ලංකා බැංකුවේ රුපියල් කෝටි 20,000ක කොල්ලයට මහින
ලංකා බැංකුවේ රුපියල් කෝටි 20,000ක කොල්ලයට මහින්ද සම්බන්ධයි
මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසුව කරන කියන දේ දෙස බලනවිට පෙනීයන්නේ මේ රටේ ජනතාව මාස කීපයක් තුළ මැරී උපන්නාසේ කල්පනා කරන බවය. එසේත් නැතිනම් සමස්ත ජනතාව තණකොළ බුදින ගොනුන් යැයි සිතන බවය. පසුගිය 13 වෙනිදා කුරුණෑගල දිස්ති‍්‍රක්කයට නාමයෝජනා භාරදීමෙන් පසුව කරන ලද ප‍්‍රකාශයද එවැන්නක්ය. ඔහු කීවේ ”රට ජාතිය ප‍්‍රමුඛත්වයට තියල මේ රටේ දුෂණය, බොරුව, වංචාව නැතිකර මේ රටේ සාමකාමී මැතිවරණයක් තියල ජාතික ආරක්ෂාව තහවුරු කරනවා.”යනුවෙන්ය. මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් පසුව බලය තහවුරුකර ගැනීමට දිගටම අනුගමනය කළේ විදුලි පුටුව පෙන්වීම, එල්ටීටීඊ නැවත පැමිණීම පෙන්වීමය. දැන් කූඩැල්ලෙකු සේ බලයේ එල්ලීමට වංචා දූෂණ විරෝධයක්ද එක්කර ගෙන තියෙන බව පෙනේ.
ජනාධිපතිවරණය සමයේ ජවිපෙ නායක අනුර දිසානායක අවධාරණය කළ කරුණක් වූයේ රාජපක්ෂලාට බලය නැතිව සිටිය නොහැකි බවය. ඒ බව සනාථ කරමින් මහින්ද ගෝලයන් යොදවා පසුගිය මාස හය පුරා විවිධ උපක‍්‍රම යොදමින් නැති බලයක් පෙන්වීය. දැන් යන්තම් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර කට්ටක් ලබාගෙන කූඩැල්ලෙක්සේ බලයේ එල්ලීමට පියවර තබා ඇත. අනුර දිසානායක ජවිපෙ නායකයා අවධාරණය කර සිටින්නේ මහින්ද බලය දැරූ කාලයේ රාජපක්ෂ පවුල සහ කල්ලිය කළ මහාපරිමාණ වංචා - දූෂණ වසාගැනීම සඳහා බලය ගොඩන`ගා ගැනීමට උත්සාහ කරන බවය
රාජපක්ෂ පවුල සම්බන්ධ වංචා-දූෂණ විශාල ප‍්‍රමාණයක් මේ වන විට හෙළිවී හමාරය. එයට මුල පිරුණේ මෙයට වසර දහයකට පෙරය. ඒ 2005 සැප්තැම්බර් මාසයේදී පමණය. ශී‍්‍ර ලංකාව මුහුණ දුන් විශාලම ස්වභාවික විපත වන සුනාමිය පැමිණියේ 2004 දෙසැම්බර් 26 වැනිදාය. සුනාමි සහන ලෙස විදේශවලින් ලද රුපියල් කෝටි සිය ගණනක් මහින්ද යටිමඩි ගැසීය. එය ප‍්‍රසිද්ධියට පත්වූයේ ”හෙල්පිං හම්බන්තොට”හොරකම ලෙසය. ඒ පිළිබඳව 2005 සැප්තැම්බර් මස අධිකරණමය කි‍්‍රයාමාර්ග ගැනීම දක්වා දුරදිග ගියේය. චුදිතයා මහින්ද රාජපක්ෂය. ඔහුගේ ගැලවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීය. ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීම වැළැක්වීමේ අරමුණින් ”හෙල්පිං හම්බන්තොට”චෝදනා එල්ලකර තිබෙන බවට කරුණු දැක්වීය. එවකට අගවිනිසුරුව සිටි සරත් නන්ද සිල්වා ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් මහින්ද රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිගෙන ඔහුට විරුද්ධව තිබූ හෙල්පිං හම්බන්තොට අධිකරණමය කි‍්‍රයාමාර්ග නතර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලැබිණ.
