ .. පිස්තොලේ පෙර පරිදිම CID මහත්තයාගේ අතේ ..

    නුවර අපරාද විමර්ශන ඒකකය තියෙන තැනට යන්න පාරේ තඩි කන්දක් නගින්න ඕන.. එතන ප්‍රධාන හතරමන් හන්දියක්.. තැන හරියටම කියන්න මට දැන් මතක නැහැ.. වාහනේ හතරමන් හන්දියෙන් උඩට යද්දී අපේ එකා ගියර් එක මාරු කරන්න ගිහින් කන්ද මැද වාහනේ හුචස් ගාල හිටිය කියාපි. දැන් අපේ එකා ක්ලච් එක දෙනවා එත් වාහනේ නවතිනවා . මොකද බර වාහන ලයිසමක් තිබ්බට අපේ එකාට ක්ලච් බැලන්ස් නැහැ. දෙතුන් වතාවක් අපේ එකා ක්ලච් එක දීගන්න බැරුව පාර මැද නාගත්තා . මට මේක බලන් ඉන්න ම බැරි තැන මගේ දකුණු කකුලෙන් ක්ලච් එක පාගල අපේ එකාට කීව බ්රේක් එක අතැරලා පාගපිය ඇක්සලේටර් එක කියල . අපේ එකා අක්ස්ලේටර් එක පාගපු ගමන් මම ක්ලච් එක බැලන්ස් කරලා දුන්න වාහනේ අරන් යන්න කන්ද උඩට.. මේක බලන් උන්නු CID මහත්තය කියාපි මු නම් නෙවෙයි මේකේ රියදුරා.. ඇත්ත කියපල්ලා කව්ද මේකේ රියදුරා කියල.. ඒ ගමන මම CID මහත්තයට කීව ඔබතුමාගේ උකුල උඩ ඉන්නේ රියදුරා තමයි හැබැයි උගේ ලයිසම නැති වෙලා කියල..ඒ ගමන ලොක්කගේ නමත් කිව ගමන් CID මහත්තය නිකම්ම කූල් ඩවුන් උනා..

    කොහොමින් කොහොමින් හරි අපරාද විමර්ශන ඒකකයට වාහනේ ගෙනාපු ගමන් එකේ ලොක්ක කියපි රියදුරා කුඩුවට දාන්න කියල.. අපි දෙන්නට වාහනේ තියන බඩු ටිකත් බාගෙන ගෙදර යන්න කියලත් කියපි... දැන් ඉතින් මගේ ගජ මිතුරාට රැය පහන් කරන්න වෙන්නේ කුඩුවේ.. ඒ වෙද්දී අපේ දොස්තර මහත්තයත් අපරාද විමර්ශන ඒකකයට ඇවිත් තිබ්බ. දැන් CID එකේ එවුන් අපි තුන්දෙනා තුන් පොලක තියාගෙන ප්‍රශ්න කරනවා ඔන්න. එකම කතාව හත් අට දෙනෙකුම අපෙන් අහගෙන සටහන් කරගත්ත තුන් පොලක තියාගෙන.. දවස සෙනසුරාද නිසා රියදුරාට ඇප දෙන්න උසාවි දාන්න සඳුදා වෙනකම් ඉන්න වෙනවලු. එතකම් ඌට නවාතැන් දෙන්න පොලිස් කූඩුව තමයිලු.. අපි තුන්දෙනාම හොරු නොවෙන බව CID එක දැන් සහසුද්දෙන්ම දැනගත්තත් වාහනේ අයිතිකාරයා ඉදිරිපත් වෙලා ඉන්න නිසා රියදුරා සහ වාහනය කොහෙත්ම රිලීස් කරන්න විදිහක් නැහැලු..

