කාල තරණය Time Travel with Proofs

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
කාල තරණය

බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G. Wells විසින් 1895දී රචනා කරන ලද කාල තරණය තේමා කොටගත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන "The Time Machine" ප්‍රකාශයට පත් වීමත් සමගම මිනිසාට කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකිදැයි යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. මෙසේ ඇරඹුණු කාල තරණ සංකල්පය පසුගිය සියවසේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ මාතෘකා වලින් එකක්.

ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත.

albert-einstein.jpg


1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවතිය නොහැකි බවට ප්‍රකාශ කලා. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. දිග, පළල සහ උස ප්‍රථම මාන තුන වන අතර කාලය සිව්වන මානයයි. මෙයින් ප්‍රථම මාන තුන හරහාම අපට උවමනා ආකාරයට ගමන් කලහැකි අතර සිව්වන මානය වන කාලය හරහා අපට උවමනා ආකාරයට ගමන් කල නොහැක (අද වන තෙක්). (කාල තරණය අප සියලු දෙනාම අත් දකිනා නොවැළැක්විය හැකි ක්‍රියාවකි. අපි සෑම විටම කාලය නම් මානය හරහා පැයකට එක් පැයක වේගයකින් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් සාමාන්‍යයෙන් කාල තරණය යනුවෙන් හඳුන්වන්නේ මෙම වේගයට වඩා වෙනස් වූ වේගයකින් කාලය හරහා ගමන් කිරීමයි.) අධික වේගයකින් (ආලෝකයේ වේගයට ඉතා ආසන්න හෝ ආලෝකය වේගය ඉක්මවා ගිය වේගයක්) ගමන් කරනා රාමුවකදී කාලය ගතවීමේ වේගය පෘථිවියේදී කාලය ගතවීමේ වේගයට වඩා අඩු බව අයින්ස්ටයින් සඳහන් කර ඇත.මෙහිදී පෘථිවිය අධික වේගයෙන් ගමන් ගන්නා රාමුවට සාපේක්ශව නිශ්චල රාමුවක් ලෙස සලකනු ලැබේ.එනම් ආලෝකයේ වේගයෙන් (තත්පරයට කිලෝමීටර් 300,000ක්) ගමන් කිරීමෙන් අපට අනාගතයට ගමන් කල හැක. නමුත් රාමු දෙකේ සිටින කිසිවෙකුටත් කාලය ගතවීමේ වෙනසක් දැනෙන්නේ නැත.

bigQ080208.jpeg
නමුත් මෙවැනි වේගයක් ප්‍රායෝගිකව තවමත් ළඟාකරගෙන නැත. නමුත් සෛද්ධාන්තිකව මෙම තත්වය පිළිගෙන ඇත. කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදයේ එන තවත් සංකල්පයක් වෙයි. එනම් කිසිම විශ්වීය වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බවයි. එනම් අප ආලෝකයේ වේගයට ඉතා ආසන්න වේගයක් ළඟාකරගත්තද අපට අනාගතයට ගමන් කලහැකි වන්නේ එක්තරා කාලසීමාවක් දක්වා පමණි. අපට අනාගතයට ගමන් කිරීමේ ශක්‍යතාවයක් (හැකියාවක්) ඇත. නමුත් අතීතයට ගමන් කිරීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇත.


කාල තරණයේ සාක්ෂි

ලොව දැනට පිලිගත් සාක්ෂි රැසකින් කිහිපයක් පහත දක්වලා තියෙනවා..(images/video)

1. ශතවර්ෂ ගණනාවක් පැරණි සොහොන් බිමකින් හමු වූ ඔරලෝසුව

watch-found-in-tomb.png


2008 දෙසැම්බර් මාසයේදී චීනයෙන් හමු වූ මෙම ඔරලෝසුව වේලාව 10:06 ලෙසත් පසුපස Swiss යනුවෙනුත් සටහන් වී තිබිණි.15-17 ශතවර්ෂ අතර කාලයේ සොහොනක් තුලට මෙම ඔරලෝසුව කෙසේ ගියේදැයි අභිරහසකි.