පසුගිය 2014 වසරේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා රහසක් හෙළි කරමින් කියා සිටියේ හෙල්පිං හම්බන්තොට චෝදනාවලින් මහින්ද රාජපක්ෂ නිදහස්කර ගැනීමට තමන් මැදිහත් වූ බවය. එසේ නොකළේ නම්, මහින්ද රාජපක්ෂට හිරේ ලගින්න සිදුවන බවද ඔහු හෙළි කළේය. එම තීන්දුව දීම සම්බන්ධයෙන් තමන් ජාතියෙන් සමාව ඉල්ලන බව හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් ප‍්‍රසිද්ධ වේදිකාවලදී පැවැසීය.
මෙයින් පැහැදිලිවන්නේ අධිකරණ තීන්දුවල තිබෙන කැරැට්ටුව සහ අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ පොදු දේපළ කොල්ලකෑම ආරම්භ කර තිබෙන්නේ ජනාධිපතිවීමටත් පෙර සිට බවය. ”කල දුටු කල වළ ඉහ ගැනීමේ”ප‍්‍රතිපත්තිය ජනාධිපතිවීමෙන් පසු කොහොමට නම් කි‍්‍රයාවට න`ගා තිබේ ද ? යන්න ඇතමුන්ට අදහා ගත නොහැකිය. ජනාධිපතිවීමට සල්ලි විසි කළේය. ඒ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ට සල්ලි කුට්ටි දී උතුරේ ජනතාව ඡුන්දය පාවිච්චි කිරීමෙන් වළකාලීමෙන්. මහින්ද - බැසිල් දෙබෑයන් කළ ඒ කුමන්ත‍්‍රණයේ තරම ශී‍්‍රපති සූරිය ආරච්චි මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේදී හෙළිකළේය. මේ ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් පත්කළ යුතු බවට යෝජනාවක් ද කළේය. එවැනි කමිටුවක් පත්කර පරීක්ෂණ සිදුනොවීය. ශී‍්‍රපති සූරියආරිච්චි අකාලයේ රිය අනතුරකින් මිය ගියේය.
මහින්ද සහ සුනාමි ගැහිලි අතර වූ අප‍්‍රකට සහ සම්බන්ධතාව තවත් පැත්තකින් හෙළිවිය. ඒ සුනාමියෙන් විනාශයට පත් උතුරේ නිවාස ඉදිකිරීමට ”රාධා”ආයතනයට ලබාදුන් කෝටි සියගණනක් පිල්ලි ගැහීමය. එක් නිවසක් හෝ ඉදිනොකර සල්ලි බහිරවයා ගිල ඇත. මේ වන විට ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. පරීක්ෂණ අවසාන ඉමට ගියහොත් එහි සිටින්නේ මහින්ද රාජපක්ෂ බව අනුර දිසානායක ප‍්‍රසිද්ධියේ හෙළිකළ අවස්ථා තිබේ. සුනාමි විපත සිදුවූ අවස්ථාවේදී අතරමං වූ සහ මියගිය කාන්තාවන්ගේ රන් භාණ්ඩ කොල්ල කෑ පාදඩයන් සහ මේ රාජපක්ෂ පාදඩකම් අතර වෙනසක් තිබේ යැයි කිවහැකිද?