    ඒ වෙද්දී අපරාද මර්දන ඒකකයේ උනත් සිවිල් ඇඳගත්තු පුද්ගලයෝ කීප දෙනෙක් මා එක්ක කුලුපගු වෙලා තිබ්බ. මම එයාලට සියලුම කතාව අකුරක් නෑර එයාලට කියල තිබ්බේ. මගේ බලවත් ඉල්ලීම පිට රියදුරා සඳුදට නැවත ඉදිරිපත් කරන පොරොන්දුවට කුඩුවට නොදාන්න ලොක්ක එක්ක කතා කරන්න එයාල ඉදිරිපත් උනා..මමත් රජයේ සේවකයෙක් නිසා .. දොස්තර මහත්තයත් එහෙම කෙනෙක් නිසා අපි දෙන්නගේ පුද්ගලික ඇප මත රියදුරා සඳුදා උදේ 8 වෙද්දී අපරාද මර්දන ඒකකයට ඉදිරිපත් කරන සහ වාහනේ ලියකියවිලි ඉරිදා උදේට අපරාද මර්දන ඒකකයට ඉදිරිපත් කරන පොරොන්දුව පිට මගේ ගජයව කූඩු නයිට් එකෙන් බේරගන්න අපිට පුළුවන් උනා.. පොඩි ගානකුත් ඉතින් වියදම් උනා.. ඒවා ඉතින් ප්‍රසිද්දියේ ලියන්න බැහැ ..


    වාහනේ තිබ්බ අනෙකුත් සියලුම බඩු භාණ්ඩ කුලී වාහනේක පටවාගෙන ආපු අපිට දොස්තර මහත්තයාගේ ගෙදර නවාතැන් සැපයුනා.. අපි ඉතින් හිත අමාරුවට අඟ ටිකක් රත් කරගෙන දොස්තර මහත්තයාගේ ගෙදරම සැපට දොයියල උදේ නැවත අපරාද හොයන කාර්යාලයට ගියා. ඒ වෙද්දී අපේ රියදුරා කොම්පැනියේ ඝනකාධිකාරී වරයට කතා කරලා ලොක්කට නොකියන පොරොන්දුව පිට වාහනේ ලියකියවිලි අරගෙන නුවර එන්න කියල කියල තිබ්බේ..උදේ 10 වෙද්දී අපේ එකවුන්ටන් වාහනේ පොත් පත් සහ වාහනේ ගත්තු ලියකියවිලි අරන් ඇවිත් සියල්ල අපරාද විමර්ශන ඒකකයට භාරදුන්න.


    අපි ඉරිදා දවස නුවර රවුමක් ගහල දොස්තර මහත්තයාගේ ගෙදරම නවාතැන් අරගෙන සඳුදා උදේ 7 වෙද්දී ගියා අපරාද හොයන කාර්යාලයට.. උදේ පළමු රාජකාරිය උනේ අපේ වාහනේ examiner ට දාන එක. ඒ වෙද්දී වාහනේ නියම අයිති කාරයෝ සහ එම වාහනයේ ෆිනෑන්ස් කොම්පැනියේ නියෝජිතයෙකුත් වැඩේට සහභාගී වෙලා උන්නේ. examiner මහත්තය ෆිනෑන්ස් එකේ පොතට අනුව වාහනේ එන්ජිමේ අංකය පරික්ෂා කරලා කීව එන්ජිමනම් නැතිවෙච්ච වාහනේ එන්ජිමම තමයි කියල.. දැන් ඊළඟ පරීක්ෂණය වාහනයේ චැසි අංකය.. චැසි අංකය නැතිවෙච්ච වාහනේ චසියේ අංකයට සමාන උනොත් අනිවාර්යෙන් නඩුව ඉවරවෙද්දි වාහනේ උසාවියේ දිරල යනවට අමතරව හැම නඩු වාරකම මගේ ගජයට නුවර යන්න වෙනවා නඩුවට පෙනී හිටින්න.



    දෙවියෝ හැමදාමත් අපිට පිහිට උනා වගේ එදත් අපිට පිහිට උනා.. examiner චැසි අංකය පරික්ෂා කරලා බලල කිව්වා චැසි අංකය නැති වෙච්ච වාහනේ අංකය නෙවෙයි කියල.. අපේ පොතේ තියන චැසිය සහ උන්ගේ පොතේ තියන එන්ජිම සහිත මේ දෙමුහුන් වාහනේ අයිතිය කාටද කියල නඩුවක් ගියානම් උසාවියට එක විසඳන්න පට්ට කට්ටක් කන්න වෙනවා සුවර්ම සුවර්.. අපි වාහනේ අංක පරීක්ෂණ ඉවර වෙලා එද්දී අපරාද මර්දන නිලධාරීන් කුරුණෑගල ගිහින් අපි වාහනේ ගත්තු සෙල් එකේ අයිතිකාරයවත් අරන් ඇවිත් ඉවරයි.. දැන් පාර්ශව 4 යි නඩුවට. විත්ති කරුවන් අපි.. අපි කිව්වට අපේ බර වාහන බලපත්‍ර හිමි මගේ ගජයා.. පැමිණිල්ල ෆිනෑන්ස් කොම්පැනිය සහ වාහනේ අයිති කරුවන්.. සැක කටයුතු පාර්ශවය වාහනේ වික්ක සෙල් එකේ අයිති කාරය..



