සෙම්බුවත්ත චාරිකාව

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    සෙම්බුවත්ත චාරිකාව




    මේ කියන චාරිකාව අපි ගියේ ගිය අවුරුද්දේ පෙබරවාරි 22. ඒ කියන්නේ හරියට අවුරුද්දකට කලින්. මේ ගමන යන්න ඕනේ කියන අදහස ආවේ යන්න දවස් දෙකකට කලින්. ඒ හින්දා මේක හිතුවා-ගියා වර්ගයේ චාරිකාවක් කියල කියන්න පුළුවන්. ලොකු plan එකක් තිබ්බේ නෑ. අපේ අරමුණ වුනේ දළඳා මාළිගාව වැඳලා සෙම්බුවත්ත යන්න. නුවර අපි දන්න ගොඩක් අය ඉන්න නිසා නවතින්න තැනක් පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් වුනා.

    ඉතින් කඩිමුඩියේ වෑන් එකකුත් කතා කරගෙන අපි 21 සිකුරාදා හවස කොළඹින් පිටත් වුනා. අපේ මුල්ම නැවතුම වුනේ රශේන් ගේ ගෙදර. රශේන් ඉන්නේ මහනුවර වටපුළුව කියන පැත්තේ. අපි එහෙට යද්දී රෑ 10.30ට විතර ඇති. කළුවර නිසා වටපිටාවේ බලන්න දෙයක් නැතිවුනත් ගේ ඇතුලේ නම් බලන්න ඕනේ තරම් දේවල් තිබ්බා. හරියට සීගිරි ගියා වගේ හැගීමක් ආවා.


    මේ තියෙන්නේ කැටපත් පවුර
    IMG_7781.jpg


    රශේන් ගේ මල්ලි මේකට සම්බන්ධයි කියන එක අපිට රශේන්ගෙන් දැනගන්න ලැබුනා. එයා විරහවත් එක්ක සෑහෙන දුරක් ගිහින් කියන ගේ පුරාම තිබ්බ මේවගේ ගොඩක් දේවල් වලින් අපිට තේරුම් ගියා. ටිකක් වෙලා කතා කර කර ඉඳලා මගදී කඩේකින් ගත්ත කෑමත් කාලා අපි නිදාගත්තා. උදේ නැගිට්ටම තමයි වටපිටාවේ තියෙන සුන්දරත්වය හරියටම දැක්කේ.
    IMG_7815.jpg


    මේ තියෙන්නේ ගෙදර. උඩ තට්ටුව තමා රශේන් ගේ මල්ලිගේ බලකොටුව :)
    IMG_7828.jpg


    උදෙන්ම මාලිගාවට යන්න හිතාගෙන අපි ලකලැහැස්ති වුනා. උදේ කෑම පහලින් අපිට එවල තිබ්බා. වැඩි දෙයක් නෑ.. පරිප්පුයි පානුයි. ඒත් හරිම රසයි.
    IMG_7857.jpg


    IMG_7859.jpg


    කාලා අපි මාලිගාවට පිටත් වුනා. වටපුළුව දළඳා මාලිගාවට ළඟ නිසා අපිට 4km වත් යන්න තිබුනේ නෑ. එතනට එනකොට උදේ 9.30ට විතර ඇති.

    මේ එළියේ ගත්ත පින්තුර ටිකක්
    IMG_7878.jpg


    IMG_7885.jpg


    අපේ සැට් එක :)
    IMG_7892.jpg


    මේ ඇතුලේ.. වැඩිය පින්තුර ගත්තේ නෑ. වඳින එක ඊටවඩා හොඳයි කියලා හිතුනා.
    IMG_7898.jpg


    IMG_7899.jpg


    IMG_7901.jpg


    IMG_7905.jpg


    මම එලියේ ටිකක් ඇවිද්දා. මුලින්ම දැක්කේ මෙයාව
    IMG_7917.jpg


    IMG_7921.jpg


    සාරනාථ බුදු පිළිමය
    IMG_7923.jpg


    IMG_7924.jpg


    කෞතුකාගාරය
    IMG_7928.jpg


    IMG_7930.jpg


    IMG_7931.jpg


    IMG_7933.jpg


    IMG_7936.jpg


    රාජා
    IMG_7941.jpg


    එලියට යන අතරෙ ගත්ත ඒවා
    IMG_7948.jpg


    IMG_7952.jpg


    දළඳා මාලිගාව වැඳලා අපි එලියට එනකොට 11 පහුවෙලා. අපේ ඊළඟ අරමුණ වුනේ සෙම්බුවත්ත. වැඩි වෙලා ගන්නේ නැතුව අපි පිටත් වුනා.
    මේ තමා අපේ මාර්ගය. දළඳා මාලිගාවේ ඉඳලා 30km විතර තියෙනවා සෙම්බුවත්තට.