මහින්ද රාජපක්ෂ බලයට පැමිණි ආසන්නයේ පිහිටුවන ලද මිහින් ලංකා සමාගමේ ගැහිලි ප‍්‍රමාණය සහ ඒවා ගැසූ මස්සිනා පිළිබඳව හෙළිවී ඇත. ‘සිරිලිය සවිය’මගින් ශිරන්තිගේ හොද්ද බොරවූ හැටිත් කොළඹ ටොරින්ටන් පෙදෙසේ රුපියල් ලක්ෂ 350කට නිවසක් මිලදී ගත් හැටිත් හෙළිවී ඇත. මිග් ප‍්‍රහාරක යානා මිලදී ගැනීමේදී කළ ගැහිලි පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ චුදිතයෙකු වී අවසන්ය. ඛනිජ තෙල් සංස්ථාව විදේශීය සහ දේශීය බැංකු කීපයක් සමග අත්සන් කළ හෙජින් ගිවිසුමට කැබිනට් අනුමැතිය දුන්නේ මහින්ද රාජපක්ෂය. එයින් සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි දහසකට ආසන්නය. ගී‍්‍රසියේ බැඳුම්කර මිලදී ගැනීමෙන් සිදුකළ ගැහිලි රුපියල් කෝටි 550ක් පමණ බව හෙළිව තිබේ.
මේ සියලූ ගැහිලි එකතුකර බැලූවද අලගු තැබීමටවත් නොහැකි තරම් අතිවිශාල ගැහිල්ලක් මහින්ද රාජපක්ෂගේ මුදල් ඇමැතිකම යටතේ සිදුකර තිබේ. රටේ ජනතාව මාස හයට මැරී උපන්නා යැයි සිතා සිටින මහින්ද රාජපක්ෂ මීට සති දෙකකට පෙර කළ කථාවක් මෙහිදී සිහිපත් වේ. ”දින සීයේ ආණ්ඩුව පත්කල මහා බැංකු අධිපතිවරයා එක පෑන් පහරකින් ලබාගෙන ඇති කොමිස් මුදල පමණක් බිලියන එක හමාරක්. එකෙන් රටට වුණු පාඩුව රුපියල් බිලියන 60කට වැඩියි. සියයට හතකට තිබුණු පොලිය සියයට 13ක් කරලා. ගනුදෙනුව ඉවර කරලා ඒක ආයෙත් බැස්සුවා. ඒ පිළිබඳව සොයා බැලූ කෝප් වාර්තාව අද-හෙට පිටවෙන්න තිබුණා. ඒකට බයෙන් බලකරලා පාර්ලිමේන්තුව විසුරුවා ගත්තා.” (ලංකාදීප)
මහින්දගේ ප‍්‍රකාශයෙන් කියවෙන එක් කරුණක් වන්නේ ඔහු පාර්ලිමේන්තු කෝප් කමිටුව පිළිබඳව විශ්වාස තබා ඇති බවය. කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකරය. ඔහු යටතේ පත්කළ කෝප් අනුකමිටුවක් මගින් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පරීක්ෂාකර බැලීය. එහි වාර්තාව එළි දැක්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීය. එවැනි ආබාධයකින් තොරව 2013 ජූලි මස 23 වෙනි දින ඩිව් ගුණසේකර ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්ම නිකුත් කළ කෝප් කමිටු වාර්තාවක් තිබේ. මුදල් ඇමැති මහින්ද රාජපක්ෂගේ මහා පරිමාණ ”මූල්‍ය වංචාවක්”එයින් හෙළිවී තිබේ. රාජපක්ෂ පවුල සහ කල්ලිය සිදුකර තිබෙන අනෙකුත් සියලූ වංචා දූෂණ සියල්ලේම එකතුවට අලගු තැබීමට හෝ නොහැකිව තිබෙන්නේ මේ මහා පරිමාණ මූල්‍ය වංචාවය. රජයට අයත් අංක එකේ වාණිජ බැංකුව වන ලංකා බැංකුවෙන් මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදුකර තිබේ.