    අපරාද විර්ශන ඒකකයේ ලොක්ක සෙල් කාරයට දැම්ම පොළොවේ අඩි හප්පලා සද්දේ.. සෙල් කාරය නෙවෙයි ඒ සද්ද තඹ සතේකට ගණන් ගත්තේ.. සේල් කාරය ඉදිරිපත් කරා මේ වාහනේ චැසිය ඔක්ෂන් එකකින් මිලදී ගත්තු රිසිට් පත සහ එන්ජිම , ෆ්‍රීසර් බොඩිය කටුගස්තොට අමතර කොටස් විකුණන ආයතනයකින් මිලදී ගත්තු රිසිට් පත.. ඔන්න එතකොට ආයෙත් පරීක්ෂණය වෙන අතක හැරුන... වාහනේ නැතිවෙද්දීත් ෆිනෑන්ස් ඇරියස් තමයි තිබිල තියෙන්නේ.. මේ රිසිට් පත් පරීක්ෂා කරලා ඉවර වෙද්දී වාහනේ අයිතිකාරයගේ පුතණ්ඩිය මාරු උනා අපිට නොදැනීම.. සේල් කාරය අපරාද එකේ ලොක්කට කිව්වා මම විකුණලා තියෙන්නේ නිත්‍යානුකුල වාහනයක්.. ඒ හින්ද මේක නිදහස් කරන්න කියල.. පැමිණිලි පක්ෂය මේ ගැන මොකක්ද කියන්නේ කියල හොයද්දි තාත්තයි පුතයි දෙන්නම මාරු වෙලා.. අපිට වාහනේ නැවත කොළඹ අරන් යන්න තිබ්බ එකම සහ අවසන් ප්‍රශ්නය උනේ ෆිනෑන්ස් කොම්පැනියේ නියෝජිතය .. පරීක්ෂණය භාර ලොකු මහත්තය එක්ක මම ගිහින් කතා කරාම එතුමා කියන්නේ විරුද්ද පාර්ශවයක් නැත්තම් වාහනේ නිදහස් කරන්න පුළුවන් කියල..දකුණේ උපන් හැකියාවෙන් කොහොම හරි මම ෆිනෑන්ස් කොම්පැනියේ නියෝජිත ලොක්කව නවාගත්ත.. මගේ එකම ඉල්ලේම උනේ ඔයා දැන් ගිහින් හෙට උදේ ඇවිත් ෆිනෑන්ස් කොම්පැනිය මාර්ගයෙන් පමිලිල්ලක් දාන්න ඔයාලට අයත් එන්ජිම තියන වාහනේ අහවල් කොම්පැනියේ තියෙන නිසා අත්අඩංගුවට ගන්න කියල. දන්නා සියලුම විදිහට වන්දනාමාන කරලා ෆිනෑන්ස් එකේ ලොක්කත් යන්තම් උගේ කාර් එකට බලෙන් ඔබ්බල ඉස්සර සීට් එකෙන් මොනරු ටිකකුත් වාඩි කරා තනියට කියල.. වාහනේ නැතුව රියදුරා වැඩට ගියොත් ඌ ලොක්කට අහුවෙනවා බොරු කියල වාහනේ අරන් ගිහින් private වැඩ කරාට. වගකීමක් තිබ්බ මනුස්සයෙක් විදිහට අතින් වියදම් කරලා හරි මුන් දෙන්නගේ රස්සාව බේරලා දෙන එක මගේ වගකීම.

