කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories

    අපිට ඉස්සෙල්ලාම කොම්පීතරයක් අත පත ගාන්ඩ හම්බුනේ හත හතර වසරෙ වගේ ඉද්දි..ඒ කියන්නෙ මිලේනියම් එකේ මුල කාලෙ හරියෙ,ඔව් එතකොට ඇවිල්ල තිබුනෙ බිල් ලොක්කගෙ වින්ඩෝස් මිලේනියම් ඕ එස් එක අලුතෙම්ම..අපේ ගමේ ඉස්කෝලට කොම්පීතර සෙට් එකක් ගෙනල්ල ලැබ් එකක් හදල දාල තිබ්බෙ..ලැබ් එකක් කියල තිබ්බට ලපයි සිපයින්ට ඕකට යන්ඩ දුන් නෑ වැඩිය..එතකොට ඉස්කෝලෙ අයි ටී කරපු ඩයල් එක තමයි ඒකෙ බිල් ගේට්ස් වගෙ හිටියේ...පිනා වුනත් මෑන්ස්ගෙන් අහල තමයි පොට් එකට පිලිවෙලකට එන්ටර් වෙන්ඩ වුනේ,..අපිත් ඉතින් ඒ කාලෙ ඕකට පන්තියේ සෙට් එකම එක්ක එන්ටර් වෙන්ඩ යද්දි..අයි ටී ලොක්ක දොර ලගට වෙලා ඉදන් අපිව සේප් කොරල ආපහු යවනව..හෙහ් හෙහ්..ලොකු පන්ති වල එවුන් අපිට කින්ඩිය දානවා "ආ මල්ලී..පෙලපාලියක් යන්ඩ පුරුදුවෙනවද!!"අපිත් ඉතින් එවුන්ට හොද පදයක් කියල පුල් කුජීත වෙලා එනව...මේ වෙලාවෙ ලැබ් එකේ ඉන්න මෑන්ස් කරන්නේ..ඒ පැත්තේ මරන දැන්නීන්, වෙඩින් ඉන්විටේසන් ගහල ප්‍රින්ට් කරනව..(කොහොමද එකම වෙලාවෙ ජොබ් දෙකයි )..ඔහොම ගිහිල්ල ගිහිල්ල මාස ගානකින් යන්තන් ලැබ් එකට හොම්බ දාගන්න පුලුවන් වුනා..හම්මා ඒකට දීපු ගේමක් සපත්තු ගලවලා දාඩිය පිහන් ..හැම මගුලම කොරලා!!..කොහොමින් කොහොමින් හරි රින්ග ගත්තට මේක බාර ලොක්ක,අයි ටී කාරයඑක මැසිමකටවත් එකෙක්වත් කිට්ටු නොවෙන තැනට වැඩ කරලයි තිබුනේ කලිම්ම...මෑන් බිල් ගේට්ස් වින්ඩෝස් අලුත් වර්සන් එකක් ඉන්ට්‍රඩියුස් කරනව වගේ..අපිට විඩියෝ ක්ලිප් සෙට් එකක් පෙන්නුවා..අපිත් ඉතින් උන්න හැටියට මලා මදැයි කියලා පැය බාගෙකින් විතර ආපහු ආවා..ඔය කාලෙම මෑන් කොම්පුටර් ක්ලාස් එකක් දැම්ම,..ඉස්කෝලෙ ලැබ් එක ,කරන්ට් එක වුනාට සුද්ද ලාබෙ පොරට..හැහ් හැහ්..ඉස්සෙල්ලම අපිට ගේම් එකක් ගසන්න හම්බුනා ..ඒ කාලෙ නැගී ගෙන ආපු පොරක් වුන ඔසාමා බින් ලාඩන්ව මරන්ඩයි තිබුනේ..