සොවාන් වනුයේ කෙසේද ?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සොවාන් වනුයේ කෙසේද ?

    සොවාන් වනුයේ කෙසේද ?
    සෝවාන් වනු වස්...

    මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහරවිට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරිහැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්‍රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නො දන්නා අපි තවමත් මෝහයෙන් මුලාවී මේ සසර සැරිසරනවා.

    බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එසේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න.

    බුදු සිරිත හා සම්බන්ධ විවිධ චරිත මේ සඳහා කදිම නිදසුන් සපයා තිබිය දීත් අප මේ කිසිවක් විමසා බලන්නේ නැති ව ඔහේ පසුතැවිලි වෙමින් පමා වෙනවා

    * අංගුලිමාල තම දෑතින් මහා මිනිස් ඝාතනයක් කරලාත් සස රින් එගොඩ වුණා.

    * පටාචාරා සිහිය විකල්වන තරම් අනාථ අසරණ පීඩිත තත්ත්වයකට පත් වෙලාත් සසරින් එගොඩ වුණා.

    * සුනීත එදා පිළිගැනීමට අනුව කිසිදු වරප්‍රසාදයක් නො ලබන සමාජ පසුබිමක් සහිත ව ඉපැදිලාත් සසරින් එගොඩ වුණා.

    * මළ මිනී කන සිවලුනට කා දමන්නට හැර දමා සිටි සෝපාකත් සසරින් එගොඩ වුණා.

    * අම්බපාලි නගර සෝභිනියක් ලෙස කාමයෙහි ගැලී ඉඳලාත් සසරින් එගොඩ වුණා.

    * කසී භාරද්වාජ බමුණා, පිඬු සිඟා වැඩි බුදු රජාණන් වහන්සේට, අනුන් ගෙන් යැපෙන්නේ නැති ව උපයා ගෙන කන්නැ’යි දෝෂාරෝපණය කරලාත් සසරින් එගොඩ වුණා.

    ඒ කිසිවෙක් තමාට සිදු වූ දේ ගැන හෝ, තමා කළ කී දේ ගැන හෝ, පසුතැවිලි වෙමින් පමා වුණේ නැහැ. නිර්වාණයට අවශ්‍ය දේ සම්පාදනය කර ගත්තා. ඒ වාගේ අය නිර්වාණයට ළඟා වුණා නම්, අපට මාර්ග ඵල ලබන්නට හෝ නිර්වාණයට ළඟා වන්නට හෝ බැරි යැයි තීරණයක් ගන්නට, අපට ඇති අයිතිය මොකක්ද? අපට ඇති දැනුම මොකක්ද? අපට ඇති ප්‍රඥාව මොකක් ද? අපට ඇති වගකීම මොකක් ද? ඒ සියලු ම දෙනාට වඩා සමහර විට අප වරප්‍රසාද ලැබූවන් වන්නට ඇති. ඒත් බුදු දහම හරිහැටි විමසා නො බලමින්, අප මෙන්න මෙහෙම දේ කියමින් කාලය ගත කරනවා.

    * අපට අද පිහිට වෙන්න බුදු හාමුදුරුවෝ නැහැ නේ?...

    * අපට රහත් වෙන්න පින නැහැ නේ?...

    * මේ කාලේ මාර්ග ඵල ලබන්න බැහැ නේ?...

    * අපි ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලබලා නැහැ නේ?...

    ඒ වාගේ ම මෙන්න මේ කාරණාවත් සලකා බලන්න.

    * බුදු රජාණන් වහන්සේ ඇසුරු කරමින් මාර්ග ඵල ලබා සිටි මුත්, අරහත් තත්ත්වයට පත් නොවූ, විශාකාව, ධම්මික සිටුවරයා සහ තවත් විශාල පිරිසක් දැන් දෙව් ලොව පහළ වී සිටිනවා.

    * බුදු රජාණන් වහන්සේ ඇසුරු නො කළත්, ධ්‍යාන ලබා සිටි අසිත තවුසා, උද්දකරාම පුත්ත, ආලාරකාලාම ආදීන් දැන් බඹ ලොව පහළ වෙලා සිටිනවා.

    * මිනිස් භවයක් ලබා ඉපැදී බුදු රජාණන් වහන්සේ ඇසුරු කරන්නට ලැබුණත්, ඇසූ දහමට අනුගත වන්නට අකැමැති වුණු දේවදත්ත, අජාසත්ත, මාගන්දියා, චිංචිමානවිකා, සුප්‍රබුද්ධ, සුන්දරී, ආදීන් අපා ගත වෙලා අදත් එහි සිටිනවා.

    අප ඉන්නේත්, ඒ අය ඉන්නේත්, මේ සසරේ ගමන් කරන සියලු සතුන් අතරේ ම යි. දෙවියන් – බඹුන් – මනුෂ්‍යයින් – තිරිසනුන් – පේ‍්‍රතයින් ආදී කවරකු වුවත් ඉපැදීම සිදු වන තාක්, සසර ගමනේ යනවා. සසරේ රැඳී සිටිනවා. සසරේ සිටින තාක්, විඳින්නේ දුක ම යි. ඇයි එහෙම කියන්නේ? ඉපැදුණු ඕනෑ ම සත්ත්වයෙක් තම පැවැත්ම සඳහා කළ යුතු රාජකාරි සමුදායකුත් නියම කර ගෙන ම යි ඉපැදෙන්නේ. ඉපැදුණාට පස්සේ පැවැත්ම සඳහා වෙහෙසෙන්නට වෙනවා. පැවැත්ම තුළ රැඳී සිටීම සඳහා නිරන්තර ව ම කටයුතු කරන්නට වෙනවා.

    එ සේ ම රහත් භාවයට පත් නො වූ සත්ත්වයා, පැවැත්ම සාරවත් කර ගැනීමට යැයි සිතා විවිධ ඇලීම් නිර්මාණය කර ගන්නවා.

    රස යි, සැප යි, කියා හිතා ගෙන ඇලෙනවා. ඇලෙනවා කියන්නේ මොකක්ද? යළි යළිත් ඉපැදීම සඳහා කර්ම සකස් කර ගන්නවා. මේ කර්ම අතර කුසල කර්මත් තිබෙනවා, අකුසල කර්මත් තිබෙනවා. මේ කවර කර්මයක් වුවත් විපාක දීම සඳහා සසර රැඳී සිටිය යුතු වෙනවා. ඒ කියන්නේ සසර ගමන දිගු කර ගන්නවා. අනේ මොන තරම් මුලාවක් ද? මොන තරම් අපරාධයක් ද?

    ලබා ගැනීමට ඉතා දුෂ්කර යැයි බුදු වදනින් ම දේශනා කරන ලද මිනිස් භවයක් ලැබූ අප, ඇයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නො ගන්නේ? ආයෙත් කව දා නම් මිනිස් භවයක් ලැබේදැයි අනුමාන කරන්න පුළුවන් ද?

    මෙන්න බලන්න අප පෙර කළ පින් නිසා ලබා ගෙන ඇති සම්පත... මාර්ග ඵල හිමි කර ගැනීම උදෙසා ලබා ඇති මූලික සුදුසුකම...

    * නිරය – තිරිසන් - පේ‍්‍රත – අසඤ්ඤ තල ආදියෙන් මිදී මිනිස් භවයක් ලැබීම

    * බුදු දහම ඇති රටක බෞද්ධයකු වී, මිථ්‍යා දෘෂ්ටික නො වන ජනතාව අතර ඉපැදෙමින්, මිථ්‍යා දෘෂ්ටික නො වන ආත්මභාවයක් ලැබීම

    * විකෘති හෝ මන්දබුද්ධික හෝ නොවීම – යමක් වටහා ගන්නට සමත් බුද්ධියක් තිබීම

    * කියවන්නටත් අහන්නටත් දහස් ගණනින් දහම් කරුණු තිබෙන, බුද්ධෝත්පාදක කාලයක උත්පත්තිය ලැබීම

    ඒත් බලන්න... ඒ සියලු දේ ලැබිලාත්, ඒ ලද මහා පුණ්‍ය ශක්තියේ පල ප්‍රයෝජනයක් නො ලබා, සෝවාන් ඵලයට වත් නො පැමිණ, අනේ, අප නිකම් ම නිකම් එදිනෙදා කා බී ඔහේ මැරිලා යන්නට හදන හැටි?

    සමහර අය මෙහෙම කියනවා.

    ‘අපි ජීවිතය රස විඳිනවා. ඇයි හැම තිස්සේ ම අසුභවාදී ව ම හිතන්නේ? මේ ලැබිච්ච ජීවිතය ගැන සුභවාදී ව හිතන්න කෝ. අපි කාලා - බීලා - ඇඳලා, හොඳ රස්සාවක් කරලා, යහපත් දරු පිරිසක් හදලා රටට දීලා, කාටවත් වරදක් නො කර ජීවත් වෙලා, මැරිලා ගියා ම ඒකත් පිනක් නේ ද?’

    ඔවුන් ගැන අපට මොකක් ද කියන්න තියෙන්නේ? ඔවුන් මුළා වෙලා ද, නැද්ද? ඔවුන් මේ සමාජයේ මානව හිතවාදී පුද්ගලයින් තමයි. ඔවුන් ගේ ජීවිතය තුළ දී ඔවුන් යම් යම් පින්-කුසල් කර තිබෙනවා තමයි. ඒත් ඔවුනුත් ඔවුන්ගේ පැවැත්ම සාරවත් කර ගැනීමට යැයි සිතා විවිධ ඇලීම් නිර්මාණය කර ගෙන නේද? කෑම්බීම්, ඇඳුම්වලට ඇලිලා - රසවලට ඇලිලා - දරුවන්ට ඇලිලා - රස යි, සැප යි, කියා හිතා ගෙන ඇලිලා. එහෙම නේද? යළි යළිත් ඉපැදීම සඳහා කර්ම සකස් කර ගෙන, සසරට ඇලිලා, සසර ගමන දිගු කර ගෙන නේද?

    එහෙම කියපු සමහර අය ම ජීවිතයේ විවිධ අවස්ථාවල දි මෙන්න මෙහෙමත් කියනවා.

    ‘අනේ මගේ එක ම දරුවා නැති වුණා. මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ...’