    map01.jpg


    ඇල්කඩුවෙන් හැරිලා සෙම්බුවත්ත පැත්තට යනකොට ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාව ලඟට වැටෙන පාරවල් දෙකක් හම්බෙනවා. එකක් සෑහෙන දුෂ්කර පාරක්. අනිත් එක ඊට වඩා ටිකක් හොඳ පාරක්. අපි හිතුවා දුෂ්කර පාරේ යනවා කියලා.

    මේ අතරමග දැක්ක තැන් කීපයක්.
    IMG_7969.jpg


    IMG_7998.jpg


    IMG_7973.jpg


    වැලේ වැල් නැතුව ඉන්න අපිට වැලක් හම්බුනාම මෙහෙමලු :)
    IMG_7988.jpg


    මේ තමා ඇල්කඩුව තේ කම්හල. මේක දැන් පාවිච්චියට ගන්නේ නෑ.
    IMG_8000.jpg


    IMG_8002.jpg


    IMG_8003.jpg


    කොහොමහරි දුෂ්කර ගමනකින් පස්සේ අපි සෙම්බුවත්තට ආවා. සෙම්බුවත්ත කියන්නේ විශාල විලක් කේන්ද්‍ර කරගත්ත මනරම් පරිසරයක්. සුන්දරත්වය ඇත්තටම කියල නිම කරන්න බැහැ. කලින් මෙතන තිබිලා තියෙන්නේ ගොල්ෆ් පිටියක් ලු. පස්සේ විලක් කරලා, දැන් විදුලිය නිෂ්පාදනය කරන්න මේ විල භාවිතා කරනවා.

    මේ ගත්ත පින්තුර කීපයක්
    IMG_8009.jpg


    IMG_8010.jpg


    IMG_8011.jpg


    IMG_8013.jpg


    IMG_8016.jpg


    IMG_8017.jpg


    IMG_8018.jpg


    IMG_8019.jpg


    IMG_8020.jpg


    IMG_8021.jpg


    වැවේ එහා පැත්තේ සෙම්බුවත්තට එන අය වෙනුවෙන් හදපු මඩු සහ අට්ටාල (summer hut) කීපයක් තියෙනවා. අපි ඒ පැත්තට ඇවිදගෙන ගියා.

    මේ ඒ යන අතරේ
    IMG_8037.jpg


    IMG_8033.jpg


    IMG_8046.jpg


    IMG_8053.jpg


    මේ තියෙන්නේ මම කලින් කිව්ව ඒවා
    IMG_8051.jpg


    IMG_8052.jpg


    IMG_8055.jpg


    කොහොමහරි අපි වැඩි වෙලා සෙම්බුවත්තේ හිටියේ නැහැ. මගදී කඩේකින් අරගෙන ආපු දවල් කෑම කාලා ටිකක් වෙලා ඉඳලා අපි ආපහු පිටත් වුනා. වැඩි වෙලා හිටපු නැති හේතුව මම අන්තිමට කියන්නම්.

    මේ අපි අපහු එන අතරේ
    IMG_8056.jpg


    IMG_8059.jpg


    IMG_8061.jpg


    IMG_8068.jpg


    IMG_8091.jpg


    IMG_8093.jpg


    ඉර බහින්න තව වෙලා තියෙන නිසා අපි තීරණය කළා යන ගමන් හුන්නස් ඇල්ල බලාගෙනම යන්න. හුන්නස් ඇල්ල තියෙන්නෙත් ඇල්කඩුව පැත්තේ නිසා අපිට යන්න තිබුනේ 10km වගේ දුරක්.

    මුලින්ම බලලා විතරක් යන්න හිතාගෙන ගියත් අපි එතනින් ආවේ පැයක් විතර වතුරේ දඟල දඟල හිටියට පස්සේ.
    IMG_8101.jpg


    IMG_8107.jpg


    IMG_8116.jpg


    උදේ ඉඳන් ගෙවුන ලස්සන දවසක මතකයන් ගොඩක් එක්ක අපි කොළඹ යන්න පිටත් වුනා. අපි හුන්නස් ඇල්ලෙන් පිටත් වෙනකොට හවස 6.30ට විතර ඇති.

