ගෙවල් කුලී කාරයා නවත්වන්න නීතියක් තියෙනව

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ගෙවල් කුලී කාරයා නවත්වන්න නීතියක් තියෙනව

    මචන්ලා මම ඉන්නේ කුලියට ගෙවල් අයිතිකාරය මාව එලවන්න යනවා එක සැරේ යන්න බැහැ දවස් 30වත් කල් ඕනේ මේක නවත්වන්න නීතියක් තියෙනවද ?

    අදම යන්න කිව්වොත් අදම යන්න බැහැනේ මන් අහන්නේ සුළු දවසක් ඉන්න වගේ දෙයක් ගැන
     
    Last edited:
    • Like
    Reactions: Kalegana

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇග්රිමන්ට් ලෙටර් එකක් නැද්ද? කන්ට්‍රැක් සයින් කරපු? මෙච්චර කාලෙකට කියල?
    එහෙම තියෙනවනන් අනිවා මාසෙකට කලින්වත් දැනුවත් කරන්න ඕනි කියල එකක් තියෙනවා....
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලෙටර් එකක් නැත්නම් එහෙම එලවන්න පුළුවන් බන්
    අපෙත් ගෙයක් කුලියට ගත්ත එවුන් යකා නටන්න ගත්තා බීගෙන
    එක සතියෙන් එලෙව්වා ..!
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    උඹ ගෙයින් නොගිහින් හිටියොත් නීත්‍යානුකූලව නම් උඹව එලියට දාන්න බෑ.බලහත්කාරයෙන් එලියට ඇදල දැම්මොත් මිසක්.කුලියට හිටිය කියල කාවවත් එලවන්න බෑ මම දන්න තරමින්.උඹ නොගියොත් උසාවි යන්න වෙනවා අයිතිකාරයට.නැත්නම් පොලිසියටවත් උඹව එලවන්න බෑ.කොයිකටත් ලෝයර් කෙනෙක්ගෙන් අහපන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඇග්රිමන්ට් ලෙටර් එකක් නැද්ද? කන්ට්‍රැක් සයින් කරපු? මෙච්චර කාලෙකට කියල?
    එහෙම තියෙනවනන් අනිවා මාසෙකට කලින්වත් දැනුවත් කරන්න ඕනි කියල එකක් තියෙනවා....

    මගේ අච්චි ගේ අරන් තියෙන්නේ මොනවත් නැතුව
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    530
    113
    ලන්ඩන් වත්ත
    යන්න කියනව නම් තව බලු වෙවී ඔතන ඉන්න එපා බන්. කේස් දාන්න ගිහින් සමහර විට ගුටිත් කාලයි උබලට යන්න වෙන්නෙ
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    මට දැන ගන්න ඕනේ උනේ ඕක තමයි. මේකයි මචන් අද මට උනේ මගේ අච්චි තමයි ගේ ගත්තේ අපිට අවුරුදු 10 ඉන්න දෙනවා කිව්වා. ඒ මිනිහා අපි හැම මාසෙම සල්ලි පැන්ෂන් එකෙන් දෙනවා. අනික අදුරන මිනිහෙක් අපි එක්ක ගොඩක් ලග හිතවත් කමක් තියෙනවා. ආච්චිට බඩේ අමාරුවක් හැදිලා පඩි ගන්න බැරි උනා ඊයේ සල්ලි ගන්න ආවාම අද දෙන්නම් කිව්වා. එත් අද හොදටම් හොද නැති නිසා සදුදා දෙන්නම් කිව්වා. මේ මිනිහා සල්ලි ඕනෙමයි කියලා කරදරේ කළා බැංකු මැනේජර්ට ආච්චිගේ පොත දීලා අර කොළෙත් එක්ක විස්තරේ කියන්න කිව්වා.