මාත් ඉදගත වෙලේ ඉදන් මූඩ් එකට බැසල කෙලිය කෙලිය නැතිවෙන්ඩම..අහල පහල එවුන්ගේ ලාඩන්ල සැට් එක මැරෙද්දි මන් කෙලපු එකා විතරක් විරිත්ත විරිත්ත මතුවෙවී හිටියා...කියන්ඩ දුකයි සහෝදරවරුනි, ගේම ඉවර වුනාට පක්සෙයි දැන ගත්තේ ඩබල් ක්ලික් කොරල වෙඩි තියන්ඩ තිබ්බ එකාට මන් සින්ගල් ක්ලික් කොරල වෙඩි තියල තියෙන්නේ...!!ඔච්චර වෙලා...ඉතින් ක්ලාස් එක ඉවරවෙලා ගෙදර එන ගමන් ඒකෙ හිටපු මිස් කෙනෙක් මගෙන් අහනව "කොහොමද පුතා වෙඩි තිබ්බද"..මමත් ඉතින් වැදුන් නෑ කීවන් සවුත්තුයිනෙ... "හම්මා එහෙනන්...." කියල සේප් එකේ ආවා:lol::lol:....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොහොමහරි මේක උනේ වින්ඩෝස් 95 තියෙන කාලේ. මම 6,7 වසරේ වෙන්න ඕනේ. පන්තියත් දෙකට තුනට බෙදල තමා ලැබ් එකට ගන්නේ වැඩකරන කොම්පියුටර් 6 ක් වගේ තිබුනේ.එකකට ළමයි 4 ,5 ඉන්නවා. මම කලින් දවසේ ඇවිත් නෑ.සර් restart in ms dos mode වලින් dos වලින් බුට් කරලා දීල A,B ෆෝමැට් කරන්න කියලදීල c වලට ඒක කරන්න එපා කියල කිව්වා.(හැබැයි අපි කව්රුවත් ඒක අත්හදාබලුවේ නෑ.) පස්සේ වින්ඩෝස් වලට දාල දුන්න. බල බල ඉන්දෙද්දී බෙල් එක වැදුන. මම ප්ලග් එක ඔෆ් කරන්නෙත් නැතුව වයර් එක ගලවල දැම්මම සර් කන්න වගේ බලන් හිටියනේ. මම යාලුවෙක්ගෙන් ඇහුව මොකද සර් කන්න වගේ බලන් හිටියේ කියල. ඌ තමයි මට ෂට් ඩවුන් කරන්න ඕනේ කියල කලින් දවසේ කියල දුන්න කියල කිව්වේ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කොම්පියුටරේ අල්ලන්න ආසා හිතුනා.
    ඊටත් වඩා ඒක ළඟ හිටපු මිස්ට ලං වෙන්න ආසා හිතුනා.
    මිස් මට මේ ලියුම ටයිප් කරගන්න ටිකක් කියලා දෙන්න කියලා මිස් ලඟින්ම වාඩි උනා.
    Backspace එක ඔබන්න කියද්දී Space Bar එක ඔබලා මිස්ගේ අතින් කාපු ටොක්කේ තිබ්බේ හාදුවක මිහිර වගේ දෙයක් කියලා හිතුනා.
    මගුලේ බෙල් එක ගැහුවා.
    අමාරුවෙන් නැගිටලා මම ගියා පහුවදත් එන බලාපොරොත්තුවෙන්.
     
    • Love
    Reactions: TWishwadeepa

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Lab ekata giyapu welawe , Ape ekek miyage bole pannagena avith thibuna.
    api eken sellam kala.
    mata mathaka hetiyata ita pahuwada sir apita bola pennuwa. :lol:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    ගෙදරට ගෙනත් තිබ්බා පෙන්ටියම් 1 කොම්පියුටර් එකක්. මමත් පොඩී ..
    ගෙදර කාමරේක තිබ්බේ. තාත්තා ඒ කාමරේ නිදි.
    සෙගා ගේම්ස් දාලා තිබ්බා.. පොඩි කාලේ දන්නේ නෑ වෙනම පවර් සප්ලයි එකකින් කරන්ට් එක දීලයි සීපීයූ එක ඔන් කරන්න ඕනේ කියලා. පණ්ඩිත කමට තාත්තට කියන්නෙත් නැතුව වයර් ගහලා ඕන් කලා... ඔන් වෙලා විනාඩියක් ගියේ නෑ සූස් ගාලා මොනිටරේන් දුම් දැම්මා. සී ආර් ටී මොනිටර් එකක් නේ.

    තාත්තා උඩ ගිහින් ඇහැරුනා.. තේරුනා මම පණ්ඩිත වැඩක් කරලා තමා කියලා. මල පැන්න පාර මොනිටරේ උස්සලා අතෑරියා.
     
    • Like
    Reactions: DangerMan119

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Lab ekata giyapu welawe , Ape ekek miyage bole pannagena avith thibuna.
    api eken sellam kala.
    mata mathaka hetiyata ita pahuwada sir apita bola pennuwa. :lol:
    ape iskole mouse walata kollo karala thiyena ewwaye hatiyata ,ewa wada karapu ekata sammanayak denna ona,hadapu ekata
    කොහොමහරි මේක උනේ වින්ඩෝස් 95 තියෙන කාලේ. මම 6,7 වසරේ වෙන්න ඕනේ. පන්තියත් දෙකට තුනට බෙදල තමා ලැබ් එකට ගන්නේ වැඩකරන කොම්පියුටර් 6 ක් වගේ තිබුනේ.එකකට ළමයි 4 ,5 ඉන්නවා. මම කලින් දවසේ ඇවිත් නෑ.සර් restart in ms dos mode වලින් dos වලින් බුට් කරලා දීල A,B ෆෝමැට් කරන්න කියලදීල c වලට ඒක කරන්න එපා කියල කිව්වා.(හැබැයි අපි කව්රුවත් ඒක අත්හදාබලුවේ නෑ.) පස්සේ වින්ඩෝස් වලට දාල දුන්න. බල බල ඉන්දෙද්දී බෙල් එක වැදුන. මම ප්ලග් එක ඔෆ් කරන්නෙත් නැතුව වයර් එක ගලවල දැම්මම සර් කන්න වගේ බලන් හිටියනේ. මම යාලුවෙක්ගෙන් ඇහුව මොකද සර් කන්න වගේ බලන් හිටියේ කියල. ඌ තමයි මට ෂට් ඩවුන් කරන්න ඕනේ කියල කලින් දවසේ කියල දුන්න කියල කිව්වේ.
    mai bulu bulu kiyala porakui(ape iskole) it periad eke ara bola hilata dana game ekak thiyenne oka gasaddi hirawuna kiyako..anik wun okkoma wada mis apiwa kanda wage balan innawa:rofl::rofl:
    කොම්පියුටරේ අල්ලන්න ආසා හිතුනා.
    ඊටත් වඩා ඒක ළඟ හිටපු මිස්ට ලං වෙන්න ආසා හිතුනා.
    මිස් මට මේ ලියුම ටයිප් කරගන්න ටිකක් කියලා දෙන්න කියලා මිස් ලඟින්ම වාඩි උනා.
    Backspace එක ඔබන්න කියද්දී Space Bar එක ඔබලා මිස්ගේ අතින් කාපු ටොක්කේ තිබ්බේ හාදුවක මිහිර වගේ දෙයක් කියලා හිතුනා.
    මගුලේ බෙල් එක ගැහුවා.
    අමාරුවෙන් නැගිටලා මම ගියා පහුවදත් එන බලාපොරොත්තුවෙන්.
    :lol::lol:

    akka kenekge pen ekakata waradila welak daala yawwa bn
    issara man java course ekak kara kara iddi ekata apu apathayek mage pen eka illa gattha..eaka mea tikata pen eke thibba giga ganama lapata copi karan yako..eke thibba ewwa:baffled::baffled:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    2004di wage akka kenekta wala 4to ekak pennuwa....eya thama mata Office package eka kiyala dunne corel draw ekath kiyala dunna..mata mataka naha mama 4to eka pennana hethuwa...:nerd::nerd: eth mata matakai man pennuwa..:rofl::rofl: dennama balagena hitiya...hjeheh
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    2004di wage akka kenekta wala 4to ekak pennuwa....eya thama mata Office package eka kiyala dunne corel draw ekath kiyala dunna..mata mataka naha mama 4to eka pennana hethuwa...:nerd::nerd: eth mata matakai man pennuwa..:rofl::rofl: dennama balagena hitiya...hjeheh