ලංකා බැංකුවේ තිබෙන්නේ මැදමුලන බූදලයෙන් ගෙනවිත් තැන්පත් කළ ධනය නොවේ. මේ රටේ ජනතාවට ඉතා අමාරුවෙන් ඉතිරි කර අනාගතය වෙනුවෙන් බැංකුවේ තැන්පත් කළ මුදල්. එම මුදල් පවතින්නේ රටේ සංවර්ධනය කටයුතු වෙනුවෙන් ආයෝජනය කිරීමට මිස දේශපාලක පිසාචයන් හෝ දේශපාලන ගැත්තන් අතලොස්සකට කොල්ල කෑමට නොවේ. තත්වය එසේ වුවත් මුදල් ඇමැති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂගේ ඍජු අනුදැනුම සහ අනුමැතියත් රැුකවරණයත් ඇතිව කිහිප දෙනෙක් රුපියල් කෝටි 20,000ක් පමණ කොල්ල කා තිබෙන ආකාරය කෝප් වාර්තාවෙන් හෙළිකර තිබේ.
ඉන්ටර් නැෂනල් ග්‍රෝසර්ස් අලයන්ස් පුද්ගලික සමාගම සහ මහින්ද ඔෆ්සෙට් පි‍්‍රන්ටර්ස් සමාගම් දෙක විසින් පිළිවෙළින් රුපියල් මිලියන 340ක් සහ රුපියල් මිලියන 125ක් වශයෙන් ණය මුදල් ලබාගෙන පොලූ තබා ඇත. කෝප් කමිටුව මේ පිළිබඳව කළ විමසීමේදී ලබාදී තිබෙන පිළිතුර වන්නේ එම ණය පිළිබඳව වර්තමාන තත්වය ගැන වාර්තාවක් ලබාදෙන ලෙස ප‍්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියාට නියම කරන ලද බවය. එම සමාගම් දෙක විසින් රුපියල් මිලියන 465ක් පොලූ තබා ඇත.
බැංකුව විසින් කොටස් වෙළඳ පොළේ සුරැකුම්පත් මිලදී ගැනීමට යොදවන ලද මුදලින් රුපියල් මිලියන 1271ක් වූ ශුද්ධ පාඩුවක් සිදුව තිබෙන බව සොයාගෙන ඇත. කොටස් වෙළඳ පොළට යොදවන ලද මුදල කොපමණදැයි එහි සඳහන් නොවේ. එම ආයෝජන නිසා සිදුවූ ශුද්ධ පාඩුව පමණක් රුපියල් මිලියන 1271ක් ය. කොටස් වෙළඳපොළ පාලනය කරන්නේ ශී‍්‍ර ලංකා විනිමය කොමිෂන් සභාව මගින්ය. මෙයට සභාපතිවරයෙකු පත්කරන එකම බලවතා ජනාධිපතිවරාය. මහින්ද රාජපක්ෂ විසින් එයට පත්කරන ලද ඉන්ද්‍රානී සුගතදාස මහත්මිය සහ තිලක් කරුණාරත්න එයින් ඉල්ලා අස්වූයේ රාජපක්ෂ කල්ලිය කොටස් වෙළඳපොළේ කරගෙන ගිය මූල්‍ය ජාවාරම් නිසාය. එම මූල්‍ය ජාවාරම් කරුවන් සහ රාජපක්ෂවරු අතර තිබූ බලවත්කම නිසා ”තිලක්, අයින් වුනොත් හොඳයි”යනුවෙන් මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශකර තිබේ. එවැනි ජාවාරම් සිදුකරන කොටස් වෙළඳපොළේ ජාවාරම් සඳහා ලංකා බැංකුවට අමතරව මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවනු ලැබීය. මේ ලෙස මුදල් යෙදවීම සාමාන්‍යයෙන් කරන දෙයක් වුවත් මූල්‍ය ජාවාරම්කාර රාජපක්ෂ කල්ලියේ කීපදෙනෙකුගේ අවශ්‍යතාව වෙනුවෙන් මුදල් යෙදවීම මහා දවල් කොල්ලයක්ය. ලංකා බැංකුවට මිලියන 1271ක් පාඩුවී ඇත්තේ මේ නිසාය.