    ඒක එහෙම කරලා ගන්න බැරි නිසා කරන්න දේකුත් නැති නිසා අම්මා යද්දී ***සියට ගියා ගිහිල්ලා කිව්වා මේ මිනිහා මෙහෙම සල්ලි ඉල්ලනවා කියලා අනේ උන් අපේ අම්මා ව තුට්ටුවකට මායිම් කරේ නැහැ. ( මගේ අම්මා කියන්නේ තුට්ටු දෙකේ ගැනියෙක් නමේ හොද උස්සස් කෙනක් ) ගේ කුලී කාරයා ගේ ඉල්ලනවනම් එකට එයාලට කරන්න දේකුත් නැහැ කිව්වා. එයාලාට බැංකුවට මම ඒ වෙලාවේ මානසීකව ගොඩක් වැටුනා දුක හිතුනා හොදටම පස්සේ බැංකු මැනේජර් ගෙන් ඇහුවා බැංකුවට ගිහින් පස්සේ අච්චි කොහොම හරි එක්කන් එන්නම ඕනේ කිව්වා. එපාර TVL කාරයෙක් කතා කරගෙන ගිහින් පඩි අරන් දුන්නා ඒ TVL කාරයා අච්චි වඩාගෙන TVL එක ඇතුලට අරන් ඔකොම් කරලා දුන්නා.

    ඒ කුලී කාරයා මහා අන්තිමයි වෙන ගෙවල් ඔකොම නැති කරනවා අපි යයි කියලා. ගෙයක් හදලා දෙන්න ගියා එහෙට කෑ ගහලා මෙහෙට කෑ ගහලා එකත් නැවත්තුවා. අච්චි නිසා අනිත් මිනිස්සු ගෙවල් දෙන්නේ නැහැ මේ ප්‍රශ්න නිසා බෙල්ල වැල දාගන්න හිතිලා තියෙන්නේ. අපේ ගෙවල් තියෙනවා බලෙන් අල්ලන් නඩු කියන්න අම්මා අකමැති ඒක නිසා කුලියට ඉන්නේ. ඉස්සර හිටියේ නුවර අ/පුරේ මිනිස්සු අන්තිමයි කුලී කාරයෝ කියලා මහා පහත් විදියට බලන්නේ අනිත් මිනිස්සු දිහා

    වෙන තැනක් හොයාගනින් බන් ඉක්මනට නීති පැත්තෙන් විසදුමක් හොයන්ට අමාරුයි
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබට ජොබ් එකක් තියෙනවා නම්, ලෝන් එකක් දාලා ඉඩමක් ගනින්. ටිකක් දුරට වෙන්න ලාබෙට හොද ඉඩම් තියෙනවා. එළකිරියේ ඇති ලාභෙට ගෙවල් හදන ක්‍රම ගැන. ඒවා බලලා ලාභෙට පොඩි ගෙයක් හදාගනින්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    උබට ජොබ් එකක් තියෙනවා නම්, ලෝන් එකක් දාලා ඉඩමක් ගනින්. ටිකක් දුරට වෙන්න ලාබෙට හොද ඉඩම් තියෙනවා. එළකිරියේ ඇති ලාභෙට ගෙවල් හදන ක්‍රම ගැන. ඒවා බලලා ලාභෙට පොඩි ගෙයක් හදාගනින්.

    ඉඩමක් හම්බුනා ගිය ආණ්ඩුවෙන් එකේ කාමර දෙකක් වත් හදා ගන්න ඕනේ මචං ජොබ් එකක් තාම හම්බුනේ නැහැ එතකන් කුලියට තමයි. :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    මේ පැත්තේ එක දවසින් සෙට් එකක් යැව්වා. :P නිත්‍යානුකුල නොවන විදිහට.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    onna oka tmai rent ekta dunnma wenne GE unge Kyla htagena gedara aiti kaarayata wiruddwa neeti hynwa .

    අපිනම් එහෙම නැහැ බන් එත් යන්න කිව්වා ම යම් කිසි කාල සිමාවක් දෙන්න ඕනේ නේද ? දැන් යන්න කිව්වා ගමන් දැන් යන්න බැහැනේ අන්න ඒක ගැනයි මන් මෙතන ඇහුවේ.