    ‘මං කවදාවත් හිතුවේ නැහැ මට මේ විදියේ ඉරණමක් උදා වෙයි කියලා. මං මගේ දරුවන්ට උගන්නලා ලොකු මහත් කළේ බොහොම දුක සේ. එයාලා ලොකු ලොකු තනතුරුවලට එන කොට මට හිතුණා මීට වඩා සතුටක් මොකට ද කියලා. ඒත් අද එයාලා රටරාජ්ජවල ගිහිල්ලා. මං මැරෙන මොහොතට වත් එයාලා මෙ තැන නැහැනේ? මොකක් ද ඉතින් මං කරපු ජීවිත සටනින් ඇති වැඩේ?’

    ‘දැන් නම් කොහොමටවත් ඉවසන්න බැහැ. මීට වඩා හොඳයි මැරෙනවා නම්. මං මොන තරම් සැප සම්පත් මැද රජෙක් වාගේ හිටියාද? මේ කරුම ලෙඩේ හැදිලා මං එක තැන් වුණා, නේ?’

    ‘මට රස්සාව නැති වුණේ පෙර කරුමෙකට ම වෙන්න ඕනේ. ඇත්තෙන් ම ඔය වංචාවට මං සම්බන්ධ නැහැනේ? දෙයියනේ දැන් මේ ගෙවල් හදන්න, වාහන ගන්න, ගනිපු ණයතුරුස් ගෙවා ගන්නේ කොහොම ද?’

    ‘අපේ කුරුලු කැදැල්ල කැඩිලා ඉහිරුණේ මගේ බිරිඳ නෝක්කඩු වෙලා ළමයිනුත්, මාත් දාලා ගියාට පස්සෙ යි.’

    අපි යළිත් ඔවුන් ගැන විමසා බලමු. ඔවුන් ඔවුන් ගේ පැවැත්ම සාරවත් කර ගැනීමට යැයි සිතා නිර්මාණය කර ගත් විවිධ ඇලීම් තුළ ම ගැටීම් ද, ඇති වී ඇති ආකාරය බලන්න. රස යි, සැප යි, කියා හිතා ගෙන ඇලී ගත් දේම ඔවුන්ට වේදනාවත්, දුකත් ගෙන දී ඇති සැටි බලන්න.

    පරම සත්‍යය නම්, කවර ශ්‍රී විභූතියක් ඇති භවයක ඉපැදී සිටියත්, අපට ඕනෑ විදියට, අප අපේක්‍ෂා කරන විදියට, අප පතන විදියට, අප ආශා කරන විදියට, සියල්ල සිදු නො වන බව යි. ඉපැදීම දුක යි කියන්නේ ඒක නො වෙයි ද? ඒක ම තමයි.

    මේ ලෞකික වූ සියල්ල අනිච්ඡ යි, දුක්ඛ යි, අනත්ත යි. අප ගේ ඉච්ඡාවට/කැමැත්තට අනුව සිදු නො වන නිසා අනිච්ඡ යි. ඒ හෙයින් ම දුක ගෙන දෙන නිසා දුක්ඛ යි. එ හෙයින් ම අනර්ථවත්/අර්ථ ශුන්‍ය නිසා අනත්ත යි.

    අපේ හදවත්වලට දැඩි ලෙස අවධාරණය කර පෙන්විය යුතු කාරණය මෙන්න මේක යි. මේ සසර ගමන් මඟේ ආරක්‍ෂිත හෝ පී‍්‍රතිමත් හෝ වන කවර ම තැනක් වත් නැති බව... සමස්ත ලෝකය ම පාලනය කරන සක්විති රජටත්, මහා බල සම්පන්න යැයි කියන මහා බ්‍රහ්මයාටත්, සියලු දිව්‍ය ලෝකවලට අධිපති ශක්‍රයාටත්, අපායට ඇද වැටීමේ අවදානම තිබෙනවා නම්, මනුෂ්‍ය වූ අපට කොහේ ද ආරක්ෂාවක් තියෙන්නේ? කොහේ ද සැනැසීමක් තියෙන්නේ?

    අප මේ තත්ත්වය තේරුම් ගන්නට – පිළිගන්නට කැමැති වුවත් නැති වුවත් සැබෑව නම් ඒක ම තමයි. අපේ කැමැත්තට/ඉච්ඡාවට භව ගමන පාලනය වන්නේ නැහැ. අනිච්ඡ යි. අප මේ තත්ත්වය තේරුම් ගන්නට – පිළිගන්නට කැමැති නැත්නම් එතැන ජය ගෙන ඇත්තේ මෝහය බව තේරුම් ගන්න.

    අපට එදිනෙදා ඇසෙන්නට දකින්නට ලැබෙන තවත් සංසිද්ධි කිහිපයක් ;මන්න බලන්න.

    ‘හරි ම රසවත් කෑම වේලක්. මට මතක ඇති කාලෙක ඔච්චර ගොඩක් කෑවේ නැහැ.’

    ‘බලන්න, හරි ම ප්‍රසන්න සුවඳක් නේ ද? මං අන්තිම සතයත් එකතු කරලා කොහොම හරි මේ සුවඳ විලවුන් බෝතලය ගත්තා.’

    ‘මං ආස ම කරන ගායක ගායිකාවන් තමයි ඔක්කොම හිටියේ. හැම සිංදුවක් ම එකකට එකක් පරාද නැහැ. මට දැනුණේ මං සිහින ලෝකෙක ඉන්නවා වාගේ යි.’

    ‘මට ඕනෑ වුණේ මේ භූමියට, මේ මන්දිරයට, ඇතුළු වුණා මා කාගේ වුණත් නෙත් සිත් සුන්දර දර්ශනවලින් මුසපත් වෙනවා දකින්න යි.’

    ‘බැහැ, විදුලි පංකා සීයක් තිබුණත් බැහැ. මොකට ද දුක් විඳින්නේ? වායු සමනය කළා ම ඇඟට වෙහෙසක් නැහැ නේ?’

    ‘අපි දවස් දහයක් විනෝද වුණා. දවල් වෙනවා - රෑ වෙනවා දැනුණේ නැහැ. කෑවා, බිව්වා, නැටුවා, ගැයුවා, සෙල්ලම් කළා, වැවේ මාළු ඇල්ලුවා, අපේ ගමන මතක් වෙන්න හැඳි - ගෑරුප්පු ටිකකුත් පන්නා ගත්තා. කොහොම වුණත් කරන්න තියෙන හැම දෙයක් ම කළා. මේ ජීවත් වෙන්න තියෙන පොඩි කාලෙට මොනවාට ද, දුකක් ගැන හිතන්නේ?’

    ඉහත කියමන්වලින් විවිධ පුද්ගලයින් පංච ඉන්ද්‍රිය පිනවමින් තම ජීවිතයේ වින්දනාත්මක ලෙස අත්දැකීම් ලබා ඇති ආකාරය යි පෙන්නුම් කෙරෙන්නේ. සය වන ඉන්ද්‍රියය වන මනසත් ඒ හැම අවස්ථාවකට ම සම්බන්ධ යි. සමහර අවස්ථාවල දී ප්‍රාණ ඝාතය, සොරකම පවා කරන්නට ඔවුන් පසුබට වෙලා නැහැ. මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන අය සතුටු වෙනවා කියා හඳුන්වා ගන්නා විශේෂ අවස්ථා කිහිපයක් තමයි ඒ. මෙසේ ඉන්ද්‍රිය පිනවමින් දේවලින් සතුටු වීම කෙබඳු ද? ඉන්ද්‍රිය පිනවීමේ අවස්ථා සම්පාදනය කර ගැනීමට වෙහෙසෙන්නට ඕනෑ. වියදම් කරන්නට ඕනෑ. කාලය වැය කරන්නට ඕනෑ.

    අපි හිතමු, එය එසේ වැය කිරීම් කරමින් කවුරුන් හෝ සතුටු වුණා කියා. එහි දී හොඳින් හා නරකින්, අන් අයට කරදරයක් වෙමින් හා නො වෙමින්, කවර ආකාරයට පුද්ගලයා සතුට සොයා ගියත්, එයින් ඒ තැනැත්තාට කර්මානුරූප ව ලැබුණු ප්‍රතිලාභය කුමක්ද?

    * ඇලීම – තෘෂ්ණාව පෙරදැරි කර ගත් මෝහය මත තව දුරටත් සසරෙහි රැඳී සිටීම සඳහා කුසල හෝ අකුසල හෝ කර්ම සකස් කර ගැනීම යි.

    * කවර වේලාවක අලාභයක් සිදු වේ දැයි නො දන්නා, කවර වේලාවක අපකීර්තියට පත් වේ දැයි නො දන්නා, කවර වේලාවක නින්දාවට ලක් වේ දැයි නො දන්නා, කවර වේලාවක දුකට පත් වේදැයි නො දන්නා,

    තව දුරටත් විමසා බලන විට...

    කවර ආකාරයක දුක්ඛිත භවයක ඉපැදේ දැ යි නො දන්නා, කිසිදු වගකීමක් නැති – කිසි දු වගවීමක් නැති කිසිදු විශ්වාසයක් තැබිය නො හැකි...

    මේ මහා භයානක සංසාර ගමන දික් කර ගැනීම යි...

    සසරින් මිදීමේ වැඩසටහන කල් දැමීම යි...

    සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්, යන නිර්වාණයට සපැමිණෙන පරම සුවදායී මාවතෙන් ඉවතට තල්ලු වීම යි... නිවනෙහි පමා වීම යි.

    ඒවාගේ ම යි, මේ ලෝකයේ ඉහත ආකාරයට විනෝද වෙනවා කියන බොහෝ අවස්ථාවල දී කුඩා ම හෝ අතපසු වීමකින්, මුලින් සඳහන් කළ විනෝදය වෙනුවට විශාල චිත්ත පීඩාවක් වුවත් සිදු විය හැකි යැයි බලාපොරොත්තු වන්නට ඕනෑ. සමහර අවස්ථාවල දී ගැටුම් ඇති වන්නටත්, ජීවිත හානි පවා සිදු වන්නටත් ඉඩ තිබෙනවා.

    ඔය මොන ආකාරයට තම ඉඳුරන් පිනැවීම කළත්, අවසානයේ ඒ සියලු ඉන්ද්‍රිය සහිත වූ ශරීරය පොළොව මත තබා මේ භවයෙන් නික්ම යනවා.