2. 1941 වර්ෂයේ චායාරූපයක සිටින නවීන පන්නයට හැඳගත් තරුණයා


time_travelling_cool_dude.png



3. අතීතයට ගමන් කල ඇමරිකානු නාවික හමුදා නැව..
මෙය පිලඩෙල්ෆියා නම් ව්‍යාපෘතියක් වන අතර මෙය හිට්ලර් යුගයේ මුලින්ම පරීක්ෂණවලට භාජනය විය.





4. ගෙදර කුස්සියේ සිංක් එක සාදන්නට පැන්ට්‍රි කබඩ් එක තුලට ගොස් අනාගතයට ගිය මිනිසා..:rofl::rofl: concrete evidence :)






5. චාලි චැප්ලින්ගේ චිත්‍රපටයක ජංගම දුරකතනයක් අතැතිව සිටින කාන්තාව..මෙම යුගයේ ජංගම දුරකතන භාවිතා නොවීය..




6. එකම මුහුණ නැවතත්




මෙම ලිපියේ නිල් පැහැයෙන් යුත් මුල් කොටස උපුටාගැනීමකි..මොකද මම කියන්න ගිය දේ පැහැදිලි විදිහකට ලියලා තිබ්බා සංක්ෂිප්තව :)

(source: http://dhiyatha(dot)blogspot(dot)com/2014/04/blog-post_27(dot)html)


ටයිප් කරන්නයි කරුණු හොයන්නයි සෑහෙන්න මහන්සි උනා..අඩු තරමේ අනිත් කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..:)
 
Last edited:

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අනිවාර්යෙන් කාල තරනයක් ගැන හිතනවනම් අපිට පෙනෙන මාන තුන තුල ඒ දේ කරන්න බෑ. අපට X Y Z අක්ෂ තුල චලනය වෙන්න පුළුවං කාලය මානයක් උනොත් අපට ඒ තුල ගමන් කරන්න පුළුවං.. ඒත් මාන 3ක් පෙනෙන අපට ඒක පෙනෙන මානයක් කියලා හිතන්න බෑ. සමහර විට ඒක දැනෙන මානයක් වෙන්න පුළුවං.. බුදු හාමුදුරුවන්ට තිබුන ඤාණ වගේ (අතීතය අනාගතය ගැන පැවසීමේ හැකියාව).. සමහර විට තව පෙනෙන මාන දැනෙන මාන අපට හිතන්නවත් බැරි දේවල් ඇති. අහ් තවත් අයිස්ටයින් කියලා තියන අලෝ‍කයේ ප්‍රවේගය ගැන ගොඩක් පැහැදිලි කරලා stephen hawking කියනවා.. කළු කුහරවලින් කාල තරනය ගැන (ප්‍රතිසම ලෝක ගැන)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    Interstellar movie එක බැළුවානම් ඔය කාල තරණයේ කතන්දරය තෙරේවි .එකට අනුව මාන 5 ක් ගැන කියවෙනවා .ඒ මානය එකිනෙකාට සාපේක්ෂයි .ඒක සාපේක්ෂ වෙන්නේ එකිනෙකා අනෙකුන් කෙරෙහි පවතින සැබෑ ආදරය(මල් කතා වල බොලඳ ආදරය නෙමේ) මත .ඒ තමා මට තේරිච්ච ටික ඒ ෆිල්ම් එකෙන්. මීට වඩා වෙනස් විදියක විචාරාත්මක බවක් තියෙන එකෙක් ඉන්නවානම් matath එක්ක විස්තර කරපන් . .
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    • Mmath oya Sbjct Akata Asaii bn..ela thnx Share karagaththta..mamath owa gena threadz dawaah..elaaaaa rep+
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    maath asama paththak... me gana danuma thiyena aya sanwadayak godanaganawanam mama kamathiyi... danumata yamak apitath ekathu wewi!