    මේ මතකයන් අතර තරමක කලකිරීමකුත් හිතේ තිබුණා කියන එකත් මම කියන්න ඕනේ. අපි සෙම්බුවත්තේ ගොඩක් වෙලා හිටියේ නැති හේතුවත් එකයි. සෙම්බුවත්ත කොයි තරම් ලස්සන වුනත් ඒක බලන්න එන සමහර පිරිස් වල හැසිරීම නිසා සෙම්බුවත්ත යන්න නුසුදුසු තැනක් වෙලා. සති අන්තයේ නිවාඩුවට බොන්න හිතාගෙනම සෙම්බුවත්තට එන වතුකරේ සමහර පිරිස් හැසිරෙන විදිය දැක්කම ඇත්තට පුදුම කලකිරීමක් හිතට එන්නේ. ජීවිතේට කෙල්ලෙක් දැකලා නැහැ වගේ සමහර අය හැසිරෙන්නේ. අපි වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ආවේ තව හිටියනම් ගුටිබැට හුවමාරුවකින් ගමන ඉවර කරන්න වෙන නිසා.

    කොහොමහරි මේ තත්වය පාලනය කරන්න සෙම්බුවත්ත පාලනය කරන අය පියවර ගත්තොත් හොඳයි කියන මතයත් එක්ක මම පොස්ට් එක ඉවර කරනවා. කියවපු හැමෝටම ස්තුති.


    මේ මම කලින් දාපු thread. බලපු නැති කෙනෙක් ඉන්නවනම් බලන්න.
    හපුතලේ - ඇල්ල bike චාරිකාව http://www.elakiri.com/forum/showthread.php?t=1662244
    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට http://www.elakiri.com/forum/showthread.php?t=1656213
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔතන දැන් හෙන ගසාකෑමක් යන්නෙ... ටිකට් එක රැපයිල් 200 එකෙකුට....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ට්‍රිප් එක නම් මරු මචං... පින්තූර ට්ක නම් සුපිරි... ඒත් ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා... :)
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    ට්‍රිප් එක නම් මරු මචං... පින්තූර ට්ක නම් සුපිරි... ඒත් ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා... :)

    ස්තුති මචං කිව්ව දේට.. මටත් පස්සේ තමා ඒක හිතුනේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    ට්‍රිප් එක නම් මරු මචං... පින්තූර ට්ක නම් සුපිරි... ඒත් ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා... :)

    100% correct
    ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ට්‍රිප් එක නම් මරු මචං... පින්තූර ට්ක නම් සුපිරි... ඒත් ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා... :)

    :yes::yes:
    පුලුවන් නම් දැන්ම ඒ ටික අයින් කරගනින්.. දැනටම කට්ටිය වැඩ පටන් අරගෙන..:sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැටියා;17946281 said:
    උඹෙ යාලුවොද කොත්තහ් මල්ලිහ් නංගිලා නැත්තං උඹත් උංගෙ කෘෘ එකේද? :)

    අනේ පැටියෝ... :lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    ට්‍රිප් එක නම් මරු මචං... පින්තූර ට්ක නම් සුපිරි... ඒත් ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා... :)
    උඹ දැක්කෙ කාලෙකින්.
    පරණ මෙම්බර්සල දකින්නත් ආසයි.
    මොකද කරන්නෙ. උඹ කියපු කතාවනම් ඇත්ත. මටත් ටිකක් අප්සට් සමහර ෆොටෝ දැක්කම. :no::no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ දැක්කෙ කාලෙකින්.
    පරණ මෙම්බර්සල දකින්නත් ආසයි.
    මොකද කරන්නෙ. උඹ කියපු කතාවනම් ඇත්ත. මටත් ටිකක් අප්සට් සමහර ෆොටෝ දැක්කම. :no::no:

    හල්ලෝ මචං... :) උඹවත් දැක්කේ නෑ සෑහෙන කාලෙකින්... ඔන්ලයින් හිටියට වැඩිය පෝස්ට් දාන්නේ නෑ :D
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    "ජීවිතේට කෙල්ලෙක් දැකලා නැහැ වගේ සමහර අය හැසිරෙන්නේ.":rofl::rofl::rofl:

    යකෝ මේ ෆොටෝ වල අර කලිසමක් අදාල නෑ වගේ ටී එක විතරක් ඇදං ඉන්නව වගේ පේන කෙල්ලව දැක්කම බොන්න සෙට් උන උන්ගෙ මෝල කරවෙලා පිස්සු කෙලින එක අහන්න දෙයක්ද බන්..උන්ගේ නෙමෙයි උබලගෙයි වැරැද්ද..මේක ලංකාවනේ බන්..