    ඉතිරි වන්නේ කිළිටි වූ චේතනා නිසා රැස් කර ගත් කර්ම සමුහයකුත්, ඊළඟ භවය කෙබඳු වේ ද යන්න ගැන විශාල බියකුත්, පමණ යි.

    එහෙම නම් අප ජීවිතය රස යි රස යි කියමින් විනෝද වීම තිත්ත රසට තලු මැරීම වාගේ දෙයක් නො වේද?

    මෙන්න මේ කතා පිළිබඳ විමසා බලන්න.

    ‘මේ දරුමල්ලන් ගේ වැඩ කටයුතුත් එක්ක මගේ සංසාර ගමන ගැන හිතන්න වෙලාවක් නැහැ. එයාලාගේ කටයුතු ඉවර වෙලා තමයි, මං ඒ ගැන හිතන්නේ.’ ‘කොහේ ද, පණම් හතරක් හොයා ගන්න තියෙන වෙලාවේ පින් දහම් කරන්න පුළුවන්ද?’

    ‘බණ අහන්න ඕනෑ තමයි, ඉතින් බණ ම අහ අහ ඉන්න පුළුවන් යැ? කොයි දේට වුණත් අන්තවාදී වෙන්න හොඳ නැහැ. පුළුවන් කාලෙට ඒක කරගන්න බැරියැ?’

    ‘මං හිතා ගෙන ඉන්නේ විශ්‍රාම ගියාට පස්සේ ධර්ම මාර්ගයට පිවිසිලා සසර කෙටි කර ගන්න යි.’

    ‘වගකීම් පැහැර හරින්න බැහැ. ඒවා ඉටු කරලා තමයි, පෞද්ගලිකත්වය ගැන හිතන්නේ.’

    ‘මේ දවස්වල වැඩ ඉවරයක් නැහැ. ඔය ධර්ම සාකච්ඡාවට නම් එන්න බැරි වෙයි. මං ඊ ළඟ එකට එන්නම්.’

    ‘ඉක්මනට ම කර ගන්න දෙයක් කර ගන්න ඕනෑ කියලා මටත් ඉතින් හිතෙනවා. වයසට ගියා ම ධර්මය අවබෝධ කර ගන්නත් අමාරු යි නේ?’

    ‘මාත් මේ හිතහිතා ඉන්නේ සසරින් එගොඩ වෙන මාර්ගයට ඇතුළු වෙන්න තමයි.’

    ඉහත පුද්ගලයින් මේ භවය තුළ පමා වෙමින් කල් ගෙවන ආකාරය බලන්න.

    දැන් ම මරණය සිදු නො වෙතැයි ඔවුන් දැඩි විශ්වාසයකින් සිටින ආකාරය බලන්න.

    ඒ එසේ විශ්වාස කරන්නට ඔවුන්ට ඇති හැකියාව කුමක්ද? තව මොහොතකින් මරණය සිදු නො වෙතැ යි තීරණයකට එළැඹෙන්නට ඔවුන්ට ඇති වගකීම කුමක් ද?

    බුදු සිරිතේ එන පේෂකාර දියණිය නම් චරිතයත්, බාහිය දාරුචීරිය නම් චරිතයත්, සලකමු. මරණය ඔන්න මෙන්න තියා, පේෂකාර දියණිය මාර්ගඵල කරා එළැඹෙන්නට තරම් භාග්‍යවන්ත වුණා. මරණය කොයි මොහොතේ සිදු වේ දැයි නො දැන සිටියත්, මරණය සිදු වන මොහොත මී ළඟ මොහොත වුවත් විය හැකි බව දැඩි ලෙස සිතේ දරා ගනිමින්, අප්‍රමාද ව කටයුතු කළ නිසා ම දාරුචීරිය තම මරණයට මොහොතකට පෙර අරහත් ඵලයට ළඟා වුණා.

    එහෙත් අප ගේ ජන සමාජයේ සමහර පුද්ගලයන් තම මරණය මෑතක දී සිදු නො වෙතැ යි විශ්වාස කරමින් අලස වෙනවා, ප්‍රමාද වෙනවා. හැම දා මත් මොනවා හරි නිදහසට කාරණාවක් ඔවුන්ට තිබෙනවා. සමහර විට ඔවුන්ට මරණය තෙක් ම ධර්ම මාර්ගයට එළැඹෙන්නට වේලාවක් නැහැ. මේ අතර තුර හදිසියේ මරණය සිදු වන අවස්ථාත් තිබෙනවා. සමහර අය තම පමා වීම ගැන ශෝක වෙමින් මිය යනවා. තවත් සමහර අය තමා පමා වූ බව වත් නො දැන ම මිය යනවා.

    අප තුළින් පැන නැඟිය යුතු ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට අදාළ පිළිතුරු මෙන්න බලන්න.

    * ප්‍රශ්නය - අප තෝරා ගත යුත්තේ මේ සසරෙහි තව දුරටත් රැඳී සිටීම ද? භව ගමන නවතා ලමින් සසරින් ඉවත් වීම ද?

    පිළිතුර - භව ගමන නවතා ලමින් සසරින් ඉවත් වීම

    පැහැදිලි කිරීම - මීළඟට කවර භවයක ඉපැදේ දැයි කිසි විටෙකත් නිශ්චිත වශයෙන් දැන ගන්නට බැහැ. එ සේ ම කවර ම භවයක ඉපැදුණත් එහි දී නියත වශයෙන් ම දුක් විඳින්නට සිදු වෙනවා ම යි. කවර ම තත්ත්වයකින් හෝ ජීවත් වන පුද්ගලයෙක් තමන් සැබෑ වශයෙන් ම, ස්ථිර ලෙස ම, සැනැසිල්ලේ සිටිනවා දැ යි තමන් ගේ හදවතින් අවංක ව විමසා බැලුව හොත් පිළිතුර වන්නේ ‘නැත, නැත, නැත’ යන්න ම යි.

    * ප්‍රශ්නය - භව ගමන නවතා ලීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද?

    පිළිතුර - ආර්ය මාර්ගයට පිවිසීම... මාර්ග ඵල ලබා ගැනීම... අවම වශයෙන් සෝවාන් ඵලයට වත් පැමිණීම

    පැහැදිලි කිරීම - අවම වශයෙන් සෝවාන් ඵලය හෝ ලබා ගත්තේ නම් නිශ්චිත වශයෙන් ම අපායක ඉපැදීම වැළැකී යනවා. ඒ සේ ම සසර ගමන භව හතකට සීමා වෙනවා. ධ්‍යාන ලබනවාටත් වඩා, සක්විති රජ කම ලබනවාටත් වඩා, සෝවාන් වීම උතුම් යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ එ හෙයින් ම යි.

    ප්‍රශ්නය - කාර්ය බහුල ගිහි ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු කරන අතරේ ම අපට මාර්ග ඵල ලැබිය හැකි ද?

    පිළිතුර - ඔව්. නිසැක වශයෙන් ම ඔව්.

    පැහැදිලි කිරීම - විශාඛාව සෝවාන් වූයේ හත් වැනි වියේ දී යි. ඇය විවාහ වන විටත් සෝවාන් වෙලා යි හිටියේ. ඇය අවුරුදු එකසිය විස්සක් ජීවත් වුණා. ඇයට දරු මුණුබුරන් විශාල සංඛ්‍යාවක් හිටියා. ඇය ගත කළේ අතිශයින් ම කාර්යබහුල ජීවිතයක් බව බුදු සිරිත ඇසුරින් ඕනෑ ම කෙනකුට වටහා ගත හැකි යි.

    එ එසේ ම ඒ යුගය තුළ රජවරුන්, සිටුවරුන් ඇතුළු ප්‍රභූ මට්ටමේ අයත්, දැසිදස්සන් වැනි පහළ සමාජ ආර්ථික පසුබිමක් තිබූ අයත්, බාල – තරුණ – මහලු යන සියලු ම වයස්වල අයත්, සෝවාන් පමණක් නො වෙයි, සකෘදාගාමි, අනාගාමි යනාදී මාර්ග ඵලවල සිටිමින් ගහි ජීවිත ගත කළා. ඔවුන් ඒ ඒ තත්ත්වවලින් තමතමන්ට අදාළ වූ එදිනෙදා කටයුතු කකරමින් තමයි ජීවත් වුණේ. අපේ ඇති බලවත් ම වරද තමයි, එ දා අයට පුළුවන් වුණා නම් ඇයි අපට වැරි කියා සිතන්නේ නැති කම. අප අමතක නො කළ යුතු යි, එ දා සමාජයේත් අද වාගේ ම මිනී මරන්නන්, සොරුන්, බේබද්න්, සල්ලාලයන්, මසුරන්, මස් වැද්දන්, සිටි බව. එහෙම නම් ඇයි අපට බැරි? නෑ, අපටත් පුළුවන්. දැන් ම ම අපි පටන් ගනිමු.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සෝවාන් වූ පුද්ගලයා ගේ හැසිරීම හා ක්‍රියා කලාපය කෙබඳු ද?

    පිළීතුර - සෝවාන් වූ පුද්ගලයා දෙස බැලූ බැල්මට අපට ඔහු හඳුනා ගන්නට බැහැ. අනෙක් අතින් කෙනෙක්, තමා මාර්ග ඵල ලාභියකු බව අනාවරණය කර ගත පසු ව ද, ඒ බව ප්‍රකාශ කරන්නේ නැහැ.

    පැහැදිලි කිරීම - අප වාගේ ම එදිනෙදා කටයුතු කරමින් අප සමඟ සිටින, බසයේ අප අසලින් වාඩි වී යන, අපේ ගෙදරක කුලී වැඩ කරන්නට එන, සාමාන්‍ය කෙනෙක් සෝවාන් වූ කෙනෙක් විය හැකියි.

    සෝතාපන්න යැ යි කියන පුද්ගලයා කෙබඳු සත්ත්වයකු දැයි කොහොමට වත් තේරුම් ගන්නට බැරි හැටියට අප හිතෙන් මවාගෙන සිටීමත් අවාසනාවන්ත තත්ත්වයක්. අනේකවිධ අසාමාන්‍ය ගුණ ලක්‍ෂණ ආරෝපණය කොට එහෙම කෙනකු නම් කොහොමවත් සිටින්නට බැරි යන යන වග තරයේ විශ්වාස කරන ආකාරයටයි සමාජය දැනුවත් වී තිබෙන්නේ. එසේ වූ විට කෙනෙක් මෙය අපට නම් කෙසේවත් ලබාගත නො හැකි තත්ත්වයක් යැ යි එක එල්ලේ ම තීරණය කොට ඒ වෙනුවෙන් ගත හැකි උත්සාහයත් අත හරිනවා.