    තවත් කොටසක් තියනවද මචං,
    නැත්තම් මෙතනින් ඉවරද..
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    තවත් කොටසක් තියනවද මචං,
    නැත්තම් මෙතනින් ඉවරද..

    iwarai machan eeta tika kalekata passe ape diha awama mama eminem ge video ekaka tibba ekak pennuwama nagitala giya...:lol::lol:mata mathaka na hariyata computer eka nisa wechcha dewal godak tibba dan godak kalene ban..
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මගේ අයියට තිබ්බ පෙන්ටියම් 4 එකක්.. 2002 වගේ.. මූ ඕක මට අල්ලන්නවත් දෙන්නේ නෑ.. මේක රෝයල් එකට ගියේ.. එන්න හැන්දෑ වෙනවා.. මම 1 වෙද්දී ගෙදර... දවසක් අම්ම හිට්යෙත් නෑ.. දැම්ම බලන්න ආසාවට.. යකෝ මේක වැඩ නැනේ.. ලයිට් පත්තු උනෙත් න.. මන් හිතුව හුක තමා මන් ඉවරි කියල... ගැලෙව්වා පැත්තේ කවර් එක.. වයර් වැහි වහල.. එකක් ගලවල යේ හයි කරනවා කියල හිතුවේ.. අන්තිමට ඔක්කොම ගලවල නැවතුනේ.. බැරිම තැන පැත්තේ කෙර් එක වැහුව.. ඓය අව 3.30 වගේ.. කාල මිනිහ මෙෂින් එක දැම්ම ඕන උනේ නෑ.. මන් නොදන්නා ගානට හිටය,,, මු සයිඩ් කවර් එක ගැලෙව්වා.. කෙලින්ම බැලුවේ මන් දිහා.. පුදුමයි එක මව මැරුවේ නෑ

    ඉස්කෝලේ දී මන් මන් IT කලේ.. මිස් තරුණ කෙනෙක් බැඳලා මහා දවසක් නෑ... දවසක් මව තියාගත්තා.. අගයීම් කට් කරලා.. ඒවා කරන්න.. ඉස්සර ලැබ් එකේ වැල් තියෙනවා කියල අහල තිබ්බට.. දැකලත් නෑ.. බලලත් නෑ.. මිස් ඔය වැඩේ නවත්තන්න හෙන ගේමක් දුන්න.. එක්සෙල් අගයීම කරනන් අස්සේ.. මෙන්න යකො ප්ලේ උනේ නැද්ද වේලක් මගේ එහා පැත්තේ මෙෂින් එකේ.. මිස් right click කරලා delete කරන්න ගිහින් play වෙන්න ඇති.. මමත් උඩ ගිය.. මිස්ටත් මකත් කරගන්න බැරි උන.. එකපාරට .. ප්ලයෙර් එක ක්ලෝස් කල.. මන් දිහා නොබලා යන ගමන් කියාගෙන ගිය ඇගයීම ඉවර උනාම පන්තියට යන්න කියල.. මොන අගයීම් ද මට විනාඩි 5කින් වගේ මන් පන්තියට ගිය.. ඇගයීම නොකර.. පස්සේ එකට full marks ලැබිල තිබ්බ... හැබැයි මිස් අයේ පන්තියට අවේ නෑ පොඩි අවුන්ට ටීච් කල.. අපිට sir කෙනෙක් අවා..
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    දැන් මේ කට්ටිය ඔක්කොම ලොකු ලොකු කම්පියුටර් ගැන කතා කරනවා.
    මම කියන්නම් මම ඉස්සෙල්ලම පාවිච්චි කරපු කම්පියුටර් එකේ විස්තර.


    Computer - Sinclair ZX81
    RAM - 1 KB (not MB !)
    No hard drive
    Programmes stored on audio cassette
    No screen, display on normal television
    In built programming language - BASIC

    Sinclair-ZX81_zps5zeijtud.png


    කොහොමද භාණ්ඩෙ?
    මම මේ පැටියගෙන් සෑහෙන්න වැඩ ගත්තා. Programmes ලිව්වේ Basic වලින්. ඒවයින් හොඳට වැඩ ගත්තා.
     
    Last edited: