සහෝදරවරුනි...
මේ සූදානම් වෙන්නේ Automobile Section එකේ මාගේ අවසන් හුය ගෙත්තම් කිරීමටයි . . .
අවසන් වශයෙන් HONDA HORNET සහෝදරයට කල පොරොන්දුව ඉෂ්ඨ කිරීමටයි මේ සූදානම . . .
මේ සූදානම් වෙන්නේ Automobile Section එකේ මාගේ අවසන් හුය ගෙත්තම් කිරීමටයි . . .
අවසන් වශයෙන් HONDA HORNET සහෝදරයට කල පොරොන්දුව ඉෂ්ඨ කිරීමටයි මේ සූදානම . . .
මේ ආරම්භ වන්නේ සියලු Sport Car කැමති කොල්ලන්ගේ හීනය වන
Subaru Impreza හි
කතා වස්තුවයි . . .
Subaru Impreza හි
කතා වස්තුවයි . . .
වසර කීපයක් World Rally Championship එකට තරඟ වැදුනු Fuji Heavy Industries සමාගම් සමූහයට අයත් Subaru සමාගම තීරණය කරනවා තමන්ට මේ තරඟාවලියේ ජයග්‍රහණයක් අවශ්‍යනම් එවකට භාවිතා කල Subaru Leone සහ Subaru Legacy රථ දෙකටම වඩා වේගවත්, පහසුවෙන් හැසිරවිය හැකි රථයක් අවශ්‍යයි කියල. . . ඒ අනුව Subaru Leone සහ Subary Legacy රථ දෙකටම වඩා වෙනස් රථයක් ඔවුන් නිර්මාණය කරනවා . . . ඒ තමයි ලෝකේ පුරාම මීටර් 100ක් දුරින්, නොපෙනෙන ලෙස ගමන් කරත් ශබ්ධයෙන් පවා හඳුනාගන්නා Subaru Impreza රථය . . .
WRC හි තරඟ කිරීම සඳහා භාවිතා කල තාක්ෂණය අන්තර්ගත Production Car එකක් විදියට 1992 වසරේදී සුබාරු සමාගම මේ හැමෝගෙම සිත් ගත් මෝටර් රථය ලෝකෙට ඉදිරිපත් කරනවා. . .
කෙසේ වෙතත් සමාගමක් වශයෙන් පැවැත්මක් අවශ්‍යනම් ස්පෝර්ට් කාර් පිස්සන් වගේම, එදිනෙදා භාවිතයට මෝටර් රථයක් සොයන පුද්ගලයින්ද ඉලක්ක කරගනිමිනුයි සුබාරු මෙම මෝටර් රථයහඳුන්වා දෙනු ලැබුවේ . .
කෙසේ වෙතත් 1993 දී මේ හැඩකාරි තමන්ගේ WRC සම්ප්‍රාප්තිය සනිටුහන් කරනවා. . Subaru World Rally කණ්ඩායමේ (SWRT) ආරම්භය සිදුවන්නේ ද මේ හා සමගාමීවයි . .
Subaru Legacy RS, Subaru Vivio සහ Subaru Impreza කියන රථ සියල්ල සමග Colin McRae, Ari Vatanen ඇතුළුව ධාවකයින් කීපදෙනෙක් භාවිතා කරමින් SWR කණ්ඩායම සමත්වනවා 1993 වසරේදී නිෂ්පාදකයින්ගේ ශුරතාවයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට . . .
එතැන් පටන් වසර 15ක් නොකඩවා 2008 වසරතෙක් SWR කණ්ඩායම 1994 සිට Subaru Impreza රථය පමණක් භාවිතා කරමින් WRCහි තරඟ වදිනවා . .
Carlos Sainz, Colin McRae, Kenneth Eriksson, Piero Liatti, Richard Burns, Juha Kankkunen, Tommi Mäkinen, Petter Solberg වැනි ප්රමුඛ පෙලේ ධාවකයින් මේ වසර 15 තුල වරින් වර Subaru World Rally Team එක වෙනුවෙන් තරඟ වදිනවා . .
1995,1996,1997 වසරවල් වල Manufactures Championship එකත්, තම කන්ගායමේ ධාවකයින්ට 1995,2001,2003 වසරවල් වල Drivers Championship එක දිනා ගැනීමටත් මේ Subaru Impreza මෝටර් රථය ඉවහල් වෙනවා . . .
Manufacturers' Championship
1993- 3rd
1994- 2nd
1995- 1st
1996- 1st
1997- 1st
1998- 3rd
1999- 2nd
2000- 3rd
2001- 4th
2002- 3rd
2003- 3rd
2004- 3rd
2005- 4th
2006- 3rd
2007- 3rd
2008- 3rd



මෙන්න මේ විදියට WRC ධාවන පථයේ වැඩ දාපු පැටිකිරියක් තියෙන හැඩකාරියක් තමයි Subaru Impreza කියන්නේ . . .