    විනය පිටකයත්, සූත්‍ර දේශනයනුත් හරි අවබෝධයකින් කියවන්නට ඔබ කැමැති නම් සෝතාපන්න පුද්ගලයකුට සෝතාපන්න ව හිඳිමින් කළ හැකි දේ දැන ගත් විට ඔබ මවිතයට පත්වනු ඇති. පුද්ගලයා ගිහි වුවත්, පැවිදි වුවත්, එය එසේ ම යි.

    අපි මුලින් ම සොයා බලමු. කවර හේතුවක් නිසා වත් සෝතාපන්න පුද්ගලයකු අතින් සිදු නො වන වැරැදි මොනවා දැ යි.

    * සෝතාපන්න ආර්යයා නිසැක ව ම දන්නවා සියලු සංස්කාර ධර්ම අනිච්ඡ යි, දුක්ඛ යි, අනත්ත යි, යන බව.

    * සෝතාපන්න ආර්යයකු අතින් කිසි සේත් ම සිදු නො වන වැරැදි හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මජ්ජිම නිකායේ 115 – බහුධාතුක සූත්‍රයේ මේ කරුණ අඩංගු වෙනවා.

    1. මව මැරීම

    2. පියා මැරීම

    3. රහතන් වහන්සේ නමක් මැරීම

    4. පවිටු චේතනාවෙන් බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම

    5. සංඝ භේදය (සෝවාන් මාර්ගයට පිවිසී සිටින්නා ගේ සිට රහත් වී සිටින්නා දක්වා අට්ඨ පුරිස වූ පුද්ගලයන් අතර සමඟිය බිඳීම)

    6. නිවන් ලැබීම සඳහා බුදුන් වහන්ස් හැර වෙනත් ශාස්තෘවරයකු අනුගමනය කිරීම.

    (එහෙත් මේ සියල්ල පෘථග්ජනයකු අතින් සිදුවිය හැකියි.)

    ඔබ දන්නවා ද අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ යන පාඨයෙහි අර්ථය? මෙහි පැහැදිලි ව ඉස්මතු කර පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයාට අයත් වන අට වැදෑරුම් පුද්ගලයන් ගැන යි. ඒ අය මෙන්න.

    1. සෝවාන් මාර්ගයේ ගමන් ගන්නා අය (තවමත් සෝවාන් වී නැති)

    2. සෝවාන් වී සිටින අය

    3. සකෘදගාමි මාර්ගයේ ගමන් ගන්නා අය

    4. සකෘදගාමි වී සිටින අය

    5. අනාගාමි මාර්ගයේ ගමන් ගන්නා අය

    6. අනාගාමි වී සිටින අය

    7. අරහත් මාර්ගයේ ගමන් ගන්නා අය

    8. අරහත් වී සිටින අය

    එසේ මාර්ග හෝ ඵල හෝ නො ලැබූ අය සංඝ නම් වූ ගණයට අයත් වන්නේ නැහැ. ඉහත අට වැදෑරුම් පුද්ගලයන් තමයි, සංඝ නම් වූ ගණයට අයත් වන්නේ.

    අපි දැන් සොයා බලමු. සෝතාපන්න පුද්ගලයකු අතින් සිදු විය හැකි වැරැදි මොනවා දැ යි.

    * ඉහත සඳහන් කරන ලද වැරැදි හැර වෙනත් ඕනෑ ම වැරැද්දක් සෝවාන් වූ පුද්ගලයකු අතින් සිදු වන්නට පුළුවන්. ඔබ මතක තබා ගත යුතු යි. මාර්ග හෝ ඵල හෝ ලැබූ අයට නැවත එම මාර්ග/ඵල ලාභය අහිමි නො වන බව.

    * අංගුත්තර නිකායේ, ඡක්ක නිපාතයේ, දුතිය පණ්ණාසකයේ, මහා වග්ගයේ, චිත්තහත්ථි සාරිපුත්ත සූත්‍රය අධ්‍යයනය කර බැලුවහොත්, ඔබ අනාවරණය කර ගනීවි, සෝතාපන්න වූ භික්ෂුවක්, කාම ආශාවන් උඩ සිවුරු හැරීම පවා සිදු කර ඇති ආකාරය.

    * ඒ වාගේ ම අංගුත්තර නිකායේ, තික නිපාතයේ, දුතිය පණ්ණාසකයේ, සමණ වර්ගයේ, සික්ඛාන්තය සූත්‍රයත්, මජ්ජිම නිකායේ 48 - කෝසම්බිය සූත්‍රයත්, අධ්‍යයනය කර බැලුවහොත්, ඔබ අනාවරණය කර ගනී වි, සෝතාපන්න භික්ෂුවක් අතින් කුඩා විනය නීති පවා උල්ලංඝනය විය හැකි බව.

    * සෝතාපන්න පුද්ගලයා බැලූ බැල්මට කොතරම් සාමාන්‍ය පුද්ගලයකුට සමාන ද යන්න ඔබ මැනවින් වටහා ගන්න. සෝතාපන්න පුද්ගලයා අතින් පන්සිල් පද සියල්ල ම වුණත් බිඳෙන්නට පුළුවන් බව තේරුම් ගන්න. එහෙත් ඒ ගැන සිහිපත් වූ වහා ම ඔහු වැරැද්ද නිවැරැදි කර ගත යුතු බව වටහා ගන්නවා. ඒ කළේ වැරැද්දක් බව ඔහු ගේ ප්‍රඥාව වහා ම ඔහුට දැනුම් දෙනවා. එවැනි වැරැදි නො කරන්නට වීර්ය වන්ත වෙනවා. එහෙත් පෘථග්ජනයා කෙතෙක් වාරයක් පන්සිල් උල්ලංඝනය වුවත් එය නිදොස් කර ගන්නට උත්සාහ දරන්නේ නැහැ. මෝහය ජය ගෙන ඇති විට ප්‍රඥාවේ ආලෝකය පහළ වන්නට ඉඩක් නැහැ.

    * ඒ වාගේ ම එක්තරා සීමාවක් යටතේ තරහ ගැනීම, ව්‍යාපාදය, ඊර්ෂ්‍යාව, ලෝභ කම, අනුන් රැවැටීම, කපටිකම, ලජ්ජා භය නැතිකම පවා සෝතාපන්න පුද්ගලයා තුළ තිබෙනවා විය හැකි යි.

    * සෝතාපන්න පුද්ගලයා සිය දිවි නසා ගැනීමට පෙළැඹුණත් ඔහු ගේ සෝතාපන්න බවට හානියක් සිදු වන්නේ නැහැ. කෙසේ වුවත් සිය දිවි නසා ගැනීම ප්‍රාණඝාතයක්.

    * ඔබ පිළිගන්නවා ද මත්පැනට ලොල් ව සිටි සරකානි නම් වූ පුද්ගලයෙක් සෝවාන් වූ පසුත් ඒ පුරුද්ද අත් නොහළ බව? ශාක්‍යවංශික සරකානි බුදුන්ගෙන් බණ අසා සෝතාපන්න ඵලයට පත් වුණා. ඒත් ඔහුට සෝවාන් වෙලාත් ඒ පුරුද්ද අතහැර ගන්නට බැරි වුණා.

    සංයුත්ත නිකායේ, සෝතාපත්ති සංයුතයේ, සරකානි වග්ගයේ, සරකානි සූත්‍රයේ ඒ පිළිබඳ තොරතුරු අඩංගු වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව සිටි එදා යුගයේත්, මත්පැනට ලොල් ව සිටි සරකානි ගේ සෝවාන් බව පිළිබඳ පෘථග්ජන පුද්ගලයන් අතර මතභේද හට ගත් බව එම කථාව කියවන ඔබට දැන ගන්නට පුළුවන්. ඒත් ඔහු සෝවාන් වූ පුද්ගලයෙක් ම බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා.

    * මීළඟට කුක්කුටමිත්ත වැද්දා සමඟ පැන ගිය කුමරිය ගේ කතාව බලමු.

    කුක්කුටමිත්ත වැද්දා ගේ බිරිඳ හත්වන වියේ දී සෝවාන් වෙලා යි හිටියේ. ඒත් මව විසින් රකින ලද – පියා විසින් රකින ලද ඇය, දෙමාපිය අනුදැනීමෙන් තොර ව මස් වැද්දකු සමඟ පැන ගියා. මෙහි දී ඇය සෝවාන් වී සිටියත් කාමමිථ්‍යාචාරයට හසු වුණා. සිටු කුමරියට මස් වැද්දා සමඟ සසර බැඳීමක් තිබුණා. ඒ බැඳීමෙන් ඇතිවුණු ඇලීමට ඇය නතු වුණා.

    ඒත් ඇය සතර අපායට වැටෙන්නේ නැහැ. සෝවාන් වූ ඇය කාම මිථ්‍යාචාරය වැරැදි බව ප්‍රඥාවෙන් දකිනවා. වැද්දා සමඟ පැන යෑම ඇගේ කැමැත්තෙන් සිදු වුවත්, එම අකුසලය කළේ අකැමැත්තෙන් ම යි. කාම මිථ්‍යාචාරය පිළිබඳ අද බොහෝ දෙනා තුළ නිවැරැදි වැටැහීමක් නැහැ. බොහෝ දෙනකු සිතා සිටින්නෙන් කාම මිථ්‍යාචාරයට හසුවන්නේ විවාහක පුද්ගලයින් පමණක් කියා යි. එනම් තම ස්වාමිපුරුෂයා ගේ රැකවරණය ලබන කාන්තාවක් හෝ තම බිරිඳ ගේ රැකවරණය ලබන පුරුෂයෙක් හෝ වෙනත් අයකු සමඟ අඹු - සැමියන් ලෙස හැසිරීම තමයි, කාම මිථ්‍යාචාරය ලෙස සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ. එය කාම මිථ්‍යාචාරයේ එක් අවස්ථාවක් පමණ යි.