රාජ්‍ය නොවන සංවිධාන දෙකක් විසින් රුපියල් මිලියන 212ක් සහ රුපියල් මිලියන 52ක් වශයෙන් වංචනික ගනුදෙනු කර තිබේ. ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන්ය. ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයෙකු වන නිශාන්ත වික‍්‍රමසිංහට භාරදී තිබූ එයාර් ලංකා සමාගමට රුපිල් කෝටි 325ක් (රුපියල්* 3250450000/* ලංකා බැංකුවෙන් ආයෝජනය කරතිබුණ ද එම ආයෝජනය කළ දා සිට කිසිදු ප‍්‍රතිලාභය ලැබී නැති බව සඳහන්ය.
මේ ආකාරයට ලංකා බැංකුවේ තැන්පත් කර තිබෙන මහජන මුදල් විවිධ ආකාරයට කොල්ල කෑමට මුදල් ඇමැති ලෙස මහින්ද රාජපක්ෂ ඍජුව හෝ වක‍්‍රව ඉඩදී තිබුණු බව මෙයින් පැහැදිලිවේ. මේවා ඉතා සුළු මූල්‍ය කොල්ලකෑම් බවට පත්කළ මහාපරිමාණ කොල්ලය දිගහැරී ඇති අයුරු මෙසේය. ගනුදෙනුකරුවන් දසදෙනෙකුගේ අකී‍්‍රය ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 253ක් (රුපියල් 2,535,321,038/-)_ය. තවත් ගනුදෙනුකරුවන් පහළොස් දෙනෙකුගේ අකී‍්‍රය ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 49ක් (රු:491,073,707)ය. මේ අනුව එයාර් ලංකා සමාගමට රුපියල් කෝටි 325ක් සහ ගනුදෙනුකරුවන් 25 දෙනෙකුගේ අකී‍්‍රය ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 302ක් (රුපියල් 3,026,394,745/-)ය. මෙම හෙළි කිරීමේ තුනටම අදාළ මුළු වටිනාකම රුපියල් කෝටි 627 (රුපියල් 6,276,844,745/)ක්ය.
කෝටි 627ක් යනු ඉතා විශාල මුදලක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. රුපියල් කෝටි 627ක් යනු දොර දෙකේ බස්රථ 1300ක් පමණ ලබාගත හැකි මුදලක්ය. එහෙත් මෙය මොන කජ්ජක්දැයි කෝප් කමිටුවේ ඊළඟ හෙළිකිරීමෙන් පැහැදිලිවේ. රුපියල් කෝටි 19,375 (රුපියල් දහනව දහස් තුන්සිය හැත්තෑපන්කෝටි හැත්තෑහතර ලක්ෂ අසූදෙදහස් හැත්තෑහයක් (රු:193,757,482,076) බහිරවයා ගිලදමා ඇත. මෙම මුදල පිළිබඳව කිසිවෙකුට සිතා ගැනීමට පවා නොහැකිය. එනිසා සිතාගත හැකි ආකාරයට කියන්නේ කෙසේද? මේ රටේ පවුල් ලක්ෂ 14කට අවුරුද්දක් පුරා සමෘද්ධි ආධාරදීමට සහ සමෘද්ධි ව්‍යාපාරයේ රාජකාරී කරන 14,000ක් පමණ වූ සමෘද්ධි නිලධාරීන් සහ සේවකයන්ගේ පඩිනඩි ගෙවීම ඇතුළු සියලූ වියදම් සඳහා වසරකට වැය කෙරෙන්නේ රුපියල් කෝටි 950ක් පමණය. එසේ නම් රුපියල් කෝටි 19375ක් යනු පවුල් ලක්ෂ 14කට සමෘද්ධි දීමනා අවුරුදු දහනවයක් ගෙවීමට ප‍්‍රමාණවත් මුදලක්ය.