    යන්තම් වටේම ඉන්න එවුන්ට වැඳලා කරලා වාහනෙත් අරන් අපි නුවරින් කොළඹ එන්න පිටත් උනේ හවස 3 ට විතර.. ගමට එද්දී රෑ උනා.. යන්ත්‍රය අලුත්වැඩියා කරලා දුන්නට මට තිබ්බ ලාබය 35000 ක් උනාට ගමට එද්දී ඉතුරු වෙලා තිබ්බේ 1500යි.. ඔන්න මම මෙතන කොතැනවත් කියල නැහැ කව්රුවත් මගෙන් පගාව ගත්ත කියල .. එත් ඉතින් 35000 න් ඉතුරු වෙලා තිබ්බේ 1500යි... ගමට ඇවිත් රෙස්ටුරන්ට් එකකින් බියර් බීල කාල ඒ 1500ත් ඉවරයක් කරලා අපි ගෙවල් වලට විසික් උනා පස්ස පැත්තේ අත පිහදාගෙන...

    ඒ සතියෙම සිකුරාදා වෙද්දී කොළඹ ආපු අපරාද විමර්ශන ඒකකයේ නිලධාරීන් අපේ ලයිට් ඒස් ට්‍රක් එක අරන් ගියා.. සෙල් කාරය ඒ ජාතියේම වාහනයක් එදාම කොම්පැනියට දුන්න...

    1528860463F.jpg


    වාහනේ අනාවරණය නොවුන කතාව නම් වාහනේ අයිතිකාරයට හොරෙන් එයාගේ පුතා වාහනේ කෑලි කරලා විකුණලා ෆිනෑන්ස් ගෙවන්න බැරි නිසා..ඔක්කොම කරලා ඉවර වෙලා වාහනේ හොරු ගත්ත කියල පොලිසියේ පැමිණිල්ලක් දාල.. එත් උගේ තාත්ත එදා අපි නුවර යද්දී වාහනේ අඳුනගෙන.. එවෙලේම පොලිසියට කතා කරලා.. අපිව අල්ලාගෙන යන්න ආපු CID මහත්තය වාහනේ ගාව ඉඳල තියෙන්නේ ඉස්සරින්ද රෑ 12 හිටන්. අපේ රියදුරා වාහනේ ලඟට යද්දී පහුවදා හවස 3යි.. පැය 15ක් CID මහත්තය වාහනේ මුර කරලා අපු එකා අල්ලගන්න..


    මම පුද්ගලිකව හිතනවා වාහනේ කෑලි වලට කඩලා වික්ක කියන කතාව සෙල් කාරය හදපු බොරුවක් විය යුතුයි කියල . අපි ගියපු සම්පුර්ණ වාහනෙම තමයි උන්ගේ නැති උන වාහනේ වෙන්න ඕන. මොකද අයිති කාරය මා එක්ක කිව්වා වාහනේ පැති කන්නාඩිය එයාගේ අතින් හීරුනා ඒ පාර එහෙමම තියනවා කියල තවම. සෙල් කාරය ඉදිරිපත් කරපු රිසිට් වල තිබ්බේ ෆ්රීසර් එකයි එන්ජිමයි ගත්තු රිසිට් විතරයි.. එතකොට ඉස්සරහ පැති කන්නාඩියත් අහම්බෙන් අපේ වාහනේට ආව වෙන්න බැහැ ..


    මගේ ගජ යාළුවා කුඩුවට දාන්න ඔන්න මෙන්න කියල තියෙද්දී ඌ අම්මට කෝල් කරලා අම්මේ මම අද ගෙදර එන්නේ නැහැ කියල හැඬුම් ස්වරයෙන් කියපු හැටි මතක් වෙද්දී අදත් බඩ අල්ලාගෙන හිනා යනවා ඉතින්. එත් ඉතින් ඒ අවස්ථාවේ අපි උන්නේ චූ යන්න ඔන්න මෙන්න ..