    බුදුරජාණන් වහන්ස් මජ්ඣිම නිකායේ, චූල යමක වර්ගයේ, සාල්‍යෙයක සූත්‍රයේත්, මජ්ඣිම නිකායේ, චූල යමක වර්ගයේ, වේරඤ්ජක සූත්‍රයේත්, කාම මිථ්‍යාචාරයෙන් වැළැකී සිටින්නේ කොහොම ද යන්න විස්තරාත්මක ව දේශනා කර තිබෙනවා. එය සරල ව ප්‍රකාශ කළොත් මෙන්න මේ ආකාර යි...

    ”මව විසින් රකින, පියා විසින් රකින, මව්පියන් දෙදෙනා ම විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නෑදෑයින් විසින් රකින, ගෝත්‍රය විසින් රකින, ධර්මය විසින් රකින ස්ත්‍රීන් හෝ, ස්වාමියා සිටින හා විවාහ ගිවිස ගත් ස්ත්‍රීන් හෝ විවාහය තීන්දු කරන ලද ස්ත්‍රීන් හෝ කෙළෙසීමෙන් වැළැකී සිටීම”

    මේ තත්ත්වය ගැහැණු - පිරිමි දෙපාර්ශ්වයට ම අදාළ කර විමසා බලන්න. දැන් ඔබට වටහා ගන්නට පිළිවන් වේවි, මේ කිසියම් කාණ්ඩයකට හෝ අයත් වන කෙනෙක් කාම මිථ්‍යාචාරයට හසු විය හැකි බව.

    සෝවාන් වූ අය අතින් අකැමැත්තෙන් සිදු වන අකුසල් පටිවිරතෝ ගණයට යි, අයත් වන්නේ. රහත් නො වූ, එ නම් සෝවාන් සකෘදාගාමි සහ අනාගාමි අය ගේ සීලය “පටිවිරතෝ” ලෙස හඳුන්වන්නේ ඔවුන් අතින් කිසියම් මට්ටමකට අකුසල් සිදු වන්නට හැකි නිසා යි. ඒත් රහත් වූ අයට සීලය පිහිටන්නේ “වේරමණී” ලෙස යි. එවැනි උතුමන් අතින් එම සීලය බිඳෙන්නේ ම නැහැ.

    සෝවාන් වූ කෙනකු අතින් ඡන්දය, ද්වේෂය, භය, මෝහය නිසා යම් කුඩා පාපයක් කෙරෙන්න පුළුවන්. ඒත් පාප ගති ලක්‍ෂණයට පත්වෙලා අගතිගාමි වෙන්නේ නැහැ. තිරිසන්, නිරය, ප්‍රේත තත්ත්වයට පත් වන්නේ නැහැ. ප්‍රඥාවෙන් දැක දැක වරද සකස් කර ගනිමින් මත්තෙහි දී සංවරයේ පිහිටන්නට බලනවා. මෙය හඳුන්වන්නේ ආයති සංවරය යනුවෙන්.

    අතේ වණයක් තුවාලයක් නොමැති ව විස ඇල්ලූ විට ඒ විස ශරීරයට ඇතුළු නො වන්නාක් සේ සතර අපා ගතවන ප්‍රබල පාප චේතනා දුරු කළ සෝවාන් ඵල ලාභියා සතර අපා ගතවන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

    එහෙත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා අතින් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම, සංඝ භේදය සහ නිවන් සඳහා අන්‍ය ශාස්තෘවරුන් සරණ යෑම යන මේ කාරණා හය කවර ම ආකාරයෙන් වත් සිදු නො වන බව නිසැක ව ම අප දැන ගත යුතු කාරණයක්.

    සක්විති රජ කෙනකුටත් වඩා, ධ්‍යාන ලැබූ පුද්ගලයකුටත් වඩා, සෝවාන් වූ පුද්ගලයා ආශ්චර්යවත් වන්නේ ඔහු තම සසර ගමන ඉදිරි භව හතකට සීමා කරගෙන - කෙටි කරගෙන ඇති නිසාත්, ඔහු සාක්‍ෂාත් කර ගනු ලැබූ ආර්ය මාර්ග ඵලය කවර හේතුවක් නිසා වත් භව ගමන මුළුල්ලේ ම පිරිහෙන්නේ නැති නිසාත්, ම යි. අප ඉතා ඕනෑකමින් යුතු ව පුන පුනා - යළි යළිත් – නැවත නැවතත් – හැම විට මත් – පසු කරන චිත්ත ක්ෂණයක් පාසාමත්, සිහියේ තබා ගත යුත්තේ සෝවාන් ඵලයට පත් වීම අපට ලබන්නට අපහසු දෙයක් නො වන බව යි.

    සංඝ නම් වූ ඒ අට වැදෑරුම් වූ ආර්ය පුද්ගලයන් අතුරින් සෝවාන් මාර්ගයේ ගමන් ගන්නා (තව ම සෝවාන් වී නැති) සහ සෝවාන් වී සිටින පුද්ගලයා කෙ බඳු ද යන්නත්, තමා සෝවාන් වූ පුද්ගලයකු දැ යි වටහා ගන්නේ කෙ සේ ද යන්නත්, අපි දැන් විමසා බලමු.

    මාර්ග සහ ඵල යන පදවලින් හඳුන්වන්නේ කුමක් ද?

    සෝවාන් මාර්ගය

    මග්ග හෙවත් මාර්ග යන වචනයේ සාමාන්‍ය තේරුම ලෙස පාර යන්න ගත හැකි යි. මග්ග ලාභය කියන්නේ, පාරට වැටීමේ වාසනාව යි, හරි මඟ දැකීම යි, පාර පෑදීම යි. නිවැරැදි පාරට යොමු වීම යි. සෝවාන් මාර්ගයට පිවිසීම යි.

    මෙය මොහොතක දී හදිසියේ ම වාගේ සිදු වන කාරණයක්. මං මුළා වී වනගත ව හෝ මරු කතරක හෝ අසරණ ව සිටින පුද්ගලයකුට හදිසියේ ම ගම්මානයකට, ක්ෂේම භූමියකට, යොමු වී තිබෙන පාරක් පෑදෙනවා වාගේ සිද්ධියක්. මෙය ක්ෂණික ව ඇති වන මානසික පරිවර්තනයක්.

    හිතට නැඟෙන සුවිශේෂ අවබෝධයක්, සත්‍යයක්, විදර්ශනයක්, විශ්ව සාධාරණ ධර්මතාවක්, විදුලි කෙටීමක් හා සමාන ව ක්ෂණයකින් මනැස පෑදෙන සත්‍ය දර්ශනයක් තමයි මේ මානසික පරිවර්තනය.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් මඟියා ආර්ය මාර්ගයට පිවිස සිටිනවා. ඔහු ආර්ය පුද්ගලයෙක්. ආර්්‍ය ශ්‍රාවකයෙක්. පෘථග්ජන භුමියෙන් සදහට ම නිදහස් වූවෙක්. සෝතාපත්ති ඵලය නෙළා ගත් අයෙක්. සතර අපායෙහි – එ නම්, තිරිසන් යෝනියට, පේ‍්‍රත ලෝකයට, අසුර නිකායට, හා නිරයට නො වැටෙන්නෙක්.

    මේ ගමන නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ සැරිසැරීම නම් වෙයි. ලෝකෝත්තර වන්නේ පෘථග්ජන/ ලෞකික ජීවිතයට සදාකාලික ව බැඳ තබන සංයෝජන කිහිපයකින් හෝ නිදහස ලබා ගත් නිසා ම යි.

    සෝතාපත්ති ඵල නෙළා ගත් අවස්ථාවේ දී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස යන සසරට බැඳ තබන බැමි තුනකින්, සංයෝජනවලින් මිදෙන බව අත්දැකිය හැකි තත්ත්වයක්.

    සක්කාය දිට්ඨිය පිළිබඳ අර්ථ විග්‍රහය කෙබඳු ද?

    ස (තමා ගේ) කාය (කය පිළිබඳ) දිට්ඨි (දෘෂ්ටිය)

    සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා තමා ලද කයට, මම ය, යන දැඩි බැඳීමෙන් යුතු ව කටයුතු කරනවා. තමා ලෙස තීන්දු කළ පුද්ගලයා කේන්ද්‍ර කොට ගනිමින් මා ගේ ය යන ඇල්මෙන් ජීවත් වීමට දැඩි ආශාවකින් සම්පත් රැස් කරමින් සිටිනවා. මේ ජීවත් වන කය තමා බව තරයේ විශ්වාස කරනවා.

    බලන්න, ඔහු එසේ “මම” යැ යි හැඳින්වූ කය, මතු භවයේ දී තවත් “මම” යන කයකට මාරු කර ගන්නවා. ඊ ළඟට කරන්නේ එ දාට ලැබූ කය “මම” යැ යි තදින් බැඳී ගෙන ඔය ආකාරයට ම ක්‍රියාත්මක වීම යි.

    සක්කාය දිට්ඨියෙන් මිදුණු පුද්ගලයාටත් ලෞකික වශයෙන් මම යැ යි කියා ගනිමින් ජීවත් වන්නට සිදු වන බව ඇත්ත. එහෙත් ජීවත් වන සෑම මොහොතක ම සියලු සංස්කාර අනිච්ඡ බවත්, දුක්ඛ බවත්, අනත්ත බවත්, පිළිගනිමිනු යි ඔහු ජීවත් වන්නේ . එහෙයින් ම මමම ය, මා ගේ ය ලෙස පුද්ගලයකු මවා ගනිමින් පෝෂණය කිරීම අර්ථයක් නොමැති බවත්, මේ පුද්ගලයා මේ පොළොව මත තබා යන්නට සිදු වන බවත්, හොඳින් ම දන්නවා.

    මා නමින් හඳුන්වන පුද්ගලයා මගේ යැ යි සිතා කැමැති පරිදි හැසිරැවිය නො හැකි බවත්, එ සේ හසුරුවන්නට යාම ම දුක උපදවා ගැනීමක් බවත්, එය ම නිෂ්ඵල අනර්ථ උත්සාහයක් බවත්, මනා ව වටහා ගනිමිනු යි, ඔහු ජීවත් වන්නේ, මේ ප්‍රඥාව ඔහු ගේ මුළු භව ගමන පුරා ස්ථිරසාර ලෙස මුල් බැස ගෙන හමාර යි. එ විට ඔහු සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

    විචිකිච්ඡාව පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද?

    විචිකිච්ඡාවෙන් යුතු පුද්ගලයා ප්‍රඥාවෙන් විමසා බලා යමක් වටහා ගන්නේ නැහැ. ඔහුට සියල්ල සැක යි. සසර ගමනේ තවතවත් පුද්ගලයකු රඳවන අට තැන් පිළිබඳ පවත්වා ගන්නා මෙන්න මේ ආකාරයේ සැකයක් තිබෙනවා.

    එ නම්, බුදුන් පිළිබඳ සැකය, ධර්මය පිළිබඳ සැකය, සංඝයා පිළිබඳ සැකය, සීලය පිළිබඳ සැකය , මා පෙර සිටියා දැ යි සැකය, මා නැවත ඉපැදේ දැ යි සැකය, මා පෙර සිටියා ද - නැවත ඉපැදේ දැ යි සැකය, සහ පටිච්ච සමුප්පාද ධර්මය ( හේතු - ඵල දහම) පිළිබඳ සැකය යි.

    විචිකිච්ඡාවෙන් තොර පුද්ගලයා නුවණින් විමසා බැලීම නිසා ම යි, ඉහත කරුණු ගැන සැකයෙන් තොර වී තිබෙන්නේ. කිසියම් එක ම එක දහම් කරුණක් හෝ ප්‍රඥාවෙන් විමසා බලන විට කෙනකු තුළ පවත්නා, අට තැන් පිළිබඳ සැකය නිකම් ම දුරු වී යනවා. ඔහු තුළ විශ්වාසය ඇති වෙනවා. විමංසා නුවණින් යුතු ව ධර්මයේ සැරිසැරීමෙන් ම යි, මෙම විශ්වාසය තහවුරු වන්නේ.

    ඉහත ආකාරයේ විශ්වාසයක් ගොඩ නැඟුණු පුද්ගලයා ගේ හැසිරීමේ කෙබඳු වෙනසක් ඇති වේ දැ යි සිතා බලන්න. ඔහු මේ සසර ගමනේ බොහොම ප්‍රවේසම් සහිත වූවෙක්. පවෙහි ලජ්ජා-භය ඇත්තෙක්.

    සමස්ත භව ගමන පුරා ම ස්ථිරසාර ලෙස ම බුදුන් සරණ, දහම් සඟුන් සරණ ගිය කෙනෙක්. එ වැන්නෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

    සීලබ්බත පරාමාස පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද? සීල (සීලය සහ ) වත ( හැසිරීම පිළිබඳ) පරාමාස ( වැරැදි දෘෂ්ටිය)

    සීලබ්බත පරාමාසයෙන් යුතු පුද්ගලයා බුදුන්, දහම් සහ සඟ සරණින් බැහැර වූ වෙනත් සරණ පතනවා.

    අනේක විධ පුදපූජා පවත්වනවා. මේවා බොහෝ විට ලෞකික සම්පත් පතමින් කරනු ලබන දේවල්. නැති නම් දුක් කම්කටොල්වලින් මිදෙන්නට සහනය පතා කරනු ලබන දේවල්. ඒ වාගේ ම නා නා වෘත සමාදන් වෙනවා. බුද්ධ කාලීන බලු වත, ගෝ වෘත ඒවාට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන් බලන්න, එහි දී එම පුද්ගලයන් තුළ පවතින්නේත්, තෘෂ්ණාව ම තමයි. වෙනත් ආකාරයකට කිව හොත්, ලෞකික ජීවිතයට ඇති ආශාව යි. දුක් කම්කටොල්වලින් මිදෙන්නට කරනු ලබන පුදපූජා ගැන දැඩි ලෙස බල පවත්වන විශ්වාසය යි. මේවා මෝහයේ ප්‍රබල ලක්‍ෂණ යි.

    මෙ වැනි පුද්ගලයින් තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්චප්පසාදනයක් නැහැ.

    සීලබ්බත පරාමාසයෙන් තොර පුද්ගලයා ප්‍රඥාවෙන් දකිනවා, ඉපැදීමෙන් ම තමා දුක් කම්කටොල්වලට ඉඩ සලසා ගෙන ඇති බව. එම ප්‍රඥාව නිසා ම යි, ඔහු සීලබ්බත පරාමාසයෙන් තොර වූයේ, කුසල් හි යෙදෙමින් ම, අකුසල්වලින් තොර වෙමින් ම, පැමිණි දුක් කම්කටොල්වලින් මිදෙන්නට වීර්යයෙන් යුතු වෙනවා. යහපත් ප්‍රයෝග යොදනවා.

    මේ අතරතුර ම එළැඹෙන තත්ත්වවල හැකි තාක් කම්පා නො වී සිටිනවා. යැදීමෙන් නො ව දැහැමි ඉපැයීමෙන් අවශ්‍ය දේ පමණක් සපයා ගන්නටත්, ලද දෙයින් සතුටු වීමේ තෘප්තිය ලබන්නටත්, සූදානම් ව සිටිනවා.

    යමක් ලැබෙතැ යි වග වන්නට බැරි, එය ලැබුණා නම් ඒ කවර හේතුවක් නිසැ දැ යි නිශ්චය කර ගන්නට බැරි, යැදීම්වල නිරත වෙමින් සීලබ්බත පරාමාසයෙන් තොර ප්‍රඥාවන්තයා කිසි විටෙකත් තමා ගේ බුද්ධිය හෑල්ලූ කරන්නේ නැහැ. එ වැනි උතුම් ගුණ ඇත්තෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

    ලෝකෝත්තර මග්ග

    පළමු වන ප්‍රවිෂ්ටය සමඟ, එ නම් සෝවාන් මාර්ගයට අවතීර්ණ වීම හා සමඟ ම කිසියම් පුද්ගලයෙක් පෘථග්ජන භාවයෙන් නිදහස් ව ලබන මුල් ම ආර්ය පුද්ගල තත්ත්වය හිමි කර ගන්නවා.

    ලෝකෝත්තර මග්ග යන්නෙන් අදහස් වන්නේ එම සුවිශේෂී මොහොතේ සිදුවන මානසික පරිවර්තනය යි. පෘථග්ජන තත්ත්වයෙන් ආර්ය පුද්ගල භාවයට ප්‍රවිෂ්ට වූ, නිර්වාණය බලා යන මාර්ගයට අවතීර්ණ වූ, මුල් පියවර තැබූ මොහොත තමයි ඒ.

    ඉන් පසු ක්‍රමයෙන් තව අවස්ථා තුනක දී, එ නම් සකෘදාගාමි, අනාගාමි සහ අරහත් යන ඉහළ තත්ත්ව තුනට අවතීර්ණ වීම සිදු වෙනවා.

    සෝවාන් මඟට පිවිසියා ය යන සිද්ධියෙන් නිදහස නම් වූ, නිවන නම් වූ, සුවය ප්‍රථම වරට අත්දැකීමේ මොහොතක් පැමිණ තිබෙන බව තමාට ප්‍රකට වෙනවා, හෙළිදරව් වෙනවා.

    එහෙත් ඒ නිදහස සනාථ වීමට, තහවුරු වීමට, ස්ථිර වීමට, ඇති සාක්‍ෂිය ලැබෙන්නේ ඒ මඟට අදාළ සංයෝජන නැවත කිසි දවසෙක නූපදනා හැටියට අහෝසි වීමෙන් ම යි, නිරෝධ වීමෙන් ම යි. ඒ අවස්ථාව සෝවාන් ඵල සිද්ධිය නම් වෙනවා.

    දහම් ඇස නම් වූ සෝවාන් මාර්ගය දැකීම සිදු කර ගත් කෙනකුට, තමන් තුළ නැවත කිසි දිනෙක ලියලන්නට ඉඩක් නැති හැටියට, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන නිරෝධ වී ඇත් ද, නැත් ද, යන්න විමසා බැලීමෙන් තමා ඇත්ත වශයෙන් ම සෝතාපත්ති ඵලයට පැමිණියේ ද නැත් දැ යි දැන ගත හැකි වෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ දෙ වන බණ වරෙහි සඳහන් වෙනවා. ධම්මාදාස නම් වූ ක්‍රමයක්. යම් පුද්ගලයකුට තමා නිරය නැති කළ, තිරිසන් ගති නැති කළ, පේත විෂය නැති කළ, දුගතියට හෙළන අපාය නැති කළ, නියත ව සම්බෝධියට යොමු කරන සෝවාන් බවට පත් වූ ආර්ය ශ්‍රාවකයකු යැ යි එම ක්‍රමය තුළින් වටහා ගත හැකි බව බුදුන් වහන්සේ එහි දී දේශනා කළා.

    තමා බුදුන් වහන්සේ ගේ ගුණ දැන, ධර්මයේ ගුණ දැන, සංඝයා ගේ ගුණ දැන, එම ගුණ ප්‍රඥාවෙන් වටහා ගෙන, බුදුන් - දහම් - සගුන් කෙරෙහි අවෙච්චප්පසාදනයෙන් යුතු වේ නම්, තමා සෝවාන් වී ඇතැ යි තමාට ම වටහා ගත හැකි බව එහි කියැවෙනවා.

    සෝවාන් මාර්ගයට පා තැබූ තැනැත්තා වේලාසනින් හෝ ප්‍රමාද ව හෝ මරණයට පෙරාතු ව සෝවාන් ඵල ලාභය සිද්ධ කර ගන්නා බව ද ඉගැන්වෙයි.

    ඒ සඳහා ආර්ය පුද්ගලයෙකු ලෙස තවදුරටත් ධර්මයේ හැසිරීම අවශ්‍යයි.

    සෝවාන් වීම ප්‍රඥාවෙන් ම කළ යුත්තක්. සෝවාන් ඵලයට පත් වීම භාවනා කර ලබා ගන්නක් නො ව ධර්මය වටහා ගැනීමෙන්, ප්‍රඥාව අවදි වීමෙන් , සිදුවන්නක්. ඒ ධර්මය ආර්ය උත්තමයකු ගෙන් ප්‍රකාශ වූවක් විය යුතු යි. සෝවාන් වූ පසු ඉදිරි මාර්ග ඵල කරා එළැඹීමට අනුන්ගෙන් ගුරුහරුකම් අවශ්‍ය නො වෙයි. තනි ව ම නිවන පූර්ණ කර ගත හැකි යි. එ තැන් සිට තවත් යා යුත්තේ උපරිම වශයෙන් ම භව හතක් පමණ යි.

    ප්‍රශ්නය - මාර්ග ඵල කරා එළැඹීමට ත්‍රිපිටකය හදාරා ලබන ගැඹුරු දහම් දැනීමක් අවශ්‍ය ද?

    පිළිතුර - නැහැ, ගැඹුරු දහම් දැනීමක් අවශ්‍ය නැහැ.

    පැහැදිලි කිරීම - ධර්ම භාණ්ඩාගාරික වුවත් ආනන්ද තෙරුන් වහන්සේ රහත් වුණේ බුද්ධ පරිනිර්වාණයෙනුත් පසු ව යි. බුදු සිරිතේ එන බොහෝ තැන් හි දී කිසියම් එක් දේශනාවක් ඇසූ පමණින් ම සෝවාන් වූ හෝ, රහත් බවට පත් වූ හෝ පුද්ගලයින් ඕනෑ තරම් සිටිනවා.

    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද එක ගාථාවක් පමණක් වුවත් නිතර ශ්‍රවණය කරමින්, නැවත නැවතත් සිහිපත් කිරීම නිසා දැහැන් වැඩෙනවා. එ මඟින් ම ථෙර භාවයට හෙවත් අරහත් භාවයට පත් වෙනවා.

    කොස්ගොඩ විමලවංශ තිස්ස හිමි

    http://amadaham.weebly.com/352335483520353535053530-35213530zwj351535353520348235143535.html

    http://amadaham.weebly.com/352335483520353535053530-2.html
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    සාදු සාදු සාදු __/\__

    සාදු සාදු සාදු __/\__
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    bohoma watinawa lipi pela.....

    You must spread some Reputation around before giving it to polwattacom again.
     
    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8

    mage hithata wadadena loku gataluwak thiyenawa. please danna kenek udawwak karanna. mata me karane hariyatama pahadilikaraganna darmaya danna hamudurukenek ho ka gana hariwath kiyanna.
    ape malli bawana karana thanakata yanawa. ethana inna guruwarayek wage kenek wedding ekata mallige awama kiwa malliwa kenthi gassuwoth paw e kenata,apaye watena eka nawathan puluwan wandala samawagaththoth kiyala. e kathakala kena kiwa eya sathara apayata nowatena nisa eelaga bawaya gana baya na kiyala. e kiyanne sowan wela namne. eyata wada usas manasika thathweka malli innawalu. namuth maathaka eya ekka man randu una. eya kiw kala waradi deyak nisa. warada eyage wadipurama. api denna goda randu una. mata danagan oni magen une waradakda? eya inne ehema thathwekada? eya yanne bandaragama paththe gihi kenek karana bawana maddhasthanekata. e thana danna kenek hari methana innawada?

    මගෙ හිතට වදඩෙන ලොකු ගටලුවක් තියෙනව. ප්ලීස් දන්න කෙනෙක් උදව්වක් කරන්න. මට මේ කාරනේ හරියටම පැහැදිලිකරගන්න ධර්මය දන්න හමුදුරුකෙනෙක් හෝ කා ගැන හරිවත් කියන්න.
    අපෙ මල්ලි භාවනා කරන තැනකට යනව. එතන ඉන්න ගුරුවරයෙක් වගෙ කෙනෙක් වෙඩින් එකට මල්ලිගෙ ආවම කීව මල්ලිව කේන්ති ගැස්සුවොත් පව් ඒ කෙනාට,අපායෙ වැටෙන එක නවතන් පුලුවන් වැදල සමාවගත්තොත් කියල. එ කතාකල කෙනා කීව එයා සතර අපයට නොවැටෙන නිසා ඊලග භවය ගැන බය නෑ කියල. ඒ කියන්නෙ සොවාන් වෙලා නම්නෙ. එයාටත් වඩා උසස් මානසික තත්වෙක මල්ලි ඉන්නවලු. නමුත් මෑතක එයා එක්ක මන් රන්ඩු උනා. එය කිව් කල වැරදි දෙයක් නිසා. වැරැද්ද එයාගෙ වැඩිපුරම. අපි දෙන්න ගොඩ රන්ඩු උනා. මට දැනගන් ඕනි මගෙන් උනේ වැරද්දක්ද? එය ඉන්නෙ එහෙම තත්වෙකද? එය යන්නෙ බන්ඩරගම පැත්තෙ ගිහි කෙනෙක් කරන භාවන මද්ධ්‍යාස්ථානෙකට. ඒ තැන දන්න කෙනෙක් හරි මෙතන ඉන්නවද? මං එයගෙන් සමව ගන් ඔනිද? බාල නිස එක කරන් මොකක්ද වගෙ. අනික ඇත්තෙන්ම එය එහෙම තත්වෙකනම් ඒක කරන්නත් පුලුවන්. එහෙම නැත්තන් වැන්දල සමව ගන්න බැහැනෙ
     
    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8
    දැන් මඟියා ආර්ය මාර්ගයට පිවිස සිටිනවා. ඔහු ආර්ය පුද්ගලයෙක්. ආර්්‍ය ශ්‍රාවකයෙක්. පෘථග්ජන භුමියෙන් සදහට ම නිදහස් වූවෙක්. සෝතාපත්ති ඵලය නෙළා ගත් අයෙක්. සතර අපායෙහි – එ නම්, තිරිසන් යෝනියට, පේ‍්‍රත ලෝකයට, අසුර නිකායට, හා නිරයට නො වැටෙන්නෙක්.

    මේ ගමන නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ සැරිසැරීම නම් වෙයි. ලෝකෝත්තර වන්නේ පෘථග්ජන/ ලෞකික ජීවිතයට සදාකාලික ව බැඳ තබන සංයෝජන කිහිපයකින් හෝ නිදහස ලබා ගත් නිසා ම යි.

    සෝතාපත්ති ඵල නෙළා ගත් අවස්ථාවේ දී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස යන සසරට බැඳ තබන බැමි තුනකින්, සංයෝජනවලින් මිදෙන බව අත්දැකිය හැකි තත්ත්වයක්.

    සක්කාය දිට්ඨිය පිළිබඳ අර්ථ විග්‍රහය කෙබඳු ද?

    ස (තමා ගේ) කාය (කය පිළිබඳ) දිට්ඨි (දෘෂ්ටිය)

    සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා තමා ලද කයට, මම ය, යන දැඩි බැඳීමෙන් යුතු ව කටයුතු කරනවා. තමා ලෙස තීන්දු කළ පුද්ගලයා කේන්ද්‍ර කොට ගනිමින් මා ගේ ය යන ඇල්මෙන් ජීවත් වීමට දැඩි ආශාවකින් සම්පත් රැස් කරමින් සිටිනවා. මේ ජීවත් වන කය තමා බව තරයේ විශ්වාස කරනවා.

    බලන්න, ඔහු එසේ “මම” යැ යි හැඳින්වූ කය, මතු භවයේ දී තවත් “මම” යන කයකට මාරු කර ගන්නවා. ඊ ළඟට කරන්නේ එ දාට ලැබූ කය “මම” යැ යි තදින් බැඳී ගෙන ඔය ආකාරයට ම ක්‍රියාත්මක වීම යි.

    සක්කාය දිට්ඨියෙන් මිදුණු පුද්ගලයාටත් ලෞකික වශයෙන් මම යැ යි කියා ගනිමින් ජීවත් වන්නට සිදු වන බව ඇත්ත. එහෙත් ජීවත් වන සෑම මොහොතක ම සියලු සංස්කාර අනිච්ඡ බවත්, දුක්ඛ බවත්, අනත්ත බවත්, පිළිගනිමිනු යි ඔහු ජීවත් වන්නේ . එහෙයින් ම මමම ය, මා ගේ ය ලෙස පුද්ගලයකු මවා ගනිමින් පෝෂණය කිරීම අර්ථයක් නොමැති බවත්, මේ පුද්ගලයා මේ පොළොව මත තබා යන්නට සිදු වන බවත්, හොඳින් ම දන්නවා.

    මා නමින් හඳුන්වන පුද්ගලයා මගේ යැ යි සිතා කැමැති පරිදි හැසිරැවිය නො හැකි බවත්, එ සේ හසුරුවන්නට යාම ම දුක උපදවා ගැනීමක් බවත්, එය ම නිෂ්ඵල අනර්ථ උත්සාහයක් බවත්, මනා ව වටහා ගනිමිනු යි, ඔහු ජීවත් වන්නේ, මේ ප්‍රඥාව ඔහු ගේ මුළු භව ගමන පුරා ස්ථිරසාර ලෙස මුල් බැස ගෙන හමාර යි. එ විට ඔහු සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

    විචිකිච්ඡාව පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද?

    විචිකිච්ඡාවෙන් යුතු පුද්ගලයා ප්‍රඥාවෙන් විමසා බලා යමක් වටහා ගන්නේ නැහැ. ඔහුට සියල්ල සැක යි. සසර ගමනේ තවතවත් පුද්ගලයකු රඳවන අට තැන් පිළිබඳ පවත්වා ගන්නා මෙන්න මේ ආකාරයේ සැකයක් තිබෙනවා.

    එ නම්, බුදුන් පිළිබඳ සැකය, ධර්මය පිළිබඳ සැකය, සංඝයා පිළිබඳ සැකය, සීලය පිළිබඳ සැකය , මා පෙර සිටියා දැ යි සැකය, මා නැවත ඉපැදේ දැ යි සැකය, මා පෙර සිටියා ද - නැවත ඉපැදේ දැ යි සැකය, සහ පටිච්ච සමුප්පාද ධර්මය ( හේතු - ඵල දහම) පිළිබඳ සැකය යි.

    විචිකිච්ඡාවෙන් තොර පුද්ගලයා නුවණින් විමසා බැලීම නිසා ම යි, ඉහත කරුණු ගැන සැකයෙන් තොර වී තිබෙන්නේ. කිසියම් එක ම එක දහම් කරුණක් හෝ ප්‍රඥාවෙන් විමසා බලන විට කෙනකු තුළ පවත්නා, අට තැන් පිළිබඳ සැකය නිකම් ම දුරු වී යනවා. ඔහු තුළ විශ්වාසය ඇති වෙනවා. විමංසා නුවණින් යුතු ව ධර්මයේ සැරිසැරීමෙන් ම යි, මෙම විශ්වාසය තහවුරු වන්නේ.