ඉතින් මේ හැඩකාරි WRC ධාවන පථයට පමණක් සීමානොවී මෝටර් රථ වලට ඇලුම් කරන පිරිස වෙනුවෙනුත් සුබරු සමාගම නිෂ්පාධනය කළා . . .
මේ හුයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හැඩකාරියේ පලවෙනි පරම්පරාව ගැනයි. . .
මේ හැඩකාරිගේ පළමු පරම්පරාව 1992 සිට 2000 වසර දක්වා Compact Car වර්ගයට අයත් මෝටර් රථයක් වශයෙන් නිෂ්පාධනය වෙනවා. . .
සාමාන්‍ය රථයක් බලාපොරොත්තුවන පාරිභෝගිකයින් වෙනුවෙන් ටර්බෝ රහිත, 2WD රථයක්ද, AWD අවශ්‍යතාවයන් ඇති අය වෙනුවෙන් ටර්බෝ රහිත AWD රථත්, සාමාන්‍ය මෝටර් රථයකට වඩා වේගවත් Sport රථයක් අවශ්‍ය අය වෙනුවෙන් ටර්බෝ සහිත AWD (WRX) රථයක් සහ මං වැනි High Performance අනාතයින් වෙනුවෙන් Performance සඳහාම විශේෂයෙන් නවීකරණය කරන ලද ටර්බෝ සහිත AWD රථයක්ද (STI) ඔවුන් නිෂ්පාධනය කරනවා . .
මීට අමතරව අනෙකුත් විශේෂ අවශ්‍යතා වෙනුවෙන් මාදිලි කීපයකුත්, ප්‍රමාණය සීමා කරන ලද විශේෂ රථ කීපයකුත්, විවිධ සංවත්සරයන් සමරමින් රථ කීපයකුත් ආදී වශයෙන් තවත් විශේෂ රථ කීපයකුත් සුබාරු සමාගම නිර්මාණය කරනවා. . .
ඒ අනුව 1992-2000, එසේත් නැතිනම් පළමු පරම්පරාව පහත අයුරින් සංශිප්තව සඳහන් කල හැකියි. . .
චැසි මාදිලිය
GC = Sedan
GF = Wagon
චැසි මාදිලි හා අනෙකුත් පිරිවිතර
GC1 1.5L EJ15 2WD SOHC
GC2 1.5L EJ16 4WD SOHC
GC3 1.6L EJ16 2WD SOHC
GC4 1.6L EJ17 4WD SOHC
GC5 1.8L EJ18 2WD SOHC
GC6 1.8L EJ19 4WD SOHC
GC8 ♥♥ 2.0L EJ20 4WD DOHC, Turbo
චැසි මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය
GCXA 1993
GCXB 1994
GCXC 1995-1996
GCXD 1997
GCXE 1998
GCXF 1999
GCXG 2000
X = 1,2,3,4,5,6,8
2001 වසරේ සිට දෙවන පරම්පරාවේ GD චැසි මාදිලිය ආරම්භ වේ.
කලින් සඳහන් කල පරිදි විවිධ මාදිලි කීපයක් සුබාරු සමාගම ඉදිරිපත් කලත් ලොව වටා Subaru Impreza රථය ප්‍රචලිත වන්නේ එහි WRX නමින් හඳුන්වාදුන් High Performance මාදිලිය නිසාවෙනි. මෙම WRX මාදිලියේ ම නවීකරණය කල, කලින් සඳහන් කල පරිදි විශේෂ මාදිලි කීපයක් සුබාරු සමාගම හඳුන්වා දුන්නා ... පොදුවේ මෙම WRX රථ සියල්ල GC8 චැසි මාදිලිය භාවිතා කරයි . .
චැසි මාදිලිය, නිෂ්පාදිත වර්ෂය හා අනෙකුත් විශේෂ මාදිලි
GC8A 1993 WRX, WRX TYPE RA
GC8B 1994 WRX, WRX TYPE RA, WRX STI
GC8C 1995
WRX, WRX TYPE RA, WRX V-LIMITED, TYPE RA STI 2
GC8C 1996
WRX, WRX TYPE RA, WRX STI 2, STI 2 555 Edition,
WRX TYPE RA STI 2, WRX TYPE RA STI V-LIMITED
GC8D 1997
WRX, WRX TYPE RA, WRX TYPE R STI 3, STI 3,
WRX TYPE RA STI 3, WRX STI 3 V-LIMITED
GC8E 1998
WRX, WRX TYPE RA, WRX TYPE R V-LIMITED,
WRX TYPE R STI 4, WRX TYPE R STI 4 V-LIMITED,
WRX STI 4, WRX TYPE RA STI 4, 22B STI,
WRX TYPE RA STI 4 V-LIMITED
GC8F 1999
WRX, WRX TYPE RA, WRX TYPE R STI 5,
WRX TYPE R STI 5 LIMITED, WRX TYPE R LIMITED,
WRX STI 5, WRX TYPE RA STI 5, WRX TYPE RA STI 5 LIMITED
GC8G 2000
WRX TYPE R STI 6, WRX TYPE R STI 6 LIMITED, WRX TYPE RA,
WRX TYPE RA LIMITED, WRX, WRX STI 6, WRX TYPE RA STI 6,
WRX TYPE RA STI 69 LIMITED
සමස්තයක් වශයෙන් මෙම විශේෂ මාදිලිවල විශේෂත්වයන් පහත පරිදි ඉදිරිපත් කල හැක.