    වාහන ගන්නකොට හොඳට හොයල බලල ගනිල්ලා.. මේක මගේ වාහනයක් උනානම් මටත් මගේ ගජ යාළුවා එක්ක මාසෙකට දෙකකට සැරයක් දළදා වඳින්න යන්න වෙන එක බුදු සුවර්...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කියල වැඩක් නෑ අපිටත් මේ වගේ වැඩක් උනා... අපි ගත්ත වාහනේ නියම ඩියුටි කස්ටම් එකට ගෙවල නැතිව..පර සේල් කාරයෝ..අදටත් උට වෙච්ච දෙයක් නෑ... වාහනේ CID එකෙන් අරන් ගියාම සේල් එකේ එකාට ජීවිතයේ වටිනාකම කියල දීලා සේල් එකෙන් වෙන වාහනයක් අරන් ආවා..පොර ලීස් එක ගෙවනවා අපි පාචිච්චි කරනවා..කොහොම හරි පොරගේ පාස්පෝට් එක ලෝයර් කෙනෙක් ගාව තියෙද්දිත් මූ වෙන එකක් හදන් රට පැන්නා..අද වෙනකන් උට වෙච්ච දෙයක් නෑ..අපිට වාහනේ බේර ගන්න වාහනේ වටිනාකමා වගේ 2යක් ගෙවන්න උනා..වාහනේ අපි සේල් එකෙන් ගත්තේ නියම වටිනා කමට..කොහොම හරි අවු.5ක කට කාලා කස්ටම් ගානේ බඩ ගාලා වාහනේ එළියට අරන් අනේක විද රෙපෙයාර් කරල විකුණලා අද වෙද්දි වෙන වාහනයක් පාචිච්චි කරනවා..
    කතාව ඇත්ත වාහනයක් ගද්දි අපි දෙපාරක් තුන් පාරක් නෙමේ 10 පාරක් බැලුවත් පාඩුවක් නෑ..ළඟදී(මාස 6ක් ඇති) ප්‍රිමියෝ එකක් සෙට් උනා 2012 (F grade) සෑහෙන්න වටින්න ගෙවන් යන්න.. ඒකත් නුවර..වාහනේ එකිනෙකට පරස්පර කතා කිපයක් තිබුණා සේල් කාරය කියන කතාවයි වාහනේ පොතේ කතාවයි, අයිතිකාරය කියන කතාවයි වාහනේ ගැන බැංකුවෙන් කියන කතාවයි වෙනස්.... ඉල්ලන් ඇන ගන්න ඕන නෑ නේ.. අත ඇරල දැම්මා..
    කාලකන්නි හොර සේල් යක්කු ඉන්නවා.ඒ නිසා වාහනයක් ගන්න කොට දන්න තැනකින් හෝ විස්වාසයක් තියන්න පුලුවන් තැනකින් ගන්න..මොකද අපි සතේ හොයන්නෙත් මහන්සි වෙලා..එක එකාට ආතල් දෙන්න නෙමෙයි නේ..

    බොහොම වටින ත්‍රෙඩ් එකක්...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක කියවද්දී අපි කාපු කටු මොනවද කියලා හිතෙනව මචං. අපි ඕනෙ නම් වාහනයක් මග හිටලා ඇදගන ගිහින් ඇති, තව පොඩි පොඩි කටු කාලා තියනවා. ඒත් මේවගේ වැඩක් වුනානම් එහෙම මට ඔය වයසෙදි, එහෙනම් යාලුවත් හිරේ, එහෙන් ලොක්කට අහුවෙලා, හිතේ කලබලේට මටත් ක්ලච් එක දිගන්න බැරුව :rofl: සීඅයිඩී මෑන් උඹල එකෙක් වත් නෙවෙයි ඩ්‍රයිවර් කියලා කියනවා. ඒවිතරක් නෙවෙයි තව සීන් ගොඩයි එහෙනම්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කියල වැඩක් නෑ අපිටත් මේ වගේ වැඩක් උනා... අපි ගත්ත වාහනේ නියම ඩියුටි කස්ටම් එකට ගෙවල නැතිව..පර සේල් කාරයෝ..අදටත් උට වෙච්ච දෙයක් නෑ... වාහනේ CID එකෙන් අරන් ගියාම සේල් එකේ එකාට ජීවිතයේ වටිනාකම කියල දීලා සේල් එකෙන් වෙන වාහනයක් අරන් ආවා..පොර ලීස් එක ගෙවනවා අපි පාචිච්චි කරනවා..කොහොම හරි පොරගේ පාස්පෝට් එක ලෝයර් කෙනෙක් ගාව තියෙද්දිත් මූ වෙන එකක් හදන් රට පැන්නා..අද වෙනකන් උට වෙච්ච දෙයක් නෑ..අපිට වාහනේ බේර ගන්න වාහනේ වටිනාකමා වගේ 2යක් ගෙවන්න උනා..වාහනේ අපි සේල් එකෙන් ගත්තේ නියම වටිනා කමට..කොහොම හරි අවු.5ක කට කාලා කස්ටම් ගානේ බඩ ගාලා වාහනේ එළියට අරන් අනේක විද රෙපෙයාර් කරල විකුණලා අද වෙද්දි වෙන වාහනයක් පාචිච්චි කරනවා..
    කතාව ඇත්ත වාහනයක් ගද්දි අපි දෙපාරක් තුන් පාරක් නෙමේ 10 පාරක් බැලුවත් පාඩුවක් නෑ..ළඟදී(මාස 6ක් ඇති) ප්‍රිමියෝ එකක් සෙට් උනා 2012 (F grade) සෑහෙන්න වටින්න ගෙවන් යන්න.. ඒකත් නුවර..වාහනේ එකිනෙකට පරස්පර කතා කිපයක් තිබුණා සේල් කාරය කියන කතාවයි වාහනේ පොතේ කතාවයි, අයිතිකාරය කියන කතාවයි වාහනේ ගැන බැංකුවෙන් කියන කතාවයි වෙනස්.... ඉල්ලන් ඇන ගන්න ඕන නෑ නේ.. අත ඇරල දැම්මා..
    කාලකන්නි හොර සේල් යක්කු ඉන්නවා.ඒ නිසා වාහනයක් ගන්න කොට දන්න තැනකින් හෝ විස්වාසයක් තියන්න පුලුවන් තැනකින් ගන්න..මොකද අපි සතේ හොයන්නෙත් මහන්සි වෙලා..එක එකාට ආතල් දෙන්න නෙමෙයි නේ..

    බොහොම වටින ත්‍රෙඩ් එකක්...

    ස්තුතියි අත්දැකපු දේ ලිව්වට. වාහන ගන්න උදවියට දැනුවත් වෙන්න අපි ලියමු හැමෝගෙම අත්දැකීම්. මම කාපු සුපිරි කටු ඉදිරියට ලියනවා ඔක්කොම එකක් නෑර ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක කියවද්දී අපි කාපු කටු මොනවද කියලා හිතෙනව මචං. අපි ඕනෙ නම් වාහනයක් මග හිටලා ඇදගන ගිහින් ඇති, තව පොඩි පොඩි කටු කාලා තියනවා. ඒත් මේවගේ වැඩක් වුනානම් එහෙම මට ඔය වයසෙදි, එහෙනම් යාලුවත් හිරේ, එහෙන් ලොක්කට අහුවෙලා, හිතේ කලබලේට මටත් ක්ලච් එක දිගන්න බැරුව :rofl: සීඅයිඩී මෑන් උඹල එකෙක් වත් නෙවෙයි ඩ්‍රයිවර් කියලා කියනවා. ඒවිතරක් නෙවෙයි තව සීන් ගොඩයි එහෙනම්.

    වාහන අබ්ජෙක්ට් එකේදී කලබල උන එකා අමාරුවේ මචන්.. ක්ලච් බැලන්ස් නැති එකෙක් එක්ක ලොකාන්තේ ගිහින් සුපිරි පරිප්පුවක් කෑවා අපි. ඉස්සරහට ලියන්නම්..
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Thawa dapalla oya wage ubalata una scene, meke inna unta podi idea ekak ganna puluwan oya wage ewagen berenne ethakota. Thanks a lot machan ube experience eka share karata
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ඊයේ කෑවා පල්සර් 150 යක් නිසා මාර කට්ටක්. පල්සර් ක්ලබ් එකෙත් එක නිසා කලින් කාපු කට්ට දාල ඇති. ඊයේ නම් ඊටත් වඩා කට්ටක් කෑවා.සෙල් කාරය ට්‍රාන්සර් පේපර් එක නැති කරලා. ඌ ඒක ගන්න එන්න කිව්වා. යද්දී මගදී නැවතුනා. බලද්දී CDI යුනිට් එක අවුල් ගිහින්. යන්තම් අටවාගෙන ගියා. එත් ඌ පේපර් එක ගෙනත් නෑ. එක පිටින් දාලා බයික් එක සෙල් කාරයටම දීල උගේ ගාව තිබිච්ච වෙන එකක් අරන් ආවා.
     
    Status
    Not open for further replies.