ලංකා බැංකුවෙන් මේ සා මුදලක් කොල්ල කා ඇත. ඒ ණය ගැනීම් වශයෙන්ය. ගනුදෙනුකරුවන් 33,695 ක් විසින් ණය ගැනීම් වශයෙන් කොල්ලය දියත්කර ඇත. එක් අයෙකුගේ සාමාන්‍ය ප‍්‍රමාණය රුපියල් 5,750,333/-ක්ය. (රුපියල් ලක්ෂ 57ක්ය.) ණය වාරිකයක් හෝ නොගෙවා පොලූ තියා ඇත. බැංකුවකින් රුපියල් 2000/ වැනි සොච්චම් මුදලක් ලබාගෙන ණය වාරික ගෙවාගත නොහැකි වුවහොත් එම අහිංසක මිනිසුන් බයකර, නඩු දමා බෙල්ල මිරිකා හෝ ආපසු අයකර ගන්නා හැටි අපි කවුරුත් දනිමු. එහෙව් තත්වයක් යටතේ එක් ණය වාරිකයක් හෝ නොගෙවා රුපියල් කෝටි 19375කට පොලූ තැබිය හැකි බලවත්හු කවරහුද?
අප මේ පිළිබඳව කළ සොයාබැලීම් වලදී හෙළිවූයේ 2013 ජූලි මස කෝප් වාර්තාව මගින් සඳහන් කළ පාඩුව හෝ මෙම මුදල් අයකර ගෙන නැති බවය. තවදුරටත් හෙළිවූයේ රාජපක්ෂ කල්ලියේ ප‍්‍රබලයන්ගේ නියෝග මත මෙම ණය වශයෙන් ලබාදී තිබෙන බවය. අනික් පැත්තෙන් සාධාරණ සැකයක් ද මතුව තිබේ. එනම් ඇත්තටම මෙම මුදල පුද්ගලයන් 33,695 දෙනෙකු ලබාගත්තේ ද? එසේ නැතිනම් ව්‍යාජ පුද්ගල නාම සහ ලිපිනයන් යොදා ඉතා බලගතු හස්තයක් විසින් කොල්ල කෑවේද යන්නය. මේ වන විට හෙළිවී ඇත්තේ මෙම ණය ලබා ගත්බව සඳහන් නම් විශාල ප‍්‍රමාණයක් සහ ලිපිනයන් විශාල ප‍්‍රමාණයක් ව්‍යාජ ඒවා බවය. රුපියල් කෝටි 19,375 දේශපාලන බලය යොදා ගනිමින් ඉතා සැලසුම් සහගතව කොල්ලකා තිබෙන බව සනාථ කෙරෙන සාක්ෂි පවතී. මේ සියල්ලට වගකිව යුතු වන්නේ ලංකා බැංගුවේ නිලධාරීන් නොව මේසා මහා පරිමාන මංකොල්ලයක් සිදුව තිබෙන බව කෝප් කමිටුව හෙළිකර තිබියදී අහකබලාගෙන සිටි මුදල් ඇමැති මහින්ද රාජපක්ෂය.
පෙර සඳහන් කළ රුපියල් කෝටි 627ක් සහ මෙම රුපියල් කෝටි 19,375 යනුවෙන් වන රුපියල් කෝටි 20,002ක ලංකා බැංකුවේ මහා මුදල් මංකොල්ලයට රාජපක්ෂ කල්ලියේ දැනුවත් අනුග‍්‍රහය ලබාදී තිබෙන බවට අපි චෝදනා නඟන්නෙමු. ඉතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ චුදිතයෙක් වශයෙන් නම් කරන්නෙමු. මෙම චෝදනාවට මහජන අධිකරණය හමුවේ උත්තර බඳින ලෙස බලකරන්නෙමු. නැත්නම් ”ලංකා”අපට විරුද්ධව අධිකරණය ඉදිරියේ නඩු පවරණු! ඉතිරි හරිය අධිකරණ ඉදිරියේදී රටේ ජනතාවට බලා ගැනීමට සලස්වන්නෙමු.
COPE Report PDF (page 85)
http://www.parliament.lk/uploads/comreports/1374821699038759.pdf#page=1
- http://www.lankairida.lk/home/index...රුපියල්-කෝටි-20,000ක-කොල්ලයට-මහින්ද-සම්බන්ධයි

Last edited: