නෙදර්න්තයේ ජාතික ගුවන් සේවය මෙන්ම ලොව පැරණිම ගුවන් සමාගමක් වන KLM ගුවන්සේවය විසින් එළඹෙන ඔක්තෝබරයේ මස සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට මේ වන කටයුතු සූදානම් කොට ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ ඔවුන් සිය නිල ෆේස්බුක් පිටුවේද සටහනක් තබා තිබුණි.
ඒ අනුව සතියකට දෙවතාවක් නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් සිට කොළඹ දක්වා බෝයිං 787-9 (ඩ්‍රීම්ලයිනර්) වර්ගයේ ගුවන් යානයක් උපයෝගී කරගනිමින් මෙම ගුවන් ගමන් සිදුකිරීමට නියමිතය.
LankaAviationNews