    ඉහත ආකාරයේ විශ්වාසයක් ගොඩ නැඟුණු පුද්ගලයා ගේ හැසිරීමේ කෙබඳු වෙනසක් ඇති වේ දැ යි සිතා බලන්න. ඔහු මේ සසර ගමනේ බොහොම ප්‍රවේසම් සහිත වූවෙක්. පවෙහි ලජ්ජා-භය ඇත්තෙක්.

    සමස්ත භව ගමන පුරා ම ස්ථිරසාර ලෙස ම බුදුන් සරණ, දහම් සඟුන් සරණ ගිය කෙනෙක්. එ වැන්නෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

    සීලබ්බත පරාමාස පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද? සීල (සීලය සහ ) වත ( හැසිරීම පිළිබඳ) පරාමාස ( වැරැදි දෘෂ්ටිය)

    සීලබ්බත පරාමාසයෙන් යුතු පුද්ගලයා බුදුන්, දහම් සහ සඟ සරණින් බැහැර වූ වෙනත් සරණ පතනවා.

    අනේක විධ පුදපූජා පවත්වනවා. මේවා බොහෝ විට ලෞකික සම්පත් පතමින් කරනු ලබන දේවල්. නැති නම් දුක් කම්කටොල්වලින් මිදෙන්නට සහනය පතා කරනු ලබන දේවල්. ඒ වාගේ ම නා නා වෘත සමාදන් වෙනවා. බුද්ධ කාලීන බලු වත, ගෝ වෘත ඒවාට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන් බලන්න, එහි දී එම පුද්ගලයන් තුළ පවතින්නේත්, තෘෂ්ණාව ම තමයි. වෙනත් ආකාරයකට කිව හොත්, ලෞකික ජීවිතයට ඇති ආශාව යි. දුක් කම්කටොල්වලින් මිදෙන්නට කරනු ලබන පුදපූජා ගැන දැඩි ලෙස බල පවත්වන විශ්වාසය යි. මේවා මෝහයේ ප්‍රබල ලක්‍ෂණ යි.

    මෙ වැනි පුද්ගලයින් තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්චප්පසාදනයක් නැහැ.

    සීලබ්බත පරාමාසයෙන් තොර පුද්ගලයා ප්‍රඥාවෙන් දකිනවා, ඉපැදීමෙන් ම තමා දුක් කම්කටොල්වලට ඉඩ සලසා ගෙන ඇති බව. එම ප්‍රඥාව නිසා ම යි, ඔහු සීලබ්බත පරාමාසයෙන් තොර වූයේ, කුසල් හි යෙදෙමින් ම, අකුසල්වලින් තොර වෙමින් ම, පැමිණි දුක් කම්කටොල්වලින් මිදෙන්නට වීර්යයෙන් යුතු වෙනවා. යහපත් ප්‍රයෝග යොදනවා.

    මේ අතරතුර ම එළැඹෙන තත්ත්වවල හැකි තාක් කම්පා නො වී සිටිනවා. යැදීමෙන් නො ව දැහැමි ඉපැයීමෙන් අවශ්‍ය දේ පමණක් සපයා ගන්නටත්, ලද දෙයින් සතුටු වීමේ තෘප්තිය ලබන්නටත්, සූදානම් ව සිටිනවා.

    යමක් ලැබෙතැ යි වග වන්නට බැරි, එය ලැබුණා නම් ඒ කවර හේතුවක් නිසැ දැ යි නිශ්චය කර ගන්නට බැරි, යැදීම්වල නිරත වෙමින් සීලබ්බත පරාමාසයෙන් තොර ප්‍රඥාවන්තයා කිසි විටෙකත් තමා ගේ බුද්ධිය හෑල්ලූ කරන්නේ නැහැ. එ වැනි උතුම් ගුණ ඇත්තෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

    ලෝකෝත්තර මග්ග

    පළමු වන ප්‍රවිෂ්ටය සමඟ, එ නම් සෝවාන් මාර්ගයට අවතීර්ණ වීම හා සමඟ ම කිසියම් පුද්ගලයෙක් පෘථග්ජන භාවයෙන් නිදහස් ව ලබන මුල් ම ආර්ය පුද්ගල තත්ත්වය හිමි කර ගන්නවා.

    ලෝකෝත්තර මග්ග යන්නෙන් අදහස් වන්නේ එම සුවිශේෂී මොහොතේ සිදුවන මානසික පරිවර්තනය යි. පෘථග්ජන තත්ත්වයෙන් ආර්ය පුද්ගල භාවයට ප්‍රවිෂ්ට වූ, නිර්වාණය බලා යන මාර්ගයට අවතීර්ණ වූ, මුල් පියවර තැබූ මොහොත තමයි ඒ.

    ඉන් පසු ක්‍රමයෙන් තව අවස්ථා තුනක දී, එ නම් සකෘදාගාමි, අනාගාමි සහ අරහත් යන ඉහළ තත්ත්ව තුනට අවතීර්ණ වීම සිදු වෙනවා.

    සෝවාන් මඟට පිවිසියා ය යන සිද්ධියෙන් නිදහස නම් වූ, නිවන නම් වූ, සුවය ප්‍රථම වරට අත්දැකීමේ මොහොතක් පැමිණ තිබෙන බව තමාට ප්‍රකට වෙනවා, හෙළිදරව් වෙනවා.

    එහෙත් ඒ නිදහස සනාථ වීමට, තහවුරු වීමට, ස්ථිර වීමට, ඇති සාක්‍ෂිය ලැබෙන්නේ ඒ මඟට අදාළ සංයෝජන නැවත කිසි දවසෙක නූපදනා හැටියට අහෝසි වීමෙන් ම යි, නිරෝධ වීමෙන් ම යි. ඒ අවස්ථාව සෝවාන් ඵල සිද්ධිය නම් වෙනවා.

    දහම් ඇස නම් වූ සෝවාන් මාර්ගය දැකීම සිදු කර ගත් කෙනකුට, තමන් තුළ නැවත කිසි දිනෙක ලියලන්නට ඉඩක් නැති හැටියට, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන නිරෝධ වී ඇත් ද, නැත් ද, යන්න විමසා බැලීමෙන් තමා ඇත්ත වශයෙන් ම සෝතාපත්ති ඵලයට පැමිණියේ ද නැත් දැ යි දැන ගත හැකි වෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ දෙ වන බණ වරෙහි සඳහන් වෙනවා. ධම්මාදාස නම් වූ ක්‍රමයක්. යම් පුද්ගලයකුට තමා නිරය නැති කළ, තිරිසන් ගති නැති කළ, පේත විෂය නැති කළ, දුගතියට හෙළන අපාය නැති කළ, නියත ව සම්බෝධියට යොමු කරන සෝවාන් බවට පත් වූ ආර්ය ශ්‍රාවකයකු යැ යි එම ක්‍රමය තුළින් වටහා ගත හැකි බව බුදුන් වහන්සේ එහි දී දේශනා කළා.

    තමා බුදුන් වහන්සේ ගේ ගුණ දැන, ධර්මයේ ගුණ දැන, සංඝයා ගේ ගුණ දැන, එම ගුණ ප්‍රඥාවෙන් වටහා ගෙන, බුදුන් - දහම් - සගුන් කෙරෙහි අවෙච්චප්පසාදනයෙන් යුතු වේ නම්, තමා සෝවාන් වී ඇතැ යි තමාට ම වටහා ගත හැකි බව එහි කියැවෙනවා.

    සෝවාන් මාර්ගයට පා තැබූ තැනැත්තා වේලාසනින් හෝ ප්‍රමාද ව හෝ මරණයට පෙරාතු ව සෝවාන් ඵල ලාභය සිද්ධ කර ගන්නා බව ද ඉගැන්වෙයි.

    ඒ සඳහා ආර්ය පුද්ගලයෙකු ලෙස තවදුරටත් ධර්මයේ හැසිරීම අවශ්‍යයි.

    සෝවාන් වීම ප්‍රඥාවෙන් ම කළ යුත්තක්. සෝවාන් ඵලයට පත් වීම භාවනා කර ලබා ගන්නක් නො ව ධර්මය වටහා ගැනීමෙන්, ප්‍රඥාව අවදි වීමෙන් , සිදුවන්නක්. ඒ ධර්මය ආර්ය උත්තමයකු ගෙන් ප්‍රකාශ වූවක් විය යුතු යි. සෝවාන් වූ පසු ඉදිරි මාර්ග ඵල කරා එළැඹීමට අනුන්ගෙන් ගුරුහරුකම් අවශ්‍ය නො වෙයි. තනි ව ම නිවන පූර්ණ කර ගත හැකි යි. එ තැන් සිට තවත් යා යුත්තේ උපරිම වශයෙන් ම භව හතක් පමණ යි.

    ප්‍රශ්නය - මාර්ග ඵල කරා එළැඹීමට ත්‍රිපිටකය හදාරා ලබන ගැඹුරු දහම් දැනීමක් අවශ්‍ය ද?

    පිළිතුර - නැහැ, ගැඹුරු දහම් දැනීමක් අවශ්‍ය නැහැ.

    පැහැදිලි කිරීම - ධර්ම භාණ්ඩාගාරික වුවත් ආනන්ද තෙරුන් වහන්සේ රහත් වුණේ බුද්ධ පරිනිර්වාණයෙනුත් පසු ව යි. බුදු සිරිතේ එන බොහෝ තැන් හි දී කිසියම් එක් දේශනාවක් ඇසූ පමණින් ම සෝවාන් වූ හෝ, රහත් බවට පත් වූ හෝ පුද්ගලයින් ඕනෑ තරම් සිටිනවා.

    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද එක ගාථාවක් පමණක් වුවත් නිතර ශ්‍රවණය කරමින්, නැවත නැවතත් සිහිපත් කිරීම නිසා දැහැන් වැඩෙනවා. එ මඟින් ම ථෙර භාවයට හෙවත් අරහත් භාවයට පත් වෙනවා.

    කොස්ගොඩ විමලවංශ තිස්ස හිමි

    http://amadaham.weebly.com/352335483520353535053530-35213530zwj351535353520348235143535.html

    http://amadaham.weebly.com/352335483520353535053530-2.html

    අපි සොවන් කෙනෙක් බව නොදැන ඒ කෙනාව කේන්ති ගැස්සුවොත් ඒක පව්ද? මරණින් පස්සෙ සතර අපයෙ වැටෙන්න තරම් පවක්ද ඒක?