Type RA = Race and Rally Version
Reduced Weight, DCCD, Close Ratio Gearbox, No Power Windows,
No A/C, No ABS
V- Limited = Limited Edition
Painted with Rally Blue Colour, Blue Colour Seats, Race Decals ,
WRX STI 555 = 500 cars only
22B = 2.2L, IHI VF23 Turbo, 2 Door Coupe, Different Suspensions, Wide Body
424 Cars Only
Type R = 2 Door, No ABS
STI
WRX මාදිලියේම නමුත් Subaru Tecnica International ආයතනය විසින් වෙන් වෙන් වශයෙන්, එක් එක් රථය බැගින් රැගෙන විශේෂයෙන් නවීකරණය කල රථ WRX STI ලෙස හැඳින්වේ.
WRX STI වර්ගයේ රථවල WRX රථ වලට සාපේක්ෂව දැකිය හැකි වෙනස්කම්,
STI 1 vs WRX
Forged pistons, Carbon-fibre tower bar, Large intercooler with water spray, larger rear spoiler, Fujitsubo Muffler, DCCD,
STI 2 vs WRX and STI 1
Increased boost (From 0.8 to 0.93 Bar )
STI 3 vs WRX, STI 2 and STI 1
EJ20K Engine, IHI VF22 Turbo, 1.07 bar boost, Larger Intercooler, Larger Brakes, Molybdenum Piston Coating
STI 4 vs WRX,STI 3, STI 2 and STI 1
IHI VF24 Turbo, Suretrac torque-biasing LSD, 2-piston rear brake system
STI 5 vs WRX, STI 4, STI 3, STI 2 and STI 1
EJ207 Engine, Inverted suspension struts, IHI VF28 Turbo, ABS, larger rear spoiler, Larger Front Brakes,
STI 6 vs WRX, STI 5, STI 4, STI 3, STI 2 and STI 1
IHI VF29 Turbo, Different Front Spoiler,
STI 5
STI 6
මීට අමතරව මේ Impreza සඳහා භාවිතා කල එන්ජින් අතරද වෙනස්කම් දැකිය හැක.
EJ20G
92-96 WRX, 93-96 STI
Closed Deck, Hydraulic Lash adjuster type (Hydraulic tappet), Coil on Plug Design
EJ20K
STI 3, STI 4
Open Deck, Shim Over Bucket Type, Coil pack on manifold,
EJ205
WRX 1999+
Coil on plug, Open deck,
EJ207
STI 1999+
Coil pack on manifold (Off Center), Red Colour Manifold,
ඉතින් සහෝදරවරුනි . . . . මෙන්න මේ විදියට මේ Rally Racing සඳහාම උපන් හැඩකාර, වැඩකාර, Ferrari, Lamborghini අයියලාව ළිං පතුලේ සඟවන, සුකුමාල Impreza දේවියගේ පළමු පරම්පරාවේ කතා වස්තුව අවසන් වෙනවා . . .
අවසන් වශයෙන් Impreza දේවිය ගැන කතා කරනකොට කතා නොකරම බැරි තවත් එක සුරූපිනියක් ඉන්නවා . . . ඒ තමා මේ වසරේ අවසන් ගමන් යන Mitsubishi Lancer Evolution දේවිය . . . ජපානේ ඉපදිල, ලෝකෙම හොල්ලගෙන ඉන්න දෙන්නෙක් තම මේ දෙන්න . . .
එහෙනම් අපි සමුගන්නවා . . . . .

කොහේ හෝ වැරද්දක් තියෙනවා නම් දන්නා කෙනෙක් නිවැරදි කරන්න.

හැමෝටම සුභ රාත්‍රියක් . . .
මීට
One & Only හොන්ඩා අනාතයා,
~mahesh1297~
One & Only හොන්ඩා අනාතයා,
~mahesh1297~
Last edited:
wery useful thred for our elakiri vehicle guyz
,tawa kochara dewal enna tiyanwada, me patangatta witharai, tawa godak tiyanwa Evo enna tiyana ape hodama eka honda civic eg8 post ekak ena tiyanwa hoda hoda sellan eliwen jametane me ape elakiriyatama inna one and only honda specialist gen honda civic supiri thred ekak awe nattam itin api elakiri idala wadut na

